උසස් පෙළ කරන දවස් කියන්නේ මට නම් කැම්පස් කාලේ වගේම සුන්දර කාලයක්. සමහර විට ඔයාලටත් එහෙම වෙන්න ඇති.යන්තන් 12 වසර පන්නගන්න විතරක් ඉස්කෝලෙට ගියා. මොකද පැමිණීම සියයට 80 ක් නැත්නම් විභාගේ ලියන්න දෙන්නේ නැති හන්දා. 13 වසරට ආවම ඉස්කෝලේ යනවා කියන එක දන්නේ නැති තරම්. මාසෙකට වතාවක් දෙකක් ඉස්කෝලෙට ගිහින් එනවා.ඉස්කෝලේ මොනවද වෙන්නේ කියලා බලන්න. ටීචර්ලටත් ඒක ඒ හැටි ගානක් නෑ ආවොත් ඉගැන්වුවා නැත්නම් විවේකාගාරේට වෙලා කයියක් දාගෙන හිටියා.
ඉස්කෝලේ යාම ඔහොම උනාට අනිවාර්යෙන්ම ක්ලාස් යෑම කරනවා. නැත්නම් විභාගේ ගොඩ දාගන්නවා බොරු.අපේ පැත්තේ ගොඩක් කට්ටිය උසස් පෙළ පංති වලට ගම්පහ යන හන්දා මාත් ගම්පහ ආවා.ගම්පහ පංති යෑම මාරම ෆන්. බස්වල යනවට වඩා කෝච්චියේ ගමන නියමයි. පැයක් විතර ඔහේ යනවා. සමහර ගෑනු ළමයි අපට පේන්න කියලා පොත් දිග ඇරන් පාඩම් කරනවා. බොරු වැඩ. මට නම් යන ගමන් පාඩම් කරනවා කියන්නේ මරන්නා වගේ වැඩක්.
කෝච්චිවලට වෙලෙන්දෝ වගේ සංදර්ශන කාරයොත් එනවා .ඔහොම ආපු මිනිස්සු දෙන්නෙක් ගැන ලියන්න කියලා හිතුනා.
දවල් 12.50 ට විතර ගම්පහට එන කෝච්චීයට වේයන්ගොඩින් නගින පුදුම වැඩ කරන මනුස්සයෙක් ඉන්නවා. ඒ මනුස්සයා රස්සාව හැටියට කරන්නේ කඩු ගිලින එක. මුලින් ම කරන්නේ කඩුව ගැන ගුණ වර්ණනාව. කඩුව හදලා තියෙන්නේ මොනවයින්ද කඩුව ලංකවට ගෙනාවේ මොන නැවෙන්ද නැව මුහුදුබත් වෙන්න ගිහින් බේරගෙන ආපු හැටි ඔයවගේ දහසක් දේවල් කියනවා.ඊට පස්සේ කඩු දෙක ඇත්ත ඒවද කියලා අල්ලලා බලන්න කියනවා. අරූගේ කටේ කෙල බේරෙන කඩු අල්ලන්න මොකෙක්වත් ඉදිරිපත් වෙන්නේ නෑ. අන්තිමේදී තමා කඩුව ගිලින්නේ. ඉස්සෙල්ලා එක කඩුවක් ගිලලා පෙන්වලා ඊලග පාර කඩු දෙකම එකපාර ගිලිනවා.කොළඹට යනකන් කෝච්චි පෙට්ටියෙන් පෙට්ටියට නැගලා ඔහොම කඩු ගිලලා පෙන්වලා සල්ලි එකතු කරනවා.
ඊලග මනුස්සයා කෝච්චියට නගින්නේ රාගම ස්ටේශමෙන්. නිකන්ම නෙමෙයි කිලෝ හය හතක් විතර බර තඩි කලු ගලකුත් එක්ක. අපෝ ඒකා නැග්ග ගමන් මිනිස්සු වෙන පෙට්ටි වලට මාරු වෙනවා නැත්නම් කෝච්චියෙන් බැහැලා වෙන කෝච්චියක යනවා. හේතුව තමයි ඒ මනුස්සයා කෝච්චියට නැග්ග වෙලේ ඉදන් සෙනග එහාට මෙහාට කරලා ඉඩ හදාගෙන කරනම් ගහනවා.සමහර ස්ටේශන් වලින් බැහැලා එලියේ කරනමක් ගහලා ආයෙම කෝච්චියට නගිනවා. ඊට පස්සේ තමයි ගලේ සීන් එකට එන්නේ.
