23 April 2011

මහ සිකුරාදා

කලින් පෝස්ට් වල අළු බදාදා, ගොක් ඉරිදා, මහ බ්‍රහස්පතින්දා වගේ කිතුනුවන්ගේ විශේශිත දවස්වල තියෙන විෂේශත්වයන් ලිව්වා. අද කියන්න යන්නෙත් ඒ වගේ දවසක් ගැන. ඒ කියන්නේ මහ සිකුරාදා එහෙමත් නැත්නම් Good Friday දවසේ තියෙන විෂේශත්වය ගැන.

මහ බ්‍රහස්පතින්දා දවසේ ජේසු තුමාව එයාගෙම ගෝලයෙක් ජුදා හේවායින්ට පාවා දෙනවා. අන්න එහෙම පාවා දුන්නට පස්සේ හේවායින් ජේසු තුමාව අල්ලන් යනවා.එහෙම අල්ලගෙන යන්නේ එවකට හිටපු නායක පූජකයාගේ (එවකට මිත්‍යා ඇදහිලි වල නිරත වෙලා හිටපු පූජකයෙක්) දේව මාලිගාවට. ජේසු තුමාත් එක්ක පේදුරු කියලා කියන ගෝලයාත් යනවා. නමුත් මේ පේදුරු දේවස්ථානය ඇතුලට යන්නේ නෑ දොර ලග නතර වෙනවා. එතන දොරටු පාලකයා අහනවා "ඔබත් මේ ජේසුගේ ගෝලයෙක් ද " කියලා. එතකොට පේදුරු "නැහැ" කියලා උත්තර දෙනවා.ඔය වගේ අවස්ථා තුනකදිම පේදුරු තුමා ජේසුව අදුනන්නේ නෑ කියලා කියනවා.

ජේසුතුමා අන්තිම රාත්‍රි භෝජනය වෙලාවේ දි පේදුරුට කතා කරලා කියනවා අලුයම කුකුලා අඩලන්නට කලින් පේදුරු තුමා ජේසුව අදුනන්නේ නෑ කියලා තුන් සැරයක් කියනවා කියලා.අන්න ඒ කියපු දේව වාක්‍යය මෙතනදි සම්පූර්ණ වෙනවා.මොකද පේදුරු තුමා අවස්ථා තුනකදිම ජේසුව අදුනන්නේ නෑ කියපු හන්දා.

ඊට පස්සේ ජේසු තුමාව එවකට ආණ්ඩුකාරයා වෙලා හිටපු පිලාත්ගේ (සීසර් අධිරාජ්‍යයාගේ පාලන කාලයේ) අධිකරණ ශාලාවට ගෙනියනවා. ගෙනිහින් ජේසු තුමාව විත්තියේත් මුළු ජුදා සෙනග පැමිණිල්ලෙත් තියලා සාක්ෂි විමසනවා. අන්තිමේ දි පිලාත් ට පෙනීයනවා මේ ජේසු තුමා අත වරදක් නෑ කියලා.වරදක් නැති නිසා ජේසුව නිදහස් කරන්න යද්දි සෙනග කෑ මොර දෙනවා "ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියපු වරදට කුරුසියේ ඇණ ගහන්න" කියලා.

ඊට පස්සේ බරබ්බස් කියන මංකොල්ලකාරයාවත් අධිකරණ ශාලාවට අරගෙන එනවා. එදා පාස්කු දවසක්. (ඉස්සර පාස්කු මංගල්‍යය කියලා සැමරුවේ වෙනම කාරණාවක්.ඒක නම් මම දන්නේ නෑ.) හරියට නිදහස් දවසට හිරකරුවන් නිදහස් කරනවා වගේ එදා තිබ්බ නීතියේ හැටියට පාස්කු දවසට එක් අයෙක් නිදහස් කරන්න නීතියෙන් අවසර තිබ්බා. ඒ නිසා පිලාත්, සෙනගගෙන් අහනවා ජේසු තුමාවද බරබ්බස් කියන මංකොල්ලකාරයාවද නිදහස් කරන්න ඕනේ කියලා. සෙනග එක හඩින් කෑ ගහලා කියනවා බරබ්බස් කියන මංකොල්ලකාරයාව නිදහස් කරන්න කියලා.

