10 May 2011

බිරින්දෑවරු හතරදෙනෙක්

මේ වෙසක් මාසය. ඒ නිසා මටත් හිතුනා වෙසක් හින්දා ධර්ම දානයක් වශයෙන් මොනවහරි ලියන්න කියලා. නමුත් ලියන්න කියලා කිව්වට මොනවා ලියන්නද කියලා හිතාගන්න බෑ. ඔහොම ඉද්දි මට ලස්සන ඊ මෙල් එකක් කියවන්න ලැබුනා. ඒක මට ගොඩක් අල්ලලා ගියපු හන්දා ඒක බ්ලොග් එකේ ලියන්න ඕනේ කියලා හිතුනා.මේකයි කතාව.

ඔන්න දුවේ පුතේ එකමත් එක රටක පොහොසත් වෙලෙන්දෙක් හිටියා ලු. එයාට බිරින්දෑවරු හතරදෙනෙක් හිටියලු. මේ වෙලෙන්දා තමන්ගේ බිරින්දෑවරුන්ට සැලකුවේ එක එක ප්‍රමාණ වලින්. ඒ කියන්නේ හැමෝටම සමානව ආදරය කලේ නෑ.බිරින්දෑවරු හතරදෙනා එක දෙක තුන හතර ආදි වශයෙන් නම් කරමු.

එයා වැඩියෙන්ම ආදරය කලේ හතරවන බිරිදට.එයා ගැන හොදට හොයලා බැලුවා.එයාට හොදට සැලකුවාලු.

දෙවෙනියාට ආදරේ කළේ තුන්වෙනි බිරින්දටලු.මේ වෙලෙන්දා එයාව හැමෝටම පෙන්වන්න මාරම කැමතියි ලු. ඒ කියන්නේ ඕනම කෙනෙක්ට එයා පෙන්වන්නේ ඒ බිරිදවලු. නමුත් මේ වෙලෙන්දට ඒ බිරිද වෙන කෙනෙක් එක්ක යයි කියලා පොඩි බයකුත් තිබ්බා ලු.

තුන්වෙනියට ආදරේ කළේ දෙවෙනි බිරිදට ලු. වෙලෙන්දායි ඒ බිරිදයි අතර ලොකු මිත්‍රත්වයක් තිබ්බාලු. ඕනම කරදරයකදි එයා ලගට ලු යන්නේ ඒ කියන්නේ ලෙඩක් දුකකදි උනත් එයා කෙලින්ම ගියේ දෙවෙනි බිරිද ලගට ලු.

හතරවෙනියට ආදරේ කලේ පලවෙනි බිරිදට ලු.නමුත් ඒ බිරිද ගැන එයා එච්චර තැකීමක් නෑ. නමුත් ගොඩක් ආදරේ කලා.

ඔන්න දවසක් මේ වෙලෙන්දා ලෙඩ උනා. ලෙඩේ උග්‍ර වෙලා මැරෙන්න ඔන්න මෙන්න ලු ඉන්නේ.එයා තමන්ගේ බිරින්දෑවරු හතර දෙනාව ගෙන්නුවා.

මුලින්ම හතරවෙනි බිරිදගෙන් ඇහුවලු මාත් එක්ක මේ ගමන එහෙමත් නැත්නම් මැරෙන්න සූදානම් ද කියලා. ඒ බිරිද ගත් කටටම "කොහොමටවත් එන්න බෑ" කියලා කිව්වලු. ඊලගට තුන්වෙනි බිරිදට කතා කරලා එයත් එක්ක මේ ගමන යන්න එනවද කියලා ඇහුවලු. ඒ බිරිදත් කිව්වේ "මම නම් කවදාවත් ඔයත් එක්ක එන්නේ නෑ. ඔයා මලාම මම වෙන එක්කෙනෙක් එක්ක යනවා" කියලා කිව්වලු. වෙලෙන්දට නිකන් කරකවලා අතෑරියා වගේ ලු.ඊට පස්සේ දෙවෙනේ බිරිදගෙනුත් අර ප්‍රශ්නෙම ඇහුවා. එයා කිව්වේ "මට කරන්න පුලුවන් උපරිම දේ ඔයාව මිනිවලට ගෙනිහින් දාන එක විතරයි " කියලා.

