මේ වෙසක් මාසය. ඒ නිසා මටත් හිතුනා වෙසක් හින්දා ධර්ම දානයක් වශයෙන් මොනවහරි ලියන්න කියලා. නමුත් ලියන්න කියලා කිව්වට මොනවා ලියන්නද කියලා හිතාගන්න බෑ. ඔහොම ඉද්දි මට ලස්සන ඊ මෙල් එකක් කියවන්න ලැබුනා. ඒක මට ගොඩක් අල්ලලා ගියපු හන්දා ඒක බ්ලොග් එකේ ලියන්න ඕනේ කියලා හිතුනා.මේකයි කතාව.
ඔන්න දුවේ පුතේ එකමත් එක රටක පොහොසත් වෙලෙන්දෙක් හිටියා ලු. එයාට බිරින්දෑවරු හතරදෙනෙක් හිටියලු. මේ වෙලෙන්දා තමන්ගේ බිරින්දෑවරුන්ට සැලකුවේ එක එක ප්‍රමාණ වලින්. ඒ කියන්නේ හැමෝටම සමානව ආදරය කලේ නෑ.බිරින්දෑවරු හතරදෙනා එක දෙක තුන හතර ආදි වශයෙන් නම් කරමු.
එයා වැඩියෙන්ම ආදරය කලේ හතරවන බිරිදට.එයා ගැන හොදට හොයලා බැලුවා.එයාට හොදට සැලකුවාලු.
දෙවෙනියාට ආදරේ කළේ තුන්වෙනි බිරින්දටලු.මේ වෙලෙන්දා එයාව හැමෝටම පෙන්වන්න මාරම කැමතියි ලු. ඒ කියන්නේ ඕනම කෙනෙක්ට එයා පෙන්වන්නේ ඒ බිරිදවලු. නමුත් මේ වෙලෙන්දට ඒ බිරිද වෙන කෙනෙක් එක්ක යයි කියලා පොඩි බයකුත් තිබ්බා ලු.
තුන්වෙනියට ආදරේ කළේ දෙවෙනි බිරිදට ලු. වෙලෙන්දායි ඒ බිරිදයි අතර ලොකු මිත්‍රත්වයක් තිබ්බාලු. ඕනම කරදරයකදි එයා ලගට ලු යන්නේ ඒ කියන්නේ ලෙඩක් දුකකදි උනත් එයා කෙලින්ම ගියේ දෙවෙනි බිරිද ලගට ලු.
හතරවෙනියට ආදරේ කලේ පලවෙනි බිරිදට ලු.නමුත් ඒ බිරිද ගැන එයා එච්චර තැකීමක් නෑ. නමුත් ගොඩක් ආදරේ කලා.
ඔන්න දවසක් මේ වෙලෙන්දා ලෙඩ උනා. ලෙඩේ උග්‍ර වෙලා මැරෙන්න ඔන්න මෙන්න ලු ඉන්නේ.එයා තමන්ගේ බිරින්දෑවරු හතර දෙනාව ගෙන්නුවා.
මුලින්ම හතරවෙනි බිරිදගෙන් ඇහුවලු මාත් එක්ක මේ ගමන එහෙමත් නැත්නම් මැරෙන්න සූදානම් ද කියලා. ඒ බිරිද ගත් කටටම "කොහොමටවත් එන්න බෑ" කියලා කිව්වලු. ඊලගට තුන්වෙනි බිරිදට කතා කරලා එයත් එක්ක මේ ගමන යන්න එනවද කියලා ඇහුවලු. ඒ බිරිදත් කිව්වේ "මම නම් කවදාවත් ඔයත් එක්ක එන්නේ නෑ. ඔයා මලාම මම වෙන එක්කෙනෙක් එක්ක යනවා" කියලා කිව්වලු. වෙලෙන්දට නිකන් කරකවලා අතෑරියා වගේ ලු.ඊට පස්සේ දෙවෙනේ බිරිදගෙනුත් අර ප්‍රශ්නෙම ඇහුවා. එයා කිව්වේ "මට කරන්න පුලුවන් උපරිම දේ ඔයාව මිනිවලට ගෙනිහින් දාන එක විතරයි " කියලා.
