03 June 2011

නොසැලකිල්ලට, ජීවිතයක් බිලි දෙමුද

අපේ අයියා අද උදෙන්ම කොළඹ ගියා ඉන්ටවිව් එකකට කියලා. යන්න කලින් මම බ්ලොගර් එකට ලොග් වෙලා යන්න කියලා කිව්වා. මටත් පොඩි කතාවක් දාන්න ඕන නිසයි එහෙම කිව්වේ. මම මේ දවස්වල රාගම ශික්ෂණ රෝහලේ සායනික පුහුණුවක ඉන්නේ. මම මේ දවස්වල ඉන්නේ මානසික ලෙඩ්ඩු ඉන්න වාට්ටුවක. ඊයේ මේ වාට්ටුවට ලෙඩෙක් ගෙනාවා.

මේ ලෙඩාට හැදිලා තියෙන්නේ ජලභීතිකාව. මට මේ ලෙඩාගේ රෝහ නිධානයක් ගන්න සිද්ධ උන හන්දා ලෙඩාත් එක්ක ආපු ගෑනු කෙනාගෙන් මේ ගැන ඇහුවා. මේ ලෙඩා අවුරුදු 50ක විතර තාත්තා කෙනෙක්. මේ මනුස්සයාව දවසක් අල්ලපු ගෙදර බල්ලා කකුල හපලා තියෙනවා. ඊට පස්සේ මේ මනුස්සයා බල්ලගේ අයිතිකාරයන්ට මේ ගැන කියලා. ඒ අය කියලා තියෙන්නේ බල්ලව එන්නත් කරලා තියෙන හන්දා බය වෙන්න දෙයක් නෑ කියලා.

මේ මනුස්සයාත් ඒ අය කියපු දේ අහලා කකුල නිකන් සබන් වතුරෙන් හේදුවාලු. ඊට පස්සේ ඒක ගනන් ගන්නේ නැතුව තමන්ගේ වැඩ කරගෙන ගියාලු. තමන්ට එන්නත් කරගන්න තරම් ඕන කමක් උවමනාවක් තිබිලා නෑ.මාස තුනකට පස්සේ මේ මනුස්සයා වතුරට බයක් තියෙනවා කියලා ගෙදර කට්ටියට තේරුනා ලූ. කෑම කාලා වතුර බොන්නේ නෑ ලූ. වතුර කියන නම ඇහුනත් නිකන් ශොක් එක වගේ වෙලා බය වෙනවලු.

ඊට පස්සේ තමයි ගෙදර අය මේ මනුස්සයාව රාගම රෝහලට ගෙනත් තියෙන්නේ.මේ මනුස්සයාට වතුර ටිකක් පොවන්නම බෑ. කොටින්ම කාඩ්බෝඩ් එකකින් පවන් සලනකොට ඇගම ගැස්සිලා යනවා. දැක්කම දුක හිතෙනවා. මේ කෙනා තව දවස් දෙකකට වඩා ජීවත් වෙන එකක් නෑ. මේ කෙනාව අංගොඩ උන රෝහලට අරන් යන්න කටයුතු සලස්වලා තියෙන්නේ.

ජලභීතිකාව රෝගින්ට බේත් නෑ.හැදෙන්න කලින් එන්නත් කරගන්න එක විතරයි තියෙන්නේ. හැදුනට පස්සේ කරන්න දෙයක් නෑ. නිකන් දෙන එන්නත් ටික විද ගත්තනම් මේ කිසිම දෙයක් නෑ. ඒකට සැලකිල්ලක් නැතිව දැන් දුක් විදිනවා. බල්ලෙක් කාපු හැටියෙම ලගම තියෙන රෝහලකින් එන්නත් කරගන්න.ගියපු හැටියෙන්ම එක එන්නතක් බල්ලා කාපු තැනටයි ඇගට එකකුයි විදිනවා. ඊට පස්සේ සතියකින් සති දෙකකින් මාසෙකින් එන්නත් කරගන්න ඕනේ. මේ සේරම එන්නත් නොමිලේම කරගන්න පුලුවන්.

මම මේ දේ කියන්න හිතුවේ අපි නොසලකන පොඩි දෙයකින් උනත් ලොකු විනාසයක් කරන්න පුලුවන්. ඒ නිසා චුට්ටක් මේ දේ ගැනත් හිතන්න.

