09 March 2011

අළු බදාදා


අද අළු බදාදා දිනයයි. ගොඩක් අයට මේ දිනය නුහුරු උනාට ලංකාවේ කතෝලික අයට නම් මේ දිනය සුවිෂේශ දිනයක්. මේ නුහුරු බව නිසාම නොදන්න පිරිසකුත් ඇතැයි කියලා හිතුන නිසා මේ දිනය ගැන චුට්ටක් කියලා දෙන්න හිතුවා.

අළු බදාදා දිනයේ මූලික ම විෂේශත්වය තමයි ' දූවිල්ලෙන් සැදුනු මිනිසා දූවිල්ලටම හැරෙන්නේ ය ' කියන දේව ප්‍රකාශය සිහිපත් කරන දිනය වීමයි. කිතුනු විශ්වාසයට අනුව ලොව මැව් දෙවියන් වහන්සේ මිනිසාව මැව්වේ පොලොවේ තියෙන පස් (දූවිල්ල) ටිකක් අරගෙන ඒ පස් ටිකට ජීවන හුස්ම හෙලීමෙන් කියලා සදහනක් තියෙනවා. එහෙම නිර්මානය කරපු මනුශ්‍යයා නැවතත් දුවිල්ල බවට එහෙමත් නැත්නම් කවදාහරි මේ මහපොලවට පස් වෙනවා කියන සදාතනික ධර්මතාව සිහි කරන්නේ මේ සුවිෂේශි දවසේ.

එදාට ලංකාවේ සෑම දේවස්ථානයකම වගේ දේව මෙහෙයක් (දිව්‍ය පූජාවක් ) පවත්වලා ගොක් කොල පුලුස්සන ලද අලු ආශිර්වාද කරලා ඒවා සංකේතාත්මකව තම නලලේ ආලේප කර ගන්නා නිසාම තමයි ඒ දිනයට අළු බදාදා කියන නම ලැබිලා තියෙන්නේ.

ලංකාවේ වගේම තමයි ලෝක වාසි ක්‍රිස්තු භක්තිකයනුත් එක වගේම මේ දිනය සමරනවා.

ඒ වගේම තමයි කිතුනු බැතිමතුන් චතාරික කාලය එහෙමත් නැත්නම් ජේසුස් වහන්සේ ජුදා හේවායන්ට හසු වීමේ සිට කුරුස ගසේ උකුත් වීම දක්වා සිද්ධි දාමය සිහි කරන කාලය පටන් ගැනීම සිදු වන්නේත් මේ අළු බදාදා දිනයට පසුවයි. කොටින්ම කියනවනම් කිතුනු බැතිමතුන් මේ කාල සීමාව හදුන්වන්නේ දුක්ප්‍රාප්ති කාලය කියලයි. මොකද මේ කාලයේදී තමයි කිතුනු දහම ලොවට ප්‍රකාශ කල ආගමික නායකයාගේ දුක්ප්‍රාප්තිය සිහි කරන්නේ.


මේ කාල සීමාව තුල මස් මාංශ අනුභවයෙන්, නිරාහාර ශීලය රැකීමෙන්, විනෝද ගමන් බිමන් යෑමෙන් ඈත් වී දහමට සිත යොමු කිරීමට කිතුනු බැතිමතුන් වග බලා ගන්නවා. මේ කාල සීමාව අවසන් වන්නේ ජේසුස් වහන්සේ මරනින් නැවත නැගිටින එහෙමත් නැත්නම් මරනින් උත්ථාන වන පාස්කු ඉරිදායින්.

කිතුනු ඇදහිලි වලට අනුව දම් පැහැය මනස්ථාපනයේ පාට වශයෙන් සලකන නිසා මේ කාල සිමාවේදී දේවස්ථාන භාර පියතුමන්ලා දම් පැහැයෙන් යුතු වස්ත්‍ර වලින් සැරසී පූජා පැවැත් වීම සිදු කරයි.



20 comments:

  1. ජේසු තුමාගේ දුක් ප්‍රාප්තිය සිහි කිරීම

    ReplyDelete
  2. අයියා ජුදා හේවායන්ට අහු වුන දා ඉදන් නෙමේ නේද... අද ඉදන් දවස් 40ක් නේ ජේසු තුමන් දුශ්කර ක්‍රියා කරන්න යන්නෙ ?

