24 January 2011

විනාසයක් අත ලඟ !!!!!


ඉදලා ඉදලා මාසයකට විතර පස්සේ ගෙදර යන්න ලැබුනා. කැම්පස් එකේ වැඩ අස්සේ ගෙදර යන්න වෙලාවක් ලැබුනේ නෑ . අම්මත් හැමදාම කෝල් දිදී අහනවා කවද්ද එන්නේ කියලා.

" මොනා කරන්නද අම්මේ වැඩ ගොඩ ගැහිලනේ. ඒවා ටික එකලාසයක් කරලා එපැයි ගෙදර එන්න. ''

ගෙදර යන්න කියලා බැලුවට යන පාර හරියටම නිච්චි නෑ.ලඟ පාත එකෙක්ගෙන්වත් අහලා බලන්න ඕනේ කියලා හිතලා පොඩ්ඩක් අහලා බැලුවා.

'' මේ අයියා මම මේ දන්නේ නැති හින්දමයි අහන්නේ, අපේ ගෙදර යන පාර පොඩ්ඩක් කියන්න පුලුවන් ද ? ''

'' මල්ලී, 155 හේ ගියා නම් හොස්පිට්ල් එක ගාවින්ම බැහැ ගන්න පුලුවන්. ''

'' පලයන් බං යන්න මට ඕනේ නැති හොස්පිට්ල් එකක් නෑ. ''


බලාගෙන ගියාම උට කොයිල් !!!. 155 බස් එක මුල්ලේරියාව ටවුම පැත්තේ වත් යන්නේ නෑ. අඩුමගානේ 177වත් කියපන්කෝ. කොහොමහරි මග හම්බවෙන හම්බ වෙන හැම එකාගෙන්ම අහලා ගමට ආවා.

ගමට එනකොට ගමේ එකාලා එලියට බැහැන් බලන් ඉන්නවා අමුතු සත්වයෙක් දැකලා වගේ. මොනා කරන්නද කාලයක් දැක්කේ නැහැනේ.

'' ඕන් මධුරංග අයියා අපි නැති ටිකට හරහට උස ගිහින්. " ඒ අපේ ගමේ ගෑනු ළමයි ටික. ඇත්තටම දැන් ඉන්නවට වඩා ටිකක් මහත්වෙලා මොකද කියන්න නම් දන්නේ නෑ. මොන උනත් ඒ නංගිගේ කටට බට්ටෙක් දාලා පත්තු කරන්න වටිනවා කියපු කතාවට.

ගෙට ගොඩ වෙන්න ලැබුනෙත් නෑ. මී හරකෙක් වගේ එකෙක් ඇගට පැන්නේ නැතෑ. ඒ අපේ මල්ලි. මට සහෝදරයෙකුට කියලා ඉන්නේ ඔච්චරයි. ඒකත් මං ආපු එකේ සන්තෝෂෙට මාව බිම පෙරලගෙන බඩ උඩ නැගලා පිලිගත්තා. පෙරලපු පාර ඔලුව දඩස් ගාලා සිමෙන්ති පොලවේ වැදුනා. අවුලක් නෑ හොද වෙලාවට මගේ මොලය, ඔලු ගෙඩිය ඇතුලේ තිබ්බේ නැත්තේ. තිබ්බනම් මෙලහකට තැලිලා !!!

අපේ අම්මටත් හෙනම සන්තෝශයි මම ආපු එකට. අම්මා රටේ නැති කෑම හදලා තිබ්බා. මම ආසම කතුරුමුරුංගා මැල්ලුමක් හදලා තිබ්බා. අපේ අම්මත් හට්ටියෙන්ම බාගයක් විතර මට බෙදලා තිබ්බා.කෑවට පස්සේ දවසක් විතර ටොයිලැට් එක කුලියට ගත්තා. ඒ අපේ අම්මගේ කෑම රස නැති හන්දා නෙමෙයි. කතුරුමුරුංගා කෑවම මගේ සරීර කූඩුව දක්වන ප්‍රතික්‍රියා හන්දා.