දැන් වෙලෙන්දට තමන්ගේ ගෑනු හතර දෙනාගෙන් තුන්දෙනෙක් ගැන කලකිරිල ලු හිටියේ. කමක් නෑ කියලා හිත හදාගෙන පලමුවෙනි බිරිදගෙනුත් අර ප්‍රශ්නෙම ඇහුවා. ඒ බිරිද කිව්වේ " ඔයා කොහේ ගියත් මම ඔයත් එක්කම ඉන්නවා" කියලා ලු.අපරාදේ මට ඔයා ගැන මීට වඩා හොයලා බලන්න තිබ්බා කියලා වෙලෙන්දට හිතුනලු.එහෙම කියලා වෙලෙන්දා මැරුනා ලු.
ආදර්ශය
(01) හතරවන බිරිද කියන්නේ අපේ ශරීරය. අපි කොච්චරවත් ඉන්නකම් සැලකුවත් අපි මලාම අපේ ශරීරය දාලා යන්න වෙනවා.
(02) තුන්වෙනි බිරිද කියලා කියන්නේ අපි ජීවිත කාලය තුලදී රැස්කරගන්න ධනය හා තත්වයයි. අපි මැරෙද්දි ඒක අපිව දාලා වෙනෙ කෙනෙක් ලගට යනවා.
(03) දෙවෙනි බිරිද කියන්නේ අපේ නෑදෑයන්, සහෝදර සහෝදරියන්. අපි මැරුනම මිනිවල ලගටම වෙනකන් එනවා.
(04) පළමුවෙනි බිරිද කියලා කියන්නේ අපේ හිත.අපි නිවන් අවබෝධ කරගන්න තාක් අපිත් එක්කම ඉන්නවා.
මේ හින්දා අපි වැඩියෙන්ම ආදරේ කරන්න ඕන මොන බිරිදට ද කියලා අපිම හිතලා තීරණයක් ගන්න එක වටිනවා. මට මේ ධර්ම කාරණාව ඊ මේල් එකකින් ආපු එකක් හින්දා මේකේ නියම අයිතිකාරයා කවුද කියලා දන්නේ නෑ. නමුත් වටිනවා කියලා හිතුන හන්දා පෝස්ට් කරන්නේ. සමහරු මේ කතාව කියවලත් ඇති.
හ්ම්ම්.. අහල නම් තියෙනවා. ඒත් ස්තූතියි මතකය අලුත් කරාට.
ReplyDeleteමාමේ...මම් මේ කතාව කලින් අහල තිබ්බෙ නෑනේ.එහෙනම් මම් අද ඉදල ආදරේ කරන්නෙ පළමුවෙනි බිරිදට :).තව කතන්දර ලියන්න මාමේ අපි ආසයි කියවන්න.
ReplyDelete@පිණිබිඳු... :
ReplyDeleteමටත් හිතුනා ඔයාලා මේ කතාව කියවලා ඇති කියලා.
@නදී... :
ReplyDeleteමොකෝ හීන් හාමිනේ (සැමන් පුංචි) මට මාමා කියලා කියන්නේ. විලි ලැජ්ජාවේ පොලෝ පලාගෙන යන්ට හිතෙනවා. තව කතා නෑ.
"ඔන්න දුවේ පුතේ එකමත් එක රටක පොහොසත් වෙලෙන්දෙක් හිටියා ලු."
ReplyDeleteඉතින් ඔයා කතාව පටන් අරන් තියන විදියටනෙ එහෙම කීවෙ :ඩී
ඔන්න කතන්දර මාමා පුංචි බණ කතාවක් අරගෙන සීනී තැවරුන චොක්ලට් කන්දක් මැදින් පුංචි ඔයාලව හොයාගෙන ආවා..
