07 February 2011

මූට මෙහෙම වෙලා මදි...


මේ දවස් ටිකේ කතා කියව කියවා හිටියා මිසක් කතාවක් ලියන්න හිතුනේ නෑ. අද ඒකටත් එක්කම කියලා කතාවක් දාන්න ඕනේ කියලා හිතුනා. මේක කතාවක් කියලා කිව්වට මොකද, මේක මෙහෙ වෙච්ච පොඩි සීන් එකක්.

මේකට මුහුන පෑවේ අපේම ෆැකල්ටියේ මල්ලි කෙනෙක්. සිද්ධිය මේකයි.

දවසක් හැන්දෑවේ අපේ ෆැකල්ටියේ මල්ලි කෙනෙක් යාලුවෙක් හම්බවෙන්න යන්න කියලා ගියාලූ. ගමන වැටිලා තිබ්බේ ගර්ල්ස් හොස්ටල් එකක් හරහා. ( නෑ නෑ ඒ මල්ලි ගියේ ගෑනු ළමයෙක් හම්බවෙන්න නෙමෙයි ) ඒ වෙලාවේ හැටියට වටින් ගොඩින් කලුවර වැටීගෙන එන වෙලාවලු.

වෙලාවේ හැටියට මල්ලිත් කාලක් ක්‍රියා කරලා ලු හිටියේ. ඒ නිසා යකෙකුට උනත් කුඩුවෙන්න දෙනවා කියලා හිතලා වැනි වැනි ගිහින් තියෙන්නේ. මල්ලිට ඈතින් පේනවලු කව්ද මන්දා කොල්ලෙක් ෂෝටක් දාගෙන කාර් එකට හේත්තු වෙලා ඉන්නවා. මේ වෙලාවේ අපේ මලයා මොරාල් පිටම ඇහුවලු.

" කවුද ඩෝ කැම්පස් එක ඇතුලේ ෂෝට් ගහගෙන ඇවිදින එකා !!!! ''

'' ඇයි යකෝ තොපිට විතරද කැම්පස් එක අයිති !!! අපිට එන්න බැරිද !!!! '' සෝට දාගෙන හිටපු ඒකාත් ගේම කෝල් කරනවලූ.

"@#$@$^%#$ " අපේ මලයට හෙනම මල ලු. කොහොමහරි මේ බහින් බස් වීම දුරදිග ගිහින් අරූ ඒ මල්ලිට ඇතිවෙන්නම නෙලලා තියෙනවා. කොහොමහරි අපේ මලයගෙත් වෙරි හිදුනලු. ඒ මල්ලි ලගම තිබ්බ පිරිමි නේවාසිකාගාරයට ගිහින් සේනාව රැස් කරගෙන අරූට නෙලන්න එනවලු. ඇවිත් පාරවල් හත අටක් වදින කොට ආපු කාරණය කටින් වැමෑරුවා.

පස්සේ උගේ කටින්ම කියවුනා අහිංසකියක්ව බිලි ගන්න ආපු පාහරයෙක් කියලා. ඒ කියන්නේ ගර්ල්ස් හොස්ටල් එකේ කෙල්ලෙක්ව උස්සන්න ආපු එකෙක් කියලා. කට්ටිය හිතලා තියෙනවා මූව ආරක්ශක අංශයට භාර දුන්නොත් හොදයි කියලා. ඒ උනත් කාගේ හරි බලවතෙක්ගේ නමක් කියලා මූ ගැලවෙයි කියලා හිතිච්ච හින්දා ලගම තිබ්බ පිරිමි නේවාසිකාගාරයකට එක්කගෙන ගියා.

සිංහලයන්ගේ හොද පුරුද්දක් තියෙනවා තමන්ගේ ගෙදරට එහෙමත් නැත්නම් ඉන්න තැනට කවුරුහරි ආපුවාම හොදට සලකන්න. ඉතින් අරූවත් ඒ හොස්ටල් එකට එක්කගෙන ගිහින් එලි වෙනකන්ම සැලකුවාලූ. කොහොමහරි මේ කතාව එදා ඒ හොස්ටල් එකේ ඔක්කෝටම වගේ ආරංචි වෙලා ඒ අය තෑගිත් අරං ආවලූ අරූට සලකන්න.

