23 December 2010

නඟේ නුඹට නොකියු කවි


මේ දවස්වල අපේ දනා නඟේ නුඹට නොකියූ කවි කියලා කවි පොතක් ලියනවා. මමත් දනාලගේ පැත්තේ ගියා කවි පොතේ ප්‍රගතිය බලන්න. පොරත් බැහැලම වැඩ. දනා ලියන කවි වලට මොකක් හරි කතාවක් පාදක වෙනවා. සමහර විට ඒකාටම වෙච්ච සිද්ධියක් නැත්නම් බැච් එකේ කාටහරි වෙච්ච සිද්ධියක්, ඔයවගේ දේවල් පාදක කරගෙන තමයි ඒකා කවි ලියන්නේ.

මමත් එහේ ගිය වෙලාවක කවි ටිකක් ඉල්ලුවා මගේ බ්ලොග් එකේ දාන්න. අපරාදේ කියන්න බෑ මට කවි දෙක තුනක්ම ලැබුනා. ඉතින් දනාගේ ඉල්ලීම පරිදි ඒ කවි පහලින් පල කරනවා.


වස්සානය වූවා නම් නුඹ .....

සදවතිය නුඹ ...
අදුරු අහසේ තනිව දිලෙනා
තරුවක තනිකම දුරලන

ලතා මඩලකි නුඹ ....
අහස සිසාරා වැඩෙන
ගසකට ලස්සන ගෙනදෙන

දිය දෝතකි නුඹ...
සිසිලස සොයමින් ඉකිබිදිනා
මිහිමඩලක පිපාසය දුරලන

පබවත නුඹ ...
සෙනෙහස සොයමින් යන
සිතකට කවිත්වය ගෙන දෙන

පබැදුම - දමිත් ධනංජය


ඔය ඉහලින් තියෙන කවිය ලියන්න පාදක උනේ, දනා කාලයක් නුවර උසස් බාලිකාවෙන් ආපු නංගි කෙනෙක්ට හිතෙන් ආදරය කරන්න (හිතෙන් විතරයි. මේ වෙනකන් වචනයක්වත් කතා කරලා නෑ.) පටන් ගත්ත කාලේ. ඔය අන්තිම කවියෙන් කියවෙන්නේ ''පබවත'' කියලා ඒක තමයි ඒ නංගිගේ කාඩ් එක (පබාවතී) . නමුත් ඒ නංගි ටිකක් ආඩම්බර කාරී ඒ නිසා මේ වැඩේ හරි යන්නේ නෑ කියලා උෟටම හිතුනා ඒ නිසාමද මංදා ඒකා වැඩේ අතෑරලා දැම්මා.

දනා ගැන පොඩි සදහනක් දාලම ඊලග කවියට යමුකෝ. දනා කියන්නේ පුදුම විදිහට ආත්ම විශ්වාශයක් තියෙන කොල්ලෙක්. මොන ප්‍රශ්නය තිබ්බත් කවදාවත් සැලෙන්නේ නැතිව හිටපු කොල්ලෙක්. මොනදේ උනත් තමන්ගේ වැඩ, පාඩු කරගන්නේ නැතිව කරන අනුන්ට කිසිම කරදරයක් නැති කොල්ලෙක්. මමත් ඒකව ආදර්ශයට අරගෙන හැදෙන්න කියලා බැලුවා.

ම්........ වැඩේ අමාරුයි. මම පොඩි ප්‍රශ්නයක් ආවත් ''දඩස්'' ගාලා කඩාවැටෙනවා හරියට නිකං පෙන්ටගනයට බෝම්බ ගැහුවා වගේ. ඒ වෙලාවට ඉතින් අම්මාගේ සරණ තමයි. අම්මා තමයි මගේ හිත හදලා ආයෙත් තිබ්බ තැනට හිත ගෙනත් තියන්නේ. අම්මා නැති දාක..... (අම්මෝ මං නම් ඒ ගැන හිතන්නවත් කැමති නෑ.....)