ඒ මනුස්සයා කියන විදිහට කලුගල කකුල් දෙකෙන් උස්සනවලු. මං ඒ ලෙවල් අවුරුදු දෙක හමාරක් ගම්පහ ගියා විසි තිස් පාරක් ඒ මනුස්සයාව දැකලා තියෙනවා. එකම එක පාරක්වත් ඒ කලුගල කකුල් දෙකෙන් උස්සනවා දැකලා නෑ. ඊට කලින් මං කෝච්චියෙන් බැහැ ගන්නවා. ලගදි දවසක කොළඹ යද්දි තමයි ඒකත් දැක්කේ. කියනවා වගේ ඒ මනුස්සයා කලු ගල කකුල් දෙකෙන් කෝච්චිය යන අතරතුරේ දීම උස්සලා පෙන්වනවා.
මේ මනුස්සයෝ දෙන්නා වැඩ දෙකක් කලාට අන්තිමේ එකම අරමුණක් වෙනුවෙන් තමයි ඒ හැමදේම කරන්නේ. ඒක තමයි තමන්ගෙයි පවුලේ අයගෙයි එදිනෙදා වේලට කීයක් හරි හොයා ගන්න එක.ජීවත් වෙන එකත් එක අතකට මහා දුකක්. ඒත් එයාලා ජීවත් වෙනවා. මොන දේ ආවත් නොමැරී ජීවත් වෙන එක තමයි උතුම් දේ !!!!
ප.ලි.- අපේ ජීවිතත් හරියට කෝච්චියක් වගේ. අපට විවිධ මිනිස්සු මුන ගැහෙනවා. සමහර අය මුනැගැහිලා මහින් බැහැලා යනවා. සමහරු ගමනාන්තය වෙනකන්ම යනවා. ඒ වගේම තමයි කෝච්චිය නවත්වන්න නැවතුම් පොලවල් තියෙනවා වගේ අපේ ජීවිත වලත් එක එක නැවතුම් පොලවල් තියෙනවා.සමහර වෙලාවට ටිකවෙලවක් නැවතිලා ඉන්නවා තවත් වෙලාවක ගොඩක් වෙලාවක් ඉන්නවා.එහෙම යන ගමනේ අපි කාටත් ගමනාන්තයක් තියෙනවා ඒ වෙනකන් කොහොමහරි අපි යන්න ඕනේ.මගින් නවතින්න බෑ. ඒකයි ජීවිතය කියන්නේ !!!!!
මමත් ඔය කඩු ගිලින කෙනාව නම් දැකලා තියෙනවා. මට හිතාගන්න බෑ ඒ මනුස්සයා ඇත්තක්ද බොරුවක්ද කරන්නෙ කියලා. අනේ මන්දා. මොනා උනත් දරු පවුලක් රකින්නනෙ කියලා හිතලා මම සල්ලි දෙනවා.
ReplyDelete//යන ගමනේ අපි කාටත් ගමනාන්තයක් තියෙනවා ඒ වෙනකන් කොහොමහරි අපි යන්න ඕනේ.මගින් නවතින්න බෑ//
ReplyDeleteඇත්ත අය්යේ ජීවත් වෙද්දී ප්‍රශ්න එනවා තමය්, ඒත් ඒවට මුහුණ දෙන්නේ නැතිව මගහැරල යන එක නෙවෙය් අපි කරන්න ඕනේ..මොන ප්‍රශ්නේ ආවත් ඒවට සාර්ථකව කෙලින් මුහුණදීලා ඒවා විසඳ ගන්න එක තමා කරන්න ඕනේ
නියම ලිපියක්.. ජය..!
ඇත්ත කතාව. හිතන්න දෙටක් ලියලා තියනවා
ReplyDelete@පිණිබිඳු... :
ReplyDeleteඒ කියන්නේ පිණිබිදුත් ඒ මනුස්සයාව දැකලා තියෙනවා එහෙනම්. කඩු දෙක ඇත්තටම ගිලිනවද කියලා නම් දන්නේ නෑ. ඒවුනාට මිට විතරක් කටේ හිටින්න බඩට දාගන්නවා.
@බීටා :
අනිවාර්යෙන්ම අපිට ප්‍රශ්න කියන දේවල් එනවා. ඒවට මුහුණ දෙන එක තමයි. කරන්න තියෙන්නේ ඒවයින් මග ඇරලා යන එක නෙමෙයි කරන්න ඕනේ.
ජීවිතේ කෝච්චියක් වගේ. හ්ම්ම් ඒකත් හොඳ උපමාවක්. ඇත්ත බං, කාටවත් බරක් නොවී, වැරදි වැඩ නොකර ජීවිතේ ගැට ගහගන්න පුලුවන් නම් එච්චරයි.
