21 April 2011

මහා බ්‍රහස්පතින්දා

කිතුනු භක්තිකයින්ගේ සුවිෂේශිම සතිය එහෙමත් නැත්නම් ශුද්ධවු සතිය තමයි මේ ගෙවෙන්නේ.ශුද්ධවූ සතියේ පළමුවන සුවීෂේශි දවස තමයි මහ බ්‍රහස්පතින්දා කියලා කියන්නේ.මේ දවසේ එක විශේශත්වයක් නෙමෙයි කිහිපයක් තියෙනවා.

ජේසුස් වහන්සේ, තම දහම දේශනා කරන්න උදව්වට තෝර ගත්තු ගෝලයන් සමග එකට එකතුවී ගන්නා අන්තිම රාත්‍රි භෝජනය (The last Dinner) වැළදිම සිදු කරන ලද්දෙත් මහ බ්‍රහස්පතින්දා දවසේ.මෙම අන්තිම රාත්‍රි භෝජනයට පෙර ජේසු තුමා තම ගෝලයන්ගේ පා දෝවනය කරනවා.මෙයින් අදහස් කරන්නේ තම ගෝලයන්ගේ පා සේදිමට තරම් නායකයා නිහතමානි විය යුතු බවයි.අනුන්ගේ අදහස් වලටත් ඉඩක් දිය යුතු බවත්ය.

ඊට පස්සේ රොටි ගෙනත් ආශිර්වාද කරලා ඒවා ගෝලයන් අතරේ බෙදා දෙනවා.එහෙම ආශිර්වාද කරද්දි ජේසුස් වහන්සේ "මේ මාගේ ශ්‍රී ශරීරයයි මෙය ගෙන අනුභව කරන්න." කියලා කියනවා. ඒ කියපු වාක්‍යය අදටත් කිතුනුවන් දිව්‍ය පූජාවේදි සිහිපත් කරනවා. ඊට පස්සේ මිදි යුෂ පිරි කුසලානය අරගෙන ඒක ඉහලට ඔසවලා "මේ මාගේ ශ්‍රි රුධීරයයි මෙය ගෙන පානය කරන්න" කියලා කියනවා. මේ වාක්‍යයත් පූජාවල් වලදී සිහිපත් කරනවා.රොටි=ශරීරයටත්, මිදි යුෂ=ලේ වලටත් උපමා කරපු හේතුව නම් දන්නේ නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් කරන්න.

එදා ඔවුන් පාවිච්චි කරපු රොටි හා මිදි යුෂ වෙනුවට පූප හා වයින් තමයි පාවිච්චි කරන්නේ. මේ දවසෙන් පස්සේ තමයි ජේසුස් වහන්සේ අනුව යන පූජක සංගයක් (පූජක පිරිසක්) බිහි වෙන්නේ.ඒ කියන්නේ දේවස්ථානවල පූජකවරු බිහි වෙන්නේ අන්තිම රාත්‍රි භෝජනයට පස්සේ.එහෙම ආහාර අනුභවයෙන් පස්සේ ජේසුතුමා තම ගෝලයන්ට කියනවා ඔබ අතුරින් කෙනෙක් මා පාවා දෙන්නෙහිය කියලා. මේ අවස්ථාවේ ගෝලයොත් ටිකක් බයවෙලා එකිනෙකාගේ මූනවල් දිහා බලා ගන්නවා.



අන්තිම රාත්‍රි භෝජනයෙන් පස්සේ ජේසු තුමා ගෝලයන් එක්ක ගෙත්සෙමනි කියන මල් උයනට යනවා යාච්ඥා කරන්න.දේව පුත්‍රයාට උනත් භය කියන දේ පොදුයි.මේ අවස්ථාවේදී ජේසු තුමාත් බය වෙනවා. එහෙම බයවෙලා "මේ දුක් ප්‍රාප්තිය මාගෙන් අහක්විය හැකිනම් එසේ වේවා, නමුත් මාගේ කමැත්ත ලෙස නොව ඔබගේ කැමැත්ත ලෙස සිදු වේවා" කියලා දෙවියන්ට යාච්ඥා කරනවා .ජේසු තුමා යාච්ඥා කරලා ඉවර වෙනතෙක් ඇහැරිලා ඉන්න කියලා ගෝලයන්ට කියලා යනවා. නමුත් ගෝලයන්ට එහෙම ඇහරිලා ඉන්න බෑ. ඔවුන්ට නින්ද යනවා.

