01 June 2011

සුභ උපන්දිනයක් වේවා !!!!

වෙනදා වගේ නෙමෙයි අද මටයි මගේ බ්ලොග් අඩවියටයි විශේෂ දවසක්. ඒ තමයි මගෙයි මගේ බ්ලොග් එකෙයි උපන්දිනය අද වගේ දවසක යෙදී තිබීම. මීට අවුරුද්දකට උඩ දී රත්ගමයාගේ බ්ලොග් එක කියවලා මගේම බ්ලොග් අඩවියක් පටන් ගන්න හිතුනා. මමත් බ්ලොගර් වල රෙජිස්ටර් වෙලා බ්ලොග් අඩවියක් හදා ගත්තට මොකෝ ලියන්න ඕන කරන දේවල් මොනාද කියලා මට හිතුනෙම නෑ. ඒ නිසා මම කලේ මට ඉගෙන ගන්න ලැබෙන දේවල් ඉංග්‍රිසියෙන් පෝස්ට් වල ලියන්න ගත්ත එකයි. කොටින්ම ටෙක්නිකල් බ්ලොග් එක ලියන්න ගත්තා.

කාලයක් යද්දි මටම තේරුනා ඉංගිරිසි වලින් ලියන එක මීටත් වඩා අමාරුයි කියලා. ඒ නිසා මම බ්ලොග් ලියන වැඩේ තාවකාලිකව අතැරලා දැම්මා. අන්තිමේදි දන්න දන්න අයගෙන් අහලා කොහොමහරි ටෙක්නිකල් බ්ලොග් එක සිංහල බ්ලොග් එකක් කර ගත්තා. මේ වෙනකොට මම ට්‍රේනින් ගිහින් හිටියේ. දවසගානේ බ්ලොග් පෝස්ට් දැම්මට ඒක කියවන්න කමෙන්ට් කරන්න කවුරුවත්ම ආවෙ නෑ. කොටින්ම මගේ බ්ලොග් එක ෆලො කරන්න කවුරුවත්ම හිටියේ නෑ.

මෙහෙම බ්ලොග් ලිය ලියා ඉන්නකොට යාලුවෙක්ගේ මර්ගයෙන් සින්ඩි කියලා ජාතියක් දැනගෙන ඒවා වල මගේ බ්ලොග් අඩවිය රෙජිස්ටර් කලා. ඒත් කියවන අය අඩුවෙන් තමයි හිටියේ. යන්තන් ෆලෝවර්ස් ලා එක්කෙනා දෙන්නා නම් වැඩි උනා.ඊට පස්සේ මම කලේ අනිත් අය බ්ලොග් ලිව්වම ඒ බ්ලොග් ලිපි කියවන්න ගත්තා. එයාලාට කමෙන්ට් කරන්න එයාලගේ බ්ලොග් ෆලෝ කරන්න ගත්තා. ඊට පස්සේ ටිකෙන් ටික මම අද මේ ඉන්න තත්වෙට වර්ධනය උනා.

මේ සේරම එක දවසකින් උනදේවල් නෙමෙයි. ඒකට මට මාස ගණනාවක් ගියා. කොහොමහරි ටිකෙන් ටික මම බ්ලොග් ලියන සහෝදර සහෝදරියන්ව අදුන ගත්තා. දවසගානේ එයාලගේ පෝස්ට් කියවලා කමෙන්ට් කරද්දි එයාලත් මගේ යාලුවන් වෙලා කමෙන්ට් කරන්න ගත්තා. මම මෙ අද ඉන්න තත්වෙට එන්න ඔයාලා ගොඩක් මට උදව් උනා.

අද මට ගොඩක් සතුටු දවසක්. මම මගේ උපන්දින වලට කරපු හොදම නුවණක්කාරම වැඩේ තමයි බ්ලොග් අඩවියක් පටන් ගත්තු එක.ඒකෙන් මම මාරම පොහොසතෙක් උනා. මගේ වටේ ඉන්න සහෝදර සහෝදරියෝ පිරිසක් ඇති උනා. ලොකු මිතුරු පිරිසක් හම්බකරගත්තා !!!!!

ඒ හින්දම මගේ උපන්දිනයට සුබ පතන්න ආපු යාලුවන්ට කේක් සංග්‍රහයක් සූදානම් කලා.යන්න කලින් මගේ උපන්දින කේක් කෑල්ලක් කාලාම යන්න කියලා ආරාධනා කරනවා.ඉහලින් තියෙන්නේ කේක් එක. කෑල්ල කෑල්ල කපාගෙන කෑවනම්.....