දැන් වෙලෙන්දට තමන්ගේ ගෑනු හතර දෙනාගෙන් තුන්දෙනෙක් ගැන කලකිරිල ලු හිටියේ. කමක් නෑ කියලා හිත හදාගෙන පලමුවෙනි බිරිදගෙනුත් අර ප්‍රශ්නෙම ඇහුවා. ඒ බිරිද කිව්වේ " ඔයා කොහේ ගියත් මම ඔයත් එක්කම ඉන්නවා" කියලා ලු.අපරාදේ මට ඔයා ගැන මීට වඩා හොයලා බලන්න තිබ්බා කියලා වෙලෙන්දට හිතුනලු.එහෙම කියලා වෙලෙන්දා මැරුනා ලු.

ආදර්ශය

(01) හතරවන බිරිද කියන්නේ අපේ ශරීරය. අපි කොච්චරවත් ඉන්නකම් සැලකුවත් අපි මලාම අපේ ශරීරය දාලා යන්න වෙනවා.
(02) තුන්වෙනි බිරිද කියලා කියන්නේ අපි ජීවිත කාලය තුලදී රැස්කරගන්න ධනය හා තත්වයයි. අපි මැරෙද්දි ඒක අපිව දාලා වෙනෙ කෙනෙක් ලගට යනවා.
(03) දෙවෙනි බිරිද කියන්නේ අපේ නෑදෑයන්, සහෝදර සහෝදරියන්. අපි මැරුනම මිනිවල ලගටම වෙනකන් එනවා.
(04) පළමුවෙනි බිරිද කියලා කියන්නේ අපේ හිත.අපි නිවන් අවබෝධ කරගන්න තාක් අපිත් එක්කම ඉන්නවා.

මේ හින්දා අපි වැඩියෙන්ම ආදරේ කරන්න ඕන මොන බිරිදට ද කියලා අපිම හිතලා තීරණයක් ගන්න එක වටිනවා. මට මේ ධර්ම කාරණාව ඊ මේල් එකකින් ආපු එකක් හින්දා මේකේ නියම අයිතිකාරයා කවුද කියලා දන්නේ නෑ. නමුත් වටිනවා කියලා හිතුන හන්දා පෝස්ට් කරන්නේ. සමහරු මේ කතාව කියවලත් ඇති.

32 comments:

  1. හ්ම්ම්.. අහල නම් තියෙනවා. ඒත් ස්තූතියි මතකය අලුත් කරාට.

    ReplyDelete
  2. මාමේ...මම් මේ කතාව කලින් අහල තිබ්බෙ නෑනේ.එහෙනම් මම් අද ඉදල ආදරේ කරන්නෙ පළමුවෙනි බිරිදට :).තව කතන්දර ලියන්න මාමේ අපි ආසයි කියවන්න.

    ReplyDelete
  3. @පිණිබිඳු... :
    මටත් හිතුනා ඔයාලා මේ කතාව කියවලා ඇති කියලා.

    ReplyDelete
  4. @නදී... :
    මොකෝ හීන් හාමිනේ (සැමන් පුංචි) මට මාමා කියලා කියන්නේ. විලි ලැජ්ජාවේ පොලෝ පලාගෙන යන්ට හිතෙනවා. තව කතා නෑ.

    ReplyDelete
  5. "ඔන්න දුවේ පුතේ එකමත් එක රටක පොහොසත් වෙලෙන්දෙක් හිටියා ලු."

    ඉතින් ඔයා කතාව පටන් අරන් තියන විදියටනෙ එහෙම කීවෙ :ඩී

    ReplyDelete
  6. ඔන්න කතන්දර මාමා පුංචි බණ කතාවක් අරගෙන සීනී තැවරුන චොක්ලට් කන්දක් මැදින් පුංචි ඔයාලව හොයාගෙන ආවා..
    කතාව නම් අහලා නෑ..කෝහෙද අපි පන්සලක් පැත්තේ යන එකක් යැ..
    හිත තමා හැම දේටම මුල..හිතට තමා ආදරේ කරන්න ඕනා...