මේ බව ජේසු තුමා දකිනවා. දැකලා ඇතිවෙච්චි හිත් වේදනාවෙන් "මා සමග එක පැයක්වත් පිබිද සිටින්න නුබලාට බැරි උනාදැයි" කියලා අහනවා.තමන්ට මෙච්චර දුකක් වෙන්න යද්දිත් තමන් ලග ඉන්න අය තමන්ගැන බලන්නෙත් නැතුව එහෙම ඉදිද්දි දුක හිතෙන එක සාමාන්‍ය දෙයක්. ජේසුතුමාටත් එහෙම දුක හිතෙන්නට ඇති.

අන්තිමේදී යාච්ඥා කලායින් පස්සේ ගෝලයන් ලගට ඇවිත් "මනුශ්‍ය පුත්‍රයා පවුකාරයින් අතට අසුවන වේලාව පැමිනුනේය. මෙතනින් නැගිට යම්හ යි" කියලා සියලු දෙනාම පිටත් වෙනවා. මේ අවස්ථාවේ නායක පූජකවරුයි හේවායිනුත් එක්ක ජේසු තුමා එක්ක හිටපු ජුදාස් ස්කාරියොත් කියන ගෝලයා ඇවිත්, ජේසු තුමාගේ මුහුණ සිබිමින් පාවා දෙනවා.

රිදී කාසි 30කට තමයි ජේසුව පාවා දෙන්නේ.අන්තිමේදී ජුදාස් ට කරපු වැරැද්ද අවබෝධ වෙලා රිදී කාසි ටික නායක පූජකයන් ඉදිරියේ විසි කරනවා. ඊට පස්සේ ඔහු ගෙල වැල ලා ගෙන සිය දිවි හානි කරගන්නවා. අහිංසක මනුෂ්‍යයෙක්ගේ ලේවලට තක්සේරු කරපු රිදී තිහ දේව මාලිගාවේ භාණ්ඩාගාරයට දාන්නේ නෑ.ඒ මුදල් වලින් විජාතිකයින්ට (යුදෙව් නොවන අයට) සොහොන් පිටියක් හදනවා.ඒ සොහොන් පිටිය "කුඹල් කෙත" කියලා නම් කරනවා. පස්සේ කාලෙක ඒ සොහොන් පිටියට "ලේ කෙත " කියලත් කියනවා.

ඔය ටික තමයි මහ බ්‍රහස්පතින්දා දවසේ තියෙන විෂේශත්වය.එදාටත් වෙනදා වගේ ම පූජාවක් තියනවා. ගෝලයෝ දොලොස් දෙනාට මිනිස්සු දෝලොස් දෙනෙක් තෝරගෙන පල්ලියේ පියතුමා ඒ අයගේ පා දෝවනය කරනවා. ඒවගේම පාන් ආශිර්වාද කරලා බෙදා දෙනවා.

අද ලිපිය ටිකක් දිග වැඩි උනා.මට කියන්න අමතක වෙච්ච මොනවහරි තියෙනවානම් ඒවා පහලින් කමෙන්ට් කරන්න. මං පෝස්ට් එක ට දාන්නම්.
-----------------------------------------------------------------------
නායක පූජකවරු - ජේසුතුමාගේ කාළයේ විවිධ මිත්‍යා ඇදහිලිවල නිරතවෙලා හිටපු පූජක පිරිසක්.ජේසුස් වහන්සේගේ අනුගාමික පූජකවරු නෙමේ.

21 comments:

  1. මේ දේවල් ටික ටික දැනගෙන හිටියට අද තමා හරියට විස්තර සහිතව දැනගත්තෙ. මම බුද්ධාගමේ උනාට තව ටික කාලෙකින් මාත් මේ දේවල් ගැන දැනුවත් විය යුතුයිලු.

    ReplyDelete
  2. @පිණිබිඳු... :
    හික්ස්.. මට තේරුම් ගන්න පුලුවන් මේ දේවල් දැනගෙන ඉන්න ඕනේ කියපු එක. ආගම් මාරු කරන්නේ නැති වෙයි කියලා හිතනවා. ආදරයකට ආගම බාදාවක් වෙන්නේ නැහැනේ. :)

    ReplyDelete
  3. අපෝ නෑ ආගම් මාරු කරන්න වෙන්නෙ නෑ. පවුල් දෙකම ඒ ගැන තේරුම් අරගෙන ඉන්නෙ. මට හිතේ කහටක් නැතුව එයත් එක්ක පල්ලි යන්නත් පුලුවන්. එයාටත් මා එක්ක අවුලක් නැතුව පන්සල් යන්නත් පුලුවන්.