ලිපිය අවසන් කරන්න කලින් අංගොඩ උන රෝහල ගැනත් කියන්නම්.මේ රෝහලට ගේන්නේ හොද කරන්න බැරි සමාජයට බෝවෙනවා කියලා හිතෙන ලෙඩ්ඩු.මේ අය මෙහෙට ගෙනාවට ඒ අයගේ ලෙඩේට බෙහෙත් කිරීමක් සිදු කරන්නේ නෑ. මේ අය මැරෙනකන්ම මේ රෝහලේ ඉන්න ඕනේ. තමන් ආදරය කරන අයගෙන් වෙන්වෙලා මේ වගේ රෝහලක ඇදක ඉන්න එක කොච්චර නම් දුකක් ද ???

ලිව්වේ....
මධුසංක (මධුරංග ගේ මල්ලි)

-----------------------------------------------
ප.ලි. - බල්ලෙක් හපා කෑවම කරන්න තියෙන හොදම දේ අදාල ස්ථානය සබන් වතුරෙන් හෝදලා ලගම තියෙන රෝහලකින් එන්නත් කරගන්න එකයි.

30 comments:

  1. eththatama hoda lipiyak.godak pin danuwath karata

    ReplyDelete
  2. එතකොට අර මිනිස්සු බල්ලට බෙහෙත් විදලා තියෙන්නෙ කිව්ව එක බොරුවක්ද?:O
    අපේ ගෙදර ලග ලෝයර් කෙනෙකුත් මැරුනා බල්ලෙක් හපල ගනන් නොගෙන ඉදල,එයාගෙ බබාට මාස ගානක් එතකොට:(.

    අපේ බබාටත් ගෙදර ඉන්න පූසා හැපුව සෙල්ලම් කරන්න ගිහින්,පස්සෙ පූසාටයි බබාටයි දෙන්නටම,බෙහෙත් විද්දා.

    මගෙත් ගෙදර ඉන්න බල්ලා කාල තියනව,බල්ලට බෙහෙත් විදල තියෙන්නෙ කීවම පිටගැස්මටද කොහෙද "ටොක්සොයිඩ්" ද මොකද්ද එකක් විද්ද ඩොක්ට‍ර්,බල්ලගෙ වෙනසක් තිබ්බොත් ආය එන්න කීවා.

    දොස්තර මල්ලිත් විවේකෙ තියන වෙලාවට බ්ලොග් එක ලිව්වනම්,අපිට ගොඩක් වැදගත් වෙන කාරණා දැනගන්න පුලුවන් වෙයි.

    ReplyDelete
  3. ඇත්තටම මමත් ඉස්සෙල්ලා බල්ලන්ට හරිම ආදරෙයි, ඒත් දැන් පොඩි දෙන්නෙක් ඉන්න හින්දා බල්ලො, බලල්ලු හදන එක නැවැත්තුවා ....

    සෑහෙන්න වැදගත් පෝස්ට් එකක් ..........

    ReplyDelete
  4. බොහොම වැදගත් ලිපියක් මල්ලී. ගොඩක් ස්තූතියි.

    ReplyDelete
  5. අම්මෝ....පොඩි කාලේ මතක් උනා... :)
    බල්ලෝ සැට් එකක් වටකරගෙන කෑවනේ මාව...
    දෙයියනේ කියලා ටිකයි පිස්සු,,

    ReplyDelete
  6. හුඟක් වැදගත් පෝස්ට් එකක්. අපි බෝහෝ වෙලාවට හරිම නොසැලකිලිමත් මේ වගේ දේවල් වලදි. ඒත් ඒ නොසැලකිලිමත් කම නිසා ජීවිතයක් නැතිවෙන එක කොච්චර අපරාධයක්ද.

    ReplyDelete
  7. අපිට පොඩි කාලෙ නං බේත් විදල තියනවා... තැන්ක්ස් වේවා මධුසංක...

    ReplyDelete
  8. වැදගත් ලිපියක්..බල්ලෙක් හැපුවට පස්සේ ජල භීතිකා තත්වය ඉස්මතු වෙන්න කොච්චර කල් යනවද?