    ReplyDelete
  7. @නදී... :
    කමක් නෑ. මොනා කිව්වත් අපේ අක්කනේ එහෙම කියන්නේ. ඔන්න ඔහෙ කැමති එකක් කියන්න අක්කා.

    @රත්ගමයා :
    අනිවාර්යෙන්ම රත්ගමයෝ. අම්මෝ හුග දවසකින් තම රත්ගම මහත්තයාගෙන් කමෙන්ට් එකක් වැටුනේ. කාලයක් කමෙන්ට් කර කර ඉදලා යන්ට ගියා නෙව.

    ReplyDelete
  8. නියම කතාවක්... කතාව මීට කලින් අහලානං නෑ.. ඒත් මාරයි හොදේ!!!

    ReplyDelete
  9. මේක මතං මං දැකලා තිබ්බා ඊයක... ඒ වුනාට මෙක ලියලා උඹ ඒ මතකය අලුත් කොලා.... තැන්කු මතං...

    ReplyDelete
  10. අදින් පසු http://vajiradevi.blogspot.com/ වෙබ් ලිපිනයෙන් වජිරදේවිගේ ලිපි සමඟ එකතු වෙන්න.

    ReplyDelete
  11. උඹත් මාර මාර දේවල් නෙ අරගෙන එන්නෙ. එල කිරි පෝස්ට් එක.

    ReplyDelete
  12. මමත් මේ කතාව අදමයි ඇහුවේ ... නියම කතාව. මට නෙවෙයි .. පොට්ටනි ගහන එවුන්ට.
    අනික් කාරණේ තමයි .. ඇයි අර නදීට සැමන් පුංචි කියලා කීවේ. එයා සැමන් කන්න පෙරේතද ....

    ReplyDelete
  13. මං මේ ඒත් බැලුව තනිකඩ මනුස්සයට එකපාරටම හතරදෙනක්ම කොයින්ද කියල....

    ReplyDelete
  14. @සනා :
    මාර කතාවක් නිසා තමයි සනා මේ කතාව දැම්මේ. කොටින්ම මාර සේනාවක්.

    @prasanna86k :
    ඒ කියන්නේ මේ ඊයම ආපු වෙන අයත් ඉන්නවා කියන එකනේ. හොදා හොදා.

    @වජිරදේවි :
    ඒක තමා මාත් බැලුවේ සයිට් එක ඩිලීට් කරලවත් ද කියලා.

    ReplyDelete
  15. @Kasun :
    ඔව් මාරම දේවල් තමා. කොටින්ම මේක මාර දූවරු හතරදෙනේ වගේ. මොකෝ කාලෙකින් දැක්කේ නැත්තේ ?

    @kumaraya :
    නදී අක්කට සැමන් පුංචි කියලා කියන්නේ පොඩි කතාවක් හන්දා. අන්න ඒ කතාව මෙතන ක්ලික් කරලා කියවන්න.

    @nawammawatha :
    ඒක තමා නවම් අයියත් තකහනියේ මේ පැත්තේ දුවන් ඇවිත් තියෙන්නේ.

    ReplyDelete
  16. මෙන්න මූ සීයෙක් වෙලා :-O
    හොදා සීයෙ හොදා..ජීවිතේට වැදගත් දෙයක් ගන්න පුලුවං...

    ReplyDelete
  17. නියම පෝස්ටුව..... අයියත් එල කතානේ ගේන්නේ

    ReplyDelete
  18. @සීතල අයියා :
    සීයෙක් නෙමේ කතන්දර ආතෙක් වෙලා ඉන්නේ.

    @බීටා :
    මල්ලි දැන් ඉස්කෝලේ යන හන්දා පෝස්ට් දාන්න වෙලාවක් නැති හැඩයි. කොහොමහරි කමක් නෑ උසස්පෙළ ගොඩ දාගන්න මල්ලි.