හිරුට ලෙන්ගතු නම්

අඳුරු රැයෙක
රැයෙහි අහසම
සදක් පායා , නොකියාම පායා

ලෙන්ගතු විලසින්
හිරු දෙසම නෙතු යොමා
විකසිත වන පියුමක්... ලෙස
පිපිද හිනහෙන නෙළුම් මලේ... සුදු නෙළුම් මලේ

පාළු අදුර මකා දමා
සදවත පායා..... ගෙමිදුල
නිතරම නෙත අයා සිටි.....
ලෙන්ගතුකම විඳගන්නට
සඳවතියේ පියකරු ..... සඳවතියේ.....


හිරුට ලෙන්ගතු නම්
මෙතරම්ම......
අරුණලු ගෙනෙන්නම්
නුඹ ලඟටම වී
විකසිත වී හිනැහෙන්න
අදත් නුඹ.....
එදා විලසින්ම.....

පබැඳුම - දමිත් ධනංජය

ඔය කවිය ලියන්න පාදක උන කතාව මං කලින් බ්ලොග් එකක දැම්මා. ඒක කියවන්න බැරි උනා නම් මෙතන ක්ලික් කරලා කියවන්න.

එහෙනම් ආයෙත් දවසක මොකක්හරි සිතක සංකල්පනාවක් දාන්න එන්නම්.

සියලු දෙනාට ජය වේවා !!

10 comments:

  1. මචං දනාට කියන්න මාරම ලස්සන කවි සෙට් එක කියලා ..මොකද බං මලේ පොඩි ප්‍රෂ්නයකදීත් වටෙන්නේ . මම හිතං හිටියේ මම විතරයි එහෙම එකපාරටම පතබෑවෙන එකා කියලා ..

    අම්මා නැති දාක ! අනේ මලේ මටත් ඕක මතක් කරන්න එපා . මට් ඉන්නෙත් අම්ම විතරයි ..මම නම් මොනා කරගනීවිද මන්දා !

    ජයවේවා !!

    ReplyDelete
  2. @සඳරු :
    මොනා උනත් අයියා අපි හිත හදා ගන්න පුලුරු වෙන්න ඕනේ. නැත්නම් කවදහරි අපි මොනව කරගනිද දන්නෙ නෑ. එලකිරි අයියා !!! මම දනාට කියන්නම්.

    ආහ්.... පොඩි දෙයක් !! මොකද හිස් අහස එකපාරටම සදරු වෙලා තියෙන්නේ !!!

    ReplyDelete
  3. බලයා අයියා ට ලස්සනට කවි ලියන්න පුලුවන් නේ !! නියමයි බලයා අයියේ

    ReplyDelete
  4. @මධුරංග

    නෑ බං නිකං මට නම දාන්න හිතුනා ...

    ReplyDelete
  5. @සඳරු :
    හොදා හොදා . මිනිස්සු හැමදාම එකම විදිහට ඉන්නෙ නැතිව කාලෙන් කාලෙට වෙනස් වෙන එකත් හොදයි.

    ReplyDelete
  6. @මධුසංක :
    අපොයි ඔව් කවි ලියන්න නම් පුලුවන් අහන් ඉන්න තමයි බැරි.

    ReplyDelete
  7. හොඳට ලියල තියෙනවා...

    මේවා ප්‍රචාරය වුනා නම් ඒදවස් වල ඔය තිබ්බ පුරස්ස විසදිලා යන්නත් තිබ්බා නෙව...

    ReplyDelete
  8. ලස්සන කවි පෙලක් යාළුවා..එයාට කියන්න මාත් සුභ පැතුවා කියලා

    ReplyDelete
  9. @සංකල්පනා - රුවන් :
    ඒක එහෙම වෙන්න තිබ්බා. නමුත් කෙල්ලෙක් ලගට ගියාම දනා ගොලු වෙනවනේ

    ReplyDelete
  10. @තරු අහස :
    හොදයි සහෝදරයා මම දනාට කියන්නම්

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.