ඒ නිසා ජේසු තුමා කුරුසියට නියම වෙන අතරම බරබ්බස් හිරෙන් නිදහස් වෙනවා.ඊට පස්සේ පිලාත් වතුර භාජනයක් ගෙන්නවලා "මේ මනුෂ්‍යයාගේ ලෙයින් මම නිදහස්" කියලා තම දෑත් වතුරෙන් සෝද ගන්නවා. වැරද්දක් කරලා තමන් නිදහස් වෙන්න අත් සෝදගන්න එවුන් එදා සමාජයෙත් හිටියා අද සමාජයෙත් ඉන්නවා. එහෙම බලාගෙන ගියාම එදායි අදයි කියලා වැඩි වෙනසක් නෑ.

ඊට පස්සේ ජේසුතුමාගේ හිසට කටු ඔටුන්නක් දානවා.බරවූ කුරුසයක් කරට දෙනවා. ජේසු තුමා ඒ කුරුසිය කරට අරන් නගරයෙන් පිටත තියෙන කපාල කන්දට එක්කන් යනවා. නගරය හරහා යන ගමනේදි තුන් වරක් කුරුසියත් එක්කම බිම ඇද වැටෙනවා. නගරයේ සෙනග පාර දෙපැත්තට වෙලා ජේසුතුමා යන මේ ගමන දිහා බලන් ඉන්නවා. එහෙම යන ගමනේදි ජේසු තුමාට තමාගේ අම්මව මුණ ගැහෙනවා.දරුවෙකුගේ කකුලේ කටුවක් ඇනුනත් දුක් වෙන අම්මෙකුට තමන්ගේ දරුවාට කස පහර දිදී මරන්න අරගෙන යනකොට කොච්චර නම් දුක හිතෙන්නට ඇත්ද.ඒ අම්මා එතනින් නතර වෙන්නේ නෑ. මොනදේ උනත් ඒ අම්මා අඩ අඩ තමන්ගේ පුතාව අරගෙන යන මග දිගේම එනවා.

ජේසු මෙහෙම කුරුස බරින් බිම ඇදගෙන වැටෙද්දි සීමන් සිරිනේවුස් කියන දෙන්නව ජේසුගේ උදව්වට එනවා. අන්තිමේදි ජේසු තුමා කපාල කන්ද මුදුනට එනවා.ඊට පස්සේ හේවායෝ ජේසුගේ වස්ත්‍ර ගලවලා රෙදි කඩක් අන්දනවා.ජේසුගෙ ඇදුම ඉරලා විසි කරන්නේ නෑ.හේවායෝ ඒ ඇදුමේ අයිතිය වෙනුවෙන් ඔට්ටු අල්ලනවා.

අන්තිමේ ජේසුතුමාව කුරුසියේ ඇණ ගහනවා.ජේසු තුමාගේ ආදරනීය මෑණියෝ අඩ අඩ කුරුසිය පාමුල ඉන්නවා. ඒත් එක්කම ජේසුගේ ජුවාම් කියන ගෝලයාත් ඉන්නවා. ජේසුතුමා තමන්ගේ මැණියන් අමතලා "මෑණියනි මේ ඔබගේ පුත්‍රයා " කියලා කියනවා. ඒ වගේම ජුවාම් අමතලා "ජුවාම්, මේ ඔබගේ මෑණියෝ ය." කියලා කියනවා. මෙතනදි වෙන්නේ අපවත් වීමට ආසන්න ජේසු තුමා තමන්ගේ කිතුනු සභාව තම මෑණියන්ට භාර දෙනවා දරුවෙක් වගේ ආදරෙන් බලාගන්න කියලා.දේව මෑණියෝ ආදරෙන් බලාගත්ත සභාව තමයි අදටත් කිතුනුවන් විදිහට පැවතගෙන එන්නේ.

