15 March 2011

අපල කාලයක්


මේ මාසෙම එක එක්කෙනා ලියන බ්ලොග් සටහන් කියව කියවා ඉදලා මමත් ලිපි ටිකක් පල කරලා සන්තෝසෙන් හිටියා. ඒ උනාට ඒ සතුට වැඩි කාලයක් තියෙන්න ලැබුනේ නෑ. දන්නෙමත් නැතුව විභාගයක් අත ලගට ඇවිත්. මට නම් දැන් විභාග වලට ලියලම එපා වෙලා. මේ වෙනකොට පුදුම විභාග ගොඩක් ලියලා තියෙන්නේ.

එක විශයක ප්‍රශ්න පත්තරේකට නම් උත්තර ලියා ගත්තා. අනිත් විශයයට පාඩම් කරන්න ඉරිදා ඉදලම පටන් ගත්තා. පාඩම් කරන අතරතුරේ මට කෝල් එකක් ආවා කලින් කරපු සබ්ජෙක්ට් එක කරපු මිස්ගෙන්. කෝල් එකේ තිබ්බේ මෙහෙමයි.

" හෙලෝ මම මේ කම්පයිලර්ස් සබ්ජෙක්ට් එක උගන්වන **** මිස් කතා කරන්නේ. ඔයා චින්තක නේ ද ? ඔයා එග්සෑම් එක රිෂෙඩුල් (Re-schedule)කරන්න කියලා ඉල්ලලා තිබ්බා නේ. කවද්ද ඔයාට එග්සෑම් ලියන්න පුලුවන් අගහරුවාද ද බදාද ද ?"

ඔහොම තමයි කෝල් එකේ තිබ්බේ.මම හිතුවේ මාව අන්දන්න හදන්න අපේ බැච් එකේ කෙල්ලෙක් දීපු කෝල් එකක් කියලා. මමත් ඉතින් රටේ නැති ටෝක් ගොඩක් ඉෂූ කලා. කවදා කාපු චීස් ද.කවද්ද මිස් කෙනෙක් මට කෝල් එකක් දීලා එග්සෑම් ලියන්න එනවද කියලා ඇහුවේ. එග්සෑම් එකක් මිස් (miss) උනොත් ඒ විශය උගන්වන සර්ගේ හරි මිස්ගේ හරි කේශාන්තයේ ඉදලා පාදාන්තය වෙනකන්ම වැදලා තමයි විභාගේ ආයේම ලියන්න දාගන්නේ. අනිත් එක තමයි ඔය වගේ බයිට් කේස් කොහෙන්හරි මටම තමයි කඩා පාත් වෙන්නේ. ඒ නිසා ඒ ගැන පුදුම අත්දැකීම් ගොඩක් මට තියෙන්නේ. ගොඩක් වෙලාවට බයිට් කේස් එකක් ක්‍රියාත්මක කරන්න කලින් ටෙස්ට් කේස් එක විදිහට මට මුහුන දෙන්න වෙනවා.

(කොහොමහරි කතා කරපු මිස්, ෆෝන් එක දඩස් ගාලා තිබ්බා.)

ඊයේ තමයි දන්නේ මිස් ට වැරදිලා වෙන චින්තකයෙක්ට කතා කරන්න ඕන එකක් මට කෝල් කරලා කියලා. මොකද අපේ බැච් එකේ චින්තක කියන නම තියෙන දෙන්නෙක් ඉන්නවා. කොහොමහරි ඒ වෙනකොට මට බබා හම්බ වෙලා. දෑන් පලයන්කෝ මිස් ව හම්බ වෙන්න. අගහරුවාදා දවසේ යන්න විදිහක් නෑ. සර් ලා උද්ගෝෂනයක්. ඒකටත් බදාදා වෙනකන් ඉන්න ඕනේ. වෙච්ච වැරැද්දට ඔය මිස් ව හම්බ වෙලා සමාව ගත්තේ නැත්නම් ඒ විශය පාස් වෙන එක හිතින් අත ඇර ගන්න වෙනවා. ඒ තරමට අපේ මිස්, සුන්දර වනිතාවක්.