රජයේ අවවාදයයි - අපේ අම්මා කේක් එක සරසන්න ගහපු අල්පෙනිති ටික බේරගෙන කන්න.නැත්නම් පිටගැස්මට ඉන්ජෙක්ශන් ගහන්න වෙයි.

බ්ලොග් එකේ උපන්දිනයට කේක් නම් ලැබුනා.දැන් කට්ටිය හොයයි කෝ මගේ උපන්දින කේක් එක කියලා. ඔය කේක් එකේම අනිත්පැත්තේ 24 කියලා ගහලා ඇති. කෙක් දෙකක් හදන්න ලොකු වියදමක් දරන්න වෙන හින්දා අපේ අම්මා එකම කේක් එකේ අංක 1යි අංක 24යි අයිසින් වලින් ගහලා දුන්නා. :)

42 comments:

  1. සුභ උපන්දිනයක් වේවා මධුරංග අයියේ...

    ReplyDelete
  2. සුබම සුබ උපන් දිනයක් වේවා.

    කේක් කන්ට ඕනේ අනෙක් අය එන්ට කලින්.:D

    ReplyDelete
  3. සුභම සුභ උපන්දිනයක් මදුරංග. ඇත්තටම බ්ලොග් එකක් ලියන්න ගත්තු එක තමා ජීවිතේ කරපු නුවණක්කාරම දේ. ඇහින් නොදැක්ක යාලුවො කී දෙනෙක්ද? ඒ සහෝදරකම නම් මිල කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.

    ReplyDelete
  4. සහෝදරයටත් බ්ලොගයටත් සුභම සුභ උපන් දිනයක් වේවා!

    ReplyDelete
  5. සුබම සුබ උපන්දිනයක් සහෝදරයා, ඉදිරි කාලයමත් ඒ සතුට රැදේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    මේ බ්ලොග් එකේ මං කැමතිම අර ෆැක් එක්ස්පීරියන්ස් ටික ගැන තිබුණ පෝස්ට් ටිකට. ඒව කියවලා මැරෙන්න හිනාවුනා මතකයි. නියමයි. ඉදිරියටම ලියමු. ජය

    ReplyDelete
  6. සුභ උපන්දිනයක් මධුරංග. හිත හොඳ මිනිස්සුන්ට යාළුවො ඕනෙ තරම්.

    මේ ආව වගේ තවත් අවුරුදු ගනනාවක් සාර්ථක බ්ලොග් ගමනක් යන්න ලැබේවා !

    ReplyDelete
  7. මගේ සුබ පැතුම්.....! හුඟ දෙනෙක් මේ දවස්වල බ්ලොග් උපන් දින සමරනවනෙ...අවුරුද්දක් කියන්නෙ ලොකු කාලයක්...සියළු දේ එක්ක මේ ආ දුර ගැන සතුටුයි නේද ?

    දිගටම ලියන්න..........

    ReplyDelete
  8. සිතක සංකල්පනා බ්ලොග් අඩවියටත්...මධුරංගටත් සූභම සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා...මමත්.
    ජීවිත ගමනේ වගේම බ්ලොග් කරනයේත් නව මං සොයා ඇදෙමින්
    හරවත් යමක් ඉදිරි ජීවිතය පුරාම සිදු කරන්නට හැකි වේවා යයිද පතමි.

    ඇත්තටම කේක් දුන්න නම්...හරි අගෙයි..යාලුවා....:D

    ReplyDelete
  9. අඩඩා...
    සුබම සුබ මොකක්ද එකක් වේවා!

    ReplyDelete
  10. ප්‍රීතියි ප්‍රීතියි . . .

    උපන්දින දෙකම එක දවසේ තියෙන එකම එකා උඹ වෙන්න ඇති මළේ . .

    සුභ පැතුම් මෙන්න . . උඹේ උපන්දිනේටත් බ්ලොග් එකේ උපන්දිනේටත් . .

    ඇත්තෙන්ම බ්ලොග් එකක් ලියන්න අරගෙන අපි ලියන ඒවට (අපේ අදහස් වලට) අනිත් අයගේ අදහස් එකතු කරලා අපි දැකපු විඩිහට වඩා වෙනස් විදිහකට ලෝකය දකින්න ලැබෙන එකත් ඇත්තෙන්ම අලුතෙන් ඉපදුනා වගේ සීන් එකක් තමයි . .

    ජය වේවා . .

