05 January 2011

සල්ලි මත ජීවිතය ගොඩ නැගීම


'' මචං උඹ බ්ලොග් ලියනවා නේද ? ඒකෙන් උඹට ලාබයි ද බං ? ''

'' ආහ් ඔව්. ඉස්සර නම් මම විතරයි කියවන්නේ. දැන් නම් පෝස්ට් එකක් දැම්මම කමෙන්ට් දහයක් පහලොවක් විතර වැටෙනවා. ඇයි උඹට එක පාරටම බ්ලොග් එක මතක් උනේ ?''

'' නෑ මමත් බ්ලොග් එකක් ලියන්න කියලා. යකෝ, මම ඇහුවේ කමෙන්ට් ගැන නෙමෙයි සල්ලි කීයල් ලැබෙනවද ඇඩ් වලින් ? ''

'' මම සල්ලි හොයන්න බ්ලොග් ලියන්නේ නෑ බං. ''

'' වැඩක් නෑ නේ බං අතට ගානක් එනවනම් බ්ලොග් ලිව්වට පාඩු නෑ. ''

'' එහෙම සල්ලි හොයන්න ලියන එවුනුත් ඇති. නමුත් මට බ්ලොග් ලියලා සල්ලි හොයන්න ඕනේ නැ. අනික උඹයි මමයි කවදාහරි කැම්පස් එකෙන් අවුට් උනාම ඉන්ජිනේරුවෝ වෙනවා ඉතින් අපිට හොද ජොබ් එකක් කරලා සල්ලි හොයන්න පුලුවන් නේ. ඉතින් එහෙව් එකේ බ්ලොග් පෝස්ට් එකක් දාලා ක්ලික් එකක් වැටෙනකන් කට බලිය ඉන්න ඕන යෑ. මම නම් මචං බ්ලොග් ලියන්නේ සිංහල ලියන්නයි කියවන්නයි තියෙන ආසාවට මිසක් උඹට වගේ සල්ලි හොයන්න තියෙන කෑදර කමට නෙමෙයි. බ්ලොග් ලියලා මට ලැබෙන ලාබය තමයි කමෙන්ට් කියන්නේ.මට ඒක විතරයි ඕනේ ''

'' උබට නම් පිස්සු !!! ඊට වැඩිය හොද නැද්ද ඔය කාලයම අතට සල්ලි එන වැඩකට යෙදෙව්වා නම් ? ''

'' මචං, මිනිස්සු සල්ලි මත්තෙන් ම නැහෙනකොට වහල්ලු වගේ වැඩ කරන්න වෙනවා. එතකොට හිතේ සැනසිම කියන එක නැති වෙලා යනවා. සල්ලි උනත් ගානකට තියෙන්න ඕනේ.ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියලා කතාවක් තියෙනවනේ බං ''

'' ඉතින් එහෙනම් උබ ජොබ් එකක් කරන්නේ සල්ලි හොයන්න නේ.ඒකත් ඉතින් කෑදර කම නේ නැත්නම් ජොබ් එකක් නොකර ඉන්න තිබ්බා නේ. ''

'' නෑ බං උඹට වැරදිලා. ජොබ් එකක් කරන්නේ ජීවත් වෙන්න කීයක්හරි හොයා ගන්න. නැතුව සල්ලිම හොයනවා කියන පරමාර්ථයෙන් නෙමෙයි. වැඩිපුර සල්ලි හොයනවා නම් වැඩිපුර වැඩ කරන්න ඕනේ.අපට කම්පැනි වලින් නිකන් ඉන්නවට සල්ලි දෙන්නෙ නෑ නේ. එතකොට රෑ එලිවෙනකන් හරි වැඩ කරන්න සිද්ධ වෙනවා. එතකොට කොහෙන්ද බං සැනසීමක් !!!! හරි උඹ ආස නැද්ද වේලාසන වැඩ ඇරිලා ගෙදර ඇවිත් තමන්ගේ වයිෆ් එක්ක ටිකක් කතා කරකර ඉන්න ? නිදහසේ පුටුවක වාඩිවෙලා පත්තරයක් බලන්න ? ගෙදර කට්ටිය ඔක්කෝම එක්ක එකතුවෙලා එකට කෑම ටිකක් ගන්න ? ''

'' හරි හරි උඹ උඹේ සැනසීම තියාගෙන හිටහන්. මං යනවා. ''