සමහරු පාඩම් කරන ගමන් පැයෙන් පැයට ඇවිත් අරූට පාරවල් දෙක තුනක් දීලා යනවලු.
බැරි වෙලාවත් අරූට නින්ද ගියොත් කියලා හිතපු අය පැය බාගෙන් බාගෙට Refresh කලා ලු.
වෙනදට දවල් වෙනකන් නිදන් ඉන්න එවුනුත් උදේම ඇහැරිලා අරූට උදේ ආහාරයත් දෙන්න සලස්වලා තියෙනවා කියලත් ආරංචි උනා.

මම මේ කතාව බ්ලොග් කරන්නේ කියවලා හිනා වෙන්න විතරක්ම නෙමෙයි. ආදරනීය අක්කේ නංගියේ, පාරේ තොටේ යනකොට මේවගේ එවුන් අනන්තවත් දකින්න ලැබෙයි. මුන්ගේ තියෙන සල්ලි බලේටවත් යාන වාහන වලටවත් රැවටිලා ජීවිනේ වරද්ද ගන්න එපා. එදා ඒ මල්ලි දෙවි කෙනෙක් වගේ හිටපු හන්දා වෙන්න ගිය ලොකු විනාසයක් වලක්වා ගත්තා. හැමදාම බේරගන්න මේවගේ අය එන්නේ නෑ. ඒ නිසා පරිස්සම් වෙන්න.

අහිංසක දෙමව්පියන්ගේ ප්‍රාර්තනා මේ වගේ මේ වගේ එවුන් ඉදිරියේ බොද කරලා දාන්න එපා !!!!!!!

ජීවිතේ එක පාරක් වරද්ද ගත්තාම ඒක නිවැරදි කරගන්න බෑ. ඒ වැරද්ද හින්දා මුලු ජීවිතයම විඳවන්න වෙයි. මට ඔයාලට උපදෙස් දෙන්න තරම් වයසින් මුහුකුරා ගිහින් නෑ. ඒ උනත් මම මේ කියන දේත් චුට්ටක් හිතලා බලන්න. සමහරවිට ඔයාලගේ මුලු ජීවිතේටම මේ දේ වැදගත් වෙයි.

ප. ලි. - මේ පෝස්ට් එකට මට කමෙන්ට් නැතත් කමක් නෑ. ඔයාලා මේ කතාව ආදර්ශයට ගත්තා නම් මට ඒ හොදටෝම ඇති.

29 comments:

  1. සල්ලි වලට හැමදේම යටයි අද කාලේ....

    ReplyDelete
  2. උබේ ඔය පෝස්ට් 1ට කමෙන්ට් ඇත...
    කියපු කතාවනම් සහතික ඇත්ත මචෝ...

    ReplyDelete
  3. හිනා වෙන එක කොහොම වුනත් හොඳ පොස්ට් එකක් සහෝ..

    ReplyDelete
  4. ඉස්සරහට එන්න ඉන්න අපිටත් හොද ආදර්ශයක්

    ReplyDelete
  5. කැම්පස් වල ඉන්නෙත් maxxa පොරවල් නෙ බං......... සිරාවට, ඌට එහෙම වෙලා මදි......

    ReplyDelete
  6. අඩේ ඒ පොර අයේ අක්බාර් එක පැතෙන්වත් යන්න නැතුව ඇති!!

    ReplyDelete
  7. සහතික ඇත්ත. හැබැයි බොලේ ඔය සේරමගෙන් ගුටි කාල අරූ යහතින් ගෙදර ගියැයි?

    ReplyDelete
  8. ජීවිතේ එක පාරක් වරද්ද ගත්තාම ඒක නිවැරදි කරගන්න බෑ. ඒ වැරද්ද හින්දා මුලු ජීවිතයම විඳවන්න වෙයි.......

    සිරා කතාව මචන්... හුගක් කෙල්ලෝ අද සල්ලි වලට රැවටිලා ජිවිතේ විනාස කර ගන්නවා.හැරිලා බලද්දී මකා ගන්න බැරි කළු පැල්ලමකුත් ජිවිතේට එකතු කරන්.