    ReplyDelete
  3. නොදන්න දෙයක් දැන ගත්තා......

    ReplyDelete
  4. අළු බදාදා, ගොක් ඉරිදා, මහ බ්‍රහස්පතින්දා, මහා සිකුරාදා, ආලේලූයියා සෙනසුරාදා සහ පාස්කු ඉරිදා කියන කතෝලික බැතිමතුන්ට වැදගත් වන දින කිහිපයක්ම ඇතුලත් වන්නේ අළු බදාදායින් පටන් ගන්න දින 40 ඇතුලත තමයි. මෙයින් මගේ හිතට නම් වඩාත්ම සමීප වෙන්නේ මහ බ්‍රහස්පතින්දා දවසේ අවසාන භාගයේ සිදුවන සිදුවීම් කිහිපයයි. ජේසුව රෝම හේවායන් අල්ලගෙන වධ බන්ධන වලට ලක් කරලා ප්‍රධාන පූජකයන් ඉදිරියට ගෙන යන අතරතුර ජේසුත් එක්කලා අවුරු ගාණක් ලගින්ම ආශ්‍රය කළ ප්‍රධාන ගෝලයා වන පේදුරුව හම්බවෙන අවස්ථාව. පේදුරු ඒ අවස්ථාවේදී අහක බලාගන්නේ ජේසුව හදුනන්නේවත් නැති බව පවසමින්. අපිත් අපේ ජීවිතය තුළදී යම් යම් තීරණ වලට එලඹෙද්දී යටිහිතෙන් කියවෙනවා ජේසු කියල තියෙන්නේ ඔහොම කරන්න නෙවෙයි කියලා. ඒත් ඒ වෙලාවට පේදුරු වගේම ජේසුව අදුරන්නේ නැති කෙනෙක් විදියට වැරදි දේම කරලා දානවා. මේ අවුරුද්දේ ඉදලාවත් එහෙම නොකරන්න උත්සාහ කරන්න ඕනි..

    ReplyDelete
  5. ලංකාවෙ ගොක් කොල අලු ගන්නව...එතකොට එංගලන්තෙ ගන්නෙ මොන අලුද???

    ReplyDelete
  6. @keeny: සමහර විට පේදුරු ඒ දේ නොකලානම් අද වන විට ක‍තෝලික දර්මය නොපවතින්න තිබුනා නේ? හිත් රිදවෙන දෙයක් එතන සිදු උනත් ඒක දේව කැමැත්ත්..
    මොකද ජේසු තුමන් තමන්ගේ ධර්මය ප්‍රචාරය කරන්න බාර දේන්නේ පේදුරු තුමාට නේ? බැරි වෙලාවත් ඒ වෙලාවෙ පේදුරු තුමා ඒ ඇත්ත පිලිගත්තානම් මොකද වෙන්නේ කියලා කල්පනාකරල බලන්න

    ReplyDelete
  7. @indi : යුරෝපියානු රට වල පාල්ම් අතු තමයි ගන්නේ

    ReplyDelete
  8. what is gok irida? how do you comemorate it?

    ReplyDelete
  9. මටත් තියනව ප්‍රස්ණයක්? ජේසු නිරහාරව යාක්ඤා කලේ කොයි කාලෙද? දවස්කීයක්ද? කරුණාකර දන්න කෙනෙක් කියනවද?

    ReplyDelete
  10. දවස් 40ක් එතුමා බෞතිස්ම ස්නාපනය ලබපු දා ඉදන්.... ( ශු. මතෙවු 3:13-4:11/ ශු. මාක් 1:9-13/ ශු. ලූක් 3:21-4:13)
    පසුව එතුමන් තමන්ගේ දර්මය දේශනා කිරීමට ගෝලයන් ‍තෝරාගනු ලැබුවා ඉන්පසු අවුරුදු 3ක් යන තෙක් ප්‍රසිද්ද ජීවිතය

    ReplyDelete
  11. මමනම් මේ වගේ චාරිත්‍රයක් ගැන දැනගෙන හිටියේ නෑ . මගේ සාමාන්‍ය දැනුම 0 ද එතකොට .