'' හරි හරි අපි පස්සෙ ඔය ගැන කතා කරමු. බලහන්කෝ බ්ලොග් ඇඩ් එකක් ගිය දුර.... දැන් උඹ කොහේ යන්න කියලාද නැගිට්ටේ ? ''

'' තේකක් බොන්න යන්න කියලා. ඇයි උඹත් එනවද ? ''

'' මෙ ටිකත් පාඩම් කරලම යන්. මාත් එන්නම් ''

( විභාගයට පාඩම් කරන අතරතුර ලියන ලද්දකි. )

---------------------------------------------

ප. ලි. - මොන දේ උනත් හිතේ සැනසීම කියන දේ සල්ලි වලට ගන්න බෑ. මට නම් සල්ලි වලට වඩා සැනසීම කියන දේ ගොඩක් ම වටිනවා. සල්ලි හොය හොයා කම්පැණිකාරයන්ව පොහොසත් කරනවට වඩා මට මගේ පවුලේ අයත් එක්ක ඉන්න එක තප්පරයක් උනත් වටිනවා.


30 comments:

  1. ඔය දේම ඔය විදියටම කෙනෙක් මගෙනුත් ඇහුවා..
    මමත් දුන්නේ ඔය පිළිතුරම තමයි වෙන මොනව කියන්නද...?

    ReplyDelete
  2. @කැන්ඩි... :
    බොහොම ස්තුතියි කැන්ඩි අදහස් දැක්වීමට. බ්ලොග් ලියලා අපට තියෙන ලාබය කමෙන්ට් විතරයි. ඒ ඇරෙන්න වෙන දෙයක් නෙමෙයි. ඒකෙන් තමයි අපට මානසික තෘප්තිය ලැබෙන්නේ.

    ReplyDelete
  3. සහතික ඇත්ත කතාව. ගොඩක් අයගේ බ්ලොග් දැක්කම පිස්සු හැදෙනවා. ඇඩි පුරවගෙන. ඔය කියන විදියට සල්ලි ලැබෙනවනම් බැරියැ.

    ReplyDelete
  4. ඔබේ අඩවිය ඇතුල් කරන්න
    සින්ඩි ලංකා, දිගු කලක් තිස්සේ කරන ලද පරීක්ෂනවල ප්‍රතිපලයක් ලෙස එලි දක්වන බ්ලොග් අඩවියකි. දින 7 ක් ඇතුලත ඔබගේ බ්ලොග් අඩවියත් "සින්ඩි ලංකා" වෙත ඇතුලත් කිරීමට කටයුතු කරමු.

    අවශ්‍ය තොරතුරු
    ඔබේ නම :
    වෙබ්/බ්ලොග් ලිපිනය
    ඔබව සම්බන්ද කරගතහැකි e -mail ලිපිනය

    ඉහත තොරතුරු sindilanka@yahoo.com එවීමෙන් "සින්ඩි ලංකා" හි සාමාජිකත්වය ලබා ගත හැක.

    ReplyDelete
  5. ඕන්න ඔබතුමාගේ බ්ලොග් ආදායමට මෙන්න මගෙනුත් තල්ලුවක්
    එලම එල පෝස්ට් එකක් අෆ්ෆ.
    ෆටේ ෆට්ට.

    ReplyDelete
  6. සමහර බ්ලොග් වලට යන්න බෑ ස්ට්‍රක් වෙන තරමට ඈඩ්ස්..
    උඹ කියපු දේ ඈත්ත.. ක්ලික් එකක් එනකන් කට ඈරන් ඉන්නවට වඩා කොමෙන්ට් එකක් දැක්කම දැනෙන්නේ පුදුම ෆිට් එකක්...
    එළ එළ

    ජය වේවා........!!

    ReplyDelete
  7. "මොන දේ උනත් හිතේ සැනසීම කියන දේ සල්ලි වලට ගන්න බෑ."
    මේකට 200% මමත් එකගයි.

    ReplyDelete
  8. @..ChAnDiKa.. :
    ඒක නම් ඇත්ත.සමහර සයිට් වලට එකපාරක් ගියාම 1MB විතර යනවා ලෝඩ් වෙන්න. ගිහින් බලපුවාම ගන්න මෙලෝ හසරක් නෑ. අනික ඇඩ් එකක් දැම්මට මදි වෙන වෙනස් IP වලින් හිට්ස් විතරයි කීයක් හරි එකතු වෙන්නෙත්.

