08 January 2011

කියන කතා



මං මේ කලින් බ්ලොග් සටහනකත් කිව්වා වගේ මේ දවස්වල අපට එග්සැම්. අපේ හත්වෙනි සමාසිකයේ අවසන් වන විභාගය. කට්ටිය දිගට හරහට පාඩම් කරකර ඉන්නවා. මට නම් සබ්ජෙක්ට් දෙකක් ඉවරයි තව එක සබ්ජෙක්ට් එකයි තියෙන්නේ ඒකට පාඩම් කරන්න මට දවස් හතරක් තියෙනවා.

ඒ හින්දා ටිකක් නිදහසේ ඉන්න පුලුවන්. මේ ගෙවෙන්නේ අපේ අවසන් වසර හන්දා වැඩ ගොඩක් අඩුයි. මේ දවස්වල හොස්ටල් එක සොහොන් පිටියක් වගෙයි බලු බල්ලෙක් හොයා ගන්න නෑ. ඔක්කොම කාමර වලට වෙලා පාඩම් කරනවා ඒහින්දා කාමර උශ්නත්වය පරිසර උශ්නත්වට වඩා අංශක දෙක තුනකින් වැඩියි.

කොල්ලොත් නිකන් හරියට අලුත කැන්දන් ආපු මනමාලියෝ වගේ ප්‍රශ්නයක් අහපුවාම වචනයක් වත් කියන්නැතුව ඔහේ ඔලුව වනනවා. මේ දවස්වල කවුරුහරි කාමරයට ආපුවාම බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙද මූ යන්නේ කියලා.

ඔය අතරේ එක එකා පොඩි පොඩි හින්ට් පාස් කරගන්නෙත් නැත්තෙම නෑ. අන්න එහෙම ඒව ටිකක් ලියන්න හිතුනා.

'' මචං බලාගෙන පුටුවේ වේවැල් ටික පිච්චෙයි '' එහෙම කිව්වේ කොයි වෙලාවෙත් පුටුවෙම ඇලිලා හිටපු එකෙක්ට. කොල්ලො නම් කියන්නේ ඒකා නැගිටිනකොට පුටුවත් අඟල් තුන හතරක් විතර ඉස්සෙනවලු.

'' මචං කැන්ටිමේ බත් ඉවරවෙයි ඉක්මනට පලයන් හොදද ? ඊයෙ දවල්ටත් සීනි බනිස් ගෙඩියයි ප්ලේන්ටියයි නේ. අදවත් දෙයියනේ කියලා දවල්ට බත් ටිකක් කාපන්. ''

'' අනේ පලයන් යන්න. මම හැමදාම නාලා කාලා ඉන්නේ. '' ඕන් ඔහොම කිව්වේ කවදාවත් දවල්ට බත් කනවා උපන්තේකට දැකලා නැති කොල්ලෙක්ට. ඒක කිව්වට පස්සේ මිනිහට අසූ හාරදාස් පන්සියයට තද උනා. ඇයි දෙයියනේ මේ ලෝකේ ඇත්ත කියන්න බැරි !!!

තවත් එකෙක්ගේ මූන දැක්කම දුකේ බෑ. මාස තුන හතරකින් මූන ලඟින් රේසරයක් ගිහින් නෑ. අපි නම් හිතුවේ ඒකාට මොකක් හරි ප්‍රශ්නයක් කියලා. පස්සේ මිනිහ ම තමයි කිව්වේ පාඩම් කරන වෙලාව අනවශ්‍ය දේවල් වලට යොදවන්න හොද නෑ කියලා.

මේ දවස්වල හොස්ටල් එකේ වතුර බිල එහෙම සියයට අසූවකින් අඩුවෙනවා. ඇයි කියලා නම් තාම හොයා ගන්න බැරිවෙලා තියෙනවා. ශාලාධිපති උනත් හොස්ටල් එකේ කොල්ලන්ට එග්සෑම් කියලා දැන් ගන්නෙත් වතුර බිල බලලා.

'' අපරාදේනේ මචං මේ කාමරයට ඇඳක් දාලා තියෙන්නේ !!! ''

'' ඇයි ඒ ?? ''

'' නෑ ඉතින් උඹ නිදියන්නේ නැති එකේ මේක වෙන එකෙක්ට දෙන්න තිබ්බනේ. ඒකයි ''

නිදා ගන්නවා කියලා නාමයක් දන්නේ නැති එකෙක්ට ඔහොම කිව්වා මතකයි. යාලුවෝ නම් කියන්නේ උන්ගේ ගෙදර කාමරේත් ඇඳක් නෑ කියලා.

