03 April 2011

මෙහෙමත් හොරෙක්....

මේ දවස් ටිකක් නම් ගෙවෙන්නේ මාරම කම්මැලිකමෙන් කරන්න ඒ හැටි වැඩකුත් නෑ. පාඩම් කරන්න කියලා ඔහොමත් හැමදාම පාඩම් කරන්න යෑ. ඒ හින්දා කම්මැලිකම යන්න කියලා බ්ලොග් ලිපියක් දාන්න කියලා බ්ලොග් එක පැත්තේ ආවා. එතකොට තමයි මතක් උනේ කාමරේ යතුර නැති වෙලා හුගක් දවක් වෙන හින්දා යතුරක් කප්පවගෙන ඇවිත්ම බ්ලොග් සටහන ලියනවයි කියලා. මොකද හැමදාම දොරට කෝට්ටක් ගහලා වහලා කාමරේ හොරුන්ගෙන් බේර ගන්න කියලා යෑ.

අපේ සමහරුන්ගේ ලැප් හිටන් නැති උනා.මගේ ඉතින් නැති වෙන්න කියලා ඒ හැටි දෙයක් නෑ. ඒ උනාට අවුරුද්ද අවසානයේ භාර දීලා යන්න යතුරක් තියෙන්න එපැයි. නැත්නම් දඩ කොලයක් කන්න එපැයි යතුර නැතිවෙච්ච එකට. කාමරේ ගද්දි හම්බ උනේ එකෝම එක යතුරක් හින්දා වෙන යතුරක් කපා ගන්න නම් ශාලාධිපතිගෙන් කාමරේ යතුර ඉල්ලගන්න වෙනවා. (මිනිහා ගාව හැම කාමරේකම වැඩිපුර යතුරක් තියෙනවා.)

ශාලාධිපතියාගෙන් යතුර ඉල්ලන්න ගියොත් දඩයකුත් කන්න වෙන හින්දා අනධ්‍යන සේවකයෙක් (මයිනෙක් - minor staff) හම්බ උනා. ඒ මිනිස්සු අපට ගොඩක් හිතවත් ඔය ලොකු ලොක්කෝ වගේ ඔලුව උදුම්මවාගෙන ඉන්න එවුන් නෙමේ ඒ අය. කාටත් කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්න අහිංසක මිනිස්සු වගයක්.මයිනර් ස්ටාෆ් එකේ අයියා කෙනෙක්ට කියලා යතුර ඉල්ලගන්න ගියා.

"අයියා , කාමරේ යතුර නැතිවෙලා මට යතුරක් කපා ගන්න වැඩිපුර යතුරක් ඉල්ලගන්න පුලුවන්ද ?"

"මොකෝ මල්ලි ෆයිනල් ඉයර් වෙලත් යතුරක් පරිස්සම් කරගන්න බැරිද ? " මූ මාව චාටර් කරන්නයි හදන්නේ.

"නෑ අයියා. මේ යාලුවෙක් අතින් නැති උනේ." ඇත්තටම යතුර නැති උනේ යාලුවෙක් ගේ අතින්.

"කාමරේ භාර දීලා යද්දි යතුරත් භාර දෙන්න වෙන හන්දා යතුරක් කපා ගන්න එක තමයි හොද. පේන්නේ නැද්ද හොස්ටල් එකේ ටීවි එකත් මෙහේ ඉගෙන ගන්න ආපු කොල්ලෙක් උස්සන් ගිහින්.පොඩ්ඩක් හිටින් මම යතුරක් ගෙනත් දෙන්නම්. "

මල හුට්ටප්පරයයි. මං මෙච්චර කල් හිතාගෙන හිටියේ ටීවි දෙකෙන් එකක් රෙපයාර් කරන්න අරන් යන්න ඇති කියලා.දැන් මටත් හෙනම කුතුහලය ටීවී එක උස්සන් ගිය සීන් එක අහන්න.අයියා යතුර ගෙනත් දීපු ගමන් මම කතාව ඇහුවා.