ReplyDeleteමම් නිතර කෝච්චිවල යන්නෙ නෑති නිසා ඔයවගේ දේවල් එච්චරම දෑකල නෑ.ඒත් නුවරදි අමුතු ආකාරේ හිගන්නෙක් දෑක්ක.මෙයා පිරිමි කෙනෙක්.මුලින්ම බස් එකට නෑගල බස් එකේ ඉන්න හෑමෝටම ලස්සන රූප තියන පොකට් කෑලෑන්ඩර් බෙදනවා.පස්සෙ ඩොල්කියක් ගහල සින්දු කියනවා.සල්ලි එකතු කරන්න යද්දි සල්ලි දෙන්නෙ නෑති අය පොකට් කෑලෑන්ඩර් ආපහු දෙන්න හදනවා.එතකොට තමා වෑඩේ පටන් ගන්නෙ.
ReplyDeleteඅපෝ මම් දුන්න දෙයක් ආපහුගන්නෙ නෑ...සල්ලි එපා ඕක තියාගන්න..
ඔයලා දන්නවද දෑන් මෙහෙම එලුවෙක් වෙලා හිටියට ඉස්සර මම් හොද නලුවෙක්... මට ලමයි 33ක් හිටිය දෑන් ඉන්නෙ 3යි කියකිය විහිලු කරනවා.බස් එකේ පොඩි ලමයි, මිනිස්සු ඔක්කොම හිනා ගස්සනවා.ඉතින් නොදෙන්න හිතන් ඉන්න අයත් සල්ලි කීයකීය හරි දෙනවා.
ලිපිය අන්තිමට කියලා තියෙන දේ ගොඩාක් බැරෑරුම්.. ඒ කතාව ඇත්ත.. මම නම් කෝච්චියෙ ගිහින් තියෙන්නෙ එකම එක සැරයයි.. ඒත් සමහර විට නොගිය ඒවටත් හරියන්න කෝච්චියේම ගමන තියෙයි.. සල්ලි ටිකක් හොයා ගන්න .. මිනිස්සු නොකර දෙයක් නෑ..
ReplyDeleteඉතිරෙන්න නැති වුනත්.. ඇති පමනට හැමෝටම සල්ලි තියනවා නම්... නේද අයියා..??
ඔය කඩු ගිලින මනුසය මමත් දැකල තියෙනව. සයිස් දෙකක කඩු දෙකක් තමයි තියෙන්නෙ. එකක් අඩි එක හමාරක් විතර ඇති, අනික අඩි දෙකක් විතර. දෙකම සැරින් සැරේ ගිලිනව. ඒ මනුස්සයගෙ ඇස් දෙකෙන් කඳුළුයි නහයෙන් හොටුයි ගලනව ඒ වෙලාවට.
ReplyDeleteමිනිස්සු ජීවත් වෙන්න මොන තරම් අමුතු දේවල් කරනවද නේද?
@රොබින් :
ReplyDeleteමටත් ලිව්වට පස්සේ ඒක හිතුනා
@Kasun :
කාටවත් අතනොපා ජීවත් වෙන්න තමයි කවුරුත් හදන්නේ.ඒත් එහෙම ජීවත් වෙන්න මේවගේ දේවලුත් කරන්න වෙනවා.
@නදී... :
ඔයවගේම ගෑනු කෙනෙක් ඉනවා හිගා කන. ඒ ගෑනු එක්කෙනා බස් එකට නැග්ගම කලින් බස් වලින් ලැබුන අදායම් වාර්තා හිටන් කියවනවා. කවුරුවත් සල්ලි නොදුන්නොත් එදාට බස් එකේ උන් වසලා හමාරයි.
@ප්‍රාර්ථනා :
ඒකනම් මටත් හිතුනා. ඒත් ජීවිතේ කියන්නේ සරල දෙයක් නෙමේ නේ නංගි.ඔව් චුට්ට චුට්ට හරි හැමෝටම සල්ලි තියෙනවනම් මේ ලෝකේ ගොඩක් සුන්දර වෙයි කියලා හිතන්න පුලුවන්.
@nawammawatha :
ඔය සේරම කරන්නේ ජිවත් වෙන්න නේ. ඇත්තටම කොහොමද කියලා නම් දන්නේ නෑ ඔහොම කඩු ගිලින්නේ.
අඩේ බං උබ මේ ලඟ පාත එකෙක්නේ..
ReplyDeleteමමත් ඔය පැත්තෙ ම තමා. ඒත් අයියලගෙ ලඟ පාතකනම් නෙමේ වගේ.
ReplyDeleteගමනාන්තය දක්වාම ඉන්න මින්ස්සුත් ඒ වගේම මඟින් නැගල මඟින්ම බැහැල යන මිනිස්සුනගෙන් ඒ කොච්චියට ලොකු ශක්තියක් හම්බවෙනවා. ඒ අතරම ඒ ගමන නවත්තන්න හදන අයත් නැතුවම නෙමේ.
