20 January 2011

කඩියන් ලෙන ඇල්ල


කලින් ලිපිය මාසයේ අන්තිම ලිපිය කියලා කිව්වට මොකද අපේ ව්‍යාපෘතිය කලින්ම ඉවර උන නිසා ආයෙමත් ලේඛන කලාවට ප්‍රවිශ්ට උනා. ලියන්න කියලා කිව්වට ලියනවා නෙමෙයි Draft එකේ තිබ්බ ලිපියක් පබ්ලිස් කරන එකයි කරන්නේ.

දෙවන වසරේ ඉගෙනුම් කටයුතු කරන අතරතුර සති අන්තයේ නිවාඩු දවසක් ගලබොඩ ඇල්ල බලන්න යන්න කියලා අපේ බැච් එකේ යාලුවෝ කට්ටියක් සෙට් උනා. මමත් ඒ සෙට් එකට එකතු උනා. මොකද ඇල්ලකින් නාන්න තියෙනවා නම් ආයෙ ඉතින් ලොවෙත් නෑ.

නමුත් කට්ටිය එකතු කරගෙන පේරාදෙණිය ස්ටේශන් එකට එනකොට කෝච්චිය ගිහිල්ල තිබුනා. ගලබොඩ ඇල්ල බලන්න ගලබොඩ දුම්රිය ස්ථානයට යන්න ඕනේ. එතන ඉදලා ටික දුරක් පයින් යන්නත් ඕනේ .ගලබොඩ ස්ටේශන් එකේ නවත්වන කෝච්චි හරි අඩුයි. මොකද ඒක පොඩි දුම්රිය ස්ථානයක් හන්දා.

බස් එකකින් ඇල්ල බලන්න යන්නත් බෑ. බස් නෑ ඒ හරියට. දැන් ඉතින් මොනා කරන්නද. නාවලපිටියටවත් ගිහින් එනවා කියලා හිතලා, ආපු කෝච්චියක එල්ලුනා. කොහොමහරි දහය එකොලහ වෙද්දි නාවල පිටියට ගියා. එහෙදී තේ බොන්න කියලා කඩේකට ගොඩ උනා.

'' අක්කා මේ හරියේ නාන්න පුලුවන් ඇල්ලක් තියෙන තැනක් තියෙනවද ? '' කියලා අපේ එකෙක් ඇහුවා.

'' මල්ලි මේ හරියෙම නම් නෑ. තලවකැලේ පාරෙ ගියාම නම් ඇල්ලක් හම්බ වෙනවා කඩි ඇල්ල කියලා. අන්න ඒකේ නම් නාන්න පුලුවන් ''

අක්කා දීපු ඔත්තුවට අනුව නාවල පිටිය බස් නැවතුමෙන් තලවකැලේ බස් එකක් නැගලා පැය බාගයක් යද්දි කඩි ඇල්ල ගාවට ආවා. ඇත්තටම ඒක ලස්සන ඇල්ලක්. නාන්න කියාපු ප්ලේස් එක. එතැන ඉදලා අපේ එවුන් බොන්න පටන් ගත්තා. මම ඉතින් අමධ්‍යප සංගමයේ හින්දා බිව්වේ නෑ.

බොන එවුන්ගේ බයිට් ටිකට නම් වැඩේ දුන්නා. බැරිම තැන බයිට් එක හංගලා තිබ්බා. කොහොමහරි ඇල්ලෙන් නාලා, ඇල්ල ලග වරුවක් ගත කරලා ආයේ හොස්ටල් එකට ආවා.

කඩි ඇල්ල පිහිටලා තියෙන්නේ නාවලපිටිය තලවකැලේ පාරේ (B317 ) කඩියන්ලෙන කියන ගමේ. ඒ ඇල්ල ප්‍රධාන පාරට මායිම් වෙලා තියෙන හින්දා ඇල්ල ලඟට එන්න ගොඩක්ම පහසුයි. නාලපිටියෙන් තිස්පනේ හරි තලවකැලේ හරි බස් එකකින් එන්න පුලුවන්. නමුත් හවස හය විතර වෙද්දි බස් නැහෑ ලූ. ඒ ඇරෙන්න වෙන දුශ්කරතාවයන් නම් නෑ.