    ReplyDelete
  9. මුල් ටික කියවද්දි නම් හිතුනේ ආතල් කතාවක් කියලා...ඒත් පස්සේ සීරියස් උනානේ....
    ජය!!!

    ReplyDelete
  10. මචං මට සීන් එක තේරුනේ නෑ.ඌ ඇවිත් තියෙන්නෙ කෙල්ලෙක් බලෙන් උස්සන්නද? නැත්තන් දාගෙන ඉන්න කෑල්ලක් බලන්නද?

    පසු කාලෙක RX8 ක් ඇවිත් තිබුනොත් එහෙම නෙලන්න කලින් ටිකක් බලපන් මචෝ හරිද...හික්.......

    ReplyDelete
  11. aruta masa ganakata kanna adinna one natuwa ati hambaunane

    ReplyDelete
  12. මල්ලි උඹ බොහොම පොඩියි මල්ලි ...මී කඩන්න බලාගෙන එන එකා අත ලෙවකන්න නෙමෙයි එන්නෙ..මම අත්දැකීමෙන් දන්නෙ කාර් එකක් තිබිල ඒකෙ ඩ්‍ර යිවර කොල්ලෙක්නම් කෙල්ලො අපිට දමන සත්තම් දමන්නෙ නෑ..ඔහෙ පුදාගෙන ඉන්නව..අරන් යන තැනක ගිහින් හොඳට සැපට කාල හෙම කරගන්න දෙයක් කරල ආයෙත් මෙතෙන්ටම කාටවත් ආරන්චි වෙන්නෙ නැතුව ගෙනත් දමයි කියල..
    පොත්වල ඉන්න පත්තිනි අම්මල සල්ලි ඉස්සරහ හරි ලස්සනට උස්සල දෙනව...
    පොත් ලියන උන් ඒව ලියන්නෙ නෑ..මොකද උන්ගෙ පොත් කියවන්නෙ කාර් නැති උන්...

    ReplyDelete
  13. අයියේ මම මේ කතාවෙන් ආදර්ශයක් ලබා ගත්තා ...
    කාලක් ක්‍රියා කිරීම නිසා ජීවිත කිහිපයක් ගලවා ගත හැක!
    ..බෝතලයක් ක්‍රියා කරොත් ?

    මඬු රංග අයියේ උඹ ඔවුවට පැටලෙන්ඩ ගියේ නෑනේ ..පරිස්සමෙන් පුතේ ඔයවගේ සක්කිලි එක්ක ඩීල් කරනකොට පරිස්සමෙන් ..කොයිවෙලාවෙත් මූන පෙන්වන්න එපා මූන කවර් කරගෙන නෙලපං .. කස්ටිය අතරින් පැනලා නෙලපං ..ඔයවගේ චාන්ස් එකක් මට ආවනම් අම්මපා අරූ දැන් ස්වර්ගස්ථවෙලා ..

    නියමයි ..5 දැම්ම ..

    ReplyDelete
  14. @සෝරෝ :
    ඒක නම් ඇත්ත තමයි. ඕන දෙයක් කරලා ඒක සල්ලි වලින් වහගන්න තමයි හදන්නේ.

    @MaRLaN :
    තැන්කූ මලේ කමෙන්ට් කලාට. අදහස් දැක්වීමත් ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  15. @චතුවා (ළමයා) :
    බොහොම ස්තුතියි මල්ලි. මෙහෙම දෙයක්වත් කියවලා හැදෙනවානම් ඒකත් ඇති

    @ලැසී :
    මල්ලි කැම්පස් එන්නද ඉන්නේ. එල එල එල මොනදෙ කලත් කෝස් එක ගොඩ මොනදෙ කලත් කෝස් එක ගොඩ දාගන්න පුල් ට්‍රයි එක දීපන් මල්ලි.

    ReplyDelete
  16. ඒ මිනිහට ඔහොම වෙලා මදි! හොඳ කතාවක්!!

    ReplyDelete
  17. @Blog Walk on Dew :
    මෙහෙමනේ අයියා ගොඩ දෙනෙක් එකතු උනාම තියෙන බලය වැඩියි. ගමකට උනත් ගේමක් දෙන්න පුලුවන්. එකමුතුකම නේ.

