12 March 2011

ලිනක්ස් වලට සිංහල ඩික්ශනරියක් | Sinhala Dictionary for Linux

නෙට් කනෙක්ශන් එක අප්ඩේට් වෙන්න තව තියෙන්නේ දවසයි. මේ මාසෙට මගේ වී කෙයාර් ඕල් වේස් කනෙක්ශන් එකේ 300MB ඉතුරු වෙච්ච හින්දා මොනාහරි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ කියලා හිතුනා.

ඩවුන්ලෝඩ් කරන්න හිතුවට මොකෝ ඔය සොච්චමට ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න කියලැයි. 300MB ෆිල්ම් එකක් උනත් ඩවුන්ලෝඩ් කරන්න යද්දි දෙ තුන් පාරක් කනෙක්ශන් එක නැති උනාම ඒකෙනුත් වැඩක් නැහැනේ . මොකද පේරාදෙණියට ඔය ඕල් වේස් කට්ටියගේ 3G සිග්නල් ගොඩක් අඩුයි .

ඒ නිසා මගේ කම්පියුටර් එකේ ලිනක්ස් වලට ලාටෙක් (LaTeX) වත් දාන්න ඕනෙ කියලා හිතුනා. ලාටෙක් කියන්නේ ඔය ඩොකියුමන්ට් (Word, Powerpoint, වගේ ඒවා. )එහෙම හදන්න ගන්න ප්‍රෝග්‍රෑම් එකක් හැබැයි ඔෆිස් වල තරම් ලේසි නෑ.තනිකරම කෝඩ් එකෙන් තමයි ඔය සේරම ඩොකියුමන්ට් එකම හදන්නේ.කෝඩ් එක ලියලා කම්පයිල් (Compile) කලාම හැදෙන්නේ අපට ඕන කරන pdf එක. මේකේ වාසිය තමයි පිටු ඕනම ගානක ඩොකියුමන්ට් හදන්න පුලුවන්. වර්ඩ් වල පිටු සියයක් පනිද්දි මාර ලෙඩ දෙන්නේ. ඒ අතින් මේ ක්‍රමය නියමයි.

ආහ් තව පොඩ්ඩෙන් කියන්න ආපු කාරනාවත් අමතක වෙනවා. ලාටෙක් ඉන්ස්ටෝල් කලාට පස්සේ මට හිතුනා ලිනක්ස් වලට හදපු සිංහල ඩික්ශනරි (Dictionary) එහෙම නැද්ද කියලා හොයන්න. එහෙම හොයාගෙන යද්දි මට පට්ට ඩික්ශනරි එකක් ලැබුනා. සමහරවිට ඔයාලා මේක දැනටමත් පාවිච්චි කරනවා ඇති. දන්නේ නැති අයටවත් මේක ප්‍රයෝජනවත් වෙයි නේ. මේකෙන් වචනයක් හොයන්න මාරම ලේසියි කරන්න තියෙන්නේ වචනේ උඩ ඩබල් ක්ලික් කරන්න විතරයි.

මෙහෙමයි ඉන්ස්ටෝල් කර ගන්නේ....

පියවර 01
ලිනක්ස් ටර්මිනල් එකේ පහත කමාන්ඩ් එක ටයිප් කරලා Enter කරන්න.
apt-get install stardict

පියවර 02
මෙකෙන් වෙන්නේ ඩික්ශනරිය ඉන්ස්ටෝල් වෙන එක විතරයි. සිංහල දාන්නේ මෙහෙමයි.සිංහල ඩික්ශනරි ෆයිල් ටික මෙතනින් අරගන්න.ඩවුන්ලෝඩ් වෙන ටාර් (.tar) ෆයිල් එක පහත කමාන්ඩ් එකෙන් එක්ස්ට්‍රෑක් (extract) කර ගන්න.
tar -xzvf sinhala-stardict-120908.tar.gz

පියවර 03
ඊට පස්සේ එක්ස්ට්‍රෑක් ගර ගත්ත ෆයිල් ටික /usr/share/stardict/dic ඔය පාත් එකේ dic ෆෝල්ඩරයට කොපි කරන්න.

පියවර 04
දැන් Accessories සබ්මෙනු එකේන් ඩික්ශනරිය ඕපන් කර ගන්න පුලුවන්.

ඔය වගේ වින්ඩෝස් වලටත් ඩික්ශනරි තියෙනවද කියලා බැලුවා. ඒත් වැඩේ හරි ගියේ නෑ.මධුර ඩික්ශනරිය තියෙන නිසා අවුලක් නැහැනේ.

තව ලිනක්ස් වලට ඕන කරන සොෆ්ට්වෙයාර් ටිකකුත් දැම්මා. මේ ඔක්කෝම ඩවුන්ලෝඩ් කරලා එද්දි මගේ ඩොන්ගල් එකේ ෆ්‍රී ඩේටා ඉවරත් වෙලා Access Usage යන්නේ .හිනා වෙන්න එපා.මේ පෝස්ට් එක දාන්නෙත් යාලුවෙක් ගේ ඩොන්ගල් එකෙන්.