'' මොකෝ අම්මා පල නොකියා පලා බෙදනවා වත් ද ? ''

'' නෑ ඉතින් පුතා ආස හින්දා හැදුවේ. ''

'' ඕන් මායි අප්පච්චියි පුතාට මනමාලියෙක් බැලුවා. !!! ''

'' මල ගෙවල් හතයි !!! ඇයි අම්මා මම මොකද්ද කරපු වරද ඔය තරම් ලොකු දඩුවමක් දෙන්න ? මේ බලන්න බත් එකේ අයින් කරලා තිබ්බ කුරුදු පොත්තයි රම්පේ කොල කෑල්ලයි කැවුනා අම්මා කියපු දේ අහලා. ''

'' ඈ බොල ..... දීග යනවා කියන්නේ උඹට දඩුවමක් ද ? අපිට ඕනේ අපේ ඇස් පියවෙන්න කලින් උඹලා දෙන්නට යන කල දවසක් බලන්න. ඉස්සෙල්ලම ලොක්කගේ වගකීම් වලින් නිදහස් වෙලා පස්සේ පොඩි එකා ගැන බලන්න ඕනේ. ''


එක අතකට දීග යනවා කියන්නේ හිරේට නියම උන වගේ දෙයක් තමයි. අපේ ජීවිතත් එන්න එන්න හෙනම සංකීර්ණ වෙනවා. කවදාවත් සරල වෙන්නේ නෑ. ඉස්සර වගේ බරපතලකමක් නැතුව ඔහේ ඉන්නන්වාලේ ඉන්න බෑ. රස්සාවක් කරන්න ඕනේ. ගෙවල් දොරවල් හදන්න ඕනේ. වයිෆ්ට කන්න අඳින්න දෙන්න ඕනේ. තව ඉස්සරහට තව තවත්....

මේ ඔක්කොම දේවල් බලාගෙන යනකොට ඉස්සර ඉස්කෝලෙ යන කාලෙට ආයෙත් යන්න තියෙනවනම් එක පයින්ම යන්න කැමතියි. මොකද ඔය දේවල් ඉස්සර අපිට අම්මලාගෙන් නොමිලේම ලැබුනනේ. එතකොට කිසිම අගයක් නෑ. කොහොමත් කතාවටත් කියනවනේ නොමිලේ දෙන දේ අගයක් නෑ කියලා. ඒ උනාට කවදාහරි ඔය දේවල් වලට අපි මුහුන දෙන්න වෙනවා.

'' මොකෝ ලොකු එකෝ,දාහට අරන් සීයට දීගන්නත් බැරුව වගේ මූන එල්ලන් ඉන්නේ ? ''

'' නෑ මං කල්පනා කලේ මාසයක් එන්නේ නැතුව ඉදලා මෙහෙම විනාසයක් සිද්ද වෙන්න යනවා නං මාස එකහමාරක් ඉදලා ආවානම් කොහොම දේවල් සිද්ධ වෙයිද කියලා !!!! ''

''කොහෙද ඉතින් කැමති කෙල්ලෙක් හොයා ගන්න කිව්වට හොයා ගන්න එකක් යෑ. අපිම හොයලා දෙනකන් ඉන්නවා මිසක් !!!! ''


මම කෙල්ලෝ හොයපු විදිහ දන්නේ මමයි උඩ ඉන්න දෙයියොයි බ්ලොග් කියවන අයයි විතරයි. මොනා කරන්නද ඉතින්, අම්මලා නපුරක් කරන්නේ නැනේ. පොඩ්ඩක් අම්මලාගේ ඉල්ලීමත් සලකලා බලනවා. මොනා උනත් අපේ අම්මලා මට බඳින්න කියලා බල කරන්නේ නෑ. මගේ හිත ගියොත් විතරයි තීන්දු කරනවා කිව්වේ.

හැබැයි 2012හේ ලෝක විනාසෙට කලින් මගේ විනාසේ සිද්ධ වෙන්න ඕනේ කියලා කිව්ව. ඒ කියන්නේ මට 2012 දී අකමැත්තෙන් උවද කසාද බඳින්නට සිදු වේ !!!

මේ නිවේදනය මගේ බ්ලොග් හිත මිත්‍රාදින් ඉතා සංවේගයෙන් යුතුව පිලිගනිත්වා !!!!

ආදර්ශය - සතියකට සැරයක්වත් ගෙදර ගීහින් ඒමෙන් මෙවන් විනාසයන් වලකා ගත හැක.

25 comments:

  1. කමෝන් මධුරංගගෙ අම්මෙ තාත්තෙ. ඔහොම තමයි ගෙදර නො එන උන්ට කරන්න ඕන. විගහට බන්දල දෙන්නයි තියෙන්නෙ.

    අනේ බං මටත් ඕකමනෙ උනේ. රස්සාවට කොළඹ ආව ආවමයි, ගෙදර ගියේ මාසෙකට දෙකකට පාරයි, ඒ ගියත් ගෙදරක උන්නෙම නෑ. ඇයි ඉතිං ඒ කාලෙ බේබද්ද නෙ මං. මට කසාදයක් විතරක් බඳල නිකා හිටිය කියලද උඹ හිතන්නෙ. නෑ බොල, අන්තිමට අම්මයි තාත්තයි ගෙවල් දොරවල් අතෑරල මාත් එක්ක කොළඹම පැල පදියන් උනා. ඉතිං උඹ සතු‍ටු වෙයං එක දඬුවමකින් විතරක් බේරුනාට.