අන්තිමේ ජේසුතුමා කුරුස ගසේදිම අපවත් වෙනවා. ඊට පස්සේ ජේසුගේ ශරීරය ගල්ලෙනක තැන්පත් කරනවා.මේක තමයි මහ සිකුරාදාවේ අතීත කතාව.

මහ සිකුරාදා දවසටත් වෙනදා වගේම පූජාවක් තියෙනවා. එදාට කිතුනුවන් මලගමකට එන විදිහට සුදු ඇදගෙන පල්ලි එනවා.කුරුසියෙ ඇණ ගහපු ජේසුගේ සුරුවමක් (පිලිමයක්) කුරුසියෙන් බාගෙන මිනියක් ගෙනියන විදිහට පෙට්ටියක දාලා පල්ලියේ ගල් ලෙනට අරගෙන යනවා.අරන් යන අතරතුර ගොඩක් දුක හිතෙන විදිහේ ගීතිකා(ගීත) කියනවා. ගිහින් ඒකේ තැන්පත් කරනවා. මේ දේවල් තමයි එදා වෙන්නේ. ගොඩක් සංක්ශිප්තව කියපු නිසා සමහර දේවල් මග ඇරිලා තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න.

-------------------------------------------------------------------------
ප.ලි.- මේ සිද්ධි සියල්ලම passion of the Christ චිත්‍රපටියේ තියෙනවා. පුලුවන් කට්ටිය හොයාගෙන බලන්න. බලද්දි ගොඩක් දුක හිතෙනවා.මේ චිත්‍රපටියට පාදක කරගෙන තියෙන්නේ හේවායෝ ජේසු තුමාට දීපු වද වේදනා ඉස්මතු කරලා පෙන්වීම. ඒ අතින් අති සාර්ථක චිත්‍රපටියක් !!!

කැමති අය passion of the Christ ටොරන්ට් එක බා ගන්න මෙතන ක්ලික් කරන්න

25 comments:

  1. බොහොම ස්තූතියි මධුරංග...
    මම ඊයේ රාත්තිරියේ මේ කථාව සැකෙවින් ItalyDilan ගෙන් අහගත්තා...
    ඔබ බොහොම ලස්සනට මේක ලියලා තියේ...
    ජයවේවා...

    ReplyDelete
  2. කොහෙන්ද මේවා හොයාගන්නෙ ?

    ReplyDelete
  3. නොදන්න දෙයක් ඉගෙන ගත්ත බොහොම ස්තූති වෙන්න ඕනේ.....

    ReplyDelete
  4. The Passion of the Christ චිත්‍රපටිය සිංහල සබ් එක්කම බයිස්කෝප් සිංහලෙන් එකේ තියෙනවා. මම මෙතන ලින්ක් එක දැම්මට අවුල්ක් නැහැනේ. කැමතිනම් ඔය පෝස්ට් එකටම දාන්න.

    මෙන්න ලින්ක් එක.

    ReplyDelete
  5. ආ මහ සිකුරාදත් පල්ලි යන්න බැරි උනානෙ.හික්ස්.හොදයි හොදයි post එක.මම දන්නෙ නැති ඒවා වගේකුත් දැන ගත්තා.අර film එක dl කරලා බලන්න ඕන.

    ReplyDelete
  6. මාර දැනුමක් නෙ මේ මධුරංග අයියටත් තියෙන්නෙ ...... එහෙම තියෙන්නත් එපැයි නේ... අනාගත ඉන්ජිනේරු බට්ටෙක් නෙ !!

    ReplyDelete
  7. කියවල අහල තියෙන කතාවක් වුනත්, අලුතින් හුඟක් දේවල් මතක් වුනා. ස්තුතිය්. ඒ වගේම චිත්‍රපට ගැන කොමෙන්ට් තිවුන නිසා, සෑහෙන කාලෙකට ඉස්සර ප්‍රදර්ශනය කල ක්‍රිස්තු චරිතය පිලිබඳ චිත්‍රපටියක් මතක් වුනා, "ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර්" කියල. සංගීතමය එකක්, හැබය් ක්‍රිස්තුස් වහන්සේ ගැන හෝ ආගම ගැන භක්තියකින් නිෂ්පාදනය කල එකක් නං නෙමේ.

