01 January 2011

නව වසරක් !! බලාපොරොත්තු ගොඩක් !!


වසරකුත් ගෙවිලා ගිහින් නව වසරක් උදා උන මොහොතේ මුලින්ම සියලු දෙනාටම ලැබුවා වූ නව වසර සුබ ම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාලගේ හිත් වල තියෙන නැවුම් බලාපොරොත්තු මේ වසරේ සපල කර ගන්න ලැබේවා කියලත් පතනවා.

ගිවිලා ගිය වසර දිහා හැරිලා බලපුවාම අනිත් අවුරුදු වගේ නෙමෙයි 2010 අවුරුද්ද කියන්නේ වැඩ අධික වෙච්ච අවුරුද්දක්. ඒ වගේම තමයි ගිය වසරේ මැද භාගයේ තමයි මගේ උපාධි පාඨමාලාවේ තුන්වැනි වසරේ අධ්‍යයන කටයුතු තිබ්බේ. ඒ වගේම ටේ්‍රනින් යන්නත් තිබ්බේ ඔය පරණ අවුරුද්දෙම තමයි. සිංහල බ්ලොග් ලියන්නත් බ්ලොග් කියවන්නත් පටන් ගත්තේ ඔය අවුරුද්දෙම තමයි. එහෙම බ්ලොග් කියවන්න ගිහින් හොද යාලුවෝ ටිකකුත් එකතු කර ගන්න ලැබුනෙත් ඒ වසරෙදිම තමයි



ඒ ගිවිලා ගිය අවුරුද්ද....

2011 වසර කියන්නේ මගේ හිතේ බලාපොරොත්තු වැඩිම වසරක් . මේ වසරේ මුල් භාගය වෙද්දි මගේ උපාධිය සම්පූර්ණ කරලා වසර හතරක විශ්ව විද්‍යාල ජීවිතයට සමු දෙන වසරයි. ඒක ගැන හිතද්දිත් පොඩි දුකක් හිතේ නැතුවමත් නෙමෙයි. නමුත් අම්මගෙයි අප්පච්චිගෛ බලාපොරොත්තු ඉටු කරන්න ලැබෙන එක ගැන හිතද්දි නම් හිතට ලොකු සතුටක් ඒ වගේම ලොකු සැනසීමක් දැනෙනවා.

අප්පච්චි කුලි වැඩ කරලා මටයි මල්ලිටයි ඉගැන්නුවේ අපි ලොකු තැනක ඉන්නවා දකින්න නේ. අප්පච්චිගේ ඒ බලාපොරොත්තු වලින් කොටසක් ඉටුවෙන වසර. (තව අවුරුදු දෙකකින් මල්ලිත් වෛද්‍ය පීඨයෙන් උපාධිය අරන් අවුට් උනාම ඒ බලාපොරොත්තු ටික සම්පූර්ණ වෙනවා ) ඒ වගේම අප්පච්චි මෙච්චර දුරක් උහුලගෙන ආපු ජීවන බරෙන් කොටසකට හරි උර දෙන්න ලැබෙන්නෙත් මේ වසරෙදිමයි.

ඒ සියලුම බලාපොරොත්තු අතරේ තවත් පුංචි බලාපොරොත්තුවක් තියෙනවා. කලින් පෝස්ට් එක කියෙව්වා නම් දැනටමත් දන්නවා ඇති. ඔව් ඔව් ඒක තමයි. මේ වසරෙදිවත් ඔටු ජීවිතය සමුදෙන්න ලැබේවා කියන අහිංසක බලාපොරොත්තුවත් නැතුවම නෙමෙයි.

සියලු දෙනාට ජය වේවා !!!

7 comments:

  1. මධුරංග අයියට මුලින්ම මම මේ අවුරුද්දට සුබ පතනවා ඕං . මේ අවුරුද්ද මෙතෙක් කල් ගතකරපු හොඳම ලස්ස්නම අවුරුද්ද වේවා !!

    ඔයාල වගේ ලමයි හදපු ඔයාලගේ තාත්තා වාසනාවන්තයි .මගේ තාත්තත් මං ගැන බලාපොරොත්තුවෙන් ඉන්න ඇති ඒත් මං ගැනනම් කතාකරලා වැඩක් නෑ නෙව ..

    ජය වේවා !!

    ReplyDelete
  2. @හිස් අහස :
    බොහොම ස්තුතියි මලයෝ සුබ පැතුවට... මලයගේ අනාගතයත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා පතනවා.

    අපිත් වාසනාවන්තයි මලයෝ ඒ වගේ අප්පච්චි කෙනෙක් ලබන්න.

    ReplyDelete
  3. අම්ම අප්පච්චිගෙ ආසාවල්,බලාපොරුත්තු දරුවො අතින් ඉටුවෙනවා නම් ඒ දෙමව්පියො ගොඩක් වාසනවන්තයි.සුබ අනාගතයක් මල්ලි!

    ReplyDelete
  4. @නදී :
    ගොඩක් ස්තුතියි අක්කා සුබ පැතුම් වලට . අප්පච්චිගේ ලොකු පුතා විදිහට එයාගේ බලාපොරොත්තු ඉටු කරන්න ලැබිච්ච එක ගැන ගොඩක් සතුටුයි.

    ReplyDelete
  5. සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවා................!

    ReplyDelete
  6. @කැන්ඩි... :
    බොහොම ස්තුතියි සහෝදරයා සුබ පැතුම් වලට. ඔබටත් එසේම වේවා කියලා පතනවා.

    ReplyDelete
  7. මමත් අයියේ ඔයා ඉන්ජිනියරිං වලින් යන්න තමයි උසස් පෙළ කරන්නේ. මට වෙලා තියෙන්නේ මේ කම්පියුටර් ලෙඩේ ඇවිල්ලානේ. පාඩම් කරන්නේ හිතුනොත් තමයි. හොද මීටරයක් තියෙන එක තමයි මට තියෙන එකම දේ.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.