    ReplyDelete
  11. සුබ උපන්දිනයක් වේවා සහෝදරයා...

    ReplyDelete
  12. ඔන්න මගෙන් උනුසුම් සුබ පැතුම් මධුරංග අයියේ . ඔයා දැන් අවුරුද්දක් වෙනවද ලියන අරගෙන . මටනම් මතක අමේ අද ඊයේ වගේ .ඉතින් ලියාගෙන ලියාගෙන යන්න .නතර කරන්න එපා කවදාකවත්

    එහෙනම් ඔන්න බ්ලොග් එකටයි ඔයාටයි දෙන්නටම සුබම සුබ උපන්දිනයක් වේවා !!

    ReplyDelete
  13. සුභම සුභ උපන් දිනයක් මධුරංග.. දිගටම ලියන්න.. අපි හැමදාම මේ පැත්තේ එනවා.. :)

    ReplyDelete
  14. දෙකටම සුභ පැතුම්, සිංහල බ්ලොග්කරණයේ වගේම ජීවන ගමනේ දිගු ගමනක් යන්න ලැබේවා........

    ReplyDelete
  15. සුභ පැතුම් මධුරංග අයියේ....දිගටම ලියන්න...

    ReplyDelete
  16. මගෙන් සුබපැතුම් :)

    ReplyDelete
  17. අඩේ දැන්නෙ දැක්කෙ මේ පෝස්ට් එක.මම් උදේම මූණුපොතේ සුබ පැතුව. ඒත් හිතුව ඇයි බ්ලොග් පෝස්ට් එකක් වත් නැත්තෙ කියල,සින්ඩි වල දැක්කෙනැනේ මේක මම්.අහම්බෙන් තමා කෝකටත් කියල බැලුවෙ.කමක් නැ.
    ඔන්න මමත් මල්ලිට සුබම සුබ උපන්දිනයක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා!ඉදිරියෙදිත් ගොඩක් බ්ලොග් පෝස්ට් දාන්න ලැබේවා!!
    කේක් එක්ක කූල් එකකුත් තිබ්බනම් නියමයිනේ.:)

    ReplyDelete
  18. ඩබලටම සුභ පැතුම් මෙන්න!!!

    ReplyDelete
  19. @නිර්මල :
    සුභ පැතුම් වලට ගොඩක් ස්තූතියි මල්ලි. එහෙම නම් කෙක් කෑල්ලක් කාලම ඉන්න.

    @Podi Kumarihami :
    ඔව් ඔව් ඉක්මනට කේක් කෑල්ලක් දෙකක් කන්න. නැත්නම් අනිත් කට්ටිය කාලා දායි. සුබ පැතුම් වලට ස්තූතියි පොඩ්ඩි අක්කේ.

    ReplyDelete
  20. @පිණිබිඳු... :
    ඒක හරි අකුරු වලින් විතරක් අදුනන මේ යාලුකම ඇත්තටම ගොඩක් වටිනවා. සුබ පැතුම් වලට තුති . කේක් කෑල්ලක් කාලම ඉමු නේ.

    @හරී:
    සුබ පැතුම් වලට ගොඩක් ස්තූතියි හරී. එහෙනම් කේක් කෑල්ලක් කාලම හිටින්න.

    ReplyDelete
  21. @රොබින් :
    ඒ කතා වලට හිනා ගියා නම් ගොඩක්ම වටිනවා.මටත් ඕන උනේ එකමයි. සුබ පැතුම් වලට ගොඩක් ස්තූතියි. කේක් කෑල්ලක් කන්න සහෝ.

    @nawammawatha :
    ගොඩක් ස්තූතියි සුබ පැතුම් වලට නවම් අයියේ... ඔන්න චූටි මැණිකේ අක්කටත් එක්කලාම කේක් අරන් යන්ට හොදේ.

    ReplyDelete
  22. @දිල් :
    මේ ආපු ගමන් මග දැක්කම ගොඩක් සතුටුයි. ඒ වගේම සුබ පැතුම් වලට ගොඩක් ස්තූතියි


    @- නිල් අහස - :
    ඇත්තටම කේක් දෙන්න තිබ්බා නම් වටිනවා. ඒත් කට්ටියම කොහොමද එකතු කර ගන්නේ. සුබ පැතුම් වලට ගොඩක් ස්තූතියි.

    ReplyDelete
  23. @සීතල අයියා :
    තැන්කූ සීතල අයියේ. එන්න කෑක් කෑඑල්ලක් කන්න.