    දැන්නං මුගෙ මොලේ පැදිලා කියල අම්මයි තාත්තයි ආපහු ගම රට බලා යන්න්නයි ලෑස්තිය ලේළි පොඩ්ඩට මාව ගෙඩිය පිටින්ම බාර දීල.

    ReplyDelete
  2. ඒකත් හොදයි ඉක්මනට පිලිවෙලක් වෙනඑක.

    ReplyDelete
  3. හික් හික්!! නියමෙට ලියලා තියෙනවා

    ReplyDelete
  4. @nawammawatha :
    කමෝන් කියන්න එපා බං. උබලා ආස නැද්ද මං තව ටිකක් හොදින් ඉන්නවා දකින්න ? ඒ නිසා මේ උන්නා වගේ තව ටිකක් ඉදලම බැන්දොත් හොද නැද්ද ? :)
    නවම් මාවත ට නම් මොකො හොද කෙනෙක් ලැබිලා තියෙන්නේ. අපිත් අපිත් කියෙව්වා චූටි මැනිකෙගේ කතාව.

    @ගලායනජීවිතය :
    ඔව් ඉතින් පිලිවෙලක් වෙන එක හොදයි. ඒත්... ඉක්මනට... ඒක තමයි තියෙන එකම පුරස්නේ !!!

    @ blog gadol :
    නියමෙට ලියලා නෙමෙයි මචෝ.ඔය මගේ හිතේ තිබ්බ ඔක්කෝම ටික ලිව්වේ. තැන්කු තැන්කූ.

    ReplyDelete
  5. අනේ වාසනාවන්.......... :D

    ReplyDelete
  6. @සෝරෝ :
    ඇයි බං වාසනාවන් කියලා කියන්නේ ? කෙනෙක් කරදරේ වැටෙනකොට හිනා වෙන්න හොද නෑ බං.

    ReplyDelete
  7. මධුරන්ගයත් ඉවරයි...........

    ReplyDelete
  8. @රත්ගමයා :
    රත්ගමයෝ ඇයි මචෝ එහෙම කියන්නේ. උබලා එහෙම කිව්වම හෙනම දුකයි බං :(

    ReplyDelete
  9. ආව් ආව් කොල්ලාගේ (අ)වාසනාව පෑදෙන්නයි යන්නේ... අපිටත් හරිම තන්තෝසයි.... කාටහරි කමක්නෑ හරියනවනම්...

    ReplyDelete
  10. ජය වේවා !!!!!!!!!!!!!!!

    මධුරංග අයියා හිරේ විලංගුවේ වැටෙන්න යනවා ..! නියමම වැඩේ උඹනම් මාර ලක් කාරයා .. මචං අයියේ උඹේ වෙඩින් එක දවසට නිකමට හරි මට එන්න කියපං ...සමහර විට මම එන්නත් බැරි නෑ ..

    එදට මම බීලා බීලා මේ ලෝකේම හෙල්ලෙන්න කෑගහනවා .. මධුරංග අයියා බැන්දෝඕඕඕඕඕඕඕඕඔ කියලා කෑගහනවා ...මධු අයියේ මට තියන සතුට ...

    මධුවිත ටිකක් ගන්ඩ ඕන මේ සතුටට ...

    ReplyDelete
  11. ගිහින් බලන්න.. දැන් ඔය චුරු චුරු ගෑවට ගෑනු ළමයට හිත ගියාට පස්සෙ මෙයාව හොයා ගන්නත් නැති වෙයි :) :P

    ReplyDelete
  12. මේක කියවලා මමනම් ගත්ත ආදර්ශය තමයි මොනවා කලත් හැමදාම ගෙදර ගියොත් මේ වගේ දඩුවම් වලින් බේරෙන්න පුළුවන් කියන එක...
    අයියේ කොයිකටත් අම්මලා කතා කරලා තියෙන ගැණු ළමයවත් බලලා ඉන්න. වැරදිලාවත් වැඩේ හොදනම් ඉතිං ගොඩනේ......

    ReplyDelete
  13. @Lahiru :
    තැන්කූ තැන්කූ. මගේ දුක් මුසු අවස්ථාවේ දී ඒ දුක බෙදා ගන්න ආවට

    ReplyDelete
  14. @හිස් අහස :
    මලයා ඉන්නේ බෝතලේ කඩා ගත්ත ගමන්ම නේ. පොඩි හේතුවක්වත් තියෙන්න බෑ ඒකට බොන්නත් ඕනේ.
    මලයා දැන් බොන්නේ දුකට ද සංතෝෂෙටද ?
    ඒ උනාට මලයා බොන එක නම් හොද නෑ කොලුවෝ !!!