    ReplyDelete
  8. පාස්කු ඉරිදාව ගැනත් හොයාගෙන ලිපියන් දාන්න...

    ReplyDelete
  9. කොහෙන් ඉගනගෙනද මන්දා .. මම ජීවිතේට අහලා නැති දේවල් මධුරංග අයියගේ බ්ලොග් එක නිසා ඉගන ගත්තා .. ඇත්තටම මම හිතාගෙන හිටියේ මහ සිකුරාදා මුස්ලිම් අයගේ කියලා (ලැජ්ජාවේ බෑ)

    ReplyDelete
  10. @තිස්ස දොඩන්ගොඩ :
    බොහොම ස්තූතියි සහෝදරයා. මම ලියපු දෙයක් කියවලා රස වින්දානම් ඒක තමයි මගේ සතුට.

    @Lakshan Mclaren :
    යාලුවන්ගෙනුයි දන්න කියන අයගෙනුයි අහලා තමයි කරුනු හොයා ගත්තේ. ඒ වගේම යාලුවෙක්ගේ බයිබලයක් කියවලාත් කරුණු හොයා ගත්තා.

    ReplyDelete
  11. @ගජං මල්ලි :
    නොදන්න දෙයක් දැන ගත්තනම් ඒක තමයි මගේ සතුට. බොහොම ස්තූතියි.

    @අමිල :
    ඔන්න සහෝඉදරයා දීපු ලින්ක් එක මම පෝස්ට් එකට දැම්මා. පිටරට එකෙක්ගේ ලින්ක් එකක් ප්‍රොමෝට් කරනවට වඩා ලංකාවේ එකෙක්ට උදව් කරන එක හොදයි.

    ReplyDelete
  12. @සීතල අයියා :
    මේ දවස්වල අනිවාර්යෙන්ම පල්ලි යන්න ඕන කියලා කතාවක් තියෙනවා නේද ? නැත්නම් පව් සිද්ධ වෙනවා කතාවකුත් තියෙනවා නේ.

    @Sandamal :
    බොහොම ස්තුතියි.

    ReplyDelete
  13. @කුක්කු පැටියා :
    මට එහෙමට දැනුමක් නෑ. මමත් මේ කරුණු හොයාගෙන තමයි පෝස්ට් එකට දැම්මේ.

    @Observer :
    මට නම් එහෙම චිත්‍රපටියක් ගැන මතකයක් නෑ. ඔහොම ඩාවින්සි කෝඩ් කියල චිත්‍රපටියකුත් ආවා.ඒකත් කතෝලික ආගමේ සමහර තැන් විවේචනය කරන එකක් කියලා. මට නම් තේරුනේ නෑ. බරටම කඩ්ඩ පොලිස් නෑනේ.

    ReplyDelete
  14. @Dinesh :
    අන්න ඒක තමයි අමාරුම වැඩේ. මොකද මේ දවස්වල යාලුවෝ ගමේ ගිහින්. අහගන්න කවුරුත් නෑ. ඉක්මනටම දාන්න බලන්නම් සහෝ.

    @හිස් අහස :
    මම යාලුවන්ගෙන් ඉගෙන ගත්තුවා තමයි ඔය. සිකුරාදා දවස් මුස්ලිම් අයට විෂේශ උනාට මේ දවස කතෝලික අයගේ.

    ReplyDelete
  15. මචන් එකනම් නියමයි බන්.උබ කොහේන්ද මෙවා හොයාගන්නේ

    ReplyDelete
  16. ඒකනෙ අද පාස්කුවට පල්ලි ගියෙ.හික්ස්

    ReplyDelete
  17. @ටික්කා :
    දන්න කියන අයගෙනුයි බයිබලයක් කියවලා තමයි තොරතුරු හොයා ගත්තේ.

    @සීතල අයියා :
    ඇති යන්තන් පාස්කුවට හරි පල්ලි ගිහින්. මම හිතුවේ එදාත් නොයා ඉදියි කියලා. සුබම සුබ පාස්කු මංගල්‍යයක් කියලා පතනවා !!!!