ReplyDeleteකතාව නම් අහලා නෑ..කෝහෙද අපි පන්සලක් පැත්තේ යන එකක් යැ..
හිත තමා හැම දේටම මුල..හිතට තමා ආදරේ කරන්න ඕනා...
@නදී... :
ReplyDeleteකමක් නෑ. මොනා කිව්වත් අපේ අක්කනේ එහෙම කියන්නේ. ඔන්න ඔහෙ කැමති එකක් කියන්න අක්කා.
@රත්ගමයා :
අනිවාර්යෙන්ම රත්ගමයෝ. අම්මෝ හුග දවසකින් තම රත්ගම මහත්තයාගෙන් කමෙන්ට් එකක් වැටුනේ. කාලයක් කමෙන්ට් කර කර ඉදලා යන්ට ගියා නෙව.
නියම කතාවක්... කතාව මීට කලින් අහලානං නෑ.. ඒත් මාරයි හොදේ!!!
ReplyDeleteමේක මතං මං දැකලා තිබ්බා ඊයක... ඒ වුනාට මෙක ලියලා උඹ ඒ මතකය අලුත් කොලා.... තැන්කු මතං...
ReplyDeleteඅදින් පසු http://vajiradevi.blogspot.com/ වෙබ් ලිපිනයෙන් වජිරදේවිගේ ලිපි සමඟ එකතු වෙන්න.
ReplyDeleteඋඹත් මාර මාර දේවල් නෙ අරගෙන එන්නෙ. එල කිරි පෝස්ට් එක.
ReplyDeleteමමත් මේ කතාව අදමයි ඇහුවේ ... නියම කතාව. මට නෙවෙයි .. පොට්ටනි ගහන එවුන්ට.
ReplyDeleteඅනික් කාරණේ තමයි .. ඇයි අර නදීට සැමන් පුංචි කියලා කීවේ. එයා සැමන් කන්න පෙරේතද ....
මං මේ ඒත් බැලුව තනිකඩ මනුස්සයට එකපාරටම හතරදෙනක්ම කොයින්ද කියල....
ReplyDelete@සනා :
ReplyDeleteමාර කතාවක් නිසා තමයි සනා මේ කතාව දැම්මේ. කොටින්ම මාර සේනාවක්.
@prasanna86k :
ඒ කියන්නේ මේ ඊයම ආපු වෙන අයත් ඉන්නවා කියන එකනේ. හොදා හොදා.
@වජිරදේවි :
ඒක තමා මාත් බැලුවේ සයිට් එක ඩිලීට් කරලවත් ද කියලා.
@Kasun :
ReplyDeleteඔව් මාරම දේවල් තමා. කොටින්ම මේක මාර දූවරු හතරදෙනේ වගේ. මොකෝ කාලෙකින් දැක්කේ නැත්තේ ?
@kumaraya :
නදී අක්කට සැමන් පුංචි කියලා කියන්නේ පොඩි කතාවක් හන්දා. අන්න ඒ කතාව මෙතන ක්ලික් කරලා කියවන්න.
@nawammawatha :
ඒක තමා නවම් අයියත් තකහනියේ මේ පැත්තේ දුවන් ඇවිත් තියෙන්නේ.
මෙන්න මූ සීයෙක් වෙලා :-O
ReplyDeleteහොදා සීයෙ හොදා..ජීවිතේට වැදගත් දෙයක් ගන්න පුලුවං...
නියම පෝස්ටුව..... අයියත් එල කතානේ ගේන්නේ
ReplyDelete:)
ReplyDelete@සීතල අයියා :
ReplyDeleteසීයෙක් නෙමේ කතන්දර ආතෙක් වෙලා ඉන්නේ.
@බීටා :
මල්ලි දැන් ඉස්කෝලේ යන හන්දා පෝස්ට් දාන්න වෙලාවක් නැති හැඩයි. කොහොමහරි කමක් නෑ උසස්පෙළ ගොඩ දාගන්න මල්ලි.
