12 February 2011
එක දවසක් දා...
දිනේශ් අයියා ආදර කතා දාන හන්දා මටත් ඔය වගේ කතාවක් දාන්න හිතුනා. හැබැයි දිනේශ් අයියා වගේ ගොඩ ගිය ඒවා නම් ගොඩක්ම අඩුයි. වැඩිපුරම තියෙන්නේ ඇන ගත්ත කතා. හැබැයි මේ කතාව තමයි මගේ හිතේ වැඩිපුරම මතක තිබ්බ ආදර කතාව.
මම පලමු වසරේ හිටපු දවස්වල යාලුවෝ දෙන්නෙකුත් සෙට් කරගෙන ගියා මාතලේ පැත්තේ පොඩි සංචාරයකට. මුලින්ම අලු විහාරේ වැදගෙන ඊට පස්සෙ එතනින් බස් එකක නැගලා දඹුල්ල රජ මහ විහාරයට ආවා. කොහොමහරි දඹුලු විහාරේ වැඳ පුදාගෙන මහන්සියටත් එක්ක කියලා පඩිපෙලේ වාඩි උනා.
ඔය අල්ල පනල්ලේ, ඔය ලඟින්ම ගෑනු ළමයි තුන්දෙනෙක් ගියා. මාරම ලස්සනයි. ඒ කාලේ අපිට මල් ගවුමක් දැක්කහමත් ඉන්න බැරි බොහොම නපුරු කාලයක් උදාවෙලා තිබුනේ.ආයේ හිත හිත හිටියේ අර ගෑනු ළමයි තුන්දෙනාගෙන් නිවන් යන්න කියලා පස්සෙන් පැන්නුවා.
කොහොමහරි ඒ තුන්දෙනා මල් ගන්න කියලා නැවතුනා. මමත් සාක්කුවෙන් පෑන අරගෙන රට වටේ ඇවිදලා පොඩි කොල කෑල්ලක් හෙව්වා ෆෝන් නම්බර් එක ලියන්න. මගේ වාසනාවට පොල් කොලයක්වත් හම්බ උනේ නෑ. ඉන්නම බැරි තැන පර්ස් එක ඇරලා බැලුවා කොල කෑල්ලක් තියෙනවද කියලා. පන්ති කාඩ් එක ඇරෙන්න වෙන කිසිම කොල කෑල්ලක් නැ. කරන්න දෙයක් නෑ වෙලාවේ හැටියට දෙපාරක් නොහිතා පංති කාඩ් එක පිටිපස්සේ ෆෝන් නම්බර් එක ලිව්වා.
ලියලා ඉවරවෙලා ඒ නංගිට පේන්නම ඒ කාඩ් එක බිම දාලා යන්න ගියා.
පන්සලේ වැඩි වෙලාවක් හිටියොත් නාලන්දේ යන්න බැරි වෙන නිසා අපි පංසල ලඟින්ම බස් එකකට ගොඩ උනා. නාලන්දෙන් බැස්සා විතරයි මට ලෑන්ඩ් ලයින් එකකින් කෝල් එකක් ආවා. කතා කරලා බැලුවම අර නංගි. මමත් ඉතින් විස්තර එහෙම අහලා බැලුවා.
එයාලත් දඹුල්ල පැත්තේලු ඉන්නේ. එයාලට හෑන්ඩ් ෆෝන් නැහැලු. බූත් එකකට සල්ලි දාලලු කතා කරන්නෙ කියලා කිව්වා. මමත් එයා අහන දේට උත්තරයක් දීගෙන හිටියා.වැඩි කාලයක් යන්න හම්බ උනේ නෑ. ඒ නංගි මං ගැන ගෙදර අයටත් කියලා. දවසක් ඒයැයිලගේ අම්මා මට කතා කලා.
'' පුතා ගැන දූ මට කියලා තිබුනා. පුතාව දකින්නත් ආසයි. දවසක මේ යහා එන්න. '' කියලා කිව්වා.නුවර ඉදලා දඹුල්ලට ගිහින් එනවා කියන්නේ මට රුපියල් පන්සියයක් විතර යන වැඩක්. ඒ කාලේ මහපොලත් නැති නිසා බොහොම අමරුවෙන් තමයි ජීවත් උනේ. ඒ නිසා මං ඒ බව එයැයිලගේ අම්මට කිව්වා.
