07 January 2011

ආදරයෙන් හෙම්බත් වූ පෙම්වතෙක්.


ඉස්සර මා ලඟ තිබ්බ නිදහස දැන් පොඩ්ඩක්වත් නෑ. ඉස්සර නම් ලෙක්චර්ස් ඉවර වෙච්ච ගමන් රූම් එකට ඇවිල්ලා කොල්ලොත් එක්ක කයියක් දාලා ඕමියක් බලලා ෆුල් රිලැක්ස් එකේ හිටියේ.ඒකට දැන් !!! ලෙක්චර්ස් ඉවර වෙච්ච ගමන් ගෑනු ළමයව ගිහින් දාන්න ගර්ල්ස් හොස්ටල් එකට යන්න ඕනේ.

හවස එයාව කැම්පස් එක වටේ ඇවිද්දවන්න එක්ක යන්න ඕනේ. ඒ විතරක් නම් මදෑ කන්න අරන් දෙන්නත් ඕනේ. ඉස්සර නම් ලස්සන ගෑනු ළමයෙක් ලඟින් ගියාම හැරිලා බලලා පොඩි හිනාවක් දාලා විසිල් එකක් ගහලා ඉන්නවා. දැන් එහෙම, වෙන කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බැලුවොත් කුඩ පාරක් කන්න වෙනවා.

එයාට ඇවිදලා මහන්සි උනාම කොහේ හරි තියෙන ගහක් යට වාඩිවෙලා පැය ගනන් ඉන්නත් ඕනේ. වාඩි වෙලා නම් ඉන්න පුලුවන් කිති කවන එක තමයි ඉවසන්න බැරි.

'' මොකද සුදූ ඔයා අද ආපු වෙලාවේ ඉදන් මූන එල්ලන් ඉන්නේ. මාත් එක්ක ඇවිදින්න යන්න ඔයා කැමති නැද්ද ? මූනත් නිකන් මහන්සි පාටයි ඔයාට අසනීපයක් වත් ද ? ''

'' අනේ නෑ පැටියෝ මට ඔයත් එක්ක ඇවිදින්න තියෙනවා නම් ඊට වැඩිය දෙයක් නෑ. මං මේ ඔයාලගේ අම්මව මතක් කර කර හිටියේ. ''

ඊයෙත් මල් කඩලා නිදියද්දි පාන්දර දෙක විතර උනා. ඉතින් ඉහෙව් එකේ ලෙඩ නොවී තියේ යෑ. හැමදාම නන් ස්ටොප් ඔය වැඩේ නේ.බැරි වෙලාවකවත් කෝල් කර කර ඉද්දී පොඩ්ඩක් ඇහැ පිය උනොත් ඉතින් එකම මල ගෙයයි.

මං ඔයාට කතා කරනවට ඔයා කැමති නැද්ද කියලා අහයි. ඔයාට වෙන කෙනෙක් ඉන්නවද කියලා අහයි. එක විකාරයයි. ඕවා අහලා පාඩම් කරන්න වාඩි උනාම ඒක කරගන්නත් අමාරුයි. ඔහොම පාඩම් කරලා චුට්ටක් නිදා ගෙන උදේ පහට විතර ආයේ ඇහැරෙන්නත් ඕනේ. ඇයි ඉතින් අරයව එක්කගෙන එන්න හොස්ටල් එකේ දොර ලගට වෙලා ලැග ගෙන ඉන්න එපැයි.

එහෙම ලැග ගෙන හරි ඉන්නත් පුලුවන්. ඒ උනාට හොස්ටල් එකේ මුරකාරයාගේ කට කැඩිච්ච කතා අහගෙන ඉන්න තමයි අමාරු. හොස්ටල් එකේ දොර අරින්නත් කලින්ම ආවද කියලා අහයි. ඊයේ රෑ හොස්ටල් එකේ දොර මුල්ලෙද නිදිය ගත්තේ කියලා අහයි.අනේ ඇත්තමයි එක එකාගේ කුණු කතා අහන්න මමත් ගොඩ ගියානේ දෙයියනේ !!!!!

