21 February 2011

රථ වාහන සංගණනයකට ගිය දා


පහුගිය දවස්වල අපේ සිවිල් ඉන්ජීනේරු දෙපාර්තුමේන්තුව පොඩි සංගණනයක් කෙරුවා නුවර නගරය අවට වාහන ගමනාගමනය පිලිබදව. දවසකට නුවරට එන යන වාහන නිසා නගරාසන්නයේ වාහන තදබදය අවම කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඒකට අපේ බැච් එකේ එවුන් පොඩි පොඩි ගෘප් වලට බෙදලා නුවරට ඇතුල් වෙන්න පුලුවන් හැම පාරක් ලඟම දාලා තිබ්බා.


'' මචං මදුරංගයා, පොඩි වැඩක් තියෙනවා. දවසකට රුපියල් දාහක් දෙනවා. උබට එන්න පුලුවන්ද ? '' එක කණ්ඩායමක එකෙක් ඇහුවා.

'' රුපියල් දාහක් !!!! අඩෝ කෝස් එක දාලා හරි එන්නම් !!! කවද්ද කොතනටද කොහේටද එන්න ඕනේ ? ''

'' හෙට උදේ පහට හොස්ටල් එක ලඟ බස් හෝල්ට් එක ගාවට වරෙන්. මං එහෙනම් යනවා උබ උදේම වරෙන් ''


අරූ ගියාට පස්සෙ තමයි මතක් උනේ මොකක්ද මට කරන්න තියෙන වැඩේ කියලා අහන්න බැරි උනා නේ කියලා. මට ඉතින් දාහක් දෙනවා කිව්වම ලවක් දෙවක් නැති උනා. මොකද දාහක් තියෙන කොට සතියක් කන්න පුලුවන් සල්ලිනේ. කොහොමහරි උදේ පහ වෙද්දි කිව්ව තැනට ආවා. උදේ පට්ට සීතලේ ගැහි ගැහී ඉන්නැද්දී අරූ වෑන් එකෙන් තව සෙට් එකක් දාගෙන ආවා. මටත් නගින්න කිව්වට පස්සේ මමත් වාහනේට ගොඩ උනා. වාහනේදි තමයි කරන්න තියෙන වැඩේ අහ ගත්තේ.

''මචං උඹටයි දනාටයි කරන්න තියෙන්නේ. නුවරට ඇතුල් වෙන බස් වල විස්තර මේ කොලේ ලියන එක. ''

(1) නෝමල්/සෙමි/ලක්සරි/ඉන්ටර්සිටි
(2) බස් එකේ සීට් ගණන (සීට් ගනින්න බසය නැවත්වීම තහනම් )
(3) බස් එකෙ ඉන්න මගීන් ගනන (මගීන්ව බිමටබැස්සවීම තහනම්. )
(4) රූට් නම්බර් එක

ඔන්න ඔයවගේ ඒවා තමයි පුරවන්න තියෙන්නේ. වැඩේ කියන්නේ එක බස් එකක්වත් මිස් කරන්න බෑ. පැය කාලෙන් කාලට කොලයක් මාරු කරන්න ඕනේ. කන්න නවත්වන්න බෑ. තේ බොන්න නවත්වන්නත් බෑ. හැම කොලේම වෙලාව/පරීක්ශකගේ නම/තමන් ඉන්න ස්ථානය ඔය වගෙ එවත් පුරවන්න ඕනේ.

'' දැන් මචං අපි කීයෙ ඉදන් ඕවා ලියන්න ඕනෙද? ''

''හරියටම හයට පටන් අරන් රෑ අට වෙනකන් ඉන්න ඕනේ. උඹලට ලොකු කුඩයකුයි පුටු දෙකකුයි දෙනවා. දවල් කෑම ලඟ කඩේකින් කාපං. කෑම වලට සල්ලි දෙන්නේත් නෑ. ''

'' මචං මඩු වලිගයක් හරි දෙකේ දෙකේ රීප්ප කෑල්ලක් හරි තියෙනවද ? වෙලාවේ හැටියට හනස්සක් උනත් අවුලක් නෑ. ''

''නෑ බං.ඇයි ඒ ? ''

'' නෑ මගේ මේ කොන්දේ අමාරුවක් තියෙනවා ඒක අඩුකරගන්න කියලා. වැඩිය ඕන් නෑ මචං දෑත බදලා කොන්දට දෙපාරක් ගැහුවනං සුවර් එකටම හොද වෙනවා. ''


දැනුයි ගොනාට වගේ කරපු ගොංකමේ බරපතලකම දැනුනේ. මොනා කරන්නද කලින්ම ඔක්කොම අහලා හිටියනං ඉවරයි .කොහොමහරි මාවයි දනාවයි වැටුනේ නුවර තියෙන උසස් කියලා කියන පහත් බාලිකාවක් ලඟට (ඔව් ඔව් ඒක තමයි. නුවර ඉන්න පොශ් කෙල්ලෝ යන එක තමයි. ) මමයි දනායි කුඩේ අටවගෙන පුටු දෙකේ වාඩිවෙලා බස් ගනිනවා. හිටපු ප්ලේස් එක පට්ට. නුවර ඉන්න ලස්සනම කෙල්ලො පේලියට ඉස්කෝලෙට යනවා. යන ගමන් අපි දිහා බලලා අහක බලා ගන්නවා. අපි සිම් විකුණන එවුන් කියලා හිතුවද දන්නෙ නෑ.

