13 February 2011

අත්හදා බැලීමක්....


සාමාන්‍ය පෙල කරන කාලය කියන්නේ ගොඩක් වෙලාවට සුන්දරම කාලයක්. ඒ වගේම තමයි විවිධ විවිධ දේවල් අත්හදා බලන්නත් පෙලඹවෙන කාලයක්. ඒ වගේමයි ආදරය වැනි සුන්දර හැගීම් හිතට ඉස් ඉස්සෙල්ලම එන්නෙත් මේ කාලයේදියි.(නැ නෑ මේක ආදර කතාවක් නෙමෙයි.) මොනා කරන්නද හෝමෝන වල බලපෑම නේ.

ඒ දවස්වල අපෙ පැත්තේ කොල්ලෝ මත් වෙන්න කියලා කැස්සට බොන බෙහෙතක් පාවිච්චි කරලා තිබ්බා. මටත් ඉස්සර හෙනම උනක් තිබ්බේ ඔය පැනිය බීලා බලන්න. මත් වෙන්නම නෙමෙයි ඕකෙන් වෙන බලපෑම මොකද්ද කියලා බලන්න.

අනික ඉතින් අරක්කු වලට වැඩිය ඕක ආර්ථිකව ලාබදායි, කැස්සට බොන එකක් හින්දා සෞඛ්‍යයට හිතකරයි, ඕනම ෆාමසියකින් ගන්න පුලුවන් හින්දා වැඩේ ගොඩක්ම ලේසියි. ඔය වගේ වාසි හාෆ් ශීට් එකක් පිරෙන්නම තිබ්බා.

කොහොමහරි මමයි තව යාලුවෝ දෙන්නෙකුයි ෆාමසියකට ගිහින් පැණිය අරන් ආවා. ගෙනාපු හැටියෙම එකෙක් ඒකෙන් භාගයක් විතර කටේ හලා ගත්තා. අනිත් එකා ඉතුරු ටිකෙනුත් භාගයක් කටේ හලාගත්තා. අන්තිමේදී මට ලැබෙද්දි අඩිය වැහෙන තරමට පොඩ්ඩක් විතරයි තිබ්බේ. මොනා කරන්නද ඒක බීලා අන්තිමේ බෝතලේට වතුර ටිකකුත් දාගෙන ඒකත් බිව්වා. අම්මෝ පුදුම රසක් නේ......

කොහොමින් කොහොමහරි හිස් බෝතලේ කැලේට විසි කරලා පංතියට ආවා. එදා කොහොමහරි ගුරුවරු අඩු දවසක්. ඒ හින්දා පිරියඩ් ගොඩක් ඔහේ ඉන්න පුලුවන් උනා. මම ඩෙස්ක් එකට ඔලුව තියාගෙන නිදාගෙන හිටියා. කොහොමහරි දන්නෙම නැතුව පැයක් විතර නින්ද ගිහින්.

වතුර ටිකක් බොන්න යන්න ඕනේ කියලා නැගිටලා එක පාරක් අඩිය තිබ්බා. අඩේ මෙන්න මං පාවෙනවා. මගේ ගුරුත්වාකර්ශනය සෑහෙන්න අඩු වෙලා. හඳේ යනවා වගේ. ඊට පස්සේ ටිකක් දිව්වා. මොන දිවිලිද ....? මෙන්න පාවෙවී යනවා. මට දැන් හෙනම බයයි ඇවි දින්න. ඇයි ඉතින් අඩියක් තියපු ගමන් අඩි හයක් උඩ යනවනේ. ටික වෙලාවක් යද්දි තවත් ගුරුත්වාකර්ශනය අඩුවෙලා. දැන් ඇවිදිනකොට හඳේ හාවා අතින් ඇල්ලෙන සයිස්. ඔහෙ හිටු වල් හාවා...... !!!! තෝව අද මම කනවා යකෝ.... !!!