ඉහලින් තියෙන පින්තූරේ ඉන්නෙත් අපේ යාලුවෙක්. මනුස්සයා පාඩම් කරද්දි ඔහොම රෙද්දත් පොරෝගෙන තමයි පාඩම් කරන්නේ. ඇයි කියලා නම් දන්නෙ නෑ. ඔය ෆොටෝ එකත් ගත්තේ බොගොම අමාරුවෙන්. ෆොටෝ එකට පෙනී හිටින්න බෑ ම කිව්වා. ඊට පස්සේ බොහොම අමාරුවෙන් ලැපේ වෙබ් කැම් එක ෆෝකස් කරලා ගත්තේ.

හැබැයි මිත්‍රවරුනේ මේ ඉන්නේ මම නම් නෙමෙයි. ඒකා කැල් දෙකක් පාවිච්චි කරන්නේ නෑ. අනිත් එකාගේ උත්තරේ, ඒකගේ උත්තරේට සමානයිද කියලා බලනවා. අර පොත උඩ තියෙන කැල්කියුලේටර් එක නම් මගේ.

මේ සියලු දේ මා විසින් මගේ අතිජාත මිත්‍රවරුන්ට කියූ දේවල් හෝ මිත්‍රවරුන් මාහට පවසන ලද දේවල් ද නොවන බව ඉතා කාරුනීකව දැනුම් දෙමි. සියලු ඥාති හිත මිත්‍රාදීන් පිලිගනිත්වා !!!!

22 comments:

  1. අර ෆොටෝ එක නම් මරු ඔය දැක්කමයි ඔහොම පාඩම් කරනවා ඒක නෙමේයි ඔයත් බ්ලොග් ලියනවා වගෙම හොදට පාඩම් වැඩටික කරගන්න....
    ඔය ෆොටෝ එකට පෙනී ඉන්න ලමයට පීනස් අමාරුව එහෙම තියෙනවද දන්නේ නෑ නේ පොඩ්ඩක් හොයලා බලන්න වටිනවා....

    ReplyDelete
  2. අඩේ මේක බොරුද කොහෙද කියන්නෙ. අඳුරගනියි කියලද කොහෙද බෙඩ්ශීට් එක ඔළුවෙ ඉඳන් පෙරවගෙන. එල එල, කොහොම හරි කට්ට කාල ගොඩදාගනින් මචං. කාටද එහෙකොට ආඩම්බර නේද.

    ReplyDelete
  3. හික්z ඒ ඉන්නෙ ඔයාමද කොහෙද...
    මටත් සුන්දර මතකයන් ගොඩක් තියනවා එක්සෑම් ගෑන.
    මට මතක හොදම සිදුවීම තමයි කෑම්පස් එකේ පලවෙනිම විභාගෙ ලියද්දි ලෙක්චර් හෝල් එකටත් මීදුම එනවා.ඒ දෙසෑම්බර්,ජනවාරි කාලේ.එලිය බලන්න බෑ සුදුම සුදුපාට මීදුම පිරිල වටේටම.ළමයි විභාගෙ ලිව්වෙත් අයිස්කෑප්,ජර්සි දාගෙන.ඒකනම් මාර සීතලක්.ලියන්න පෑන අල්ලද්දි අතත් ගල්ගෑහිලා.ඒ තමයි මගෙ ජීවිතේ සුන්දරම කාලෙ.

    හොදට එක්සෑම් එක කරගන්න.

    ReplyDelete
  4. @Malith Madushanka | මධූ :
    මමත් ඔය දැක්කමයි ඔහොම පාඩම් කරන එකෙක්. ඔය යාලුවාට දෙයියනේ කියලා ඉහෙන් බහින රෝගයක් නෑ.
    බොහොම ස්තුතියි මලයෝ මගේ විභාගයට සුබ පැතුවට !!!!