හරි ඕන කට්ටක් කාලා උදෙන්ම හොස්ටල් එක ලගට ආවයි කියමු. කෙල්ල ඇඳෙන් නැගිටින්නේ මම හොස්ටල් එක ගාවටම ආවටත් පස්සේ. ලැහැස්ති වෙන්න පැයකටත් වැඩිය ගන්නවා !!!

ඉස්සර නම් ඉදලා හිටලා යාලුවෝ සෙට් උනාම හීනියට ටිකක් අනුමත වෙවී හිටියා දැන් ඒකත් නෑ. බෝතලයක මූඩියක් පෑගුනත් ඇති දෙස් දෙවොල් තියන්න.

මගේ කේන්දරේ බලපු එකා කිව්වේ මට සෙනසුරු ඒරාශ්ටක තියෙනවා කියලා. ඒකද දන් නෑ මේ ලබලා තියෙන්නේ .ඒ උනාට ඕකාගේ කේන්දර මට විස්වාස නෑ. කේන්දරේ නම් තියෙන්නේ ලග්නය සිංහ කියලා . නමුත් මට හිතෙන්නේම මගේ ලග්නය කන්‍යා හරි වෘශභ හරි කියලා.

මදැයි ඉදලා ඉදලා මමත් කෙල්ලෙක්ගෙන් ගොඩ ගියා !!! දැන් ඉතින් ගෙවල් වලිනුත් දන්න හන්දා වෙන කරන්න දෙයකුත් නෑ බැදගත්ත බෙරෙ පැලෙනකන් ගහනවා මිසක්.

'' මචං මධුරංග, උඹ මේ කතාව උඹේ බ්ලොග් එකට දාලා මගේ කතාව ආදර්ශයට අරන් මේ සම්මජ්ජාතියට කැම්පස් එකෙන් ගොඩ යන්න එපා කියලා කියපං. ඒක ලොකු පිනක් !!!! උඹට පිං සිද්ධ වෙනවා මචං ''

'' හරි හරි මචෝ බය වෙන්න එපා මම මේ කතාව අනිවා බ්ලොග් එකේ ලියනවා. ''

'' මං යනවා මචං. කෙල්ලගේ ලෙක්චර්ස් ඉවර වෙන්නත් ලඟයි වෙලාවට ගියේ නැත්තම් අද විසුමක් වෙන් නෑ ''

'' හරි හරි යමං යමං නැත්නම් මං උඹව තියා ගත්තා කියලා කෙල්ල මටත් බනියි ''

ප. ලි - අම්මෝ මේකාගේ කතාව අහලා හීන් දාඩියත් දැම්මා. ඔටු ජීවිතය දාහෙන් සම්පතක් ගොඩ යනවට වඩා.

38 comments:

  1. එළ එළ.. අපෝ... කෙල්ලො එපා වෙන්නෙ ඕකනේ...හික් හික්

    ReplyDelete
  2. ඔබේ අඩවිය ඇතුල් කරන්න
    සින්ඩි ලංකා, දිගු කලක් තිස්සේ කරන ලද පරීක්ෂනවල ප්‍රතිපලයක් ලෙස එලි දක්වන බ්ලොග් අඩවියකි. දින 7 ක් ඇතුලත ඔබගේ බ්ලොග් අඩවියත් "සින්ඩි ලංකා" වෙත ඇතුලත් කිරීමට කටයුතු කරමු.

    අවශ්‍ය තොරතුරු
    ඔබේ නම :
    වෙබ්/බ්ලොග් ලිපිනය
    ඔබව සම්බන්ද කරගතහැකි e -mail ලිපිනය

    ඉහත තොරතුරු sindilanka@yahoo.com එවීමෙන් "සින්ඩි ලංකා" හි සාමාජිකත්වය ලබා ගත හැක.