    @සින්ඩි ලංකා :
    අම්මෝ මෙ සින්ඩි ලංකා ගෙන් ගැලවීමක් නැද්ද කොහෙද ?

    @raala :
    බොහොම ස්තුතියි මගේ ආදායම වැඩි කරන්න දායකත්වය ලබා දුන්නට.

    @සෝරෝ :
    කොමෙන් ට් එකක් දැක්කම තියෙන සතුට හිට්ස් එකක් දැක්කම නෑ. හිට් එකක් දැක්කම හිතෙන්නේ තව වැඩි කරගන්නෙ කොහොමද කියලා හිතන පටු අදහස විතරයි.

    @නදී :
    ඒක නම් මම ධම්මපදයක් වගේ පිලිපදින කියමනක්. බොහොම ස්තුතියි අක්කා කොමෙන්ට් එකට. සල්ලි හින්දා සැනසුන අය ඉන්නෙ ගොඩක් අඩුවෙන්.

    ReplyDelete
  9. බ්ලොග් ලියලා අපිට හම්බ කරන්න බැරිකමක් නම් නෑ . මමනම් ගොඩක් දේවල් හම්බකරගත්තා . මම හම්බ කරගත්ත දේවල්ම ඔයත් හම්බකරගෙන තියනවා මට පේනවා .

    අපි හම්බ කරගන්නේ යාලුවෝ , කමෙන්ට් , හිතේ සතුට . ඔන්න ඔච්චරයි මමනම් බ්ලොග් ලියලා හම්බකරගන්නේ . සල්ලි වලට වඩා ඕව වටින්නේ නැද්ද ?

    ජය වේවා !!

    ReplyDelete
  10. @හිස් අහස :
    මමත් ඔය දේවල් ඇරෙන්න වෙන දෙයක් නම් මෙතුවක් කල් හම්බ කරගෙන නෑ. මට බ්ලොග් වලින් හම්බ කරන පාර කිව්වේ හිස් අහස. ඒකට මම හිස නමා ආචාර කරනවා. මල්ලිට තව තවත් වැඩි වැඩියෙන් හම්බ කරන්න ලැබෙන්න කියාලා පතනවා.

    ReplyDelete
  11. E Unata Salli tikak Labenawanam Apita Honda Target ekak labenawa.. Ethakota ekata wada karanna puluwan

    ReplyDelete
  12. සහතික ඇත්ත.
    හැබැයි ඉතින් ඒක එයාලගේ ආසාවනේ...
    (හැබැයි ඔය ඇඩි වෙනුවෙන් තුට්ටු දෙකේ පෝස්ට් දාගෙන දාගෙන යන එකනම් අනුමත කරන්න බෑ)

    දුවලා දුවලා හති වැටුන දවසක නවත්වයි!

    ReplyDelete
  13. @Anonymous :
    ඉලක්කයක් තියාගන්න සල්ලි හොයන්නම ඕනද ? අපි බ්ලොග් ලියන එක උදාහරනයට ගනිමු. හොද ලිපියක් ලියලා ලොකු පාඨක පිරිසක් රැස් කර ගන්න එක ඉලක්කයක් නම්, ඒකට ඇඩ් දාලා මුදල් ගාව ගන්න ඕනද ?

    අනික මුදල් හොයන්න නිර්මාණ කරද්දි ඒකේ නිර්මාණශිලිත්වය නැතිව යනවනේ. ඔන්න හොද නිර්මාණයක් කලාට පස්සෙ මුදල් ලැබෙන එක නම් අවුලක් නෑ.

    @සංකල්පනා - රුවන් :
    ඒක තමයි. අපි එයාලගේ ආසාව ඉශ්ට කර ගන්න ලැබෙන්න කියලා පතමු. පව් නේ

    ReplyDelete
  14. " උඹ ආස නැද්ද වේලාසන වැඩ ඇරිලා ගෙදර ඇවිත් තමන්ගේ වයිෆ් එක්ක ටිකක් කතා කරකර ඉන්න ? නිදහසේ පුටුවක වාඩිවෙලා පත්තරයක් බලන්න ? ගෙදර කට්ටිය ඔක්කෝම එක්ක එකතුවෙලා එකට කෑම ටිකක් ගන්න ?"......ලස්සන හීනයක් මැවුන මචං හිතේ.

    මොනවද බං මේ දෙක පහේ ඇඩ් ක්ලික් කරණ වැඩ.වැදගත් විදියට හොද ජොබක් කරණ ගමන් නිකන් ෆන් එකට වාගෙ බ්ලොගයක් කරණව මිසක්.