    ReplyDelete
  18. මම පැෂන් ඔෆ් ක්‍රයිස්ට් බැලුවා. නොතේරෙන හුඟක් දේවල් අහගත්තා. ඒක බැලුවට පස්සෙ හිතට එන්නෙ පුදුමාකාර හැඟීමක්. මා ගාව ඉඳගෙන හිටපු දඩබ්බර හිතුවක්කාරයාගෙත් ඇස් වල කඳුළු. පාස්කු ඉරිදා ගැනත් පෝස්ට් එකක් දාන්න.

    ReplyDelete
  19. දෑනුයි හරියටම දෑන ගත්තෙ මහ සිකුරාදාවෙ විශේශත්වය.ස්තූතියි ලිපියට.ක්‍රිස්තුචරිතය ගෑන ෆිල්ම් එකක් මමත් බලල තියනව.

    ReplyDelete
  20. බලං ගියාම මධුරංග ලොක්කත් ගොඩක් දේවල් දන්නවා....

    පරණ පාස්කු මංගල්‍යය ගැන නම් දන්නවා හැබැයි පැය ගානක කතාවක් අප්පේ.... කෙටියෙන් කොහොම කියන්නද....මෝසෙස් ෆිල්ම් එක හොයන් බලන්න.. ඒක තමයි කතාව...

    අනික මහා සිකුරාදාට කතෝලික ජනතාව එක්වරු ශීලය ආරක්ෂා කරනවා. එකවේලක් පමනයි ආහාර ගන්නේ මස් කන්නෙත් නෑ.

    ReplyDelete
  21. @පිණිබිඳු... :
    පාස්කු ඉරිදා ගැන ලියන්න කරුණු මදි. ටිකක් හොයාගෙන ඒවායේ ඇත්ත නැත්ත හොයලම ලියන්නම්.

    @නදී... :
    බලන්න වටින ෆිල්ම් එකක් තමයි මම ලින්ක් එක දැම්මේ. හොයාගෙන බලන්න අක්කා.

    @හරී :
    මෝසෙස් කතාව එක පාරක් ටීවි එකේ ගියා. ඒක බලන්න උනේ නෑ. අපරාදේ. ගොඩක් ස්තුතියි අමතක වෙච්චි දෙයක් මතක් කරලා දුන්නට.

    ReplyDelete
  22. ඉස්සර (Easter)පාස්කුව සෑමරුවේ ඉයස්ට (Eostre) කියන වසන්ත කාලය සම්බන්ද ග්‍රීක දෙවිවරියට උපහාර කිරීමට.පේගන්වරු මේ දෙවිවරියට සෑම අවුරුද්දේම උත්සව පෑවෙත්තුවා..මොවුන්ගේ විශ්වාසය වුයේ මෑ විසින් දවල් හිරු එලිය ලබා දෙන බවය.. මොවුන්ට ඉර බහින හා නගින වෙලා වල් වල වෙනස මොවුන්ට අදුන ගන්න බෑරුව...එක එක රට වල ඉර බහින්නේ එක එක වෙලාවට මෙහේ ඉර මේ දවස්වල බහින්නේ රෑ 8 10 විතර ....මේ රට වල මිනිස්සුන්ට වසන්ත කාලය වෑදගත් කාලයක්... මොකද අස්වෑන්න ලෑබෙන නිසා


    පේගන් වරු කියන්නේ
    http://www.youtube.com/watch?v=OOdvE9yvs9M&feature=player_embedded#at=77

    ReplyDelete
  23. බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායටම ස්තුති වෙන්න ගිය අවුරුද්දේ මම passion of the Christ film එක බැලුවා, ඇත්තටම අපි කිතුණුවන් නොවුණත් දුක හිතෙනවා ඒ කතා පුවත් බැලුවාම

    ReplyDelete
  24. @සූර සරදියල් :
    ගොඩක් ස්තුතියි මල්ලි මේ අදහක් දක්වීමට. මම නොදන්න ගොඩක් කරුණු දැන ගත්තා මේ ලිපි ටිකෙන්.

    @Hasitha :
    මාත් මාරම ආසයි ඒ ෆිල්ම් එකට.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.