02 May 2011

අමුත්තෝ තුන්දෙනෙක්

මට ඊ මේල් එකකින් ආපු කතාවක් කියවන්න ලැබුනා. ඒක බ්ලොග් එකේ දැම්මොත් හොදයි කියල හිතුනා. මේ කතාව තියෙන්නේ ඉංග්‍රිසියෙන් ඒ නිසා කතාව පරිවර්තනය කරගන්න මාරම ගේමක් දෙන්න උනා. කතාරසයට අඩු පාඩුවක් උනා නම් සමාවෙන්න ඕනා. මගෙ ඉතින් සුපිරි කඩ්ඩක්නේ තියෙන්නේ. ඔන්න එහෙනම් කතාව. (කියවලා තියෙන අයට මේක රිපීට් ටෙලිකාස්ට් එකක් වෙයිද දන්නේ නෑ.)

එක්තරා කාන්තාවක් තමන්ගේ ගෙදරින් එලියට බහිද්දි ගේ ඉදිරිපිට මිනිස්සු තුන් දෙනෙක් ඉන්නවලු.නමුත් මේ ගෑනු කෙනා ඒ ඉන්න අයව අදුන ගත්තේ නෑ. නමුත් මෙයාලට බඩගිනි ඇති කියල හිතුන මේ ගෑනු කෙනා "මම ඔයාලව නම් අදුනන්නේ නෑ. ඒ උනාට ඔයාලට බඩගිනි ඇති. ඒ නිසා ගේ ඇතුලට ඇවිත් මොනවහරි කාලා ඉන්න." කියලා කෑමට ආරාදනා කරනවා.

මට නම් ඉතින් කෑමකට කතා කලොත් පැනලා එන්නේ. නමුත් මේ අය එහෙම එන්නේ නෑ.මේ කට්ටියගෙන් එක්කෙනෙක් අහනවා "තමන්ගේ ස්වාමිපුරුෂයා ගෙදර ඉන්නවද ?" කියලා.ඒ ගෑනු කෙනා කියනවා "එයා තාම වැඩ ඇරිලා ආවේ නෑ" කියලා.

"එහෙමනම් අපට ඇතුලට එන්න බෑ " කියලා අර ආපු තුන්දෙනාගෙන් එක්කෙනෙක් කියනවා. කොහොමින් කොහොම හරි මේ අල්ල පනල්ලේ ගෙදර මනුස්සයාත් වැඩ ඇරිලා එනවා.

ගෙදර මනුස්සයාම ගිහින් අර කට්ටියට ගේ ඇතුලට එන්න කියලා ආරාධනා කරනවා.නමුත් මේ අය කියනවා ඒ තුන්දෙනාටම එකපාර ගේ ඇතුලට එන්න බෑ කියලා.

" ඇයි ඒ තුන්දෙනාටම එකපාර එන්න බැරි ? " ගෙදර හිටපු ගෑනු කෙනා අහනවා.

"මෙයාගේ නම 'ධනය'. අනිත් එක්කෙනාගේ නම 'සාර්ථකත්වය'. මගේ නම 'ආදරය'." අමුත්තෝ තුන්දෙනාගෙන් එක්කෙනෙක් කිව්වා. ඊට පස්සේ "ගිහින් තමන්ගේ ස්වාමි පුරුෂයා එක්ක කතා කරලා අපි තුන්දෙනාගෙන් කැමති කෙනෙක්ට ගෙදෙට්ට ආරාධනා කරන්න" කියලා කිව්වා.

ගෑනු කෙනා ගේ ඇතුලට ගියා. ගේ ඇතුලේ එකම යුද්ධයයි. කට්ටියම සුපර් ස්ටාර් තෝරනවා වගේ සාකච්චා කරනවා.

" අපි ධනයට ගේ ඇතුලට එන්න කියමු. එතකොට ධනයෙන් මුලු ගේම පිරිලා යයි " කියලා ස්වාමි පුරුෂයා කිව්වා.

"නෑ නෑ ඒයි !! අපි සාර්ථකත්වයට එන්න කියමු. එතකොට අපිට සාර්ථක ජීවිතයක් ගත කරන්න පුලුවන් නේ." කියලා ගෑනු කෙනා කියනවා.

කොහොමහරි මේ කතාව මේ දෙන්නගේ ලේලි පොඩ්ඩ අහගෙන ඉන්නවා. එයත් මේ කතාව මැද්දට පැනලා "ඇයි අපි 'ආදරයට' මේ ගේ ඇතුලට එන්න කියන්නේ නැත්තේ. එතකොට ආදරයෙන් අපේ මේ මුලු ගේම පිරිලා යයි " කියලා අහනවා.ඊට පස්සේ මේ අදහස හොද එකක් කියලා ආදරයට ගේ ඇතුලට එන්න කියලා ආරාධනා කරනවා.

ආදරය ගේ ඇතුලට එද්දි ඊට පිටි පස්සෙන් සාර්ථකත්වයයි ඊටත් පිටි පස්සෙන් ධනයයි ගේ ඇතුලට එනවා.