බස් ටිකත් වැල නොකැඩී යනවා. ඈතින් සෙමියක් ( සෙමි ලක්සරියක්) එනවා. ඒත් එක්කම ලස්සන කෙල්ලෙක් පෙජරෝ එකෙන් බැහැලා ආවා. මං බස් එක දිහා බලාගෙනම,

''මචං සෙමි ලක්සරියක් එනවා !!!! '' කියලා කිව්වා.

'' නෑ බං ඕක සෙමියක් නෙමෙයි . ඉන්ටර්සිටියක් බං '' කියලා අර නංගි බබා දිහා බලාගෙනම අරූ කිව්වේ නැතෑ.

ඒ නංගි හිතලා තියෙන්නේ එයාට කිව්වා කියලා.

කෙල්ල හැරෙන් තැපෑලෙන්ම ගියා තාත්තා ලගට.තාත්තත් නුවර පට්ටම පොරක්. ඇවිල්ලා අපේ එකාගේ ෂර්ට් එකෙ කොලර් එකෙන් ඇල්ලුවේ නැතෑ. යන්තන් අතේ තිබ්බ කොල ටිකයි අයිඩි එකයි පෙන්නලා ෂේප් උනා. නැත්නම් එදා මදි නොකියන්න දෙන්නටම කන්න තිබ්බා.

කොහොමහරි හැන්දෑවේ කියපු විදිහට ගාන ලැබුනා. ඒවුනාට හවස් වෙද්දී පාං කියා ගන්න බෑ.

20 comments:

  1. කවද්ද අයියා!!! අව්වේ පට්ට ආතල් එකක් ගන්න ඈති දෙන්න!! කව්ද ඒ පොශ් කෙල්ල ?? නමක් එහෙම ??

    ReplyDelete
  2. ඉකේය්යා.....ඒකිට ඉන්ටර්සිටියව් කිව්වම ඔහොම නගිනව නම් මම වගේ එකෙක්ගේ කුප්ප කටකින් කුප්ප වචනයක් කියවුනොත් අන්කල් කාරයා බිමට ප්ලැට් වෙන්න දේවි වගේ....

    ReplyDelete
  3. හික්z මෙයාලටත් වෙන දේවල්...
    කොච්චර කට්ටක් කෑවත් මොකෝ 1000 ලෑබුනනෙ අවසානේ.

    ReplyDelete
  4. නූලෙන්නෙ බේරිලා තියෙන්නෙ.

    ReplyDelete
  5. ඔන්න කෙල්ලන්ට එක එක නං පටබැඳීමේ ආදීනව. හික්... :) උඹට ඔහොම කිව්වට දාහක් දෙනව කිව්වොත් මටත් ඔච්චරයි බං, මෙලෝ මලදානයක් අහන්නෙ නෑ හුටස් ගාල හා කියනව. අයිත් ඉතිං කොල්ලො දෙන්න සුළු ප‍ටු කට්ටක් යැ කාල තියෙන්නෙ. ඒත් මලේ ඉස්සරහින් කෙල්ලො පේලියට යනකොට නිකං පවං සලනව වගේ නේද?

    ඉස්සර මමත් ඔය ක‍ටුණායක දිහාවෙ රස්සව කරනකොට උදේට හැතැක්මක් විතර පයින් කොටන්න තියෙනව, ඒත් ඉතිං කෙල්ලො පෝලිමක් පිටිපස්සෙන් වැ‍ටුනම ආයිත් කල්පනාව එන්නෙ ෆැක්ටරි එකේ ගේට්‍ටුවෙ දඩිං ගාල නළල වැදුනම තමයි ඔං

    ReplyDelete
  6. @සූර සරදියල් :
    ඔය ඉතින් සරාටත් ගවුම් කෑල්ලක් දැක්කම තිබහ හැදෙනවා !!!!!! පුදුම කොල්ලො නේ මෙවුන්. නමක් අහන්න පුලුවන් උනා නම් මෙහෙම ඉන්නෙ නෑ මලයෝ....

    @රත්ගමයා :
    ඒක නම් ඇත්ත තමයි. බිමට සමතලා කරලා ඒක උඩ බිල්ඩිමක් හදයි. රතා ට ඉතින් කෙල්ලන්ගෙන් අඩුවක් රතා ට ඉතින් කෙල්ලන්ගෙන් අඩුවක් කියලා යෑ.

