දරුවෝ ලොකු මහත් කරන්න දෙමව්පියෝ පුදුම දුකක් විදින්නේ. දරුවෙක්ව මේ ලෝකෙට බිහිකරපු දා ඉදන් ඒකාට යමක් කමක් කරගන්න තේරෙන කාලේ වෙනකන් අම්මලාට එකා සීරුවම මහන්සි වෙන්න සිද්ද වෙනවා. දරුවෝ ගැන කිව්වම මට පොඩි කතා දෙකක් මතක් උනා.
මේ කතාව කිව්වේ මගේ යාලුවෙක්. යාලුවාගේ අක්කට අවුරුදු පහක හයක විතර පුතෙක් ඉන්නවලු. මේ පොඩි එකා මාරම ආසයිලු මාලු ඇති කරන්න. කොහොමහරි ඒකාගේ තාත්තට බල කරලා මාලු ටිකක් ගෙන්න ගත්තලු. මාලු ටික ගෙන්න ගත්තට මොකෝ එවුන්ව දාන්න ටැංකියක් තිබිලා නෑ ලු. කොහොමහරි ගෙනාපු එවුන්ව ජෑම් බෝතලයකට දාලා කාලයක් තියා ගත්තා කියමුකෝ.
මේකගේ යාලුවෝ ඔක්කෝම ගාව මාලු ටැංකි තියෙන නිසා මේකා ගෙදර ඇවිත් "මට මාලු ටැංකියක් ගෙනත් දීපියෝ " කියලා ලතෝනි තියනවලු. ඔහොම දවස් තුන හතරක් විතර කෑ ගහපු නිසා මේකගේ කරදරෙන් බේරෙන්න කියලා අපේ යාලුවාගේ ගෙදර තිබ්බ ටැංකිය ගෙනත් එදා රෑම මාලු ටික ටැංකියට මාරු කරලා තිබ්බලු පොඩි එකාට බලන්න කියලා.
ඔහොම මාලු ටික ටැංකියට මාරු කරද්දි රතු පාට එකෙක් ටැංකියෙන් එලියට පැන්නලු. ඒකව හොයන්න අම්මයි තාත්තයි මාර ම ගේමක් දීලා තියෙනවා. ඒත් බැරි වෙලා.
කොහොමහරි කොල්ලා උදේම නැගිට්ටම "පුතා අපි ඊයෙ ටැංකියක් ගෙනල්ලා ඒකට මාලු දාලා තිබ්බා ගිහින් බලන්න" කියලා කිව්වලු. කොල්ලා ගිහින් බැලුවම මාලු ටික ටැංකියට දාලා තිබ්බට රතුපාට එකා නෑලු.
ඊට පස්සේ "මෙහෙ වරෙන් !!! ඇවිත් බලපිය මේකේ රතු එකා ඉන්නවද කියලා !!!" කියලා අම්මට කෑ ගැහුවලු. ඒ අම්මට කර කියා ගන්න දෙයක් නැති උනාලු.
යාලුවා කතාව කිව්වට පස්සේ අපි හිනා උනත් මෙතන ඊට වඩා බැරෑරුම් දෙයක් තියෙනවා. සමහර චූටි එවුන් දෙමව්පියන්ට මෙහෙම කතා කලාම "පොඩි එකා නේ.නොතේරුම් කමට කියන ඒවනේ.ලොකු වෙද්දි ඕවා ඇරිලා යයි." කියලා ඒවගේ දේවල් ගනන් ගන්නේ නෑ. නමුත් ඒකා ලොකු උනාට පස්සේ අම්මලාට අරෙහෙම කතා කලාම එයාලට දුක වැඩියි. කතාවටත් කියනවනේ නියපොත්තෙන් කඩන්න ඕන දේ පොරවෙන් කපන්න ඕන වෙනකන් ඉන්න එපැයි කියලා.
යාලුවා මේ කතාව කිව්වට පස්සේ මටත් කතාවක් මතක් උනා. අපේ නැන්දගේ පොඩි එකා (අවුරුදු පහක විතර චූටි එකෙක්.) දවසක් ගෙදර තිබ්බ හෑන්ඩ් ෆෝන් එක අරගෙන සෙල්ලම් කරකර ඉදිද්දි එකපාරම අක්කා ඇවිත් ෆෝන් එක උදුරන්න හදලා. ඌට තද වෙච්ච පාර ලගම තිබ්බේ ටොයිලැට් එක ලු. ඒකට ගිහින් දොර වහ ගත්තා. අක්කා දොරට ගහද්දිත් මල්ලි දොර අරින්නේ නෑලු.