    ReplyDelete
  5. @nawammawatha :
    බොරු නෙමෙයි අයියා මේක ඇත්තම කතාවක්. අපි කට්ටිය එකතු වෙලා ඕකට මඩ පෝස්ටරයකුත් ගැහුවා. ඕන් බොරු නම් අපේ හොස්ටල් එකේ 3357 කාමරයට ඇවිත් බලන්න

    බොහොම ස්තුතියි අයියා සුබ බොහොම ස්තුතියි අයියා සුබ පැතුම් වලට !!!

    ReplyDelete
  6. @නදී :
    ඒ මම නෙමෙයි අක්කා. මම ඔහොම පාඩම් කරන්නේ නෑ. සාමන්යෙන් බැච් එකකට පොතේම ඇලිච්ච පොත්ගුල්ලෝ එකෙක් හරි කිහිප දෙනෙක් හරි එනවා. එන්න එහෙම ආපු අපේ බැච් එකේ පොත්ගුල්ලා.

    බොහොම ස්තුතියි අක්කා විභාගයට සුබ පැතුවට !!!!

    ReplyDelete
  7. හෙහේ...මරු ඔයා පාඩම් කරන හැටි ගැන නම් ලියලා තියෙන විදිහ...ඇත්තම තමා...විභාග කාලේ ඉවර වෙන්නේ කවදාද කියලා මමත් නම් බලන් ඉන්නේ..... :)

    ReplyDelete
  8. කැම්පස් ලයිෆ් එක මාර ආතල් නේද බං.කොල්ලො ගැන්සියක් එක්ක අවුරුදු හතරක් .......අපිට බැරි උනානෙ බං ඔව්වට යන්න.ගියානම් ඩිග්‍රි කොහොම උනත් බුදු පිස්සුවක් කෙලින්න තිබුනා.කොහොම හරි කමක් නෑ උඹත් මඩ ගගහ ඉන්නෙ නැතුව වැඩේ ගොඩ දා ගනින්.එතකොට ඉතින් ආ........කාටද ආඩම්බර.....!!ඔන්න මමත් එහෙනම් උඹට සුබ පැතුවා.........

    ReplyDelete
  9. මම හිතන්නේ මොළේට හුලන් පරක් එහෙම වදී කියල වෙන්ටැති ඔය පෙරවගෙන පාඩම් කරන්නේ..
    කැන්ඩිට නම් ඉතින් විභාගේ ව්‍යාපෘති කිට්ටුවෙන කොට නින්ද යන්නේ නෑ වචන පිට වෙන්නේ නෑ ලොකු ලොකු පුරස්න ගොඩයි කොටින්ම කිව්වොත් විභාගේ ඉවර වෙනකන් කට්ටිය හිතන්නේ අංගොඩින් පැනලා ආපු එකෙක් කියලා.
    ආ විභාගෙටමමත් සුභ පැතුවා ඔන්න..

    ReplyDelete
  10. මේ ඉන්නේ මධුරංග කොල්ලම තමයි . ගෝනිබිල්ල වගේ මූන වහං උන්නට මට බැරිද මෙයාව අඳුනන්න .

    බ්ලොග් ලියන ගමන්ම ඉතින් පාඩම් කරන්නත් වේවි . නැත්නම් කොහොමද අයියගේ ඔටු ජීවිතේට සමු දෙන්නේ . ඔයා ඉන්නේ බෝඩිමකද ?

    බෝඩිං ලයිෆ් එකත් එල .හැබැයි මම නන්නත්තාර උනේ බෝඩිං වෙලා උන්නට පසුව තමයි .

    ජය වේවා !

    ReplyDelete
  11. මටත් හිතෙන්නෙ මේ මෙයාම තමයි කියලා...හි හි..

    බ්ලොග් ලියන එක පැත්තකට දාලා ඔයත් ඉක්මනට පාඩම් කරන්න.. exam හොඳින් කරගන්න.. සුභපැතුම්...

    ReplyDelete
  12. මම ඔහොම දැකල තියෙන්නේ අර තොවිල් පවිල් කරන කොට ආතුරයාටද කොහෙද දාලා තියෙනවා අදමයි දැක්කේ පාඩම් කරන කොට තොවිල් නටනවා!!!

    විභාගයට ජය!

    ReplyDelete
  13. @නිම්ශා :
    අපෝ මම එහෙම පාඩම් කරන්නෙ නෑ. වැඩිම උනොත් දොලහා වෙනකන් ඉදීවී. ඊට පස්සේ හෙන කදයා වගේ නිදි.