ප.ලි.- ලාටෙක් ඉන්ස්ටෝල් කරන්න අවශ්‍ය නම් මේ පහත කමාන්ඩ් එක ටර්මිනල් එකේ ටයිප් කොරලා එන්ටර් කරන එකයි ඇත්තේ. 100MB විතර ඩවුන් ලෝඩ් වෙනවා.
sudo apt-get install texlive

28 comments:

  1. එළ එළ... බොහොම ස්තූතියි.. ලිනක්ස් වලට මාරු වුන කාලෙකට වටිනවා...

    ජය වේවා...!!

    ReplyDelete
  2. නියමය් ස්තූතිය් කිවුවා කියලා දුන්නට ,

    ReplyDelete
  3. @සෝරෝ :
    ලිනක්ස් උනත් අවුලක් නැහෑ. හැබැයි වින්ඩෝස් වගේ නෙමෙයි ටික කාලයක් යනවා හුරු වෙන්න.

    අපි ඉතින් කැම්පස් ආපු කාලේ ඉදන්ම ලිනක්ස් හින්දා දැන් අවුලක් නෑ.

    ReplyDelete
  4. මම නම් මල්ලි sinhala-tips කියලා ඔන්ලයින් ට්‍රාන්ස්ලේටර් එකක් තමා පාවිච්චි කරන්නේන ලිනක්ස් වලදී. බ්ලොග් යාලුවෙක්ගේ පෝස්ට් එකකින් තමා ඒක හොයාගත්තේ සමා වෙන්න ඕනේ නම අමතකයි බ්ලොග් එකේ. හැබැයි ඒක නම් මරු උපාංගයක්. 1 හරි 5mb හරි ඒත් firefox chrome මෙක වෙන්න ඕනේ ලින්ක් එක හැබැයි තියෙන්නේ easy sinhala කියලා.

    https://addons.mozilla.org/en-us/firefox/addon/easysinhala/

    ReplyDelete
  5. අපිට ඉතින් බිල් මාමගේ ජනේලේ තමා

    ReplyDelete
  6. උඹ ඒ ගමන තාක්ශනික ලිපිත් ලියනව නේද?? හොඳයි,හොඳයි නොදන්න අයට ගොඩක් වදගත්.අපි ඉතිං දන්න කියන කාලෙ ඉඳල ජනෙල් තමයි.ඔය සුළු,සුළු වැඩ කර ගන්න මේ මදෑ.

    ReplyDelete
  7. ස්තූතියි. මම මේක දාගෙන දැන් වැඩ. මීට කලින් මම පාවිච්චි කළේ Chathura Sinhala English dic එක. ඒක firefox add on එකක් විදියට තමා දාගෙන හිටියෙ. වචනයක තේරුම හොයන්න එකකොට firefox open කර ගන්න වෙනව. මේක තියෙන නිසා දැන් ඒ ප්‍රශ්නෙ නැහැ.

    ReplyDelete
  8. @බීටා :
    මොනවාහරි දෙයක් ඉගෙන ගත්තා නම් ඒ ඇති.

    @සංකල්පනා - රුවන් :
    නෑ රුවන් අයියා මේක ෆයර් ෆොක්ස් වලට ඇඩෝන් එකක් නෙමෙයි. මේකෙන් ඕනම ටෙක්ස් එකක තියෙන වචනයක තේරුම ගන්න පුලුවන් ඩික්ශනේරියක්.

    ලින්ක් එක එවුවට ගොඩක් ස්තුතියි !!!

    ReplyDelete
  9. @රත්ගමයා :
    කැම්පස් එන්න කලින් අපිත් බිල් මාමට වැදගෙන හිටියා. ඒත් මෙහේ ආවට පස්සේ වෙනස් වෙන්න සිද්ධ උනා.
    දුක තමයි රත්ගමස්....


    @dinesh :
    එහෙමට කියලා ලියන්නේ නෑ අයියා. මට මේ පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් ලැබුනා. ඒක බ්ලොග් එකේ දැම්මා.
    කොහෙද අප්පේ මෙච්චර කල් වහන් වෙලා හිටියේ ?

    ReplyDelete
  10. ලිනක්ස් දාගත්ත කාලෙක වැඩක් ගන්න මම මේක තියාගන්නවා . මධුරංග අයියා ලිනක්ස් ප්‍රවීනයෙක්ද ?

    ReplyDelete
  11. @මධුරංගඒක නම් එහෙම තමා ඒත් ලිනක්ස් වල firefox විතරයි නෙ තියෙන්නේ.... :D

    ReplyDelete
  12. මමත් කලයක් මේ ලිනක්ස් ගැන ලිවුවා. පහල ලින්ක් 2කින් ඹන කනේක් ඉන්නවනම් බලන්න.....

    http://srilankaictchat.blog.com/2011/03/06/%e0%b6%8b%e0%b6%b6%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b7%94-%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1/


    http://srilankaictchat.blog.com/2011/02/22/open-slurce-%e0%b6%b4%e0%b6%bd%e0%b6%9a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%83%e0%b6%a7%e0%b7%84%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b6%b1-ubuntu-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%b1/

    ReplyDelete
  13. @හිස් අහස :
    අපෝ මල්ලි ලිනක්ස් නම් දා ගන්න එපා. මේ ලෝකේ වෑඩක් කරන්න බෑ. වින්ඩොඉස් වගේ නෙමෙයි ලිනක්ස් කියන්නේ. ඒක තියෙන්නේ ප්‍රොග්‍රෑම් ලියන කට්ටියට
    කොටින්ම ඩිවෙලොපර්ස් ලා ට.
    මම එච්චර ප්‍රවීනයෙක් නම් නෙමෙයි. ඒත් ටිකක් ටිකක් ලිනක්ස් දන්නවා.