    ReplyDelete
  7. ඉතිං බස් එකක්වත් මිස් නොකර ලියා ගත්තද?
    තව ටිකෙන් බස් අමතක වෙන්න කන්න හම්බ වෙන්න තිබ්බා! වෙලාවට ඩියුටි පිට උන්නෙ

    ReplyDelete
  8. මමත් දැක්කා ඒ දවස්වල ඔයාල ටවුන් එකේ වාඩිවෙලා ඔය වැඩේ කරනවා. එළකිරි. අපිට ඒකෙ ප්‍රතිපල කියන්නෙ නැද්ද?

    ReplyDelete
  9. ආයෙ එහෙම පරෙස්සමෙන් මලේ.....

    ReplyDelete
  10. කවුද දන්නේ නෑ ඔය කෙල්ල නේද..?

    ReplyDelete
  11. නුවර ඔය කියන බාලිකා පාසලට එක එක ඒවා කියන්න එපා....
    සල්ලි දෙනවා කිව ගමන් හා කියනවාට හොද පාඩම.. හික් හික්....

    ReplyDelete
  12. කෙල්ලගේ තාත්තට දෙන්න තිබ්බා බිම දාගෙන ! හතර හන්දි කැඩෙන්න .! බාලිකාවියෝනේ බං අයියේ සෙලං නෑ . . අයියා ජෙන්ටා ගහල. බැගී දාලා. ගියානම් ඉවරනේ . ..

    1000 කියන්නේ සෙල්ලන්ද ? රුපියල් 1000 හොයාගන්න පුලුවන්නම් මම බස් වල හුලං උනත් අරින්න රෙඩි . ඉතින් ඔයා එක දවසද ඔය වැඩේට ගියේ . ?

    තවුසන් තවුසන්...

    ReplyDelete
  13. සිරාවටම හිතන්න ඈති සීම් විකුනන එවුන් කියලා!! හික්ස්

    ReplyDelete
  14. @නදී... :
    දාහා ලැබුනට මොකෝ.. බයෙන් බයෙන් හිටියේ අතින් කාලා හරක් බැලුවා වගේ වැඩක් වෙයිද කියලා.

    @පිණිබිඳු... :
    නූලෙන් ම තමයි පිනිබිදු .... නැත්නම් අරූ හින්දා මටත් කන්න වෙනව.

    @nawammawatha :
    මමත් ඉස්කෝලෙ ගියේ ඔයපැත්තේ නේ. උදේට මාරම කෙල්ලො සෙට් එකක් නේ යන්නේ. මමත් ඔය වෙලාවට තමයි ඉස්කෝලේ යන්න සෙට් වෙන්නේ.හැමදාම උදේට ඉස්කෝලේ යද්දි ලේට් උනා කියලා ගුටි කන්න වෙනවා.

    ReplyDelete
  15. @තාරක Dilsh@n :
    ඒක නම් මිස් නොකර ලියා ගත්තා. වැඩේ නම් එලටම කලා.

    @amilaranasinghe.com :
    ඔව් ඔව් දවස් ගානක්ම ඔය වගේ හිටියා. ඕකේ ප්‍රතිපල එනකොට තව අවුරුදු පහක්වත් යයි. ඕකෙන් කෙරෙන්නේ නුවරට එන වාහන තදබදය අවම කරන්න ඕන කරන වැඩපිලිවෙලක් යොදන එක

    @dinesh :
    අනිවාර්යෙන් ම. නැත්නම් එදා වගේ කන්න සිද්ධ වෙනවා.

    ReplyDelete
  16. @ඉලංදාරියා :
    අනේ මංදා අයියා. කවුද කියලා නම් දන්නෙ නෑ ඔය කෙල්ල.

    @Poo :
    ඕන් මම මුකුත් කිව්වේ නෑ.ඔය ඉස්කෝලේ ගැන

    @හිස් අහස :
    බිම දාගෙන දෙන්නේ කොහොමද ? කෙල්ලගේ තාත්ත පොලෝසියට කිව්වොත් එහෙම ?

    @සූර සරදියල් :
    අනිවාර්යෙන්ම ලොකු කුඩයක් යට ඉන්නකොට හිතෙන්න ඇති

    ReplyDelete
  17. අඩේ දනා කියන්නේ බලයා නේද? ඌට වැදුනද?

    ReplyDelete
  18. @widanarala :
    පිස්සුද සහෝ. බලයට එහෙම ගහන්න අපි ඉඩ තියන්නේ නෑ.

    ReplyDelete
  19. මදැයි 1000 ක් හොයන්න වුණු මහන්සියක් :)) කොහොම වුනත් හම්බුණු අත්දැකීම ඊට වඩා වටිනවා

    ReplyDelete
  20. @Hasitha :
    ඒක නම් ඇත්ත. ඒ අත්දැකීම ඊටත් වඩා වටිනවා.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.