මොන කරුමෙකට ද මන්දා මම කම්පියුටර් කරන්න ආපු දා ඉදන් ඩිපාර්ට්මන්ට් (Department) එකට එන ගෑනු පරාන වලින් අපලයි. මට මතකයි එක සැරයක් වෙන මිස් කෙනෙක්ගේ ලෙක්චර් එක වෙලාවේ වහලේ සීවිලිම දිහා බලාගෙන ඉදලා අහපු ප්‍රශ්නෙට උත්තර දීගන්න බැරි උනා කියලා රෙදි ගැලවෙන්න බැන්නා.මට ඉතින් ඉංග්‍රිසි තේරෙනවනම් ඔය කියන දේවල් අහගෙන ඉන්නවනේ.

කොහෙන් ගියත් ඕවා මටමයි කඩා පාත් වෙන්නේ. මොනවා කරන්නද මේ ඔක්කොම අමතක වෙලා යන්න කියලා අද තියෙන 'විදූ' ෆිල්ම් එකවත් බලලා ඉන්නවා.

චින්තක කියන මට තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව පතාගෙනම යන්නම්. !!!!

----------------------------------------------------------------
ප. ලි.- නමේ අකුරුවල මොකක්හරි අපලයක්වත් තියෙනවද කියලා බලා ගන්න ඕනේ.

26 comments:

  1. මධුරංග අයියටත් වෙන්නේ මාර දේවල් තමා | මොනා කරත් කමක් නෑ ඔයා එක්සෑම් හරියට කරගන්න අයියේ.....

    ReplyDelete
  2. මෙතනින් එලියට යනකල් ජාමෙ බේරගෙන ඉන්න සහෝ. මොනා කරන්නද උන්ටම ගිය කැම්පස්. Same here.

    ReplyDelete
  3. අපිටනම් කොම්පයිලර් ඉගැන්නුවෙ ඔය මැඩම්ගෙ සර්, ඒ කාලෙ සර්ට දිග කොණ්ඩයක් තිබ්බා. මැඩම් රට ඉඳන් ආවට පස්සෙ සර්ට බැනල කොණ්ඩෙ කප්පවලා :D

    ReplyDelete
  4. නම වෙනස් කරමු....රත්ගමයා වගේ ස්වීට් නමක් දා ගත්තනම් ගොඩ...
    (එතකොට නම් මිස්ලා පස්සෙන් ඒවි ...පරිස්සමෙන් හැබැයී
    විභාගේ ගොඩ දාගනීවා!!!!

    ReplyDelete
  5. හෙට නේද දවස පාදාන්තයේ ඉදලා කේශාන්තයට හරි කේශාන්තයේ ඉදලා පාදාන්තයට හරි නැත්තම් වෙන අන්තයකට හරි වැදලා සමාවට භාජනය වෙන එක තමා තියෙන්නේ

    මේ අය්යේ මට තව ගොo ප්‍රශ්නයක් අහන්න තියනවා ඒක තමය් මොකක්ද ඇත්තටම ඔය ප.ලි කියන එකේ තෙරුම.....?

    ReplyDelete
  6. ඔව්ව ඔහොම තමයි.අපේ එකෙත් දවසක් ලෙක්චර් කෙනෙක් කිව්ව මතක තියාගන්න ඔයාලා එලියට යන්නෙ අවුරුදු 4න්ද නෑත්තම් කීයෙන්ද කියල තීරණය කරන්නෙ අපි.ඒ නිසා පරිස්සමෙන් කියල. කොහොමත් එලියට යනකල් එයාලත් එක්ක ගනු දෙනු පරිස්සමෙන්!

    ReplyDelete
  7. එකට එන ගෑනු පරාන වලින් අපලයි. ? ඒකට නම් ඉක්මනින් ශාන්තිකර්මයක් කරගත්තොත් හොඳයි මලේ... :P

    ReplyDelete
  8. "චින්තක" කියන නමේ පොඩි අවුලක් තියනවා අයියේ . මම අද්දැකීමෙන් කියන්නේ හරිද . මොකද මගේ නමටත් ඔහොම කොටසක් එනවා .. නම වෙනස් කරමු අපි නම වෙනස් කරමු "චින්තක" වෙනුවට දාමු නිකම් "කන්තක" වගේ නමක් කොහොමද ? පට්ටය‍ඉ නේද .. ඒක නෙවේ අයියට කැම්පස් එකේ වැදිල තියන කාඩ් එක මොකද්ද ?