පොඩි ෆන් එකක් ගන්න නම් කියාපු තැනක්. ඇල්ලට මායිම් වෙලා තමයි කැටබෝල වතු යාය තියෙන්නෙත්. ඒකත් මාරම දර්ශනයක් !!!!

හැබැයි එහෙම ෆන් ගන්න ආපු එවුන් ගෙනාපු අරක්කු බෝතල් බිදලා දාලා යන එකනම් හෙනම අපරාධයක් !!!!

ප.ලි.- ඒ දවස්වල ගත්ත ෆොටෝ හොයා ගන්න හම්බ උනේ නෑ. ඒ නිසා අන්තර්ජාලයේ තිබ්බ ෆොටෝ ටිකක් සර්ච් කරලා ගත්තා. තවත් සේයාරූ සදහා මෙතන ක්ලික් කරන්න.

18 comments:

  1. ලස්සන තෑනක් නේද?මම් ගිහින් නෑ. :(

    ReplyDelete
  2. අඩේ....පාර....
    අපිත් ගියා මේ මාසේ ට්‍රිප් එකක්...ගියපු උන් එකාට එකා දන්නේ නෑ....සිරීපාදේ කරුනාකරන්න ගියේ....බ්ලොග් ලියන සෙට් එකක් තමා ගියේ...කවදාවත් දැකලා කතා කරලා නැති උන් එක්ක ගියාම මාර ෆන්...ලමයා,බනියා,චේ උන්නැහේ,පොඩි මහත්තයා,හම් තුම්.....තව කීප දෙනෙක් සෙට් උනා චාරිකාවට...උඹේ පෝස්ට් එක දැක්කම මට ඒක මතක් උනේ.......
    (අර බොන්නේ නැති එක ගැන කියනව නම්....උඹ මැක්සා...)

    ReplyDelete
  3. මට rss feed එකක් ආව මෙන්න මෙහෙම ලිපියක් ගැන ඒත් එක නැනෙ. දුකට ලියපුවා !!!!

    ReplyDelete
  4. ඒක මූ ඩිලීට් කොරලා නේ....මමත් ඊයේ මම්ත් ඊයේ බලනකොට පෝස්ට් නොට් පවුන්ඩ්

    ReplyDelete
  5. සිරාවටම මොකෝ, දුකට ලියපුවා ආපහු කියවනකොට අප්සැට් උනැයි ඔහේ. :)

    ReplyDelete
  6. හොඳ ලිපියක්. ස්තුතියි දැනුවත් කලාට

    ReplyDelete
  7. දෑනට මාසයකට විතර ඉස්සෙල්ලා මමත් කඩියන ඇල්ල බලන්න ගියා.ඇත්තටම ලස්සන තෑනක්.නමුත් අපේ මිනිස්සුන් ගෙ වෑඩ නිසා අපට මෙම ස්තාන නෑතිවෙයිදෝ කියල බයක් ඇතිවුනා.පරිසර දුෂනය....

    ReplyDelete
  8. අර කිවුවත් වගේ සෙට් වෙන්ඩ මරු තැන ...හැබැයි මමනම් කවදාකවත් බීමෙන් පසු ජලයට බහින්නේ නෑ ..

    ජය වේවා !!

    ReplyDelete
  9. මමත් මේකට ගිහිල්ලා තියෙනවා වගේ මතකයි. ඒ 2004 හරි 5 හරි. ඒ දවස් වල මෙච්චර වතුර තිබ්බේ නැද්ද කොහෝද. ආහ් ඒ trip එක මතක් වුනා. මම ගිය පලවෙනි සහ එකම මොටර් බයික් ට්‍රිප් එක.