අන්තිමේදි අක්කට එපාවෙච්ච පාර ඕන දෙයක් කරගත්තෙන් කියලා යන්න ගියාලු. ඊට පස්සේ මල්ලි හිමිහිට දොර ඇරගෙන එන්න හදද්දි ෆෝන් එකේ පියනක් ගැලවිලා කොමොඩ් එකට වැටුන ලු. තාත්තා ගහයි කියන බයට දෙපාරක් නොහිතා කොමොඩ් එකට අත දාලා අර පියන අරගේ ආයෙත් අර ෆෝන් එකේ හයි කරන්න ගත්තලු. බැරිම තැන ඒක කුස්සියෙ මේසේ උඩින් තියලා යන්න ගියා.
පස්සේ ආරංචි උනා කොමොඩ් එකට අත දාපු එකට මාමා හොදටම මලයට ගැහුවා කියලා.කලින් කතාව වගේ නෙමෙයි මෙතන දෙමව්පියෝ දරුවන්ට ඕනෑවට වඩා තරවටු කරන්න ගියාම එයාලා දෙමව්පියන්ට බය වෙනවා. ඒ බය ලොකු වෙද්දිත් අතෑරගන්න බැරි වෙනවා. එහෙම උනාම වෙන්නේ ළමයා ලොකු වෙද්දි ප්‍රශ්නයක් උනාමත් අම්මා හරි තාත්තා හරි ගහයි කියන බයට කියන්නේ නැතුව ඒ ප්‍රශ්නෙත් එක්ක විදව විදව ඉන්නවා. දෙමව්පියෝ යාලුවෝ වගේ ඉන්නවනම් ඒ ප්‍රශ්න දරුවෝ අම්මලාට කියන්න බය වෙන්නේ නෑ.
ඒ නිසා දරුවෙක් මේ ලෝකෙට බිහි කරලා විතරක් මදි. එයාලව හටියට හදාගන්නත් දෙමව්පියෝ වග බලාගන්න ඕනේ. නැත්නම් රට්ටුන්ගෙන් කතා අහන්න වෙන්නෙත් දෙමව්පියන්ටමයි.
අන්තිමට කියන්න තියෙන්නේ දරුවන්ට ඕනෑවට වඩා නිදහස දෙන්නත් හොද නෑ ඒ වගේ ඕනෑවට වඩා හිර කරල තියා ගන්නත් හොද නෑ.ඒ හින්දා මේ දෙකම අතර මැද්දේ මැදුම් පිලිවෙතක් අනුගමනය කරන එක තමා නුවණට හුරු. බුදු හාමුදුරුවොත් බුදු උනේ මැදුම් පිලිවෙත පාවිච්චි කලා කියලා කියනවනේ. ඒ නිසා කොයි දේටත් හොදයි මැදුම් පිලිවෙත !!!!
ප.ලි. - යාලුවාගේ අක්කගේ පුතාව උදාහරණෙට ගත්ත එකට ඒ යාලුවාගෙන් සමාව ඉල්ලනවා.නම් ගම් නොකියා කතාව කියන්න උත්සහ ගත්තෙත් ඒ හින්දයි. මේ මට හිතෙන දේ. මං සමහර විට හරි වෙන්නත් පුලුවන් එහෙම නැත්නම් වැරදි වෙන්නත් පුලුවන්. වැරැද්දක් ඇතොත් ඒක නිවැරදි කරලා කමෙන්ට් එකක් දාන්න.
අපේ ගෙදර එහා පැත්තෙ ඉන්න පවුලත් ඔය වගේ තමා. පොඩි කොල්ලො දෙන්නෙකුයි කෙල්ලෙකුයි ඉන්නෙ. පොඩිම කොල්ලා හරිම මුරණ්ඩුයි. ඒ අම්ම උනත් දරුවොන්ට කතා කරන්නෙ සිංහල භාෂාවේ තියෙන හොඳම වචන වලින්. එක දවසක් මට අහුනා ඒ අම්ම පොඩි කොල්ලව ඉස්කෝලෙ යවන්න ලෑස්ති කරවනවා. මූණ හෝදගනින් හරකො කිව්වා අම්මා. එතකොට පොඩි එකා කියනවා මට ඉස්කෝලෙ යන්න බෑ හරකියේ කිව්වාම අහපන් කියලා. ඉතින් කාට කියන්නද. අම්මලගෙ තාත්තලගෙ හැටියට තමා දරුවොත් වෙලාවකට හැදෙන්නෙ.
ReplyDelete@පිණිබිඳු... :
ReplyDeleteඔයවගේ තමා අපේ පැත්තෙත්. නමුත් හරක් නම් නෑ. වැඩිපුරම ඉන්නේ බූරුවෝ තමා. අනිවාර්යෙන්ම දෙමව්පියන් කරන කියන දේවල් තමන්ගේ දරුවනුත් කරන්න පෙලබෙන එක සාධාරණයි.