    @දුකා :
    ඒක හරි අයියේ. මට නිකන් බ්ලොග් එකක් හදන්න හිතුනා. එදා ට්‍රේනින් එකේ ඉන්නකොට හැදුවා. නමුත් එදා නම් හිතුනේ නෑ. මේ බ්ලොග් එක ඒතරමට වටියි කියලා.

    ReplyDelete
  24. @සූර සරදියල් :
    සුබ පැතුම් වලට ස්තූතියි මල්ලි.මල්ලි නුවර හිටියනම් කේක් දෙන්නත් තිබ්බා.

    @හිස් අහස :
    දිගටම ලියන්න තමයි කල්පනාව. සුබ පැතුම් වලට ගොඩක් ස්තූතිය් මල්ලි. එන්න කේක් කෑල්ලක් කන්න.

    ReplyDelete
  25. @Dinesh :
    සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි.

    @Hasitha :
    ගොඩක් ස්තුතියි මල්ලි කමෙන්ට් වලට. මට ඒ දවස්වල කමෙන්ට් එකක් දාලා දිරිමත් කරන්න මල්ලි ගොඩක් උත්සහ කලා. ඒකටත් ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  26. @ශාන්..... :
    සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි මල්ලි. ඔන්න මමත් මල්ලිගේ බ්ලොග් එක කියවනවා. කේක් කෑල්ලක් කන්න එන්න

    @Kanishka | කණියා :
    සුබ පැතුම් වලට ස්තුතියි මචං

    ReplyDelete
  27. @නදී :
    මම උදෙන්ම පෝස්ට් එක දාපු නිසා වෙන්න ඇති දකින්න නැත්තේ. ගොඩක් ස්තූතියි අක්කේ සුබ පැතුම් වලට.

    පොඩ්ඩේ මල්ලි මේ අක්කට බාර්ලි බෝතලයක්ක් කඩලා දීපන් !!!!!! අපේ අක්කා කෙනෙක් !!!

    @තාරක Dilsh@n :
    සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  28. හැපි බර්ත් ඩේ කිව්වා ඕං මකුළු පැංචිත් මුලු හිතින්ම...උපන්දින දෙකටම....ඒත් මට පේන හැටියටනම් කේක් එකේ කුඩු ටික විතරයි වගේ පැංචිට ඉතුරු වෙලා තියෙන්නෙ.... ;(

    ReplyDelete
  29. තව බොහොම දුරක් යන්න සක්තිය දයිර්යය ලැබේවා..

    ReplyDelete
  30. සුභ උපන්දිනයක් වේවා !! :D

    ReplyDelete
  31. 24 යි.එහෙනම් තවත් අයියා කෙනෙක්.අයියලයි ,අක්කලයි මට එපාවෙලා තියෙන්නේ.ඇයි දෙයියනේ අපිත් මෙහෙම හිටියට අයියලා තමයි. :))

    සුභ උපන්දිනයක් පතනවා අයියේ........!

    එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්වම බිම දාගත්තා නේද?.ඇල්පෙනිත්තකුත් හැපුණා.අවුලක් නෑ.මට යකඩ ඌනතාවය. :)

    ReplyDelete
  32. සුබම සුබ මෙව්වා එකක් වේවා...!පරක්කු උනාට සමාවෙයන් මචෝ

    ReplyDelete
  33. අනේ මධුරංගයෝ සොරි වෙන්න ඕන පරක්කු වුනාට. මම ඊයෙ රෑ දැක්කෙ මේක. නිදි මතේ හිටියෙ. පේලියක් දෙකක් ලියල මදි හින්ද උදේට ලියනව කියල හිතුව. එහෙනම් ඔන්න දෙන්නටම සුභම සුභ උපන්දිනයක් වේවා කියල ප්‍රාර්ථනා කරනව. උඹටත්, බ්ලොග් එකටත් දෙන්නටම සුභම සුභ අනාගතයකුත් ප්‍රාර්ථනා කරනව. තව තවත් හොඳ ලිපි පළ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. කට්ටිය කේක් කාල ඉවර කරලද දන්නෙ නෑ. ඒව හරි යන්නෙ නෑ, මට කඩෙන් හරි කේක් කෑල්ලක් ගෙනත් දීපන්.

    මට බ්ලොග් අවකාශයේ ඉස්සෙල්ලම යාලුවෙක් විදියට ෆිට් වුනේ උඹ. තාමත් ඉතින් උඹ විතරයි එහෙම ෆිට් එකකට ඉන්නෙ. ඉතින් මේක මට අපේම එකෙක්ගෙ උපන් දිනයක් වගේ. බටර් ගානව නෙමෙයි හොඳද, බොක්කෙන් කියන්නෙ. හැමදේම හොඳින් කරගෙන යන්න. ඕන වෙලාවක අපි ඉන්නව.