    ReplyDelete
  10. @ගලායන ජීවිතය :
    මටත් හිතුනා අක්කා ගිහින් නෑ කියලා. දවසක යන්න බලන්න. ලස්සන තැනක්. !!! මොකෝ නදී අක්කා නම වෙනස් කරගෙන ?

    @රත්ගමයා :
    රත්ගමයා නිකන් හොරා වගේ ගිහින් නේ. අඩෝ කිව්වා පේරාදෙනියෙන් ටේ්‍රන් එකට සෙට් වෙන්නත් තිබ්බා නේ. දැන් මොනා කරන්නද ගිය නුවණ රත්ගමයා ලවා අද්දවන්න කියලා යෑ.

    ReplyDelete
  11. @පැන්da, රත්ගමයා, nawammawatha :
    නැත නැත අප්සැට් උනේ නැත. ඒක දැන්ම දාන්න ඕනේ නෑ කියලා හිතුනා. ඒකයි.
    තව දවස් දෙකකින් දාන්නම්.

    ReplyDelete
  12. @ස්වප්නා :
    තැන්කූ තැන්කූ. පුලුවන් වෙලාවක ගිහින් එන්නකෝ. හැබැයි කොලඹ ඉදලා යනවනම් දවසම වගේ යයි.

    @අසංක Asanka :
    එල එල. පට්ට ප්ලේස් එක නේ ? මට ආයෙම දවසක් යන්න කියලා හිතුනා. ඒත් කට්ටිය සෙට් උනේ නෑ. තනියම ඇල්ලකින් නානවට වැඩිය හොදයි ෂවර් එක ඇල්ලක් කියලා හිතන් නාගන්නවා !!

    @හිස් අහස :
    බීමෙන් පසු ජලයට බහින එක නෙමේ මලයෝ වැඩේ. නොබී ඉන්න එක.
    නොබී හිටු !!! නොබී හිටු !!!

    @සංකල්පනා - රුවන් :
    සයිකල් වලින් ට්‍රිප් යන එක නම් මාර ෆන්. අයියගේ ගෙවල් ඇත්තේ නාවල පිටිය කිට්ටු කරලා වැන්ටෑ....

    ReplyDelete
  13. ඔව් ඉතින් ගිය 1ම ට්‍රිප් 1 තමා ඒක.

    ඒක යාලුවෙක් ගේ ගෙදරකට ගිය ගමනක්. මගේ ගම මොරටුව.

    ReplyDelete
  14. I seldom leave comments on blog, but I have been to this post which was recommend by my friend, lots of valuable details, thanks again.

    ReplyDelete
  15. ඒ ඈල්ලට මාඉම් වෙලා තියෙන්නෙ කෑටබුල නෙමේ කෑටබුලාව වත්තට.

    ReplyDelete
  16. මමත් මේ ට්‍රිපක් යන්නෙ කවදාද කිය කිය හිත හිත ඉන්නෙ.... බලමුකො ලඟදීම... මේ පැත්තෙත් ගිහින් එන්න බලන්නම්...

    ReplyDelete
  17. @සංකල්පනා - රුවන් :
    ඒකනේ අයියා. මරු ට්‍රිප් එකක් !!!!

    @Anonymous :
    අම්මෝ වර්ණනාවට මට නිකන් පවන් ගහනවා වගේ !!!!
    ගොඩක් ස්තුතියි.

    @....{පිෂ්ෂු කොල්ලෙක්‌ක්‌}.......... :
    නිවැරදි කිරීම් වලට ස්තුතියි. මම් අර බෝඩ් එක කියවලා තමයි ලීවේ. කියවද්දි වෙච්ච මිස්ටේක් එකක් !!!!!

    @හරී :
    ගිහින්ම කියන්නකෝ කොහොමද ප්ලේස් එක කියලා !!!!
    පට්ට ප්ලේස් එකක්.

    ReplyDelete
  18. ෂා.... හරිම ලස්සන තැනක්නේ. තැන්කු මධුරංග ලින්ක් එක දුන්නට.......

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.