    ReplyDelete
  9. තෑන්ක්ස් මලේ උපදෙස් වලට. කවද හරි දවසක වැදගත් වෙයි.

    ReplyDelete
  10. සාමාන්‍යයෙන් බල්ලෙක් වගේ සතෙක් හපා කන්න ඇබ්බැහි වෙලා නැත්තම් ඌ නිකරුනේ ඇඟට පැනලා හපා කන්නේ නෑ.බුරලා බය කරනවා සහ හපා කන්න පනිනවා විතරයි.හැබැයි යම් හෙයකින් හපා කෑවොත් ගෙදර අය බෙහෙත් විදලා තියෙනවා කිව්වට කමක් නෑ ඒ අදාල කාඩ්පත් පොඩ්ඩක් අරන් බලන්න.සාමාන්‍යයෙන් බල්ලෙකුට ඇන්ටි-රේබීස් එන්තක් විද්දම වලංගු කාලය උපරිම අවුරුද්දයි.ඊට පස්සේ ආපහු විදින්න ඕනේ.හැම එන්නත් කිරීමකදීම ඒ බෙහෙතට අදාල ස්ටිකරයක් ඒ එන්නත් පත්‍රිකාවේ අලවනවා.ඉතින් බල්ලා හපා කාපු අයිතිකාරයට අයිතිවාසකමක් තියෙනවා ඒ පත්‍රිකාව ඉල්ලගෙන බලන්න.ඒ වගේම තමා සතාගේ අයිතිකාරයට යුතුකමක් තියෙනවා ඒ පත්‍රිකාව ලබා දෙන්න.(එන්නත් විදින්න යද්දී රජයේ රෝහල් වල පේන්නම කියලා තියෙනවා ගෘහාස්‍රිතව ඇති කරන සතෙක් නම් සතාගේ අදාල එන්නත් පත්‍රිකා රැගෙන එන්න කියලා.)‍ඒ හින්දා කට්ටිය මතක තියාගන්න ඒ ගැන දැනන් හිටියේ නැත්තම්.ඒ වගේම තමා මොකා කෑවත් ටොක්සොයිඩි(පිටගැස්මට විදින එන්නතක්) ගහගත්තට වැරැද්දක් නෑ.(ෆුල් කෝස් එකක් හෝ බූස්ටර් එකක්).කෝකටත් හොඳයි....
    හැබැයි වෙන මොනයම් හෝ සතෙක් කෑවොත් බල බලා ඉන්නේ නැතුව වෛද්‍යවරයෙක් මුණ ගැහිලා අදාල ප්‍රතිකාර ලබාගන්න.

    ReplyDelete
  11. නඩු යන්න පුලුවන් සීන් එකක්නෙ වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  12. මධුරංග වගේම මධුසංකත් කියවන්න ආස හිතෙන විදිහට බොහොම නිරවුල්ව ලිපිය ලියලා තියෙනවා.
    ඒ වගේම හුගක් වැදගත් පෝස්ට් එකක් අපි කාටත්.

    ශාන්-
    ඔබටත් ස්තුතියි වැඩිදුර පැහැදිලි කිරිම ගැන.

    රත්ගමයා-
    හැබෑටම අර බල්ලන්ට මොකද උනේ..
    උන් තාම හොදින් ඉන්නවද...D.

    ReplyDelete
  13. බොහෝම ස්තූති වෛද්ය තුමෙනි.. අපව දෑනුවත් කරාට... අපිට ඔබෙන් තව ලිපි ඔනේ...

    ReplyDelete
  14. රත්ගමයා said... 7
    අම්මෝ....පොඩි කාලේ මතක් උනා... :)
    බල්ලෝ සැට් එකක් වටකරගෙන කෑවනේ මාව...
    දෙයියනේ කියලා ටිකයි පිස්සු,,

    රත්ගමයා අයියා නාන්න මෙච්චර අකමැති හේතුව මම මෙච්චර කල් හෙවුවට අදයි දැනගත්තේ

    ReplyDelete
  15. රත්ගමයා අයියේ බල්ලා ඊට පස්සෙ දවසෙම මැරුන... ලේ විෂ වෙලා....