    බ්ලොග් එකත් පුලුවන් නම් ටිකක් අලුත්වැඩියා කරල ගනින්කො, අලුත් පාටක් ගාල එහෙම.

    ප.ලි. ආහ් ඕනම විශ් එක කරන්න අමතක වුනානෙ. ඊලඟ උපන් දිනේ සමරනකොට වත් වළලු දාපු අතකින් කේක් කෑල්ලක් කවාගන්න ලැබේවා.

    ReplyDelete
  34. @මකුළු පැංචි :
    බොහොම ස්තූතියී සුබ පැතුම් වලට. අයිසින් කේක් නම් ඉවරයි. හිටින්න චොක්ලට් රෝක් එකක් තිබ්බා ඒකවත් කපලා දෙන්නම්.

    @සරත් ලංකාප්‍රිය :
    සුබ පැතුම් වලට ස්තූතියි.

    ReplyDelete
  35. @ස්වප්නා :
    බොහොම ස්තූතියි අක්කේ සුබ පැතුවට. ඔන්න කේක් කෑල්ලක් කන්නම ඕනේ.

    @පාල :
    ගොඩක් ස්තූතියි මල්ලි සුබ පැතුවට. ඔන්න මමත් මල්ලිගේ බ්ලොග් අඩවිට එන්න ගත්තා.

    ReplyDelete
  36. @දිලීප :
    මෙව්වා එකට සුබ පැතුවට ගොඩක් ස්තූතියි. කේක් කෑල්ලක් කාලම හිටින්.

    @Kasun :
    මමත් බැලුවා ඊයේ හිට් දාලා ගියපු මනුස්සයාට මොකද උනේ කියලා.ගොඩක් ස්තූතියි මචං සුබ පැතුම් වලට.ඉදිරියටත් ලියමු. මාව දිරිමත් කරනවට උබලට ගොඩක් ස්තූතියි.

    කේක් කෑල්ලක් කඩෙන් ගෙනල්ලා උනත් දෙන්න බැරියෑ. අකුරු වලින් අදුන ගත්ත සහෝදරත්වයක් ලැබීමත් සතුටක් බං

    ReplyDelete
  37. මගේත් සුභ පැතුම්!

    ReplyDelete
  38. @කතන්දර Kathandara :
    සුබ පැතුම් වලට ස්තූතියි අයියා !!!!

    ReplyDelete
  39. මගෙත් සුභ පැතුම්.නිතර කමෙන්ට් නොකලාට ඔයාගෙ ලදපද කියවනවා.

    ReplyDelete
  40. @JHOTHISHALANKA :
    බොහොම ස්තූතියි අයියා කමෙන්ට් කරන්න ආවට. ඒ වගේම සුබ පැතුම් වලටත් ස්තුතියි. ඔන්න මම ආයෙම කේක් ගෙනාව. කේක් මදි උනා නෙව. එහෙනම් කේක් කෑල්ලක් කාලම යන්න.

    ReplyDelete
  41. අයියෝ සෝ සොරි මල්ලියා පරක්කු වුනාට, කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ උපන් දිනයක් වේවා ............

    මම සෑහෙන කාලෙක ඉඳන් දාන්න හිටිය ලිපියක් කොටස් තුනකට ඊයේ තමා දැම්මෙ, ඒකයි මට මේ දවස්වල බ්ලොග් බලන්න කමෙන්ට් කරන්න වෙලාවක් නැති වුනේ ..........

    අමාරුවෙන් හදා ගත්ත දෙයක් වුනාට දැන් ඉතිං නැගලා යනවනේ ...
    කොච්චර සතුටුද ඒකට .......
    ඔබට ජය මල්ලියා .........

    ReplyDelete
  42. @කල්හාර දිසානායක :
    සුබ පැතුම් වලට ස්තුතියි අයියේ. ඔයාලා නැත්නම් මේ බ්ලොග් එක පාලුවට ගිහින් ගොඩක් කල්. ඔයාලාගේ කමෙන්ට් තමයි මාව දිරිමත් කරන්නේ.

    ඔන්න මමත් අද උදෙම්ම ඒ පැත්තේ ගියා. වටින කියන පෝස්ට් තුනක් ලියලා තිබුනා.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.