    @dinesh :
    කැම්පස් ලයිෆ් එක නම් මාර ම ෆන් තමයි අයියා ඒ උනාට හෙනම එග්සෑම් තොගයක් තියෙනවනේ. නැත්නම් කොල්ලො එක්ක බුල කෙල කෙල ඉන්න තිබ්බා නම් ෆන්ම තමා.

    @කැන්ඩි... :
    එහෙම වෙන්න ඇති. ඕකා සමහර දාට කටත් ලේන්සුවකින් වහගෙන තමයි පාඩම් කරන්නේ. එහෙම ෆොටෝ එකක් ගන්න බෑ. කැම් එක ඉස්සරහින් අල්ලන්නම දෙන්නෙ නෑ නේ.

    ReplyDelete
  14. @හිස් අහස :
    පිස්සුද මලයෝ. මම පාඩම් කරද්දි ඔහොම පොරවගෙන ඉන්නේ නෑ. කොලයක් අරන් ලිය ලියා ඉන්නවා මිසක්... හි... හි... හී.
    අනික මට පාඩම් කරනකොට එකම තැන පැයකට වඩා ඉන්න බෑ. නගිටලා යන්නම ඕනේ. කොහෙ හරි රවුමක් දාලා ආයෙත් වාඩි වෙනවා.
    මම ඉන්නේ හොස්ටල් එකේ මලයෝ. බෝඩිමක නෙමෙයි.

    @තාරා :
    අපෝ නෑ තාරා. ගොඩක් ස්තුතියි සුබ පැතුම් වලට

    @සංකල්පනා - (රුවන්) :
    ඔව් ඔව්... පිරුවටයක් එහෙම දාලා ගත්තා නම් නියම ආතුරයා.

    ReplyDelete
  15. අඩේ මෙක මරු බ්ලොග් එක!! සුපිරි අත්දැකීම් නේ තියෙන්නේ

    ReplyDelete
  16. @සූර සරදියල් :
    අපට නම් මේ අත්දැකීම් සුපිරි නැහෑ. සාමන්‍ය දේවල්. මේවා කියවන ඔයාලට තමයි සුපිරි කියලා හිතෙන්නේ. මොකද ඉතින් සාමන්‍ය ජීවිතයේ ඔහොම පාඩම් කරන එවුන් හොයාගන්න ලැබෙන්නේ නෑනේ.
    එහෙම එවුන් හරිම දුර්ලභයි නේ. හි... හි... හි...

    ReplyDelete
  17. හි හි හිහි මට මතක් වුණේ අපි පාඩම් කරපු කාලෙ. අනේ මන්ද මට නම් පාඩම් කරන්න ශෝක්ම තැන තමයි ඇඳ. අපරාදෙ කියන්ඩ බෑ පොතක් අතට ගත්ත ගමන් ටක් ගාල නින්ද යනව. අනිත් එක අපේ කැම්පස් එකේ පුස්තකාල නම් පාඩම් කරන්ඩම බෑනෙ මට.... මගෙ හිතේ භූමි දෝසයක් වෙන්ටැ.....

    ReplyDelete
  18. @ජනනි හංසකිංකිණි තිලකරත්න :
    අපේ ෆැකල්ටියේ පුස්තකාලෙත් බූමි දෝසයක්ද දන්නෙ නෑ. මම පුස්තකාලේ පැයක් හිටියොත් වටේ ඉන්න එවුන් අඩුමගානෙ දහ වතාවක් වත් මම ඉන්නෙ පුස්තකාලේ ඇතුලේ කියලා මතක් කරලා දෙනවා.

    ඒ හින්දම මම පුස්තකාලේ තියෙන පැත්ත බලාගෙන බත් කන්නෙත් නෑ. බත් කටක් ගානෙ හිරවෙනවා. හි හි හි

    ReplyDelete
  19. මට නම් හෙනම සුවර් ඕකෙ ඉන්නෙ අය්යම තමා . . :පී

    ReplyDelete
  20. @-VinZ- :
    පිස්සුද මල්ලි. ඔය අපේ බැච් එකේ පබිලිස්.

    ReplyDelete
  21. මේ විජිත කොල්ලා නේ

    ReplyDelete
  22. @සූර සරදියල් :
    අඩේ මේ සරා දන්න දේවල් !!!! එලම කිරි මේ ඉන්නේ ඒකා තමයි.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.