ගෙදර කට්ටියට මේක හරි පුදුමයක්.මේ කට්ටිය කියනවා එයාලා ගේ ඇතුලට එන්න කතා කලේ ආදරයට විතරයි ඇයි මේ අනිත් දෙන්නත් එන්නේ කියලා අහනවා.

එතකොට එක අමුත්තෙක් කතා කතා කරලා කියනවා "ඔයා ධනයට හරි සාර්ථකත්වයට හරි ගේ ඇතුලට එන්න කිව්වා නම් අනිත් දෙන්නා එන්නේ නෑ. නමුත් ආදරයට එන්න කිව්ව හින්දා අනිත් දෙන්නත් එනවා. අපිට ආදරය තනි කරන්න බෑ. " කියලා.

------ආදර්ශය ------
ජීවිතයක් සාර්ථක වෙන්න ආදරය කියන සාධකය අත්‍යවශයයි. ආදරය තියෙන තැන සාර්ථකත්වය නියතයි.එතැනට ධනයත් නිතැතින්ම ගලාගෙන එනවා. ඒ නිසා තමන්ගේ ජිවිතයේ ආදරයට තැනක් දෙන්න. මේ පුංචි කතාවෙන් ගන්න පුලුවන් ආදර්ශයත් ඒකමයි. (එහෙම කියන මට නැත්තෙත් ආදරය විතරමයි )



27 comments:

  1. මේක නම් මරේ මරු ආදර්ශ කතාවක් ලොක්කා ! සිරාවටම ජීවී - අජීවි හැම දේකටම ආදරය ඕන කියල අපේ තාත්තත් කියනවා. :)

    ReplyDelete
  2. ඇත්තට ආදරේ තියෙනවනම් මොනාද කරන්න බැරි

    ReplyDelete
  3. හෙනම පට්ටයි. සිරාම කතාව මධුරංගයෝ.

    ReplyDelete
  4. ඇත්තටම නියම කතාව......
    හැමෝම හැමෝටම ආදරයෙන් ඉන්නව නම් මේ ලොකේ ලස්සන තැනක් වෙය්

    ReplyDelete
  5. අයියන්ඩිය. ආදරය ඔබට නැත්තේ නැත. මොහොතක් ඔබගේ වට පිටාව බැළුවොත් ආදරය ඔබට දකින්නට ලැබේවි. ඔබගේ දෙමව්පියන් ඔබට ආදරය කරන පිරිස් අතර ප්‍රථම ස්ථානය හිමි කරගන්නා අයයි.

    ReplyDelete
  6. මේකෙ අහවල් අඩුපාඩුවක්ද බං... ලෙසටම ට්‍රාන්ස්ලේට් කරලා...

    ReplyDelete
  7. @ පිණිබිඳු ..
    ආදරය තියෙනවනම් ... කෑම කන්න බෑ .. නිදාගන්න බෑ ... වැඩට යන්න බෑ .. යාලුවො .. නෑදෑයො .. කියන දේවල් පිළිගන්න බෑ ...
    තව බැරි දේවල් ගොඩයි ... අන්තිමේදි ඔය මළ ඉලව් ආදරය හින්දා මිනිහෙක්ව නැත්තටම නැතිවෙලා යනවා ...
    ඔයාට ඒක තේරෙන්නෙ නෑ නේද ...?

    ReplyDelete
  8. අන්න මල්ලි නියම කතාවක්. මීට කලින් අහල තිබුනෙ නෑ. හැන්දෑවට ගෙදර යනකොට ආදරෙත් අරං යන්න ඕනෙ. [ගෑණි ගහල පන්නගනීද දන්නෙ නෑ නේද?]

    ReplyDelete
  9. නියම කතාව අයියා

    ReplyDelete
  10. සෑහෙන ආදර්ශමත් කතාවක්... හැබැයි ඉතින් මටත් ආදරේ තමයි නැත්තේ.. ඒ කියන්නේ අනිත් දෙකත් නොලැබේවි කියන එකද??

    ReplyDelete
  11. හොද ආදර්ශමත් කතාවක් අපිත් එක්ක බෙදාගත්තට මල්ලිට ස්තූතියි.ඇයි තියන දේවල් ගැන හිතල සතුටු වෙන්නෙ නැත්තෙ.පොඩ්ඩක් හිතල බලන්න.වෙලාව ආවම පෙම්වතියකගෙ ආදරෙත් ඒකට එකතුවෙයි.ඉවසන්න.:)

    ReplyDelete
  12. අන්න මධුරංග අයියෙගන් අන්තිමේදී අදර්ශ්මත් කතාවක් ...මීටකලින් ලීවේ දෙපැත්ත කැපෙන කතා නේ ..

    මිනිස්සුන්ට හැම දේම ලබාගන්න බෑ ඔයාටත් මටත් කාටත් එහමයි..ආදරේනම් මටත් ඇලජික්...