    @sankalpana.info :
    එහෙම උනා නම් කොච්චර ශොක්ද අයියා. අපට එපා වෙලා තියෙන්නේ මේ ලිනක්ස් එක්ක.

    @Akila's Blog | අකිලගේ සයිබර් සටහන්…. :
    බොහොම ස්තුතියි අකිල ලින්ක් දෙක එවුවට.

    ReplyDelete
  14. podi awuluk thiyee. ma ma kubuntu use karanne. translate wenne chineses walatanee, sinhala language eka select karanne kohomada

    ReplyDelete
  15. @Anonymous :
    ඒකේ තියෙනවා ලැන්වේජ් සිලෙක්ට කරන්න එකක්. අන්න ඒකට ගිහින් බලන්න. මම නම් උබුන්ටු පාවිච්චි කරන්නේ. ඒ නිසා කුබුන්ටු වලට හරියට වැඩ කරනවද කියලා නම් දන්නේ නෑ.

    ReplyDelete
  16. ස්තුතියි.
    ඩික්සනරිය වැඩ කරනවා.

    ReplyDelete
  17. mama use karanne fedora

    but apt-get command eka wada na ne

    ReplyDelete
  18. Тhe article has confirmеd beneficial to me
    pеrsonally. It’s very hеlpful аnd you're simply obviously very well-informed of this type. You get exposed my own eye to various thoughts about this specific subject matter with intriguing, notable and solid content material.

    Visit my web page; Buy CIALIS Online
    Here is my blog ; Cialis online

    ReplyDelete
  19. Yоur artiсle fеatures verіfieԁ nесessary to me.
    It’s quitе еduсatіonal
    аnd yοu агe obvіouѕlу very educateԁ οf thiѕ type.
    You posseѕs openeԁ up my eуes tο bе able to diffеrent οpinion of thіs
    ѕpеcifіc subјect matter
    using intriguing anԁ ѕound written content.


    my blog; Buy Zolpidem
    Also see my page > zolpidem

    ReplyDelete
  20. Fedora's default package manager is rpm.
    So you could try rpm -i
    In this case rpm -i stardict
    Not sure if it exist though : )

    @Admin
    Why not just use Wine to install Mahdura on linux?

    ReplyDelete
  21. Linux patta.. mama kaleka indan wada karanawa..Linux mint ekka

    ReplyDelete
  22. බොහොම ස්තුතියි,, ලස්සනට වැඩ ;)

    ReplyDelete
  23. thanks.....digatama liyanna...

    ReplyDelete
  24. කවුද කියන්නේ ලිනක්ස් කියන්නේ ජරාවක් කියලා? ලිනක්ස් තමයි හොදම. මම එහෙම කියන්නෙ අත්දැකීමෙන්. මම ඔය අලුතෙන් ආපු ජනේල ටිකත් අත්හදාබැලුවා ඒත් Kali Linux, Ubuntu, Debian, Fedora වලට ගහන්න එකක් නෑ. ආයෙ එන්නෙත් නෑ. ගේට්ටුවා ජනේල හදලා සල්ලි හම්බකරා. ඒත් Linus Travolds මහත්තයා Linux හදලා ඒක ජනතාවට නිකන්ම දීලා මහජන සේවයක් කරා. අන්න ඒකයි වැදගත්කම සහ වත්කම කියන්නේ. අපිට සර් කෙනෙක් කීවා මෙන්න මෙහෙම World's greatest supercomputers and heavy cloud severs are running on Linux! Then why not your 2 to 3GHz machines? ලිනක්ස් වලට හුරුවෙයල්ලා. දැන් අලුතෙන් Google කාරයත් ගහනවා Chromebooks කියලා ලැප්ටොප් ජාතියක් අන්න ඒවගෙ එන්නෙත් Gentoo අනුසාරයෙන් හදපු Chrome OS එක. ඒවත් පට්ටටම තියේ. හැබැයි ඉතින් Chromebooks වටින්නෙ cloud-computing කරන අයට. මොනවා නමුත් දන්නවනේ Android? අන්න ඒකත් රන් කරන්නෙ ලිනක්ස් කර්නල් එකම තමයි. ආයෙ කවර කතාද?

    ReplyDelete
  25. tar එක නිකම්ම extrat කරගෙන nautilus ගහලා කොපි කලා මරුවට වැඩ ලිනක්ස් ජරාවක් කියනවනම් ඌ බූරුවෙක්

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.