06 March 2011

අවිඳු අඳුරෙන් වැසුණු ජීවිතය...

සිය වසකටත් අඩුව ගෙවන ජීවිතය...
විටෙක සොම්නසද විටෙක දොම්නසද
තවත් විටෙක හිස් බවද රැඳී මේ ජීවිතය...
පිපාසිත මුව රැලක් මෙන් ලුහුබඳින
මායා මිරිඟුවක් වූ ජීවිතය...
බොහෝ සේ වෙහෙසවී හති දමා දුවන්නේ මේ කොහිද
ලොවේ බොහො දනන් සොයනවා නොවේද සන්තෝෂයක්
අරටුවක් ලෙසින් කෙසෙල් ගසක් වූ ජීවිතයේ...
නොලැබෙන්නේය කිසිවෙකුහට සැපක් සොම්නසක් නම්
සොයන විට එය අල්ලගෙනම ජීවිතය...
දරුණු වූ රෝගයන් නොයෙක් සිත් තැවුලින් පිරි
සිතූ විට යම් දෙයක් අනෙකක්ම සිදුවන මේ ජීවිතය...
කල යුත්ත වෙනතකය, කරන්නේ අනෙකක්මය
අවිඳු මහා ඝනඳුරින් වැසුණු මේ ජීවිතය...
කල නොහැක විශ්වාස, ගොදුරක් කරන්නට සැම වෙලේ
අර අදින මරු හටම දායාද වූ ජීවිතය...
මරණයෙන් නිම වෙන, කල කී සිතු දෑ පමණක් ම
රැගෙන යන ජීවිතය...
මවුපියන් නෑ සිය මිතුරන් ද හැර දමා, අලුත් ජීවිතයකට
මුල පුරන දම්වැලකි මේ ජීවිතය...

මැවුම්කරුවෙකු නොමැති ඉබේ ද හට නොගත්
හේතුවක් නිසා සකස් වුනු මේ ජීවිතය...
දකිති ලොව නැණැති දනන්, පවසූ ලෙසින් ගෞතම මුනිඳු
මහා දුක් ගොඩක් ලෙසින් මේ ජීවිතය...
නොකරමින් සැහැසිකම්, නොතෙපලමින් බොරු වදන්, නොසිතාම රාගයෙන්
අවබෝධ කල යුතුය මේ ජීවිතය...
දියුණු කල විට මනස නොපමාව වීරියෙන් හා මනා නුවණකින්
දැකිය හැක අනියත බවම පිරි ජීවිතය...
දකින විට අනියත බවත් දුක් බවත් කලකිරී නොඇල්මෙන්
නිදහස් විය හැකිය ජීවිතෙන්...
වළකමින් සියලු පව්, දියුණු කරමින් මනස, ලබාගෙන ප්‍රඥාව
මිදෙමු මේ ජීවිතෙන්...



තෙරුවන් සරණයි !!!

10 comments:

  1. කොහෙන්ද මේක වන්ටු ගැහුවේ

    ReplyDelete
  2. @Anonymous :
    අඩෝ ඇනෝ මේක කොපි කරපු එකක් නෙවේ ඩෝ !!!!
    කාලිංගයා ලියලා දුන්නේ මේක දාන්න කියලා. මේකේ සියලුම අයිතිය දැන් මා සතුයි හරිද !!
    මම කවදාවත් අනුන්ගේ ඒවා දාන්නේ නෑ හරිය !!!
    උබ බයටද නම දාලා කමෙන්ට් කරන්නේ නැත්තේ !! :)

    ReplyDelete
  3. සාදු සාදු සාදු!!
    මාගේ ස්වාමී වූ ගෞතම මුනිඳුන් හට මාගේ නමස්කාරය වේවා!
    නමෝ බුද්ධාය..

    කාලිංග සහ මධුරංග දෙ දෙනාටම බොහොම පිං...

    ReplyDelete
  4. අපි දුකෙන් මිදෙමු....ඒත් කවද ද?

    ReplyDelete
  5. මධුරංග අයියා මොකද කවුද මොකාද ? සද්දේ දන්නේ . අපිත් එන්නද ?

    ReplyDelete
  6. @රත්ගමයාසන්දිට්ඨික වූ ධර්මය මනාකොට අනුගමනය කිරීමෙන් මේ ජීවිතයේදීම වුවත් දුකින් මිදෙන්න පුළුවන්.

    ReplyDelete
  7. @ජීවන් මහේන්ද්‍ර ජයතිලක :
    මට වඩා ස්තුති කරන්න ඕනේ කාලිංඝට. මොකද එයා තමයි මේ ලිපිය ලියලා ධර්ම දානයක් වශයෙන් පල කරන්න අයිතිය දුන්නේ.


    @රත්ගමයා :
    ධර්මය අවබෝධ කර ගත්ත තැන දුකේ කෙලවරයි. ඒ හින්දා ධර්මය රකින්න. ධර්මය පිලිපදින්න ධර්මය අවබෝධ කර ගන්න.

    ReplyDelete
  8. @හිස් අහස :
    මොකෙද්ද මන්දා ඇනෙක් ඇවිත් මෙතන සද්දේ දාන්න හදනවා. කවුරුහරි අපේ එකෙක් වෙන්ට ඕනේ. අවුලක් නෑ. අල්ලගන්නම්කෝ ඕකව !!!

    @Kalinga :
    රත්ගමයට පිලිතුරු ලබා දුන්නට බොහොම ස්තුතියි

    ReplyDelete
  9. ආහ් එ කියන්නේ මධු අයියා තව ටික දවසකින් කැම්පස් එකෙනුත් එලියට පය තියෙනවා... කිව්වත් වගේ ලොක්කෙක්... :D

    සුභ අනාගතයක් අයියේ..

    ReplyDelete
  10. @නිම්ශා :
    අප්පොච්චියේ නිම්ෂා නංගි වෙන පෝස්ට් එකකනේ කමෙන්ට් එකක් දාලා තියෙන්නේ.

    ආහ්... කමක් නෑ නංගිගේ සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.