    @සූර සරදියල් :
    අක්බාර් එක නෙමෙයි ගලහා හන්දිය යද්දි මේ පැත්ත බලන එකකුත් නෑ.

    ReplyDelete
  18. @පිණිබිඳු... :
    අනිවාර්යෙන්ම !!! ඔන්න මමත් පිනි බිදුගේ අඩවිය පැත්තේ එන්න ඕනේ කියලා හිතුවා.

    @nawammawatha :
    කොහොම ගෙදර් ගියාද කියලා නම් ආරංචියක් නෑ. බඩගාගෙන හරි යන්න ඇති. තව හිටියොත් තව කන්න වෙනවනේ

    ReplyDelete
  19. @අපරාජිතයා :::: Aparajithaya :
    හැගීම් වලට වැඩිය බුද්ධියට තැන දීලා වැඩ කරනවානම් ඕනම විනාසයක් වෙන්න කලින් වලක්වා ගන්න පුලුවන්.

    @රත්ගමයා :
    හැමදාම ආතල් කතා ලියන එකේ පොඩ්ඩක් සීරිය වෙන්න කියලා හිතුනා.

    ReplyDelete
  20. @dinesh :
    කෙටියෙන් කියනවනම් මේකයි සීන් එක අයියා. කවුද මන්දා කාර් එකකින් ආපු බුවෙක් හොස්ටල් එකට එන පාර ගාව ඉදලා කෙල්ලෙක්ව උස්සන්න ප්ලෑනකට ආවේ. අපෙ එකෙක් ඉදලයි බේර ගත්තේ.

    ආහ් අයියත් මේ පැත්තට එන්නද කල්පනාව. අවුලක් නෑ. එහෙම එන එන හැම එකාටම ෂොට් එක දෙන්නේ නෑ. ඔයවගේ අවලම් වැඩ වලට එන අර වගේ එවුන්ට තමයි ගමකට කන්න වෙන්නේ.

    @niroshan :
    ඒක නම් ඇත්ත. ආයේ කන්න ඕනෙම වෙන්න නැතුව ඇති.

    ReplyDelete
  21. @indi :
    ඒක ඇත්ත තමයි අයියා. ඒ උනාට මේවගේ ජරා වැඩ බල බල ඇස් කන් පියාගෙන ඉන්න බැනේ. ඒකා ආයෙත් එන්න බැරි නෑ. එදා දීපු දඩුවම් වලට වාඩුව ගන්න.

    @හිස් අහස :
    අඩේ හිස් අහසට මං ගානේ බෝතලයක් දෙනවා. අදනම් මෙහේ කට්ටිය සෙට් වෙලා ඉන්නේ. මේ පැත්තට ආවනම් සප්පායම් වෙලා යන්න ඇහැකි.

    ReplyDelete
  22. වටින කියන කතාවක්...

    ReplyDelete
  23. ඵල කතාව.... නියම වැඩේ ඌට!

    ReplyDelete
  24. @Janani :
    ඒක හරි චූටි ටිචර්. අහිංසක ගෑනු ලමයින්ව බිලි ගන්න එන එවුන්ට ඔහොම තමයි කරන්න ඕනේ.

    @තාරා :
    බොහොම ස්තුතියි තාරා .

    @ලහිරු :
    ඒක හරි ඔහොම තමයි කරන්න ඕනේ

    ReplyDelete
  25. කියල තියන කතාව නම් වටිනව මචන්.. ඒත් අද හුඟක් අක්කලා නංගිලා තේරුම් නොගන්න දෙයක් ඕක..

    ReplyDelete
  26. @kåʼnı @ SLSC :
    ඒක නම් ඇත්ත තමයි.

    මගේ අඩවියට සාදරයෙන් පිලිගන්නවා !!!!

    ReplyDelete
  27. කකුල් දෙකෙන් හිටගන්න බැරිවෙන්නම දෙන්න තිබුනේ, ඔය වගේ සක්කිලින්ට ලැජ්ජ නෑ. තව ටික දවසකින් තවත් අහිංසකියක්ගේ ජීවිතයක් විනාශ කරන්න යයි.

    ReplyDelete
  28. @හගුරා :
    අනිවාර්යෙන්ම එයි. කරන්න තියෙන්නේ පරිස්සම් වෙන එක.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.