ඔය එක්කම මාත් එක්ක පැනිය ගහපු අනිත් එකා ඔලුව හොල්ලන්නෙත් නැතුව ඇවිදිනවා.

"මචං මොකද බං උබ ඇවිදිද්දි ඔලුව හොල්ලන්නෙවත් නැත්තේ ?මොකක් හරි බෙල්ලේ අමාරුවක් ද ? ''

" නෑ යකෝ. මගේ කන ගාව හෙලිකොප්ටර් එකක් කැරකෙනවා. වැඩිය ඔලුව හෙල්ලුවොත් ෆෑන් එකේ පෙත්තට බෙල්ල ගහලා යයි. මම මේ බලාගෙන ඉන්නේ හෙලිකොප්ටර් එක ගුවන් ගත වෙනකන් ඔලුව අහකට ගන්න. ''

'' උඹට පිස්සුද යකෝ !!! හඳේ කොහෙද හෙලිකොප්ටර් ? උඹ ඔය රොකට් එකකට රැවටිලා තියෙන්නේ. ඔහොම්මම ඔලුව හොල්ලන්නේ නැතුව ටික වෙලාවක් ඉදපන් නැත්නම් රොකට් එකේ දුමට උබේ ඔලුව පිච්චෙයි. ''


ඊට පස්සෙ මමයි අනිත් එකායි ගියා වැඩියෙන් පානය කරපු එකාව හොයාගෙන. වෙනදට උගේ පංතියට යන්න විනාඩියක්වත් යන්නෙ නැති මට අද පැය කාලක් විතර ගියා. ඇයි ඉතින් පාවී පාවි යන්න එපැයි. ඒ යද්දි අරූ කාටද මන්දා ගහනවා. අපිත් බැලුවා කාටද මූ නෙලන්නෙ කියලා. ම්....හු... ඉස්සරහා මොකෙක්වත් නෑ.

" මචෝ උඹ ඔය කාටද ගහන්නේ ? ''

"උඹට පේන්නේ නැද්ද යකෝ මං මේ මාරයාත් එක්ක හෙනම ගේමක ඉන්නේ ? මූ හදන්නේ මාව ගෙනියන්නමයි. ''

'' පොඩ්ඩක් ඔහොම හිටපන්. මාත් උබට උදව් කරන්නම්. වල් පරයා.... තෝ හඳටත් ආවද යකෝ අපේ යාලුවාව ගෙනියන්න ? උබට මම අද...... !!!!!!! ''


ඔහොම කියලා මම පුටුවක් උස්සගෙන මාරයාට නෙලන්න සෙට් උනා.අපේ හෙලිකොප්ටර් කොල්ලත් වැඩේට එන්ටර් උනා.ඒ වෙනකොට උගේ හෙලිකොප්ටර් එක ගුවන් ගත වෙලාලු තිබ්බේ. ඔහොම ගේම යද්දි පන්තියේ අනිත් උන දැනගෙන ලු හිටියේ මුන් තුන්දෙනා මොනාහරි බීලා හිටියේ කියලා. ඊට පස්සෙ අපිව වාඩි කරවලා බොන්න තේත් ගෙනත් දුන්නා. කොහොමහරි ඉස්කෝලේ ඇරෙන වෙලාවට යන්තන් පියවි සිහියට එමින් තිබුනේ. ඒ නිසා ගෙදර යන්න අවුලක් උනේ නෑ.

ප. ලි. - එදායින් පස්සේ මගේ පැනි උන හොද උනා. මේ ලිපිය කියවන ඔයාලට කියන්න තියෙන්නේ මේ වගේ දේවල් අත්හදා බලන්න යන්න එපා. මාරම භයානකයි. මගේ මෝඩකමට මම ඔය දේවල් පාවිච්චි කලාට ඔයාලා ඕවට රැවටෙන්න එපා. ඕවට ඇබ්බැහි උනොත් ගැලවීමක් නෑ. මේ කතාව ලියන්නේ කියවලා අමාරුවෙන් හරි හිනාවෙන්න මිසක් මේවගේ දේවල් වලට ඔයාලව යොමු කරවන්න නෙමෙයි.