@හරී :
මොකෝ අද මුකුත් නොකියා හිනා වෙලා විතරක් ඉන්නේ :)
බොන්න පටන් ගත්ත නිසා මගේ පලවෙනි බිරිඳ මාව ඩිවෝස් කරන්නයි හදන්නේ ..
ReplyDeleteඅනේ ඉතින් අනෙක් බිරින්දෑ වරු නම් මට ඇත්තටම නෑ වගේ තමයි ..
*එක බිරිදක් සිටීම=පයින් ගමන් කිරීමට .ස්ථාවරයි.ඒත් හෙමින්
ReplyDelete*බිරිද දෙකක් සිටීම=පාපැදියකින් ගමන් කිරීම,ටිකක් වේගවත්,ස්ථාවර බව අඩුයි
*බිරිද තුනක් සිටීම=ත්‍රීවීලයකින් ගමන් කිරීම,වේගවත්,ස්ථාවර උනත් පෙරලෙන්න පුලුවන්
*බිරියෝ හතරක් සිටීම=හැමෝම පහුකරන් වේගයෙන් යන්න පුලුවන්.........:D
ඉතින් ඇයි මදුරන්ග මාමා තාම පයින් යන්නේ?
අහල තිබුනා ....... ඒත් ආයිත් ඔයාගේ බ්ලොග් එකෙන් කියවන්න ලැබුන එක සතුටක් ......
ReplyDeleteමම නම් මේ කතාව කලින් අහලා තිබුනේ නැ.. නමුත් ගොඩාක් වටින ආදර්ශයක් ඒකේ තියෙනවා..
ReplyDelete@හිස් අහස :
ReplyDeleteඒක තමයි මල්ලිට අපි කට කැඩෙනකන් කිව්වේ බොන්න එපාය කියලා. කොයි ....අහන එකක් යෑ.
@රජිත් :
මාමා නෙමෙයි කොලුවෝ සීයා.... මට එක ගෑනියෙක් ඇති. වැඩිය ඕනැන්නේ නෑ
@කල්හාර දිසානායක :
ReplyDeleteධර්මය ශ්‍රවණය කරන්න ලැබීමත් සතුටක් අයියා.
@Dinesh :
මේ කතාව කියෙව්වට පස්සේ මටත් එහෙම හිතුඅ නිසා තමයි ලියන්ට ගත්තේ. බොහොම ස්තූතියි සහෝදරයා
සාදූ සාදූ සාදූ
ReplyDeleteඒ කියන්නෙ අපි වැඩියෙන්ම ආදරේ කරන්න ඕනේ අපිටමයි. එල එල.
ReplyDelete@යසියා :
ReplyDeleteපින් සිතක් උපදවා ගැනීමත් පිනක් සහෝ..
@Anonymous :
අනිවාර්යෙන්ම. අපි අපටම ආදරේ නැතුව කොහොමෙයි වෙන අයට ආදරේ කරන්නේ.
@මධුරංග
ReplyDeleteමේ දවස් වල ටිකක් බිසි බං.
හලිම ශෝක් ආදර්ශ කතාව මධූ අයියේ !!
ReplyDeleteකාලීන ධර්ම දේශනා කියන්නේ මේවාට තමා.... ඇත්තටම වටිනා කියන පණිවුඩයක් තේරෙන විදිහට කියලා තියෙනවා. මේ සත්‍යතාවය හැමෝටම අවබෝධ කරගන්න හැකිවේවා !!!
ReplyDelete@කුක්කු පැටියා :
ReplyDeleteඒකනේ කුක්කු මේ කතාව මම දැම්මේ.පොඩි අයට මේ කතාව ලොකු ආදර්ශයක්.
@Hasitha :
මමත් මාරම අසයි කාලින ධර්ම දේශනා වලට. ඒවයින් තමා අපට ජීවිතේ අවබෝධ වෙන්නේ.
@Kasun :
එහෙනම් වැඩ ටික ඉවර කරලම මේ පැත්තට ආවනම්.