    ReplyDelete
  12. @පිණිබිඳු... :
    ඔව් ඔව් මේ දවස්වල තමයි ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහි කරන්නේ

    @MaRLaN :
    ඔව් මල්ලි. මල්ලි හරි. මම සදහන් කලේ චතාරික කාලයේ සිහි කරන්නේ ජේසු තුමාගේ දුක්ප්‍රාප්තිය කියල. ඒක පටන් ගන්නේ අළු බදාදා ඉදල දවස් හතළිහක්..... මම ලියලා තියෙන එකේ වැරැද්දක් හන්ද නොතේරුනා නම් සමා වන්න...

    ReplyDelete
  13. @කල්හාර දිසානායක :
    බොහොම ස්තුතියි. මටත් ඕන කරලා තිබ්බේ මේ ගැන දන්නේ නැති අයව දැනුවත් කරන්න.


    @Kenny Dematagoda :
    මොනවා කරන්න ද සහෝදරයා. අපි ලගින් ඉන්න ය අපේ දුකේදී අපිව අදුනන්නේ න කියලා කිව්වම හිතට ලොකු දුකක් දැනෙනවා. එදා ජේසුස් වහන්සේටත් ඒ දුක දැනෙන්න ඇති. නමුට් පේදුරු තුමා එදා කරපු දේ නැත්නම් අදට කතෝලික ආගමක් නැතුව ඇති. මොන දේ උනත් ඒක දේව කැමැත්ත නේ.


    @indi :
    මම නම් එංගලන්තේ ගන්නේ මොන අළු ද කියල දැනගෙන හිටියේ නැහැ.නෙට් එකේ සර්ච් කලාමයි දන ගත්තේ මොන අළුද ගන්නේ කියලා. මාලන් මල්ලි කිව්වා වගේ පාල්ම් ගහේ කොළ වල අළු තමයි ගන්නේ. ලංකාවේ ඉතින් පාල්ම් ගස් නැහැනේ.


    @Sandamal :
    බොහොම ස්තුතියි...

    @MaRLaN :
    බොහොම ස්තුතියි මල්ලි පිළිතුරු සැපයුවාට..

    ReplyDelete
  14. @Anonymous :
    කතෝලිකයෝ ගොක් ඉරිදා සමරන විදිහත් වෙනම පොස්ට් එකකින් දාන්නම්. ඒක පේලියකින් දෙකකින් කියල ඉවර කරන්න බැහැ. සහෝදරයා ඉදිරියේදීත් අපිත් එක්ක රැදී හිටියොත් ඒක දැනගන්න පුළුවන්.

    @පීවර් :
    මම දන්නේ දවස් හතළිහක් කියල විතරයි. කවදද කියලා නම් දන්නේ නැහැ. මාලන් මල්ලිගේ කමෙන්ට් එකෙන් තමයි ඒක දැන ගත්තේ.

    @හිස් අහස :
    එහෙම සාමාන්‍ය දැනීම බින්දුවක් වෙන්නේ නැහැ මලයෝ. මම හැදුන පරිසරයයි ඉස්කෝලෙන් ලැබුණු අත්දැකීම් හින්දයි මේවා දන්නේ. අනික මල්ලිලාගේ පැත්තේ කතෝලික අය අඩුයි නේ. අපේ පැත්තේ නම් ගේ වටේටම ඉන්නේ කතෝලික අය. මොනවා උනත් මල්ලි දැන් දන්නවනේ. එච්චරයි ඕනේ. :)

    ReplyDelete
  15. වැදගත් ලිපියක්.....දන්නේ නැති එව්වා එමටයි නේ

    ReplyDelete
  16. @රත්ගමයා :
    ඒක නම් ඇත්ත තමා. මමත් මේ ඉගෙන ගන්නවා.

    ReplyDelete
  17. මම මේ ගැනත් මුකුත් දැනන් හිටියෙ නෑ.. තැන්ස් බං :) :)

    ReplyDelete
  18. me thoraturu dammata obata behevinma sthuthi epamanak nova meya kithunu apata itha wadhagath dinayaki obata jesu pihitai

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.