15 comments:

  1. අපොයි...මමත් ටීවීඑකේ ඔහොම එකක් කියනව අහගන.ගොඩක් ඕකට ඈබ්බහිවෙලා ඉන්නෙ ඉස්කොලෙ යන වයසෙ,අමතර පන්තියන පොඩි ළමයිලු.වෙදය නිර්දේශ නෑතුව දෑන් ඔය බෙහෙත් දෙන්නෙත් නෑ මම් හිතන්නෙ ෆාමසිවලින්.

    හිහ් හිහ්...මල්ලිත් කරල තියනවෑඩ.........

    ReplyDelete
  2. @නදී... :
    දැන් නම් ඒ බෙහෙත වෛද්‍ය නිර්දෙශ නැතුව දෙන්නෙ නෑ ලු. ඒකම සැනසීමක්. අපෝ බිව්වට පස්සෙ තමයි හිතුවේ මල ජරාවක් බිව්වේ කියලා.

    ඔය අක්කා ගලායන ජීවිතයේ නදී නේ ? කොහෙද අප්පේ මෙච්චර කාලයක් ගිහින් උන්නේ ?

    ReplyDelete
  3. ඉකේයියා....යන්තම් කෙලින් ගෙදර යන්න පුලුඅන් උනා....
    මේ එක නෙමේ අයියේ...ඔය පැනීයේ නම මොකක්ක්ද?
    විශේෂ නිවේදනය මිස්ටර් සදරු මහතාට
    මෙන්න ලාබ දායි ක්‍රමයක්....හික්
    දැන් එයි අඩෝ මරු නේ කියාගෙන මෙතනට...ඊට කලින් මේක ඩිලීට් කොරපියො...............

    ReplyDelete
  4. @රත්ගමයා :
    ඒකනම් ඇත්ත තමයි. නැත්නම් පාවි පාවි තමයි යන්න වෙන්නේ. බෙහෙතේ නමත් ගූගල් කරලා බැලුවා. නියම ෆොටෝ ටිකක් ආවා. ඒත් දැම්මේ නෑ. කවුරුහරි ඕක බොන්න උත්සහ කලොත්.

    ඔව් සදරු මහතා වහාම මෙහි එයි. මේක මරු බීමක් කියලා කියන්න.
    දැන් නම් ඔය බෙහෙත බෑන් කරලා තියෙන්නේ. !!!!

    ReplyDelete
  5. සහෝදර වරුනි ..ඔයාල බබාලා කාලේ තමයි මම "කොරෙක්ස් ඩී" පානය කරන්න පටන් ගත්තේ ..ඒක නිසා මට මේක අමුතු දෙයක් නෙවේ ..ඔය පැනිය මම තාම බොනවා ..මටනම් ඒතරම් අවුලක් නෑ මුල් දවස්වල ඔලුව නිකන් බමනවා වගේ තිබ්බා .ඒත් දැං ඒක අඩු වෙලා ..දැං එක බෝතලයත් මදි ඔය පැනි වර්ගෙට ඇඟ ඉක්මනටම හැඩ ගැහෙනවා .ටික දවසක් දාද්දී පුරුදු මාත්‍රාව වැඩි කරන්න සිද්දවෙනවා . ඔය පැනි කතාවක් මටත් තියනවා . ඒත් සින්ඩි වලින් මාව එලවයි කියලා බයට ඒ කතාව මා සන්තකයේම තියාගෙන ඉන්නවා

    ඕක බිව්වම අරක්කු බීවට වඩා අමුතු හැඟීමක් එනවා හැබැයි ඕකෙන් සිරුරේ අස්ථි ඉකමනින් දිරාපත් වෙනවා කියන මිත්‍යා මතය සමාජයේ පිරිස් අතර මුල් බැස ගෙන තියන නිසා මෙවුවා ෆාමසි වලින් නිකුත් කරන්න ටිකක් අදි මදි කරනවා ..ඒත් ෆාමසියේ ඉන්න කෙල්ලව ෆිට් කරගත්තාම බෝතල් විශාල ප්‍රමානයක් එකවර මිලදීගන්න පුලුවන් ..