    ReplyDelete
  15. @dinesh :
    බොහොම ස්තුතියි අයියා අදහස් බොහොම ස්තුතියි අයියා අදහස් එකතු කලාට. මං ඔය ලිව්වේ මගේ හිතේ මැවිලා තියෙන දේ. මම කැමති නෑ හැමවෙලේම වැඩ වලම යෙදිලා ඉන්න.

    ReplyDelete
  16. ඇයි උම්බල ආස නැද්ද ඇඩ් ක්ලික් කරලා දියුණු වෙලා ගෙයක් දොරක් හදාගන කාර් එකක් දෙකක් අරගන කසාදයක් බැඳලා

    බැංකුපොතෙත් රුපියල් 10ක් විස්සක් ඉතුරු කරලා නහින දෙහින කාලේ දඹදිව හරි වේලකන්නි හරි ගිහිල්ලා සැනසිල්ලේ මැරෙන්න!

    හික්ස්......... :D :D

    ReplyDelete
  17. එල කිරි මචන්.. බ්ලොග් එකක් කියන්නේ දින පොතක්..ඒකේ ලියන්නේ අපි ගැන...
    නැතුව සල්ලි ගැන නෙමේ...අපි ලියන්නේ හිතේ සතුටින්...ලියලා වැටෙන කොමෙන්ට් එක තමා අපේ සල්ලි...
    ඒ සල්ලි ඇත්ත සල්ලි වලට පරාදයි.....

    ReplyDelete
  18. @සංකල්පනා - රුවන් :
    අම්මෝ ආසයි. මොනා කරන්නද ඇඩ් දැම්මට අපට හිට් එන්නේ නෑනේ.

    @රත්ගමයා :
    අන්න හරි රත්ගමයට තේරුනා වැඩේ. මම බ්ලොග් එක පැත්තේ ගියා නම වෙනස් කරලා නේ. අහුවෙනවකෝ.....

    ReplyDelete
  19. මොන ඇඩ් ද බං ඊටවඩා කමේන්ට් එකක් සිය දහස් වාරයක් වටිනවා..
    අපේ රට හැමදාම එකතැන තියෙන්නේ මිනිස්සු පිස්සෝ වගේ සල්ලී පස්සේ යන එක නිසා තමයි.

    ReplyDelete
  20. @Malith Madushanka | මධූ :
    කතාව නම් සහතික ඇත්ත !!!!! කමෙන්ට් එකක වටිනාකම ඇඩ් එකකින් හොයන්න අමාරුයි.

    සාදරයෙන් පිලි ගන්නවා මගේ බ්ලොග් අඩවියට

    ReplyDelete
  21. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  22. @PRODIGY :
    අදහස් දැක්වීමට ගොඩක් ස්තුතියි. ඔබේ කමෙන්ටුවේ ගොඩක් වටිනා අදහස් තිබුනද එය පැවසීමේදි භාවිතා කර තිබූ වචන නොගැලපෙන බැවින් එය ඉවත් කිරීමට සිදු උනා.

    ReplyDelete
  23. හිට් වැඩි වුනාට ඒක හිතට දැනෙන්නෙ නෑනෙ . . ඒ වගේද කමෙන්ට් එකක් දැක්කම හිතට එන සතුට, හයිය . .ඒක කියල නිම කරන්න බෑනෙ . .
    ඕං එහෙනම් මාත් කමෙන්ට් එකක් දැම්ම . . .

    ReplyDelete
  24. @-VinZ- :
    හුග දවසකට පස්සේ !!!! බොහොම ස්තුතියි මල්ලී කමෙන්ට් එකක් දාලා මගේ ආදායම වැඩි කරලා දුන්නට.

    ReplyDelete
  25. hikzz .. elazz .. sure ekata jila neda kiwwe ?? lol

    ReplyDelete
  26. @රන් :
    කොහොමද හරියටම කොල්ලව අදුනගත්තේ ?

    ReplyDelete
  27. සිරා පොස්ට් එක මම ඒක අගේ කරනවා

    ReplyDelete
  28. @සූර සරදියල් :
    තැන්කූ තැන්කූ සරා....

    ReplyDelete
  29. මටත් තියන ලොකුම ආදායම තමයි ලැබෙන කොමෙන්ටු ගනන...

    ReplyDelete
  30. ඇත්ත කතාව අය්යේ................

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.