ඔය කට්ටිය අතරේ කොච්චි ගමන යන්න තරම් ශක්තියක් නැතුව කොච්චියටම බෙල්ල තියන අයත් ඉන්නවා.
@ Kanishka | කණියා :
ReplyDeleteඒ කියන්නේ කණියාත් අපේ ගෙවල් පැත්තේ ඉන්න කොල්ලෙක්. !!! එල නේ.
@තාරක Dilsh@n :
මම වත්තල ඉන්නේ. ඒ කතාව හරි ගමන නවත්වන්න හදන අයයි. තමන්ම තමන්ගේ ගමන නවත්වාගන්න හදන අයත් ගොඩක් වැඩියි.
ගෙවල් පැත්තේ කෙනෙක්ව සිංහල බ්ලොග් අවකාශයේ අදුනගන්න ලැබීමත් සතුටක්.
මම කෝච්චියේ ගිහිල්ලා තියෙන්නේ එක පාරයි බස් එකේ සින්දු කියන විරිඳු කියන අයව කොයිතරම් හම්බවෙලා තිබුනත් . කඩු ගිලින කෙනෙක් මම ටීවී එකෙන්වත් දැකලා නෑ අහලා නම් තියනවා . තමන්ගේ ජීවිතේ අවදානමකට ලක්කරන්නේ තමන්ගේ පවුලේ අය හින්දානම් ඒ මිනිහා වීරයෙක් ...
ReplyDelete@හිස් අහස :
ReplyDeleteඅනිවාර්යෙන්ම ඒ වගේ මිනිස්සු අදහන්න වටිනවා. බයවෙන්න දෙයක් නෑ මල්ලිලාගේ පැත්තටත් ලගදිම කෝච්චි එයි.
ඔය මනුස්සයා මමත් දැකල තියනවා.. මිනිහ ඔළුවෙන් හිටගෙන කළු ගල උස්සනවා.. කෝච්චිය යන අතරේම..පිස්සු හැදෙනවා.. කිව්වා වගේ අපේ ජීවිතෙත් කෝච්චියක් වගේ නමුත් ඉතින් සිග්නල් නැත්නම්..ඉතින් අපේ සේරම මග... නේද යාලුවේ ?
ReplyDelete@Kalum Meshantha Fernando :
ReplyDeleteගොඩක් වෙලාවට රාගම - කොටුව ස්ටේශන්දෙක අතර තමයි ඒ මනුස්සයාව දකින්න හම්බ වෙන්නේ.
උබට කියන්න බං ජීවත් වෙන්න . තම දරු පවුල රැක ගන්න මිනිස්සු මොනතරම් අවදානම් රැකියා කරනවද.. හිතන්න දෙයක් තියෙන පෝස්ට් එකක්.
ReplyDeleteජය..
@Gayan Rupasinghe :
ReplyDeleteමිනිස්සු ජීවත් වෙන්න මොනාද නොකරන්නේ කියලා වෙලාවකට හිතෙනවා.
ලස්සනයි.ඒත් ජීවිතේ කියන්නෙ කෝච්චි පෙට්ටියක් නම් නෙවේ.එච්චර අවතක්සේරු කරන්න එපා.අනික ජීවිතේ දිය ඇල්ලක් වගේ.ලෝකෙට සිහිලස දීලා ගිරි දුර්ග අතරින් ලස්සනට යන ගමනක්,නවතින්න වෙලාවක් නෑ අපට.මම දන්නෙ නෑ.ඒ මට හිතෙන හැටි
ReplyDeleteමම හිතන්නේ ඒක කොට කරන්න පුළුවන් කඩුවක් වෙන්න ඇති. ඒ කියන්නේ අර රේඩියෝ එකේ ඇන්ටනාව වගේ.
ReplyDeleteඔය ගල් උස්සන මනුස්සයා දවසක් කොටුව ස්ටේෂම ඉස්සරහ පාරේ ඔය සෙල්ලම් දානවා දවසක් දැක්කා. කකුල් දෙකෙන් කළු ගල උස්සන එක දැක්ක නම් අම්මෝ..............
ReplyDelete@ප්‍රාර්ථනා :
ReplyDeleteහරි හරි අක්කේ මම අගෞරව කලේ නෑ. මම කිව්වේ මට හිතුන දේ.
@චන්දික ලක්ෂාන් :
එහෙම වෙන්න ඇති මල්ලි. නැත්නම් කොහොමද ඔහොම එකෙක් කඩුවක් ගිලින්නේ.
@Hasitha :
මිනිස්සු මොන දේ උනත් කරන්නේ ජීවත් වෙන්න නේ.