"මෙහේ කැම්පස් එකේම කොල්ලෙක් තමයි ඔය ටීවී එක හොරකම් කරගෙන ගිහින් තියෙන්නේ. එදා රැ හොස්ටල් එකේ වැඩ කරපු එක්කෙනාට අසනීප වෙලා ඇවිත් නෑ. පාන්දර දෙකට විතර තමයි ටීවි එක හොස්ටල් එකෙන් පන්නගෙන වෙන හොස්ටල් එකක ටිකවෙලාවක් තියලා ත්‍රිවිල් එකක දාගෙන ගෙනිහින් තියෙන්නේ.පස්සේ ත්‍රිවිල්කාරයාගෙන් තමයි ආරංචිය ආවේ. ඒකාට විරුද්ධව උසාවියේ නඩුව තාම යනවා."

මුලදි මම හිතන් හිටියේ ගෙදර ටීවී එකක් නැතිකමට හොරකම් කලා කියලා. පස්සේ අයියා කිව්වාමයි දන්නේ ඒකාගේ ගෙදර ටීවි එකක් තියෙනවා කියලා.ඒ විතරක් යෑ මෙහේ කොල්ලන්ගේ ඇදුම් හිටන් හොරකම් කරගෙන ගිහින් තියෙනවා කියලා අයියම කීවා. ඇදුම් නම් කමක් නෑ කියමුකෝ ඒත් තමන්ගේ ගෙදර වගේ තියෙන හොස්ටල් එකේ ටීවී එක හොරකම් කරන එක මහම මහා ජරා වැඩක්.තමන් ඉන්න තැනට ඉගෙන ගන්න තැනට ඔයවගේ දේවල් කරන එවුන්ට කවදාවත් හරියන්නේ නෑ.ඉන්නකන් හොදට ඉදලා හොද නමත් රැකගෙන මෙහෙන් පිටවෙලා යන එක තමයි හොද. ඒකෙන් උනේ තමන්ගේ හොද නමත් නැතිවෙලා උසාවී ගානේ රස්තියාදු වෙන්න සිද්ධ වෙච්චි එකයි.

දෙයක් හොරකම් කරලා ගන්නවට වඩා තමගේ මහන්සියෙන් උපයා ගන්න සල්ලිවලින් ගන්න දේවල් වල අගේ වැඩියි.ඒවා කාලයක් පවතිනවා.අනුන්ගේ දේ කවදත් අනුන්ගේ. අපට කවදාවත්ම අනුන්ගේ දේට අයිතිවාසිකම් කියන්න බෑ.

අයියට ස්තූති කරලා ගිහින් පේරාදෙණිය ටවුමෙන් යතුරත් කපාගෙන ඇවිත් ඉල්ලගත්ත යතුර අයියට දීලා යද්දි තමයි මතක් උනේ කාමරේ නොම්මරේ යතුරේ කොටන්න බැරි උනා කියලා.අපරාදේ කියන්න බෑ අයියම ඉලක්කම් ටික යතුරේ කොටලා දුන්නා. නැත්නම් ඕකටත් ගානක් ගෙවන්න වෙනවා.(එක ඉලක්කමකට දහය ගානේ ඉලක්කම් හතරට හතලිහක්.) ඒකෙන් මේකෙන් මගේ රුපියල් එකසිය විස්සකට කෙල උනා.අපරාදේ.මොකෝ අරූ සල්ලි දෙන එකක් යෑ.

හරි එහෙනම් ආයෙම ලියන්න ආපු බ්ලොග් සටහනට එමුකෝ.... කියන්න ආපු කතාව කියන්න බැරි උනා නේ.......

31 comments:

  1. ඔව් බං හොස්ටල් වල ජරා යක්කු ඕනෙ තරම් ඉන්නවා ..... අපි හොස්ටල් ඉන්න කාලෙත් එකෙක් හිටියා.. ඌ කතාකරන්නෙ පණ දෙන්න........
    හැබැයි චුට්ටක් එහා මෙහා වුනොත් ජොකත් උස්සන ඩයල් එකක්..... ඒක හින්දා අපේ බඩු ඔක්කොම ලොකර් එකේ තමයි තිබ්බේ... ඒත් අන්තිම දවසෙ ලොකර් ඔක්කොටම ගේම දීලා තිබ්බා...අපි හිටපු නැති වෙලාවක...