    ReplyDelete
  3. "බැදගත්ත බෙරෙ පැලෙනකන් ගහනවා මිසක්" මරු කතාව මචන්

    ReplyDelete
  4. @සනා :
    ඒක තමයි බං ගොඩ ගියාම පුදුම කරදතේ. උඹලගේ දනාත් ගොඩ යන්නමනේ දගලන්නේ.

    @සින්ඩි ලංකා :
    එවන්නම් බුදු අයියේ එවන්නම්.

    @nawammawatha :
    ඔව් ඉතින් ආයෙ ගැලවෙන්න බෑ නේ.

    ReplyDelete
  5. අනේ හපොයි...වෙච්චි හදියක්...යාළුවෙක්ගෙ වැඩක් කියලා දැම්මාට මේක මෙයාටම වෙච්ච එකක්ද මංදා...:D

    ReplyDelete
  6. haffaaaaaaaaa matath mekama tama wela thiyene

    4n eka kane thiyan idala rath wela welawaka dan kana pichenawaaa

    ReplyDelete
  7. මටත් හිතෙන්නෙ මෙයාට වෙච්ච වැඩක් දාල තියෙන්නෙ.

    ReplyDelete
  8. @මම :
    ඒක මට වෙච්චි දෙයක් නෙමෙයි. ඒක තමයි සමස්ත විශ්ව විද්‍යාල පෙම්වතුන්ගේ කතාව. මම සදා ඔටුවා !!!

    ඒ උනාට එහෙම ආදරය කරද්දිත් පුදුම සුන්දරත්වයක් තියෙන්නේ. හිකි හිකි

    @samiratv.com :
    තැන්කූ තැන්කූ. ඒ වගේම මගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. !!!

    ReplyDelete
  9. @bbleee :
    ඒක නම් ඇත්ත තමයි. අපේ සමහරුන්ගේ අත් එකවෙලාවකට හිරි වටෙනවලු. ඇයි පැය දෙකක් විතර අර ෆෝන් එක කනේ තියාගෙන ඉන්න එපැයි.

    @පිණිබිඳු... :
    අපෝ මං එච්චර පව් කරලා නෑ පිණිබිඳු . මේක මගේ කතාව නෙමෙයි. වෙන කාගෙද එකක්.

    ReplyDelete
  10. හත්වලා.........මයි
    හරී.... ශෝක්

    ReplyDelete
  11. අප්පේ මටත් මතකයි.සමහර කට්ටිය ගෑනුළමයගෙ බෑග්එක, වතුර බෝතලේ පවා උස්සගන කන්ද නගින හෑටි දෑක්කම දුකත් හිතෙනව හික්...හික්...

    ReplyDelete
  12. @raala :
    හරි ෂෝක් තමයි. මෙහෙන් ගොඩ ගියාම වෙන්න තියෙන කරදර තමයි.

    @නදී :
    ඔව් ඒවා දැක්කම පුදුම දුකයි. මොනා කරන්නද ඉතින්.

    ReplyDelete
  13. ඔටු ජීවිතේට දීර්ඝායු වේවා...

    සෙනසුරු ඒරාශ්ටක ලබන්න නම් එපා...

    :)

    ReplyDelete
  14. @හරී:
    මමත් එක පයින්ම කියන්නේ ඔටු ජීවිතයට ජය වේවා කියලයි.

    ReplyDelete
  15. මට තාම හිනා බං, අර "සින්ඩි ලංකා" එකෙන් උඹට මාර කරදරයක් නේද තියෙන්නෙ.?හික්.......හික්....