    @ස්වප්නා :
    ඔව් ඉතින් ඒක කියන්න බෑ. යකාගේ හැටියට ලු නේ විමානෙත්
    බලන්න යන යකින්නත් මොන වගේද දන්නෙ නෑ. :)

    @නිර්මල :
    අනිවාර්යෙන් ඒ ආදර්ශය දෙන්න තමයි මල්ලි මේ කතාව ලිව්වේ. ඔන්න මල්ලි එහෙම දැන්ම මේ විලංගුවේ වැටෙන්න හදන්න එපා හොදද ?

    ReplyDelete
  15. අනෙ අම්මෙ බදින්න නම් එපා.
    මම නම් අයෙ බදින්නෙ නැතෝ.......


    මටත් පොඩි සුප් එකක්,වරදුනා, සප් එකක්

    ReplyDelete
  16. එල එල!!! අයියත් බදිනවා එහෙනම්!! ඔන්න සරදියල් සුභ පැතුවා

    ReplyDelete
  17. අම්මපා අපේ අම්මා ඔහොම කියන්නේ නැ නේ.......

    මොනා උනත් මදුරංග අයියා එලටම ලියලා තියෙනවා

    ReplyDelete
  18. 2012 එනව කියන ලෝක විනාසෙ කියන්නෙ මෙයාගෙ කසාදෙද දන්නෑ.

    ReplyDelete
  19. @Cual-Dor-රශෝද් :
    මොනවටද දැන් සප් ඉල්ලන්නේ ? :)

    @Malith Madushanka | මධූ :
    තැන්කූ තැන්කූ .බයවෙන්න එපා මලයෝ ලඟදීම අම්මා ඔහොම කියයි. ඒ උනාට මල්ලී බඳිනවා වගේ නෙමෙයි වගකීම් ගොඩක් දරන්න වෙනවා.

    @පිණිබිඳු... :
    ආ.... ඒක කියන්න බෑ. කසාදයක් කියන්නෙත් එක්තරා විදිහක විනාසයක් නේ. :)

    @සූර සරදියල් :
    තැන්කූ තැන්කූ. අඩෝ සරා උබ නම් කැම්පස් එකේ කොල්ලෙක්. මම තාම හොයනවා මචෝ උබ කවුද කියලා. පුලුවන් නම් කියපන්කෝ.

    ReplyDelete
  20. ඔටු බංකුව උඩට වෙලා අඬ අඬ ඉන්න එකේ ඔය හම්බෙල තියෙන්නෙ ගෙදරටම....

    මගේ සුභපැතුම්...

    ReplyDelete
  21. @තාරා :
    සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි.
    නමුත් මෙච්චර ඉක්මනට බඳින්න තමයි බැරි.

    ReplyDelete
  22. අයියා හිරයක් ගන්න වගේ කල්පනාව.. මේ ඔයා මේ පෝස්ට් එක කවදාවත් ඩිලීට් කරන්නෙ නෑ නේ..? හික්ස්.. මම එහෙම ඇහුවේ අළුත් මනමාලි ගැන ගුණ වැනුම් ලියවෙනකොට මේ පෝස්ට් එක අයින් කරන්න හිතුනොත් "වත්"... :P:P

    ReplyDelete
  23. @ප්‍රාර්ථනා :
    අපෝ ඩිලීට් කරන්නේ නෑ. එයාට මගේ බ්ලොග් එකට ඒම තහනම් කරනවා. මේකේ තියෙන ඒවා දැක්කොත් දවසින් මාව දාලා යයි. :)

    "වත්" කියලා කියන්න එපා මාතර සුන්දර කිවිදිය වත් අක්කා දුවගෙන එයි මේ පැත්තට.

    ReplyDelete
  24. කාල වරෙන් මල්ලී...යකෝ මම හැමදාම ගෙදර ඉඳල මේ පෝරියල් එක හම්බුනේ

    ReplyDelete
  25. අඩේ මම අදයි මේක දැක්කේ...සෝයි පොස්ට් එක මල්ලි, හිනා ගියා නැති වෙන්නම :D ඒක නෙවෙයි...ඔයා ගෙදර යද්දී බල්ලා බිරුවේ එහෙම නැද්ද හොරෙක් කියලා..මගේ යාලුවෙක්ටනම් එහෙමත් උනාලු හි හි.....දැන් එහෙනම් වැඩේ තීන්දු වෙලා ඇති නේද :)

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.