    ඌ ගත්තේ කියලා අපි හොඳටම දන්නවා ඒත් සාක්කි නෑනෙ...දැනුත් එනවා ටෝක් කරන්න මම නම් පඩේකටවත් ගනන් ගන්නේ නෑ...

    ඔය වගේ උන් කැම්පස් වලින් පිටවෙන එක රටටම සාපයක්.....

    ReplyDelete
  2. ඒකත් කියමුකෝ බලන්න

    ReplyDelete
  3. එහෙමත් උන් ඉන්නවද බං? උන්ට නම් හරි යන්නෙ නෑ.

    ReplyDelete
  4. යතුර නතිවෙලා තියෙන්නේ මක්ක කරන්න ගිහිල්ලද....

    ReplyDelete
  5. හොරකම් කරන එක තරම් පජා වෑඩක් තවත් නෑ... මුන් මොන හිතකින් මේවා කරනවාද දන්නේ නෑ

    ReplyDelete
  6. @සූර සරදියල්obethumaa ithin korene tharemakkore ekeneee "සූර සරදියල්",mone aramunen kolath horekemene

    ReplyDelete
  7. හොස්ටල් වල හොර සීන් අසා ඇත ටීවී හොරෙකු ගැන ඇසුවේ අදයි..
    බලාගෙන තව ටික දවසක් යද්දී ඔය හොරා හොස්ටල් එක ඉස්සීමට බැරි නැත..

    ReplyDelete
  8. මාර සගයෝ නේ අයියට ඉන්නේ . කැම්පස් හොරෙක් ගැන මම මේ ඇහුවාමයි ඇත්තටම කැම්පස් ගිය එකෙක් හොරකමට බැස්සොත් ආයේ ඌව අල්ලනවා බොරු ...

    ReplyDelete
  9. @හරී :
    හැම එකේම නෑ. ඉදලා හිටලා එකෙක් දෙන්නෙක් ඉන්නවා. අපේ එකාට නම් දැන් නුවර උසාවියේ නඩුවක් යනවා.

    ඒකා හොදම එකෙන් ඇනගෙන තියෙන්නේ.


    @රොබින් :
    ඒකත් ඉක්මනට ම ලියන්නම්.

    @Kasun :
    ඔය ඉදලා හිටලා කොහෙන්හරි අපතයෙක් එනවා බං. එවුන් තමයි කොස්ටල් කන්නේ

    @Malith Madushanka | මධූ :
    මක්ක කරන්න ගිහින් ද කියලා දෙයියෝ තමා දන්නේ. මල්ලි මම ඔයාගේ බ්ලොග් එකෙන් පොතක් බා ගත්තා තාම පාස්වර්ඩ් එක ලැබුනේ නෑ. අන්සිප් කරගන්න විදිහක් නෑ.

    ReplyDelete
  10. @Anonymous :
    නමක් ගමක් දාලා කමෙන්ට් කලා නම් තමයි වටින්නේ. මට ඔය නම් නොදා කමෙන්ට් කරන එවුන් පෙන්නන්න බෑ.

    සහෝදරයා/සහෝදරියා තරහා නැතුව ඊලගපාර කමෙන්ට් කරන්න හිතාගෙන ඉන්නවනම් නම ගම දාන්න.

    @කැන්ඩි... :
    ඔව් එහෙම වෙයි ද කියලත් කියන්නේ බෑ. පට්ට හොරෙක් මූ. අගල් විසි එකේ තඩි ටීවී එකක් උස්සලා තියෙන්නේ.
    ඒකත් ලොක් වලින් පන්නලා අරන් යන්න තරම් මූ මාර දක්ෂයෙක් නෙව.

    @සූර සරදියල් :
    ඒක හරි ඉන්න තැනට ඔහොම දේවල් කරන එක හෙන පජාතයි.

