28 February 2011

සොයුර ඔබට නිවන් සුව අත්වේවා !!!!



ලස්සනම ලස්සන අනාගතයකට ....
පැතුම් මල් පොදි බැඳන්...
මතකයි නුඹ...
අපි එක්ක පිය මැන්නා.
මේ සරසවි බිමට

ඉතින් ආදර සොයුර,
ඒ සිහින් ඉටුවන්න....
නැත තවත් බෝ දිනක්
ඒත් ...
මුසුවුනා ඒ සිහින මේ වාතලයට
තනියම නම් නොවෙයි,
නුඹවත් අපෙන් උදුරගෙන

නුඹේ හඩ නුඹේ සිනහව....
කවදානම් යලි අහන්නද ?
ඉතින් මා සොයුර
පතන්නම් නුඹට
මතු සසරේදීවත් ....
අත් නොවන්නට මෙවන් ඉරණමක්....
නුඹට නිවන් සුව.....

ප. ලි.- රසික රොහාන් අපේ ම මිතුරෙක් අපේම සොයුරෙක්.
අපිත් එක්ක අපේ දුකේදි එක්ව හැඩු අපේ කරදරයකදී අප අසලම සිට අපව දිරිමත් කල අපේම සොයුරෙක් මෙලෙස අප හැරදා යාවි යැයි කෙදිනකවත් අපට නොසිතුනි. එහෙත් දැන් ඔහු අපෙන් සමුගෙන ඇත.

නාත්තන්ඩිය දම්මිස්සරයෙන් අකුරු කර දහසකුත් එකක් බලාපොරොත්තු පොදි බැදගෙන ඉංජිනේරු පීඨයට පැමිණියේ ඔහුගේත් දෙමව්පියන්ගේත් හෙට දවසේ අරුනලු දකිනු රිසියෙනි. එහෙත් ඒ සියලු බලාපොරොත්තු බොද කර අපගේද දෙමව්පියන්ගේද නෙතට කදුලක් එකතු කර ඔහු මෙලෙස අප හැරදා යාවි යැයි හීනෙකින්වත් අපට නොසිතුනි.

ආදරනීය රසික රොහාන් සොයුර ඔබට නිවන් සුව අත්වේවයි පතන්නෙමු !!!!

13 comments:

  1. ඔහුට නිවන් සුව!!
    මොකක් වෙලාද යාලුව නැති වුනේ?

    ReplyDelete
  2. ඔය කියන්නේ ..අර විදුලි සැර වැදිල සදහටම අපෙන් සමුගත්ත විශ්ව විද්‍යාල සහෝදරය ගැන ද?

    ReplyDelete
  3. මධුරංග මල්ලි කාලෙකින් දැක්කේ ඒත් ඇවිත් ඉන්නේ කණගාටුදායක ආරංචියක් එක්ක.
    ඔයාගේ යාලුවාට නිවන් සුව අත්වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!

    ReplyDelete
  4. @තාරක Dilsh@n :
    යාලුවාට පිලිකාවක් හැදිලා නැති උනේ

    @සොඳුරු සිත :
    නෑ අක්කා. එයා නෙමෙයි. මේ අද නැති උනේ. විදුලි සැරකින් නෙමෙයි අසනීප වෙලයි නැති උනේ

    @සංකල්පනා - රුවන් :
    මොනවා කරන්නද අයියා. මමත් ගෙදර ගිහින් කැම්පස් එනකොටම ආරංචි උනේ ඔය කනගාටු සිදුවීම නේ.

    ReplyDelete
  5. මධුරංග අයියගේ යාලුවාට නිවන් සුව අත්වේවා !!

    ReplyDelete
  6. මල්ලිගෙ යාළුවාට නිවන්සුව පතනවා.

    ReplyDelete
  7. මගේ යාලුවෙකුත් පිලිකාවක් හෑදිල නෑතිවුනා.යාලුවට නිවන් සුව ප්‍රාර්තනා කරනවා!!

    ReplyDelete
  8. නම අමතක උනාට මම හිතන්නෙ මේ අර විදුලි සැර වදිල නැතිවෙච්ච සොහොයුරා වෙන්න ඕන. ඒක ඇත්තටම වලක්වාගන්න ඉඩක් තිබුන හේතුවක්. දැන් ඒ ගැන කතා කරල වැඩක් නැති උනත් මීට පස්සෙවත් වැඩිය සැලකිලිමත් උනොත් මේ වගේ ජීවිත නිරපරාදේ නැති නොවේවි.

    ReplyDelete
  9. ඔහුට නිවන් සුව අත්වේවා. සසර වසන තුරු මෙවන් අකල් මරණයක් නොවේවා

    ReplyDelete
  10. රසික අයියේ,
    අප සැම හඩවා අද ඔබ අපෙන් වෙන්ව යාවි
    ඒත් සසරේ මතු දිනක අපි යලි හමුවේවි
    පතමි එදිනට යලි හමු වෙන්නට
    මගේම සොයුරෙක් ලෙසින්

    ReplyDelete
  11. @හිස් අහස ,
    රත්ගමයා ,
    dinesh ,
    නදී... ,
    නවම් ,
    පිණිබිඳු... ,
    Upul :

    මිතුරා නැති වීමේ දුක බෙදා ගන්න පැමිනියාට බොහොම ස්තුතියි !!

    ReplyDelete
  12. චන්දික ලක්ෂාන්May 14, 2011 at 7:38 AM

    මම දැන් දැන් මේක දුටුවත් මේ කවිය දැකලා මගේ ඇස් දෙකට කදුළු ආවා. ඒත් වැටුනේ නෑ. ඒ තරම්ම මේ කවිය සංවේදී යි. මේ මරණයත් ඒ වගේම සවේදී එකක් වුණා මට. මොකද මටත් තියෙන්නේ ඔය සිහිනේ. මමත් දන්නවා අයියේ ඔයාලා වෙන කැපවීම.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.