    බයිට් ඕනෙත් නෑ ..සැන්ඩි ඕනෙත් නෑ .ගඳත් නෑ . ඒ අතින් බැලුවම මේක අමෘත්තය පරාදයි ..මගේ ලාච්චුවේ තවම කොරෙක්ස් ඩී බෝතලයක් තියනවා ..

    ReplyDelete
  6. කොරෙස් ඩී නේ!!! චාටර් !! අරක්කු ශරීරයට හිත කරයි මේ මල ජරාවට වඩා!! බෙහෙත් තියෙන්නේ ලෙඩ වලට!! ෆන් එකට නෙවේ!!

    ReplyDelete
  7. පෑනි බෝතලයක් බිව්වම සිගරට් ගෝනියක් බොන්න පුලුවන්......දුම මයි ඉල්ලන්නේ..........

    ReplyDelete
  8. @හිස් අහස :
    අඩේ මේකා පුදුම එකෙක් නෙ ... ඔව නවත්වපන් මලයෝ ... මල ජරාව නේ

    @Astro Boy :
    හපොයි තමයි මචෝ... මොකෝ ගාවින්දයෝ නම විතරක් දාලා තියෙන්නේ. ?

    ReplyDelete
  9. @සූර සරදියල් :
    ඒක හරි මල්ලි මහ චාටර් වැඩක්. ලෙඩ වලට බොන ඒවා මත් වෙන්න බොනවා කිව්වම. මට නම් එදායින් පස්සේ ඕවා එපා උනා.

    @zee :
    ඒ උනාට දෙකම වැඩක් නෑ. දෙකෙන්ම වෙන්නේ ශරීර දිරාපත් වෙන එක. මම නම් දැන් ඕවයි ඈත් වෙලා. අමධ්‍යප වෙලා ඉන්නේ.

    ReplyDelete
  10. ඔය පොඩි එවුන් ජොලි ගන්න ඕව කරාට ලොකු වුනාම ඒවයින් ඈත් වෙන්නෙ මො‍ලේ තියන අය තමයි. අරක්කු බොන්නෙ පල්ම පල් මෝඩයො කියන එකයි මගේ අදහස නං
    කොහොමහරි අමද්‍යප වුනාට මගේ උණුසුමු සුභ පැතුම්!

    ReplyDelete
  11. @nirangi :
    තැන්කූ තැන්කූ නිරන්ගි . ඔයවගේ දේවල් බොනවට වඩා හොදයි නොබී ඉන්න එක

    ReplyDelete
  12. හපෝයි අපේ මධුරංග මලයත් කොරගෙන තියෙන ඒවා! යක්කු අපි නම් ඕවා වැඩිය පාවිච්චියක් නෑ නෙව, පොඩ්ඩක් නැතුවම බැරි උනොත් නම් ඉතින් කරන්නේ හොඳට ඩෝප් පිට ඉන්න නරයෙක්ව බඩට දාගන්න එක!මොනවා උනත් අපූරු ලිපියක්!

    ReplyDelete
  13. මම නම් කිසිම මත්ද්‍රව්‍යයක් අත් හදා බලන්නේ නැතිව ඒවායේ තියෙන ආදීනව තේරුම් අරගෙන වැළකිලා ඉන්නේ. හැමෝටම හොඳයිනේ එතකොට :))

    ReplyDelete
  14. හැක් හැක්... බටයක්වත් අදින්නෙ නැතුව ඔච්චර සැට් විච්ච එක පුදුමයක්නෙ...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.