    @හිස් අහස :
    අඩේ මල්ලි මගේ සගයෙක් නෙමේ බං. මං ඕකව දන්නේ නෑ බොලව්.

    ReplyDelete
  11. අපෙත් ඉන්නවා.. හොරෙක් නෙමෙයි හෙරක්... එයා නම් පෙන් ඩ්‍රයිව්ස් වලටයි සල්ලි වලටයි තමයි වැඩේ දෙන්නෙ.. අල සම්බන්ධතා තියෙන නිසා කාටවත් බයත් නෑ...

    ReplyDelete
  12. කැම්පස් එකේ හොරෙක් ගැන ඇහුවමය්........
    ඒක නේවේ කියනට ආපු කතාව මොකක්ද....?

    ReplyDelete
  13. @තාරා :
    එයා අලයො ත් එක්ක සෙට් වෙලා ද පෙන් වලට ගේම දෙන්නේ. ඔන්න තාරා එවුන්ගෙන් පරිස්සම් වෙලා ඉන්න හොදේ.

    @බීටා :
    මමත් එදාමයි ඇහුවේ. ඒ කතාව ඊලග පෝස්ට් එකෙන් බලාපොරොත්තු වන්න.

    ReplyDelete
  14. අපෝ මාර ළමයෙක්නෙ.අනික සුලුපටු දේවල් නෙමේනේ හොරකන් කරන්නෙ...ටීවී,හෑබෑට සිකුරිටි එකේ අය නෑද්ද ඔය හොස්ටල් එක බලාගන්න?අනේ අවුරුදු 4ක් හිටිය අපේ හොස්ටල් එකේනම් හොරකන් අහන්නවත් තිබ්බෙ නෑ.යතුර හොස්ටල් එකේම තියල යනව අපි.කන බොනදේවල් වලටනම් ඉතින් අපිත් සාමූහිකව වග කියනවා ඒවා ඉතින් සාමානය දේවල්නෙ.:ඩී

    ReplyDelete
  15. @නදී... :
    නෑ අක්කා සිකුරිටි එකේ එක්කෙනාට උන හැදිලා එදා ඇවිත් හිටියේ නෑ. මෙහෙ ලැප් හිට නැති උනා අක්කේ. පොලිසි වල එන්ට්‍රි හිටන් දැම්මා. ඒත් වැඩක් උනේ නෑ. ඔය කෑමවලට වග කියන එකනම් අපිත් කරනවා. ඒත් නොකියා කන්නේ නෑ. කෝල් එකක් හරි දීලා තමයි කන්නේ.

    හෙහෙහෙ අක්කලාත් මාර වැඩ කරලා තියෙන්නේ !!!!

    ReplyDelete
  16. අඩේ අය්යේ මම බොලාට ඊ මේල් එකක් දැම්මා ලැබුනයැ

    ReplyDelete
  17. අපෝ හොස්ටල් වල ඉන්න හොර හැත්ත ගැනනම් කියල වැඩක් නැ මලේ.....

    ReplyDelete
  18. @බීටා :
    තාම නම් ලැබී නැත. hdcmaduranga@gmail.com එකට එවහන් මලේ. මාත් පොඩ්ඩක් බලන්නම් තාම අවකාශයෙන් එකෙන් කොම්පියුටර් එකට ආවේ නෑ.

    @..ChAnDiKa.. :
    ඒක හරි. මුන් ගැන නම් කතා කරලා වැඩක් නැත.

    ReplyDelete
  19. මමත් මේ කැම්පස් එකෙත් හොරු ඉන්නව කියල ඇහුවමයි !!!!
    හරි පුදුමයි !!!!

    ReplyDelete
  20. @කුක්කු පැටියා :
    පුදුමයි නේන්නන්. කවදා වෙච්චි දේවල්ද මේවා

    ReplyDelete
  21. ඇත්තමයි හොස්ටල් එකේ ට්.ව් එකක් හොරකම් කරපු කතාවක් මම මේ ඇහුවමයි....