    බොලේ මිස් කෙනෙක් උඹට රෙදි ගැලවෙන්න බැන්නා ....! නෑ ..! :)

    ReplyDelete
  9. ඔන්න ඔහේ ඉන්න ඩිංගෙ හිත හොඳින් ඉඳල එලියට වරෙන් බං. කෙලගත්ත කියල ඇතිවෙන සෙතක් නෑ නෙ.

    ReplyDelete
  10. @Malith Madushanka | මධූ :
    අපොයි ඔව් මෙල්ලි මොනවහරි කරලා මේකෙන් අවුට් වෙන්න තමයි බලන්නේ. වැඩේ කියන්නේ ඕවා මටමනේ කඩා පාත් වෙන්නේ

    @පිණිබිඳු... :
    ඒකනම් ඇත්ත වෙන්න ඇති. ගොඩක් කැම්පස් වෙල තියෙන්නේ ඕකම වෙන් ටෑ.

    @Chanaka Aruna Munasinghe :
    ඒක තමයි සර් එහෙනම් තට්ටයා වගේ ඉන්නේ. අගල් තුනකට වඩා දිග කෙස් ගහක් සර්ගේ ඔලුවේ හොයාගන්නම නෑ..

    ReplyDelete
  11. @රත්ගමයා :
    රත්ගමයා වගේ නමක් දාගත්තා වගේ නෙමෙයි රත්ගමයා වගේ කුප්ප වැඩත් කරන්න එපැයි.

    @බීටා :
    ඔව් ඒක හරි. කොහොමහරි කරලා සමාව ගන්න ඕනේ.
    ප.ලි. කියන්නේ පසුව ලියමි කියන එකනේ මලයෝ

    @නදී...:
    මම මාර පරිස්සමකින් ඉන්නේ. ඔය ඔහොම දෙයක් උනාමයි. ඒ කතාව හරි ඉස්කෝල වගේ නෙමෙයි. ආවට පස්සේ යන දවස තීරනය කරන්නේ සර්ලම තමා.

    ReplyDelete
  12. @සංකල්පනා - රුවන් :
    ඔව් ඉක්මනින්ම කර ගන්න එක තමයි හොද. නත්නම් තව ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නෑනේ.

    @හිස් අහස :
    ඔව් කන්තක කියලා දාගත්තම එල නේ. අස්සයා වගේ ඉදීවී නේ.

    @nawammawatha :
    හිත හොදින් එලියට එන්න තමයි ඉන්නේ මේ අය එලියට එන්න දෙන්නේ නෑනේ අයියා.

    ReplyDelete
  13. වෙලාව ටිකක් බලාගෙනම මිස්ව හම්බවෙන්න යන්න

    ReplyDelete
  14. ඔයා ලියන විදියනම් පට්ටයි කියල කිව්වත් මදි වගෙ හිතට ඒ තරම් ගති..අහම්බෙන් වගෙ තමයි blog 1 දක්කෙ....ඔන්න මාත් follow පාරක් දැම්මා.....

    ReplyDelete
  15. අපොයි ඔව්, කැම්පස් ගියාම ඉතින් එයාල කියන දේකට එහෙයි කියගෙන ඉන්න තියෙන්නෙ.

    ReplyDelete
  16. හිහ් හිහ් පව් අනේ...
    ඔයාට තිස් තුන් කෝටියක් දෙවි දේවතාවන්ගේ රැකවරණයි !! ආරක්ෂාවයි ;) :P

    ReplyDelete
  17. @ප්‍රාර්ථනා :
    මටත් හිතෙනවා වෙලාව ටිකක් බලා ගත්තා නම් ඉවරයි කියලා.

    @Apollo :
    බොහොම ස්තුතියි සහෝදරයා මම ලියපු ලිපි අමාරුවෙන් හරි කීයෙව්වට.