    ReplyDelete
  16. නීතිමය පියවරක් ගන්න බැයිද??

    ReplyDelete
  17. @Anonymous :
    තැන්කු කමෙන්ට් කලාට. නමත් එක්කම කමෙන්ට් කලා නම් ගොඩක් වටිනවා.

    @නදී :
    වෙන්න ඇති අක්කා. නැත්නම් මේ මනුස්සයාට එහෙම එකක් වෙන්නේ නෑ. මල්ලි කිව්වේ ඒක අහන්න නම් උනේ නෑ කියලා.

    @prabhath :
    සාදු සාදු සාදු. ගොඩක් ස්තුතියි අදහස් දැක්වීමට.

    ReplyDelete
  18. @කල්හාර දිසානායක :
    ඒක නම් හොදයි අයියා. පොඩි ඈයෝ බල්ලෝ බලල්ලු හුරතල් කරන හන්දා ලෙඩ හැදෙන්න පුලුවන් ඒ නිසා ගොඩක්ම හොදයි ඔයා කරපු වැඩේ.

    @Kasun :
    මම මල්ලිට කියන්නම් කසුනා ස්තුති කලා කියලා.

    @රත්ගමයා :
    වතුර බොන්න නාන්න එහෙම කැමති නැද්ද. තාම එහෙම උනේ නැත්නම් තව ටික දවසකින් එහෙම වෙයි. :)

    ReplyDelete
  19. ඇත්ත.. මුදලක් වියදම් නොවී පරිස්සම් වෙන්න තිබුන වෙලේ ඒදේ හරියට කලනම් අද දුක්වෙන්න ඕන නෑනේ..

    ReplyDelete
  20. @පිණිබිඳු... :
    ඒක හරි පිණිබිදු.අපි නොසලකන සමහර දේවල් වලින් ගොඩක් ලොකු අනතුරු වෙන පුලුවන්.

    @සනා :
    පොඩි කාලෙට විද ගත්තට කමක් නෑ. අවුරුද්දෙන් අවුරුද්දට විදින්න ඕනේ.

    @චතූ :
    මල්ලි නම් කිව්වේ ,
    -ඉක්මනින් බෝවෙන තැන් තියෙනවා.උදාහරණයකට ඇස්,කටේ වගේ තැන් වට ආසාදිත බල්ලගේ කෙල ගෑවුනත් ලෙඩේ බෝවෙන්න පුලුවන් ලු. හපන්නම ඕනේ නෑ.ලෙඩේ බෝවෙන ප්‍රවනතාව ගොඩක්ම වැඩියි

    -ගැබුරට කෑවා නම් ඉක්මනින් හැදෙන්න පුලුවන්.ලෙඩේ හැදෙන ප්‍රවනතාව වැඩියි.තුවාලේ එච්චර ලොකුත් නැත්නම් බෝවෙන්න එච්චර ඉක්මනින් බෑ.

    -ස්නායු සැපයුම වැඩි තැනක කෑවොත් ලෙඩේ හැදෙන ප්‍රවනතාව ගොඩක්ම වැඩියි.උදහරණයක් ලෙස හිස,බෙල්ල මුහුන,ඇගිලි තුඩු, වගේ තැන්.

    -තැන් කීපයක් කෑවොත් එතකොටත් ලෙඩේ හැදෙන්න තියෙන ප්‍රවනතාව වැඩියි.

    -හීරුනොත් විතරක් නම් (ගැබුරු තුවාලයක් නැත්නම්) ලෙඩේ හැදෙන්න තියෙන ප්‍රවනතාව ගොඩක්ම අඩුයි.

    මේ සේරම කිව්වේ ලෙඩේ හදෙන්න තියෙන ප්‍රවනතාව ගැන. ඒත් ලෙඩේ හැදෙන්න පුලුවන්. ගොඩක් වෙලාවට මාස තුනක් විතර යනවා රෝග ලක්ෂණ මතු වෙන්න.

    ReplyDelete
  21. @prasanna86k :
    සමහර වෙලාවට වැදගත් වෙන හන්දා තමයි මේ දැනුවත් කිරීම.