    ReplyDelete
  4. @පිණිබිඳු... :
    අම්මෝ ඒක නම් වටිනවා. සමහරු ආගම් වෙනුවෙන් ගහ මරාගන්න කාලේ මේවගේ දෙමව්යොයි දරුවොයි ඒවගේ එවුන්ට හොද ආදර්ශයක්. මම සුබ පතනවා ඔය දෙන්නගේ ඉදිරි අනාගතයට !!!!!

    ජය වේවා !!!!

    ReplyDelete
  5. මේ වගේ දේවල් කියාදෙනවට මධුරංග අයියට කොහොම ඉස්තූති කොරන්නද මන්ද....... තැන්කූ වේවා !

    ReplyDelete
  6. midi usa wayin wne kohomada kiyana eka thamai prashne

    ReplyDelete
  7. @කුක්කු පැටියා :
    තැන්කූ කරන්න ඕනේ නැත සහෝ. මම ලියපු දෙයක් අමාරුවෙන් හරි කියෙව්වනම් එච්චරයි ඕනේ.

    @Anonymous :
    අඩේ මුන්ට වචනයක් එහාමෙහා වෙන්න බෑ නේ. ඒක අල්ලගෙන කෑ ගහනවා. අඩු පාඩුවක් තියෙනවනම් ගෑනු හෝ පිරිමි හෝ වේවා නමත් එක්කම කමෙන්ට් කලා නම් ඉවරයි නේ නිකන් මේ දෙපැත්තටම නැතුව කමෙන්ට් කරනවා වෙනුවට.

    ReplyDelete
  8. ස්තූතියි මධුරංග මෙහෙම ලියනවට. අද සැමරුම් දිනයක් කියල දැනගෙන හිටියට මෙච්චර විස්තරයක් දැනගෙන උන්නෙ නෑ නේ.

    @ පිණිබිඳු

    නියම කියමනක් !

    ReplyDelete
  9. සහෝදරයා මා ඔබට ගරු කරනවා මේ වගේ පොස්ට් දාන එකට ... බෝහෝම ස්තූති සහෝදරයා... ජේසු පිහිටයි

    ReplyDelete
  10. හැම ආගමක් ගැනම අපි හොදින් දැන ගන්න ඕන.. මේ ලිපි එකට ලොකු මග පෙන්වීමක්.. ස්තුතියි යාළුවා..

    ReplyDelete
  11. මේ මධුරංග අයියේ ඔයා කොහොමද මේවා දන්නේ ? අනිවා ක්‍රිස්තියානි යාළුවෙක් ඇති (කෙල්ලෙක්) ඇත්තම මමනම් කැලන්ඩරේ රතු පාට දවසක් දැක්කම ඒගැන මෙලෝ දෙයක් හිතන්නේ නෑ අමු මැට්ටෙක් වගේ ඉන්නවා ... ඔයාට පින්සිද්ද වෙන්න තමයි මේ දවස ගැන දැනගත්තේ

    ReplyDelete
  12. ස්තුතියි ලිපියට. මම් මහ බ්‍රහස්පතින්දාවක් ගෑන දෑනගන හිටියෙනෑ.එතකොට මොකද්ද මහ සිකුරාදා කියල කියන්නෙ?

    ReplyDelete
  13. @nawammawatha :
    ඔව් ගොඩක් අය දන්නේ නෑ. මාත් එච්චර විස්තර දන්නේ නෑ. ගොඩක් අයගෙන් අහගෙන තමයි මේ ටික ලියන්නේ.

    @සූර සරදියල් :
    මට ගරු කරන්න එපා මිත්‍රයා.මං මේ දේවල් ලියන්නේ ගොඩක් අය දන්නේ නැති හන්දා.
    ජේසු පිහිටයි ඔබටත්.

    @Dinesh :
    බොහොම ස්තූතියි මිත්‍රයා.

    ReplyDelete
  14. @හිස් අහස :
    ගෑනු ළමයි නම් නෑ. කැම්පස් එකේ කතෝලික පිරිමි ළමයි කීපදෙනෙක් නම් ඉන්නවා. එවුන්ගෙන් අහගෙන තමයි මේ ටික ලියන්නේ.
    බොරු ලියන්න බෑනේ.

