29 April 2011

ලොකු ජයග්‍රහණයක්


අද දේශන වලට සහභාගි වෙන්න යද්දි කොරිඩෝවේ එක පැත්තක ලස්සන කුසලානයක් තියලා. ඒ ලගින්ම නම් ටිකකුත් ලියලා තියෙනවා.මේ කුසලානය දකිද්දි හිතට මාරම සතුටක් දැනෙන්නේ. අන්න ඒ කුසලානය පේරදෙණි සරසවියේ ලබාගත්තු ලොකු ජයග්‍රහණයකට උරුමකම් කියනවා.

හැම අවුරුද්දකම වගේ මයික්‍රොසොෆ්ට් සමාගමෙන් පවත්වන Imagine Cup සොෆ්ට්වෙයාර් තරයගෙන් සමස්ථ ලංකාවම නියෝජනය කරන්න පේරාදෙනි සරසවි මවගේ දරුවන් කිහිපදෙනෙක්ට හැකිවෙලා තියෙනවා.මෙවර පැවති තරගාවලියට ලංකාවෙම විශ්ව විද්‍යාල ඒ වගේම පුද්ගලික අධ්‍යන ආයතන ගණනාවක් සහභාගි වෙලා තියෙනවා.

Imagine cup කියලා කියන්නේ ලෝකයේ සියලුම රටවල් වල විශ්ව විද්‍යාල ඒ වගේම අධ්‍යන ආයතන ඉගෙනුම ලබන සිසුන් වෙනුවෙන් මයික්‍රෝසොෆ්ට් සමාගම මගින් පවත්වන තරගාවලියක්.හැම රටක්ම එරට නියෝජනය කිරීමට කණ්ඩායමක් සහභාගි කරවනවා.

හැම වසරකම වගේ කණ්ඩායම් කිහිපයක් ඉදිරිපත් උනත් ප්‍රථම වරට මෙවැනි විශාල ජයග්‍රහනයක් ලබා ගැනීමට හැකි වීම තමයි මෙහි සුවිෂේශිම කාරණය.ගියවර තරගාවලියේදි අපේ පීඨය නියෝජනය කළ කණ්ඩායම අනුශුරතාව දිනා ගැනීමට සමත් උනා.එම වසරේ කොළඹ සරසවිය ලංකාව නියෝජනය කිරීමේ භාග්‍යය උදා කර ගත්තා. ගිය වසරේ අවසාන මහා තරගාවලිය පැවැත්වුවේ පෝලන්තයේ. මෙවර අවසාන මහා තරගාවලිය පවත්වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ.

තරගකරුවන්ගේ සියලුම වියදම් මයික්‍රෝසොෆ්ට් සමාගම මගින් දරනවා. ඒ වගේම තරගය පවත්වන රටේ සංචාරය කිරිමටත් තරගකරුවන්ට වාසනාව උදා වෙනවා.

අවසන් වශයෙන් ලංකාව නියෝජනය කරන පේරාදෙනි සරසවි කණ්ඩායමට සුබ පතනවා !!!! ඒ වගේම අවසන් මහා තරගයෙන් ජයග්‍රහනය කිරීමට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබෙන්න කියලා එක සිතින්ම පතනවා !!

අපේ කණ්ඩායම.......

26 comments:

  1. කමෝන් !

    ReplyDelete
  2. මුලින්ම දිනපු කණ්ඩායමට සුභ පතන්න ඕනා...

    හැබැයි පොඩි පරහක් තියෙනවා.. මොකද ඕක අලුත් concept එකක් නොවීම.

    ගිය අවුරුද්දෙ (imaginecup 2010) තායිලන්තෙ skeek කියන කණ්ඩායම ලෝකෙන්ම පලවෙනියා වෙලා තියෙන්නෙ ඕකට සමානම concept එකකින්...

    පහල link එක බලන්නකෝ....

    imaginecup 2010 winners

    ඒක නිසා ලෝක මට්ටමට යනවිට ප්‍රශ්න මතුවෙන්න පුලුවන් කියලයි මට හිතෙන්නෙ...

    මට හිතෙන හැටියට ඕක කණ්ඩායමේ වැරැද්දක් නෙමෙයි ...මොකද ඒ අය ඕක දැන ගෙන හිටියානම් කීයටවත් එකම දේ ආයෙ කරන්නේ නෑනෙ...

    විනිශ්චකාරවරුන්ට තිබුනා proposal එක දීපුවෙලාවෙම ඔය ගැන හොයලා බලන්න...