'' පුතා එහෙනම් පුලුවන් වෙලාවක එන්නකෝ '' කියලා කිව්වා. මමත් හා කියලා හිටියා. එයාලගේ ගෙදර ඇඩ්රස් එකත් මට ඒ වෙනකොට දීලා තිබුනා. ඒ නිසා මම ලියුම් ලියන්න ගත්තා.
ඔහොම යද්දි දවසක් එයාලගේ අම්මා කිව්වා එයාලගේ ගෙවල් සුලි සුළඟක් ඇවිත් කඩාගෙන වැටුනා කියලා. මට දුකත් හිතුනා. එතකොටයි දැන් ගත්තේ එයාලා ගොඩක්ම දුප්පත් කියලා. එහෙම උනත් ඒ නංගිට මගේ හිතේ තිබ්බ ආදරය බිංදුවක්වත් අඩු කලේ නෑ. කවදහරි ඒ නංගිව කසාද බැදලා එයාලගේ පවුල ගොඩ ගන්න මට පුලුවන් කියලා හිතුනා.
අපේ අම්මටත් මම ඒ නංගි ගැන කිව්වා. අම්මගෙන් කිසිම විරුද්ධත්වයක් තිබ්බේ නෑ. මොකද බලාගෙන ගියාම එයාලගෙයි අපෙයි වැඩි වෙනසක් නෑ කියලා හිතුන හින්දමද දන්නෙ නෑ.
කාලයක් යද්දි ඒ නංගි ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තා. වැඩිය කතා කරන්නෙත් නෑ. ලියපු ලියුම් වලට උත්තර ලැබුනෙත් නෑ. මම නංගිගේ අම්මගෙන් ඇහුවම කිව්වේ ඒ නංගි ගෙවල් ලඟ කොල්ලෙක් එක්ක සම්බන්ධයක් පටන් අරන් කියලා. අම්මලා කොච්චර කිව්වත් එයා කනකට ගන්නේ නෑ කියලා. මමත් තුන් පාරක්ම ඇහුවා ඔයා ඇයි මට මෙහෙම දෙයක් කලේ කියලා.
ඒ හැම වෙලාවකම එයා මාව මග ඇරියා. මමත් ඕනවට වඩා නැමෙන්න ගියේ නෑ.
'' උඹට මාව එකපාරක් එපා නම් මට සිය වාරයක් එපා කියලා '' හිත හදා ගත්තා. ඕනම දෙයක් තුන්පාරකට වඩා ඉල්ලන්න හොද නෑ. එතකොට අපි බාල්දු වෙනවා. පස්සේ ආරංචි උනා ඒ නංගි ඒ කොල්ලත් එක්ක පැනලා ගියා කියලා. ඇති යාන්තං මං බේරුනා.
ඔන්න ඕකයි දිනේශ් අයියේ අමාත්‍යයංශයේ තත්වේ !!!
සංකල්පනා RSS සබැඳිය :
Post Comments (Atom)
hitagannath ba pudumai,ehema ganu lamai innwada?kolayak dala giya paliyata kathakarala ammalatath kiyana :O.
ReplyDeleteහ්ම්ම්ම්ම්...බේරුනා නේ...ඔය ෆෝන් වලින් ලව් කොරන සෙල්ලම නම් හොද වැඩක් නෙමේ...මමත් අර නල්ලතන්නි සීන් එක පස්සේ එලවන්න ගියේ නැත්තේ ඔව්වා කොහේ තියෙන ලෙඩ ගොඩවල් වැටේවිද කියලා දන්නේ නැති නිසා...
ReplyDeleteකොහොම හරි දැන් සතුටින් නේ....ඔච්චරයි වෙන්න ඕන....
උඹට මාව එපානම් මට මොකටද කෙල්ලේ උඹ...හික්...මේ ඕන තරම් කෙල්ලො ඉන්න..නැතෙයි මම අහන්නේ
ඈ යකඩෝ... නුවර ඉඳන් දඹුල්ලේ යන්න රු 500 ක් යන්නේ කොහොමද කියපන් බලන්න.... ලේසියෙන්ම රු 200කින් ගිහින් එන්න පුලුවන්, ඕනේ නම් මඟ දිගට කකා යන්න බුල්ටො 10-15 කුත් අරගෙනම.... හි හි අපිත් මාතලේ කොල්ලෝ..... !