    @නදී... :
    ඒකටත් අතීත කතාවක් තියෙනවා අක්කා. ඒක මං ඊලග පෝස්ට් එකෙන් ලියන්න ඉන්නේ. කරුණු හොයනවා ඒකට.
    ඉක්මනට ලියන්නම් අක්කේ.

    ReplyDelete
  15. හොඳ ලිපියක් සහෝ...මම ඉතාමත් අගය කරනවා මෙවැනි ලිපි ලිවීම...

    මම පොඩි දෙයක් නිවැරදි කරන්නම්... තරහ නෑනෙ.. :)

    නායක පූජකවරු කියන්නෙ විවිධ මිත්‍යා ඇදහිලිවල නිරතවෙලා හිටපු පූජක පිරිසක් නොවේ.

    ඒ ගොල්ලෝ ඇදහැවුවෙත් ජේසුතුමාගේ ආගමම තමයි, ඒ කියන්නෙ ජුදා ආගම.

    හැබැයි පොඩි කොස්සක් තියෙනවා නායක පූජකවරු නීතිය අකුරට පිලිපදින්න ගිහිල්ලා ආගමේ හරය විනාශ කරගනයි තිබුනෙ. ජේසුතුමා උත්සාහ කරේ නීතියට වඩා ආගමේ හරය වැදගත් කියලා පහදලා දෙන්න. ඉතින් ඔය මත ගැටුම තමයි ජේසුතුමාව මරණය දක්වාම ගෙනිච්චෙ.

    තේරුනෙ නැතිනම් උදාහරණයක් කියන්නම්. ජුදා ආගමේ නීතියක් තියෙනවා සතියකට එක දවසක් වැඩ කරන්න බෑ කියලා. ඉතින් මේ නායක පූජකවරු කියන හැටියට එදාට මැරෙන්න යන මිනිහෙකුට වතුර ටිකක් දෙන එකත් පව්.

    ReplyDelete
  16. @හරී :
    ගොඩක් ස්තූතියි නිවැරදි කිරීම් වලට.ඒ වගේම මම දන්නේ නැති දෙයක් කියලා දුන්නටත් ස්තූතියි.

    ReplyDelete
  17. මම දන්න විදියට හා මම හිතන විදියට ජේසු තුමන් අසරන පීඩිත ජනතාව අතරින් නැගී සිටින කෙනෙක් අයුක්තියට හා කුරිරු පාලනයට එරෙහිව,එතුමාව එතුමා නියෝජනය කල පෙලේම කෙනෙක් පාවා දෙනවා,කොයි තරම් විෂම සමාජයක්ද??අදටත් වලංගුයි මේ කතාවල ගන්න ගොඩරියක් දේවල් තියනවා අපේ ජීවිතේට

    ReplyDelete
  18. @ප්‍රාර්ථනා :
    ඒකනම් දුක හිතෙන කතාවක් තමා අක්කේ.

    ReplyDelete
  19. @හරී

    ඔය දවසට කියන්නේ සබත් දවස කියලා. ජේසුතුමා කළේ මේ දහමේ තිබුණු නිසරු තැන් පෙන්වා දීම විතරයි. ඒකෙන් පූජකවරුන් බලාධිකාරියට හානියක් වෙන නිසා තමා එතුමාට කුරුසියේ ඇණ ගහලා මරලා දාන්න කට්යුතු කළේ

    ReplyDelete
  20. @Hasitha :
    හරීට පිලිතුරු දුන්නට ගොඩක් ස්තුතියි මල්ලි.

    ReplyDelete
  21. @ Hasitha :

    සමාවෙන්න හසිත..ඔයා මට දීලා තියෙන උත්තරය දැක්කෙ දැන්නෙ..අවුරුද්දකට විතර පස්සෙ... :)

    ඔව් ඒකට කියන්නෙ සබත් දවස තමා..ලොකුම සීන් එක තමයි සබත් අවුරුද්ද කියන එක..

    ඒක එළඹෙන්නෙ අවුරුදු හතකට සැරයක්..ඒ අවුරුද්දෙදි වැඩ කරන්න බෑ..කන්න ඕනෙත් කවුරුහරි වගා කරපුවා නොවෙයි ඉබේ පැළවෙච්චා..

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.