    ඔය ප්‍රශ්නේ නැත්නම් ... perasoft එක වුන එක සාධාරණයි කියලා තමයි මට නම් හිතෙන්නෙ...

    මොකද විනිශ්චය දෙන්න කලින් මම හිතන් හිටියෙත් එහෙම නිසා....

    ආයෙත් සුභපතනවා...

    ReplyDelete
  3. රටට ජයග්‍රහනය ගෙන ඒමට හැකිවේවා!!!!!!!!!

    ReplyDelete
  4. ඔන්න එහෙනම් බීටත් සුභ පතනවා කට්ටියටම අවසන් තරගෙනුත් ජයග්‍රහනය කරන්න පුළුවන් වෙන්න කියල....
    කට්ටියටම ජය

    ReplyDelete
  5. මමත් අපේ ලොකු අයියලාට මුලු බොක්කෙන්ම සුබ පතනවා ! එලකිරි වගේ ගේමක් දීලා ඔය කප් එක ගහන්න කියලා !!!

    ReplyDelete
  6. අවසන් වටයෙන් ජය ලැබෙන්න කියලා අපිත් පතනවා..

    ReplyDelete
  7. අපිට කප් එක ..... කමෝන්....

    ReplyDelete
  8. එලාස් ආ. ආරංචිය නම් කලින් ලැබුණා.

    ReplyDelete
  9. අයියගේ කැම්පස් එකේ කන්ඩායමටම මගෙනුත් ඔන්න සුබ පැතුම් !!

    . ඔය තරඟාවලිය ගැන තව පැහැදිලි කරානම් තමයි වටින්නේ . මොකද ඒගැන මම වගේ අය මෙලෝ හසරක් දන්නේ නෑ . මම දන්නේ මයික්‍රෝසොෆ්ට් සමාගම ගැන විතරයි .

    ජය වේවා !!

    ReplyDelete
  10. @nawammawatha :
    සුභ පැතුම් වලට ස්තූතියි නවම් අයියේ.

    @හරී :
    ගිය අවුරුද්දේ ඒ කතාව නම් මම දන්නේ නෑ. මොකද අපේ කට්ටිය සමස්ථ ලංකා වටයෙන් හැලුන නිසා තරගය මොකද වෙන්නේ කියලා බලන්න ගියේ නෑ.
    මොනා කරන්නද දැන් ඉතින් මාතෘකාව වෙනස් කරන්න බෑනේ. ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්න එක විතරයි කරන්න තියෙන්නේ. තොරතුරු වලට ගොඩක් ස්තුතියි !!!!

    @rajith :
    සුභ පැතුම් වලට ගොඩක් ස්තූතියි !!!!

    ReplyDelete
  11. @බීටා :
    සුභ පැතුවට ගොඩක් ස්තූතියි මලේ !!!!

    @Kasun :
    තෑන්ක්ස් කසුනා. උබලගේ සුභ පැතුම් නිසයි අපේ උන් ඉස්සරහට යන්නේ.

    @කුක්කු පැටියා :
    පොඩි එකා උනාට කමක් නෑ. ලොකු උනාම මේ අයියලා වගේ වැඩ කරන්න ඕනා හරිද :)
    සුභ පැතුම් වලට ස්තූතියි.

    ReplyDelete
  12. @Dinesh :
    සුභ පැතුම් වලට තුති

    @නිම්ශා :
    අපිත් කමෝන් කියමු නේද නංගි.

    @රොබින් :
    කොහොමද ආරංචිය ලැබුනේ? සහෝදරයගේ කැම්පස් එකෙනුත් ඉදිරිපත් උනාද

    @නදී... :
    සුභ පැතුවට ගොඩක් ස්තූතියි අක්කේ.

    ReplyDelete
  13. @හිස් අහස :
    මෙහෙමයි මල්ලි. මේ තරගයෙන් කෙරෙන්නේ සොෆ්ට්වෙයාර් එකක් එහෙමත් නැත්නම් වෙබ් අඩවියක් හදන එකක්. ලංකාවේ කැම්පස් වලින් කණ්ඩායමක් හරි කණ්ඩායම් කීපයක් ඉදිරිපත් වෙන්න පුලුවන්. එහෙම හැම කැම්පස් එකෙන් ඉදිරිපත් වෙන හැම කණ්ඩායමම මයික්‍රොසොෆ්ට් ලංකා ශාඛාවේ ලියාපදිංචි වෙන්න ඕනේ.