    මචං ඔය කැම්පස් කෙල්ලො අමුතුම ජාතියක්ද?මොකද අපිට එලියෙදි හම්බ වෙච්ච එවුන්ගෙන් ඔහොම කරදරයක් නෑනෙ බං.අද සල්ලි නෑ කිව්වම කෙල්ල මුලු දවසම වියදම් කරණවා.මගෙ A/L PROJECT එකම ලියල දුන්නෙත් කෙල්ල.තව,තව ඉතින් තව,තව දේවල්..

    කොහොම උනත් ඔ‍ටු ජීවිතේ හොඳයි තමා බං.සැනසිල්ලෙ ඉන්න පුළුවන්.ඒ උනාට සයිඩ් එකෙන් වාගෙ ,බොක්කෙන් වාගෙ නැතුව නිකං.....එකක් ..නේද.........;)

    ReplyDelete
  16. @dinesh :
    අනේ මන්දා අයියා. ඔය එලියේ ඉන්න කෙල්ලෝ කැම්පස් ආවම ජන විකෘති වෙනවද කියලා හොයලා බලන්න ඕනේ. ඉස්කෝලේ කාලේ ගෑනු ලමයින්ගෙන් වහල් සේවය අරගෙන තියෙනවා. නමුත් ඒ ගත්තු සේවය දැන් ආවට පස්සේ අපිට කරන්න වෙලා.

    කල කම් පල දේ කියන්නේ මේකද දන් නෑ.

    ReplyDelete
  17. ඇඹුල් මිදි හිකි හිකි :D

    ReplyDelete
  18. @Anonymous :
    මටත් එහෙම හිතුනා. හික් හික්

    ReplyDelete
  19. කතාවනම් පට්ටම කතාවක්,හැබැයි අත්දැකීමෙන්ම වගේ ලියල තියනව :D

    ReplyDelete
  20. හපොයි! අපේ මහත්තයත් මේ වගේ කතා කියනවද දන්නේ නෑ. මීටපස්සේ කල්පනාවෙන් ඉන්න ඕනේ

    ReplyDelete
  21. @Lasindu Nadishan | Admin - www.Slbloggs.com :
    අපට කොයින්ද අයියා මාලු... අපි යනවද මූදූ...
    මේක මගේ අත්දැකීමක් නෙමෙයි අයියා.

    @Janani :
    මහත්තයාගෙන්ම තමයි අහන්න ඕනේ

    ReplyDelete
  22. ඔච්චර අමාරුවෙන් මක්කටෙයි ආදරේ කරන්නේ... ආදරය කියන්නේ ඕක නම් නෙමෙයි රජෝ.. මේක හරියට ආරක්ෂක අමාත්‍යාශයේ රැකියාවක් වගේ නේ...

    ReplyDelete
  23. @සොඳුරු සිත :
    ඒකනම් ඇත්ත තමයි අක්කා. මට ඕක අනන්තවත් හිතිලා තියෙනවා මගේ හොද ම යාලුවක්ව දැක්කම. මේක මගේ කතාව නෙමෙයි කියලා ආයේ කියන්න ඕනේ නෑනේ අක්කා. මොකද ඉතින් අක්කා දන්නවනේ.

    ReplyDelete
  24. හපොයි, දෙයියනේ, මේක ආදරයක්යැ, වදයක්නෙව,

    ReplyDelete
  25. @Ravi :
    ඒක නම් ඇත්ත අයියා !!!

    ReplyDelete
  26. මේ පෝස්ට් එක ඒ කෙල්ල දැක්කා නම්, ෂුවර් එකටම දැන් අර යාළුවගෙ එක කනක් ඇහෙන්නෙ නැතුව ඇති... හි හි.. පවු...

    ReplyDelete
  27. ඇයි මේ පෝස්ට් දාන පරක්කුවෙන්ම අයින් කරල දාන්නෙ? මේ පොස්ට් 1 ට පස්සෙ 2ක් ම නෑ...??????