වැඩේ කියන්නෙ අපෙ අම්මයි තාත්තයි, මාවයි මල්ලිවයි හදල තියෙන්නෙ ඔය මැදුම් පිලිවෙතට අනුවමනෙ......... මේක කියෙව්වයින් පස්සෙ තමා ඕක මට මීටර් වුනෙ :)
ReplyDeleteආ...බලන් ගියාම ළමයි වදන එකට වඩා අමාරුයි හදන එක.හරියට හෑදුවෙ නෑත්තම් ඉතින් දෙමව්පියන්ට තමා බෑනුම්.විශේශයෙන් ගෑනුදෑරිවියක් නම් අම්මල බෑනුම් අහනව ඔය තියෙන්නෙ හදල තියන හෑටි කියල.පොඩි අය ඉන්න තෑන්වල බොහොම අරපරිස්සමෙන් කතාබහ කරන්න වගබලාගන්න ඕනෙ.එයාල ඇහෙන හෑම වචනයක් ම ඔලුවට දාගන්නවා.
ReplyDeleteමම් අපේ අක්කට අය්යෝ වාතේ...ඉන්ඩකො ටිකක්.කියපු එක බබාට ඇහිල දෑන් එයා අකමෑති දෙයක් කරොත් අපි, අම්මා බාතේ...පුංචි බාතේ...කියනවා.අපි බයේ ඉන්නෙ ඉස්කෝලෙ ගිහිනුත් කියනවද ඩහ්නෙ නෑ කියල.
මගෙ අම්මෝ මටත් මාස නමයක පොඩි එකෙක් ඉන්නවෝ... දැං මං ඔක්කෝම නවත්තල හිතන්න පටන්ගන්න ඕනෙ මෙහෙව් විනාසයකින් ඒකව ගලවගන්නෙ කොහොමෙයි කියල.
ReplyDeleteබලමුකෝ දවසක මධුරංග ළමයි හදන විදිහ :P මොකුන් ඉඳීද කියලා.
ReplyDeleteහික්ස්.. ඔය මැදුම් පිලිවෙත කියන තරම් ලේසි නැතුව ඇති අයියා.. එක්කෝ ළමයින්ට බුරුල වැඩි වෙනවා.. එක්කෝ ලමයින්ට තරවටුව වැඩි වෙනවා.. මට නම් හිතෙන්නේ කොයි දීපංකරේ හිටියත් හැදෙන එකා හැදෙනවා.. නැහැදෙන එකා නැහැදෙනවා..
ReplyDeleteඅපේ ලොකුඅත්තා පුදුම නිශ්ශබ්ද, හොඳ,කරුණාවන්ත කෙනෙක්.. ඒත් ඒ ලොකුඅත්තගෙ එකම පුතා.. පුදුම නසරානියෙක්.. ඒ කියන්නෙ අපෙ මාමා.. ඔන්න වැඩක හැටි..
@කුක්කු පැටියා :
ReplyDeleteඇති යාන්තක් කුක්කු පැටියා ලොකු වෙන්න කලින් ඒක තෙරුම් ගත්තා.
@නදී... :
අනිවාර්යෙන්ම අක්කා. අපේ අම්මත් හැමදාම කියන්නේ ඕකනේ ළමයි වදනවට වඩා හදන එක ගොඩක් අමාරුයි කියලා. අක්කගේ දුව ගොඩ කාලෙකින් දැක්කේත් නෑ. එයාගේ කතාවක් කියෙව්වේත් නෑ. නැචූ දූ ගැන කතා නැද්ද අක්කා ?
@රොබින් :
ReplyDeleteඔය කිව්වට මාත් ඔය මැදුම් පිලිවෙත ගැන දන්නේ නෑ. අපේ අම්මගේ කටෙම තිබ්බ කතාවකට උදාහරන දෙකක් දාලා ලියපු එක විතරයි කලේ...
@ප්‍රාර්ථනා :
ඒක හරි ඔය කියන තරම් හැම දෙයක්ම ලේසි නෑ නංගි. ගොඩක් මහන්සි වෙන්න වෙනවා.ළමයෙක්ට හැදෙන්න එයා ඉන්න පරිසරයත් බලපානවා.
@රොබින් :
ReplyDeleteඔය කිව්වට මාත් ඔය මැදුම් පිලිවෙත ගැන දන්නේ නෑ. අපේ අම්මගේ කටෙම තිබ්බ කතාවකට උදාහරන දෙකක් දාලා ලියපු එක විතරයි කලේ...
@ප්‍රාර්ථනා :
ඒක හරි ඔය කියන තරම් හැම දෙයක්ම ලේසි නෑ නංගි. ගොඩක් මහන්සි වෙන්න වෙනවා.ළමයෙක්ට හැදෙන්න එයා ඉන්න පරිසරයත් බලපානවා.