    @හරී :
    මොකෝ අද මුකුත් නොකියා හිනා වෙලා විතරක් ඉන්නේ :)

    ReplyDelete
  19. බොන්න පටන් ගත්ත නිසා මගේ පලවෙනි බිරිඳ මාව ඩිවෝස් කරන්නයි හදන්නේ ..

    අනේ ඉතින් අනෙක් බිරින්දෑ වරු නම් මට ඇත්තටම නෑ වගේ තමයි ..

    ReplyDelete
  20. *එක බිරිදක් සිටීම=පයින් ගමන් කිරීමට .ස්ථාවරයි.ඒත් හෙමින්
    *බිරිද දෙකක් සිටීම=පාපැදියකින් ගමන් කිරීම,ටිකක් වේගවත්,ස්ථාවර බව අඩුයි
    *බිරිද තුනක් සිටීම=ත්‍රීවීලයකින් ගමන් කිරීම,වේගවත්,ස්ථාවර උනත් පෙරලෙන්න පුලුවන්
    *බිරියෝ හතරක් සිටීම=හැමෝම පහුකරන් වේගයෙන් යන්න පුලුවන්.........:D

    ඉතින් ඇයි මදුරන්ග මාමා තාම පයින් යන්නේ?

    ReplyDelete
  21. අහල තිබුනා ....... ඒත් ආයිත් ඔයාගේ බ්ලොග් එකෙන් කියවන්න ලැබුන එක සතුටක් ......

    ReplyDelete
  22. මම නම් මේ කතාව කලින් අහලා තිබුනේ නැ.. නමුත් ගොඩාක් වටින ආදර්ශයක් ඒකේ තියෙනවා..

    ReplyDelete
  23. @හිස් අහස :
    ඒක තමයි මල්ලිට අපි කට කැඩෙනකන් කිව්වේ බොන්න එපාය කියලා. කොයි ....අහන එකක් යෑ.

    @රජිත් :
    මාමා නෙමෙයි කොලුවෝ සීයා.... මට එක ගෑනියෙක් ඇති. වැඩිය ඕනැන්නේ නෑ

    ReplyDelete
  24. @කල්හාර දිසානායක :
    ධර්මය ශ්‍රවණය කරන්න ලැබීමත් සතුටක් අයියා.

    @Dinesh :
    මේ කතාව කියෙව්වට පස්සේ මටත් එහෙම හිතුඅ නිසා තමයි ලියන්ට ගත්තේ. බොහොම ස්තූතියි සහෝදරයා

    ReplyDelete
  25. සාදූ සාදූ සාදූ

    ReplyDelete
  26. ඒ කියන්නෙ අපි වැඩියෙන්ම ආදරේ කරන්න ඕනේ අපිටමයි. එල එල.

    ReplyDelete
  27. @යසියා :
    පින් සිතක් උපදවා ගැනීමත් පිනක් සහෝ..

    @Anonymous :
    අනිවාර්යෙන්ම. අපි අපටම ආදරේ නැතුව කොහොමෙයි වෙන අයට ආදරේ කරන්නේ.

    ReplyDelete
  28. @මධුරංග
    මේ දවස් වල ටිකක් බිසි බං.

    ReplyDelete
  29. හලිම ශෝක් ආදර්ශ කතාව මධූ අයියේ !!

    ReplyDelete
  30. කාලීන ධර්ම දේශනා කියන්නේ මේවාට තමා.... ඇත්තටම වටිනා කියන පණිවුඩයක් තේරෙන විදිහට කියලා තියෙනවා. මේ සත්‍යතාවය හැමෝටම අවබෝධ කරගන්න හැකිවේවා !!!

    ReplyDelete
  31. @කුක්කු පැටියා :
    ඒකනේ කුක්කු මේ කතාව මම දැම්මේ.පොඩි අයට මේ කතාව ලොකු ආදර්ශයක්.

    @Hasitha :
    මමත් මාරම අසයි කාලින ධර්ම දේශනා වලට. ඒවයින් තමා අපට ජීවිතේ අවබෝධ වෙන්නේ.

    @Kasun :
    එහෙනම් වැඩ ටික ඉවර කරලම මේ පැත්තට ආවනම්.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.