    ReplyDelete
  28. අනික් එව්වනම් බෑ ඒත් අර කිති කවන වැඩේටනම් මම එන්නම් කියල යාලුවට කියපන්..දුකක් උනත් බෙදාගන්න එපාය..කොච්චර උනත් කොල්ලෙක් නෙව බන්...

    ReplyDelete
  29. @තාරා :
    නෑ අක්කා ඊලඟට දාන්න ඉන්න පෝස්ට් තමයි ඔය පබ්ලිස් කරලා බැලුවේ. අද හෙටම ඔය ටික දාන්නම්. හොද වෙලාවට එයාගේ ගෑනු දරුවා මං බ්ලොග් ලියනවා කියලා දන්නේ නෑ.

    @indi :
    දැන් නම් ඔහොම කියයි ලඟට ගියාම කිති එපා කියයි. කොටින්ම බැරල් එකක් දැක්කා වගේ හිතෙයි. හි .... හි ...

    ReplyDelete
  30. අනුන් ගැන ඉරිසියාවෙන් ලියපු කතාවක් :) හික්

    ReplyDelete
  31. ඔටුකම් සැපතන් කිව්වලු....

    ReplyDelete
  32. @මධුරංග මම මේ ලිපිය මුද්‍රණය කරලා අපේ කැම්පස් එකේ දැන්වීම් පුරුවේ දැම්මාට කමක් නැත්ද? අලුතින් එන ජුංඩො වත් ඇත්ත තේරුම් ගනිවිනේ :D

    ReplyDelete
  33. මධුරංග අයියා මම මේක දැක්කේ නෑ නෙව . මගේ ජාලය ඊයේ දවසට ඇන හිට්ටා . ඒකයි . කෙල්ලෙක් දාගත්තා කියන්නේ ආයේ ඉතිං කාර් එකක් ගත්තා වගේ තමයි . හැම මාසෙම පඩියෙන් බාගයක් ඉවරයි . සමහර වෙලාවට හිතෙනවා අපරාදේ අළුත් මොඩ්ල් එකක් ගත්තානම් කියලා ..

    බලහංකෝ යාලුවා විඳින දුක මිනිහා පවු ..

    ජය වේවා !!

    ReplyDelete
  34. ඕක තමා බුදු හාමුදුරුවෝ කිව්වේ 'තණ්හා ජායතී ශෝකෝ' කියලා.

    ReplyDelete
  35. දුක් වින්දම මොකෝ කෙල්ලගෙන් සැප හම්බු වෙනවා නම් අයි වියදම කරන්න ඕනේ නැනේ.

    ReplyDelete
  36. @ස්වප්නා :
    ඊර්ශියාවක් නෙමේ. එයාලා ගැන දුකක් හිතෙන්නේ. පව්...

    @කැන්ඩි... :
    අනිවාර්යෙන්ම !!!. ඒක මෙහෙන් ගොඩ යන ඕන කෙනෙක්ට හිතෙනවා.

    @Anonymous :
    කමක් නෑ දාන්න. අඩුම ගානේ මේක බලලා එකෙඛරි යහමගට ගන්න පුලුවන් නම් කාටද ආඩම්බර

    ReplyDelete
  37. @හිස් අහස :
    නිකන්ම කාර් එකක් නෙමෙයි ඇංජිම ලෙඩ දෙන කාර් එකක් වගේ. ඒකනම් ඇත්ත යාලුවා පුදුම කට්ටක් කන්නේ.

    @ Kalinga :
    ඒක නම් ඇත්ත බුදු බනේත් ඔහො ම තිබ්බා නම් ආයෙ ඉතින් කවර කතාද ? ගොඩ නොයා යාලුවෝ දෙන්නෙක් විදිහටවත් ඉන්න තිබ්බා නම් හොදයි නේද හාවෝ !!!!

    @Anonymous :
    ඔව් ඒක හරි. නමුත් ඉතින් සැපක් ගන්න මනුස්සයෙක් ඉතුරුවෙලා හිටියොත් නේ !!!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.