    ReplyDelete
  22. මම හොස්ටල් කාලෙ මගෙත් කාමරේ යතුර නැති වෙලා වෙන යතුරක් කපා ගත්තා. ඊට පස්සෙ ආයෙමත් බෑග් එකක් අස් කරද්දි පරණ යතුර හම්බුනා. තව ටිකක් හොයල බලුවෙ නැද්ද යතුර.

    ReplyDelete
  23. @Dinesh :
    මමත් ඇහුවමයි සහෝ. මේවගේ එවුන් නැති තරමට හොදා.

    මගේ අඩවියට පැමිණි ඔබව සාදරයෙන් පිලිගනිමි !!!!

    ReplyDelete
  24. @පිණිබිඳු... :
    බැලුවා හොයන්න පුලුවන් හැම තැනම බැලුවා. ඒත් හම්බ උනේ නෑ. මොනා කරන්නද යතුරක් කප්පවා ගත්තා.

    ReplyDelete
  25. ඔය වගේ උන් අනන්තයි. ගාල්ලෙ ප්‍රසන්න බද්දෙවිතානගෙ කෙමිස්ට්‍රි ක්ලාස් එකේ අන්තිම දවසෙ රෑ බිත්තියෙ එල්ලල තිබුන බෆල් දෙකක් ගලවගෙන ගියපු එකෙකුත් උන්න.

    ReplyDelete
  26. @nawammawatha :
    බද්දේ විතාන කියලා සර් කෙනෙක් ගම්පහත් ක්ලාස් කරනවා. ඒ සර්මද දන්නේ නෑ.
    හොරු කියන එවුන් කොහෙත් ඉන්නවා කැම්පස් කියලා විෂේශයක් නෑ.

    ReplyDelete
  27. comments දැකලා මම දන්න තවත් හොරෙක් ගැන කියන්න හිතුනා... ඇත්තටම මේ හොරා හිටියේ අපේ ඉස්කෝලෙ.. මිනිහා හොරකම් කලේ සල්ලි නැත්කමට නම් නෙමෙයි.. ඒක නිකන් පුරුද්දට ආසාවට කරන දෙයක් වගේ...

    මිනිහා එනෙනේ ඉස්කෝලෙ එන්නේ Frado එකකින්.. ඉතින් තව මොන කතාද සල්ලි ගැන...

    ඒත් A\L පන්තියෙදිත් අපේ පෑනක් පන්සලක් නැතිවුනොත් අනිවාර්යෙන්ම මිනිහගේ පැන්සල් පෙට්ටියේ තියෙනවා...

    ReplyDelete
  28. @හරී :
    අඩේ එහෙම එවුවොත් හොරකමේ යනවද බං. ඒවනම් පෙර ආත්ම භව වල ඉදන් කරපු පාප කර්ම මේ ආත්මේ පල දීලද කොහෙද.

    ReplyDelete
  29. එංගලන්තේ හිටිය රජ කෙනෙක්ටත් මේ වගේ හොරකම් කරන පුරුද්දක් තිබුණලුනේ. රජ්ජුරුවන්ගේ විනෝදාංශේ වුණේ එකනේ. තමන් හොරකම් කරපු බඩු දිහා බලලා සතුටු වෙන එකලු රජ්ජුරුවෝ කළේ.

    කොහොම වුණත් රජ්ජුරුවෝ ගමනක් යද්දී අයකැමි කෙනෙක් පිටි පස්සෙන් ගියාලු රජ්ජුරුවෝ හොරකම් කරන ඒවාට සල්ලි ගෙවන්න :))

    ReplyDelete
  30. @Hasitha :
    රජ කෙනෙක් හොරකම් කරන්න එනකොට මහජනතාව බය වෙන්න ඇතිනේ. මොනා උනත් රජා නේ.

    ReplyDelete
  31. අනේ රුපියල් 120 ශේප් උන එක මදැයි. මම මේ යතුරක් කපාගන්න $120ක් ෙගවාගන්නෙ කොහොමද කියල දස අතේ කල්පනා කරන්නෙ. ලංකාව තමයි එල. ඒ අතින් වියදම කොච්චර අඩු ද! :D

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.