    @ශාන්..... :
    ගොඩක් ස්තුතියි මල්ලි දීර්ඝ කමෙන්ට් එකට ඒ වගේම විස්තර වලටත් ගොඩක් ස්තුතියි. අපේ මල්ලිත් නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා කියලා කිව්වා.

    @ සීතල අයියා :
    නඩු යන්න තිබ්බා බල්ලගේ අයිතිකාරයාත් එක්ක. මොනා උනාද කියලා මල්ලිත් දන්නේ නෑ කියලා කිව්ව.

    ReplyDelete
  22. @- නිල් අහස - :
    බොහොම ස්තුතියි අදහස් ටිකට.

    මට හිතෙන්නේ රත්ගමයව කෑවට පස්සේ බල්ලො ටික කටට හාපික් දාලා හෝදගන්න ඇති.

    @සූර සරදියල් :
    මම මල්ලිට කියන්නම් තව ලියන්න කියලා.

    @Anonymous :
    අනිවාර්යෙන්ම ඒක වෙන්න ඇති හේතුව.

    ReplyDelete
  23. @Anonymous :
    රත්ගමයා මල්ලි , මෙන්න බල්ලගේ අයිතිකාරයාත් කමෙන්ට් කරලා.

    @තාරක Dilsh@n :
    ඒක නම් කොහොමද දැන්නේ නෑ ලු. අනිවාර්යෙන්ම ගනී නීතිමය පියවරක්.

    @Dinesh :
    ඒක හරි මල්ලි. නිකන් දෙනවනම් උදලු පාරක් හරි කන්න ලෑස්ති රටේ මිනිස්සු මේ දේට කම්මැලි වෙන්නේ ඇයි කියලා හිතා ගන්න බෑ.

    ReplyDelete
  24. අයියා වගේමයි මල්ලිත් එලටම ලියනවා .

    මමත් කාලයක් බල්ලෙක්ව ඇතිකලා .එක දවසක් ඌ මාව නිකම් හීනෙන් වගේ සෙල්ලමට හැපුවා . මට යන්තම් තුවාල උනා . ඩොක්ටර් නම් කීවේ බල්ලට එන්නත් කරලා තියන හන්දා අවුක නෑ කියලා .. දැන් වසර ගානක් වෙනවා . යන්තමට මට පිස්සු නෑ .. ආයේනම් බල්ලෙක් කොහොම හැපුවත් බෙහෙත් විදගන්නවා .

    ReplyDelete
  25. ඇත්තටම වැදගත් ලිපියක්... මම නම් ලෙඩ වලට බයයි.. අනික අපේ නැන්දා කෙනෙක් පිලිකාවකින් නැති උනාට පස්සේ මම හුගාක්ම බයයි... පුංචි දේ නොසලකා හිටියාම ඔහොම වෙන්න ඉඩ කඩ වැඩියි...

    ReplyDelete
  26. නොසැලකිලිමත් කමද? පරණ පව්ද?

    සනීප කරන්න බැරි ලෙඩයැයි කියන්නේ වගකිවයුත්තන් ගේ ලේසියටය.

    ReplyDelete
  27. @හිස් අහස :
    මල්ලි ඔය කතාව කිව්වට පස්සේ මතක් උනේ මල්ලිලාගේ බලු පැටියාත් නැති උනා නේ කියලා.අනිවාර්යෙන්ම බල්ලෙක් කොහොම කෑවත් බෙහෙත් විද ගන්න.

    @නිම්ශා :
    ලෙඩ වලට බය වෙන්න හොද නෑ. ඒ උනාට සැලකිලිමත් වෙන එකගොඩක්ම වටිනවා.

    @කතන්දර Kathandara :
    පරණ පව් වෙන්නත් පුලුවන්. කොහොම නමුත් අන්තිමේ වෙලා තියෙන්නේ ලෙඩේ හැදුන එකයි.

    ReplyDelete
  28. ඇත්තෙන්ම අයියා-මලෝ දෙන්න නියමෙට ලියනවනෙ..හරිම වැදගත් ලිපියක්...අපේ මිනිස්සු නිකම් දෙනවනම් ඕන කුණුගොඩක් ඇඟේ ගාගත්තට වැදගත් දේවල් නිකම් දුන්නත් ගන්නෙ නැති හැටි.....අනේ අපොයි... :(

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.