    එයාලාගෙන් තෝරගත්ත සෙට් එකක් (10 විතර) ලංකාවේ අවසන් තේරිම් වටයට ගේනවා. ඒකෙනුත් තෙරෙන කණ්ඩායම අවසන් මහා තරගයට ඇමරිකා යවනවා.
    ඔය වගේ ලෝකයේ ගොඩක් රටවල් නියෝජනය කරන කණ්ඩායමක් එවනවා.
    ඒකෙන් දින්නෝත් තෑගියි කප් එකයි සංචාරයි මේ ඔක්කොම ලැබෙනවා.

    ReplyDelete
  14. ඔබේ උත්සාහය අගයන ගමන්ම ජයග්‍රහනය ලැබීමට සුබපතනවා

    ReplyDelete
  15. ඇත්තෙන්ම සන්තෝසයි... අපේ සුභ පැතුම්... !!!

    2007 දි මම පේරා කැම්පස් එකට ඉස් ඉස්සෙල්ලාම පය තිබ්බෙත් Imagine Cup එකෙ promotion campain එකට microsoft student ambassador කෙනෙක් විදිහට ...
    මම එදා තමා පේරා කැම්පස් එකේ ලස්සන ඇස් දෙකින් දැකගත්තෙ.

    (එදා අපිට ගොඩක් උදවු කරපු සහන් වත් මතක් කරන්න ඔනෙ.. )

    මේ පාර පේරා Cup එක ගත්ත කියල දැනගත්තහම ගොඩක් සතුටු හිතුනා. !!!

    අවසන් වටයෙදි ලංකාවට කීර්තියක් අරන් එන්න කියල හදවතින්ම සුභ පතනවා..

    ReplyDelete
  16. අපේ සහෝදරයින්ට, මගේ රට, වෙනුවෙන් ජයග්‍රහණය ලබා ගෙන පැමිණීමට හැකිවේවා යයි ප්‍රාර්ථනා කරන්නෙමි.

    ReplyDelete
  17. @ප්‍රාර්ථනා :
    ගොඩක් ස්තූතියි අපේ කණ්ඩායමට සුභ පැතුම් එක් කලාට.

    @වජිර නදුන් සෝමරත්න :
    2007 අවුරුද්දේ තමා අපි ඉස් ඉස්සෙල්ලාම පේරාදෙණියට පය තිබ්බේ. ඒ නිසා ඒ කාලේ නම් ඔය කප් එක ගැනවත් තරගය ගැනවත් දන්නේ නෑ.

    @Hishan Melanga :
    කවුරු ජයග්‍රහනය කලත් ඒ සේරම අපේ රටට කීර්තියක් ගෙන කාරණා නේ. ඒ නිසා ඔයාලගේ සුභ පැතුම් වලට ස්තූතියි.

    ReplyDelete
  18. කප් එක අපි ආයෙම ගේමු ..ජයවේවා !!!!

    ReplyDelete
  19. මාත් සුභ පතනවා සහෝ. අපේ කැම්පස් එකේ තමා මේ පාර ඉමැජින් කප් එක තිබ්බෙ. අපේ ෆැකල්ටි එකට තුන්වෙනි තැන හම්බුනේ. මොනා කරන්නද. හුඟක් අය කිව්වා පේරාදෙනි ප්‍රොජෙක්ට් එක මරු කියලා. ඉතින් දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු.

    ReplyDelete
  20. @රාජිත අනුරාධ***රජී-සන්නස.... :
    සුභ පැතුවට ගොඩක් ස්තූතියි.

    @පිණිබිදු... :
    ඔව් ඔඅ මමත් දැක්කා ඔයාලගේ බැච් එකේ අය නැටුම් එහෙමත් ඉදිරිපත් කරලා තිබ්බා කියලා. ජයංග,ධනජ,ශ්‍රීමාල්, විරාජ්,නිරාශා, වින්ධ්‍යා, චමිලා, හර්ශනී ඔය සෙට් එකත් ඔයාලගේ බැච් එකේ නේ ?

    ReplyDelete
  21. @සනා :
    ස්තුතියි සහෝදරයා.

    @කල්හාර දිසානායක :
    සුබ පැතුමට ස්තුතියි අයියා

    @Hasitha :
    මල්ලි හින්දියෙනුත් සුබ පතලා. නියමයි. :)

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.