    @Kasun :
    ඒක හරි වැඩිය කියෙව්වොත් අවුට් වෙන්න ලැබෙන්නේ නෑ.

    @ස්වප්නා :
    මොකෝ මොකෝ ස්වප්නා හිනා වෙන්නේ. කොහෙද මෙච්චර කල් අතුරුදහන් වෙලා හිටියේ ???

    ReplyDelete
  18. අපොයි ලෙක්චර්ස්ලා ගැන නම් කතා කරලා වැඩක් නෑ...Campus වල තියෙන්නෙ පාඩම් කෙරුවොත් ගොඩ කියන සංකල්පෙ නෙමෙයිනෙ දුන්නොත් ගොඩ කියන එකනෙ...

    හොඳ මූණ පෙන්නගෙන අනිත් එවුන්ව කපාගෙන ඉන්න එකාටයි තැන.........

    Campus වල ඇත්ත තත්වෙ 3 idiots film එකේ මරුවට පේනවා...

    ReplyDelete
  19. @ හරී :
    ඒ කතාව ඇත්ත. කොච්චර පාඩම් කලත් වැඩක් නෑ ලෙක්චර ව තරහා කර ගත්තොත්...

    ReplyDelete
  20. අයියට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි.. ආරක්සාවයි..!!! හප්පේ.. විභාග වානා.. මට නම් මතක් කරන්නවත් එපා..
    (මම මේ බැලුවේ... තවත් ප්‍රාර්ථනා කෙනෙක් ඉන්නවනේ.. මගේ නිවුන් සහෝදරීද දන්නෙ නෑ..:))

    ReplyDelete
  21. @ප්‍රාර්ථනා :
    මටත් ඔය විභාග කියන ඒවා මතක් කරන්නවත් කැමති නෑ. ඔව් ඔව් තව ප්‍රාර්ථනා කෙනෙක් ඉන්නවා ලගදි බ්ලොග් අවකාශයට ආපු. නිවුන් සහෝදරීද කියලා බැලුවනම් !!!!

    ReplyDelete
  22. ඉතින් ඉතින් මොකද වුනේ..?
    මට නම් තාම ඔය විදියෙ වනිතාවන් දෙන්නෙකුගෙන් තමයි ප්‍රශ්න ඇති වුනේ හැබැයි තාම බැන්නේ නම් නෑ ඒත් ලෙක්චර් එකේදි ප්‍රශ්න වැඩියෙන්ම මට තමයි ආවේ ,කොටින්ම කිව්වොත් මගෙන් විතරයි ප්‍රශ්න ඇහුවෙත්,එක්කෙනෙක් තමයි අපේ"උසස් ගණිතය උගන්වන වනිතාව",අනිත් එක්කෙනා තමයි ඉස්කෝලේ භෞතික විද්‍යා වනිතාව. මාරම වැඩේ කියන්නේ, මට ඔය දෙන්නම උගන්නන කොට හිනා යනවා,ඔය කියපු දෙන්නටම තියෙන්නේ එකම රෝගය ඒ උගන්නන්න බැරි කම දෙනම කරන්නේ සහ කළේ කොළේක ලියන් ආපු නෝට් එකක් බෝඩ් එකට කොපි කරපු එක.මේ දෙන්නටම හොඳට බලා ලිවීම පුළුවන් මගෙ හිතේ..

    ReplyDelete
  23. @කැන්ඩි... :
    අපේ ඉස්කෝලෙත් ඔහොම වනිතාවක් හිටියා. එයත් කළේ ඔය දේම තමයි. පොතක් එහෙම් පිටින්ම බෝඩ් එකේ ඇලෙව්වා !!!!

    ReplyDelete
  24. අඩේ මේක දැන් දැක්කේ බං. කලබලේ වැඩ කරන්න ගියාම ඔහොම වෙනව මචෝ

    ජය...

    ReplyDelete
  25. @Gayan Rupasinghe :
    ජය, පරා ජය වෙලා තියෙන්නේ සිංහයෝ !!!!

    ReplyDelete
  26. swarna madam neda ambooooooooooo

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.