ReplyDeleteඒකනේ ඔයවගේ දැක්ක හැටියේ කරන සම්බන්ධකම් ඒතරම් ඇඟට ගුන නෑ ..මධුරංග අයියා කෙල්ලෝ ගැන ඒතරම් උනන්දුවක් නෑ කියලයි මම මුලින් හිතං හිටියේ බලද්දී මෙයා දෙයියෙක්නේ ! ඔයා කලබල නොවී ඉන්න ඔයාලගෙ අම්මා කීව නේද කෙනෙක්ව ඔයාට බලලයි තියෙන්නේ කියලා ..කවුද දන්නේ එයා ඔයාටම මවපු කෙනාද කියලා .
ReplyDeleteමදෑ ඔයිං ගියා මේ අයියේ කෙල්ලෝ කියන්නේ කාලා බලලවත් විස්වාස කරන්න බැරි ජාතියක් හරිද ..
ඇඩෙනව අප්පා
ReplyDelete*උඹට මාව එකපාරක් එපා නම් මට සිය වාරයක් එපා*
ReplyDeleteමේ කතාව අපේ ෆිසික්ස් ගුරා කියනවා හැම වෙලේම!!! ලස්සන කතාව (මුල හරිය විතරයි අන්තිම ටික ලස්සනයි කියන්න බෑ නේ )
@nisha :
ReplyDeleteඕක ඉතින් දවසින් දෙකෙන් උන සිද්ධියක් නෙමෙයි. කාලයක් ගියාට පස්සෙ තමයි එයා අම්මට කියලා තියෙන්නේ.
@රත්ගමයා :
ReplyDeleteඒක නම් මටත් හිතුනා. කොහෙද ඉතින් මටත් ඒ කාලේ චීත්තයක් පේන්න බෑනේ.
දන් ඉතින් දුක් වෙන්න එපා. එහෙම කෙල්ලෙක් ඔලැබුනු එකට සතුටු වෙන්න. අර කිව්වත් වගේ ගෙදරින් හොයපු කෙල්ල හොඳයිද කියල බැලුවද???
ReplyDelete@ලහිරු :
ReplyDeleteනෑ නෑ. බස් එකට නම් දෙසියයකින් ෂේප් උන හැකි. ඒත් කෙල්ලටත් මොනාහරි අරන් යන්න එපැයි. ඒකයි ඔය ගාන යන්නෙ
@හිස් අහස :
ReplyDeleteනෑ බන් මල්ලි මෙස සිද්ධ උනේ ගොඩක් කාලෙකට කලින්, දැන් නම් කෙල්ලො ගැන ඒ හැටි උනන්දුවක් නෑ.
@පැන්da :
ඇඩෙනවා නේන්නම්.
@සූර සරදියල් :
ඒකනේ මල්ලි ගුරුවරු ලමයින්ට හොද දේවල් කියලා දෙනවා කියන්නේ.
@තාරා :
ReplyDeleteකොහෙද ඉතින් හොයලා තියෙනවා කිව්වට තවම මාව එක්ක ගියේ නෑනේ.
ඈ බං.. එක වසරෙදිත් උඹ කෑලි talk කරාද?
ReplyDelete@හරී :
ReplyDeleteඑක වසරේ කිව්වේ කැම්පස් එකේ එක වසරෙදි බොලව් නේ
හෆොයි... මට පෝස්ට් එකක් කියව ගන්න වෙලාවක් නැති උනානෙ.
ReplyDeleteසමහර සීන් තියනව ටිකක් බොක්කට වැදුනාම ඒක හිතින් අයින් කරන්න අමාරුයි.කොහොමත් මලේ උඹ බේරුන එක ගැන සතුටුයි..
@dinesh :
ReplyDeleteඔව් අයියා මේක නම් අමතක කරන්න ටිකක් විතර අමාරු සීන් එකක්. මොනවා කරන්නද ඉතින් අමතක කරලා දැම්මා
මේ කතාව කියෙව්වාම මට පුදුමයි. තාමත් මේ වගේ දේවල් වෙනවද කියලා.......
ReplyDelete