    ReplyDelete
  13. කඩූව බරි අපිට මේ කතාව සින්හලෙන් කිව්ව එක හුගාක් පින් ඔයාට​...ආදර්ශමත් කතාවක්... ඔබට ජයෙන් ජය​

    ReplyDelete
  14. Woooww!! that's true

    ReplyDelete
  15. "(එහෙම කියන මට නැත්තෙත් ආදරය විතරමයි )"


    එතකොට ඔයාට හොඳට ධනයයි සාර්ථකත්වයයි තියනවද????

    ReplyDelete
  16. @කුක්කු පැටියා :
    ඒකනේ අප්පච්චිලා තමන්ගේ දරුවන්ට නරක දේවල් කියලා දෙන්නේ නෑනේ.

    @පිණිබිඳු... :
    ඒකනේ පිණිබිදු. ඔයාට ඒක හොදටම තේරුම් ගන්න පුලුවන් නේ. ආදරය නැතුව ජීවත් වෙලා මොකටෙයි.

    @Kasun :
    තැන්කූ තැන්කූ කසුනෝ.

    @බීටා :
    කොහොමද ආදරයෙන් පිරිච්ච ලෝකයක ඉන්න තියේ නම්. පට්ට නේ. මලයට ඉතින් සෝයි සෝස පාට නංගි ඉන්නවනේ

    ReplyDelete
  17. @Hishan Melanga :
    ඒක හරි මල්ලි. මට ආදරය නැත්තෙම නෑ. නමුත් මම මෙතන කියන්නේ කෙල්ලෙක්ගේ ආදරය ගැන.

    @prasanna86k :
    තැන්කූ මාලුවා. ඒ කියන්නේ මාලුවාත් මේ කතාව කලින් කියවලා තියෙනවා කියන එකනේ.

    @දුෂාන් :
    තැන්කූ තැන්කූ

    @kumaraya :
    කුමාරයා ආදරය කියලා වෙන මොහොකට හරි රැවටිලා ද දන්නේ නෑ.

    ReplyDelete
  18. @nawammawatha :
    අම්මෝ මේ කතාව කියවලා අත්හදා බලන්න ගිහින් ඇතිවෙන අතුරු ප්‍රථිපල වලට වග කියනු නොලැබේ. !!!!

    @තාරක Dilsh@n :
    ගොඩක් ස්තූතියි. මටත් කතාව නියමයි කියලා හිතුන නිසයි ලියන්න ගත්තේ.

    @නදී... :
    ඔව් ඔව් අක්කා කියන එකත් හරි. පොඩ්ඩක් ඉවසලාම බලමු. මම ඉතින් හදිස්සි උනායෑ.

    @හිස් අහස :
    ඔන්න කොල්ලෝ. මටත් ඇලජික් වෙච්චි එක සදරු මල්ලිටත් ඇලජික් !!

    ReplyDelete
  19. @යසියා :
    අම්මෝ ඔව් කඩ්ඩ නම් එපාම වෙනවා. ගොඩක් උත්සහ කරනවා ගොඩ දාගන්න.

    @Anonymous :
    Thank you Ano.

    @Maneka :
    ඔව් ධනය තියෙනවා. සාර්ථකත්වයත් තියෙනවා. මනෙකත් ඉදලා ඉදලා අහන්නේ පුදුම ප්‍රශ්න නේ. :)

    ReplyDelete
  20. ආදරේනං ලොවෙත් එල ආ...............

    ReplyDelete
  21. මාර ස්ටෝරිය.... elaz!!

    ReplyDelete
  22. @Lakshan Mclaren :
    ඒක හරි. ලොවෙත් එල තමා. පට්ට

    @සනා :
    මමත් ආස කලා මේ ස්ටෝරියට

    ReplyDelete
  23. "මනෙකත් ඉදලා ඉදලා අහන්නේ පුදුම ප්‍රශ්න නේ"


    අපේ අම්මත් ඕක කියනවා නොවැ... හික් හික්

    ReplyDelete
  24. අඩේ එලම පෝස්ට් එකක් මචං ........ එල කියන්නෙ එලම කිරි ...... මාර තේරුමක් තියනවා ......... ආදරේට කරන්න බැරි දෙයක් නැහැ .........

    ReplyDelete
  25. නියමයි අයියා. එළකිරි කතානේ. කොහෙන්ද මේවා හම්බවෙන්නේ. පුලුවන් කමක් තියෙනවා නම් මටත් ටිකක් එවන්නකෝ

    hachagu@gmail.com

    ReplyDelete
  26. @Maneka :
    ඒකනේ අම්මටත් තියෙන්නේ මට තියෙන ප්‍රශ්නමයි. කොටිනම් මනෙකා හින්දා ඔක්කොටම තියෙන්නේ එකම ප්‍රශ්න ටිකක්.:)

    @කල්හාර දිසානායක :
    ඒක තමයි අයියා. මේ කතාව මට අල්ලලා ගියා ඒ නිසයි මේ කතාව බ්ලොග් එකේ ලිව්වේ.

    @Hasitha :
    හොදයි මල්ලි මම ඔයාටත් මේල් එවන්නම්.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.