@nawammawatha :
ReplyDeleteනවම් අයියට නම් මොකෝ ඉතින් චූටි මැණිකේ අක්කා අයියව හදලා ගත්තා වගේ පුතු පැටියවත් හදලා ගනියි.
අපේ ගේ ලඟම ගෙදරක ගෑණු කෙනෙකුත් ඒ ගෙදර ලමයි පොඩිකාලෙ උන්ට බනින්නේ බැල්ලිගෙ පුතෝ කියලා. අපිටනං ඒ දවස්වල ඕක ඇහෙද්දි හිනා යනවා. ඒත් අපිටත් ටිකක් යමක් කමක් තේරෙන වයසට ආවට පස්සෙ තමා ඒ කතාවෙ බරපතල කම තේරැණේ.. :(
ReplyDeleteදරුවො කියන්නෙ කරන්නෙ දෙමව්පියො කරන දේවල් නිසා දෙමව්පියො දැනගන්න ඕන ළමයි ඉදිරියෙ හැසිරෙන විධිය.
ReplyDeleteමොන විධියට හැදුවත් ඉස්කෝලෙ ගියාම ළමය වෙනස් වෙනව. ඒත් දෙමවිපියන් ඇති කරල තියෙන විනය කියන එක හරියට දරුවට වැදිල තියෙනවනම් දරුව හැමදේම දැනගෙන තමන්ගෙ තැන හදාගනියි.
මගේ ටිකක් වැඩිහිටි යාළුවෙක් සහ ඔහුගේ බිරින්දෑ තමන්ගෙ දරුවො හදන විධිය හොඳම විධිය කියල මට හිතුණ කාලෙකට කලින්. එයා දරුවන්ට සීමා දාල තියෙනව.. ඒ එක්කම දරුවන්ගෙ නිදහස උවමනා තැනදි නිදහස ඕන තරම් දෙනව. ටීවී එක බලන්න එයා දරුවන්ට සීමාවක් දාල තියෙනව. හැබැයි බලන්න වටින දේවල්, චිත්‍රපටි, වාර්තා වැඩසටහන් ඔහු මගෙනුත් ඉල්ලල දරුවන්ට බලන්න ගිහින් දෙනව.
ඒ දරුවො දෙන්නම දැන් ටිකක් ලොකුයි. බොහොම කීකරු වගේම නිදහසේ හිතන, අවබෝධය තියෙන දරුවො දෙන්නෙක් කියල මට හිතිල තියෙනව....
@..ChAnDiKa.. :
ReplyDeleteඅපොයි ඔව් ඒක හිනා යනවට වඩා හෙනම භයානකයි.
@hare :-) :
ReplyDeleteඅදහස් දැක්වීමට එකතු උනාට බොහොම ස්තූතියි සහෝදරයා.
මධුරංග අය්යට හම්බවෙන ලමයි නම් වාසනාවන්තයි
ReplyDeleteමේකයි ඉතිං දෙමවුපියො මොන විදියට කතා කලත් සමහර ලමයි ඉන්නවා ඒ විදියට ඒ භාෂාව පාවිච්චි නොකරන ........... ඒත් ඉතිං ලමයි ඉස්සරහ දෙමවුපියො හැසිරෙන විදිය තමයි හුඟක් ලමයි අනුකරණය කරන්න බලන්නෙ .......... දඩුවම් දෙන්න ඕන තමා ලමයින්ට ඒත් දෙමවුපියෝ එපා වෙන්නෙ නැති විදියට ........
ReplyDeleteළමයෙක් හදන එකත් ලේසි නැහැ බලාගෙන යනකොට. එසේ මෙසේ වැඩක් නෙමෙයිනේ අඩු වෙන්නත් බැහැ වැඩි වෙන්නත් බැහැ :))
ReplyDeleteළමයෙක් හදන එකත් ලේසි නැහැ බලාගෙන යනකොට. එසේ මෙසේ වැඩක් නෙමෙයිනේ අඩු වෙන්නත් බැහැ වැඩි වෙන්නත් බැහැ :))
ReplyDeleteළමයෙක් හදන එකත් ලේසි නැහැ බලාගෙන යනකොට. එසේ මෙසේ වැඩක් නෙමෙයිනේ අඩු වෙන්නත් බැහැ වැඩි වෙන්නත් බැහැ :))
ReplyDelete@Anonymous :
ReplyDeleteහික්ස්. කොල්ලන්ට කොහෙන්ද බොලව් ලමයි හම්බ වෙන්නේ.
@කල්හාර දිසානායක :
දෙමව්පියෝ දරුවන්ට ආදර්ශමත් වෙනවනම් ඒක දරුවෝ අනිගමනය කරන්න පෙලබෙනවා.
@Hasitha :
මොනවද අඩු වෙන්නත් බැරි වැඩි වෙන්නත් බැරි ????