15 November 2010

ගුවන් අනතුරක් !!!!


මං අද බස් එකේ එනගමන් ටිකක් විතර අහන්න ලැබෙන්නේ නැති සිංදුවක් රස විඳ විඳ ආවා. සිංදුව තමයි "කන්දේ හැපුන මහ වනන්තරේ …." ගීතය ගායනා කරන්නේ ඇන්ටන් ජොන්ස් මහත්තයා. මන් දැන් තියෙන අලුත් සිංදු වලට වඩා 60 – 70 දශකයේ ගීත වලට පුදුමාකාර ආසාවක් තියෙන්නේ.

මේ ගියෙන් කියවෙන ගුවන් අනතුර ගැන චුට්ටක් හොයල බලන්න ඕන කියලා හිතුනා. පරණ පත්තරයක මේ ගැන පොඩි විස්තරයක් තියෙනවා කියලා දැකපු හන්දා. ඒ පත්තර ටික අවුස්සලා බැලුවා මොකද්ද ඒ විස්තරේ කියලා. එක වටිනවා කියලා හිතුනා නිසා ඔයාලත් එක්ක බෙදා ගන්න බ්ලොග් එකේ දැම්මොත් හොදයි කියලා හිතුනා.

මේ ගීතයෙන් කියවෙන්නේ ගුවන් අනතුරක් ගැන.මේ අනතුර සිද්ධ උනේ අද ඊයේ නෙමෙයි. 1974 අවුරුද්දේ දෙසැම්බර් හතර වෙනිදා එදා බදාදා දවසක් ලු . මේ සිද්ධිය උනේ රෑ 9.41 හරියටම ට විතර. (එහෙම තමයි ගුවන් අනතුරු වාර්ථා වල තියෙන්නේ. GMT වලින් වෙලාව 1641 ලු ) මේ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොලෙන් පිටත් උනේ මක්කම දක්වා යන මුස්ලින් බැතිමතුන් රැගෙනයි.

මේ ගුවන් යානය මස්කෙලිය ප්‍රදේශයට ලගා වනවිට යාන්ත්‍රිකරණ දෝශයක් ඇති උනාලු. හරියටම අක්ෂාංශ දේෂාංශ වලින් කියනවනම් උතුරු අක්ෂාංශ 6යි කලා 53' යි විකලා 32.22'' යි හා නැගෙනහිර දේෂාංශ 80යි කලා 29'යි විකලා 25.30''යි. හරියටම මුහුදු මට්ටමේ ඉදලා අඩි 4355ක් උඩකින් තිබ්බ කන්දක තමයි මේ යානය හැප්පුනේ. කටුනායක ගුවන් තොටුපොලේ ඉදලා හැතැප්ම 40ක දුරින් තමයි මේ ප්‍රදේශය තියෙන්නේ .

මේ ගුවන් යානයේ වර්ගය DC 8 ලූ. සම්පූර්න නමින් කියනවා නම් Donnell Dougles 8 ලු. ඉතින් මේ ගුවන් යානය ගුවන් ගත වෙලා මක්කම බලා යන්න පිටත් උනා. ඉස්සර මක්කම එහෙම යන්නේ ඉන්දුනීශියාව වගේ රටවල් හරහා. කොහොමහරි මේ ගුවන් යානයට යාන්ත්‍රික දෝශය ඇති උනා කියමුකෝ. මේ යානය "සප්ත කන්‍යා ' කියන කන්දක මහා හඩකින් හැප්පුනාලු. ඒ හඩ කොච්චර සැර ද කියනවනම් හැන හඩක් වගේ ඇහුනලු.

කොහොමහරි මේ යානය හැප්පුනාට පස්සේ නාවිකයන් 9 දෙනෙකුයි මගීන් 182 දෙනෙකුයි දරුනු ලෙස තුවාල ලැබුවලු. කට කතා වලින් කියවෙන්නේ ඔක්කොම මලා කියලයි. නමුත් මට ඒක හොයාගන්න නම් ලැබුනේ නෑ. ඊට පස්සේ ගමේ මිනිස්සුන්ගේ උදව්වෙන් කැලේ එලි කරන් ගුවන් යානයේ සුන් බුන් තියෙන තැනට ලගා උනාලු. අන්තිමේදි ගුවන් යානයේ කලු පෙට්ටිය හොයා ගත්තලු. ඒකෙන් කියවුනේ මේ යානයට යාන්ත්‍රීකරණ දෝශයක් ඇති වෙලා කියලයි.

ඔන්න ඕකයි ගුවන් අනතුරේ සම්පූර්න කතාව. ඇත්තටම මේ වගේ ගීත කොච්චර වටිනවාද ?? මේ වගේ සිද්ධි චුට්ටක් හරි මතක තියෙන්නේ මේවගේ ගීතයක් හරි තියෙනවා නම් විතරයි.

ආහ්…. තව පොඩ්ඩෙන් අමතක වෙනවා. ගමේ කට්ටිය මේ අනතුර යන්න සිද්ධ උන තැනට යන්න කලින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් අනතුරෙන් තුවාල උන අයට උදව් කරන්න සූදානම් වෙලා ගියාලු. මේ ගිය ගමන එයාලට නම් ඓතිහාසික සිද්ධියක් ලු. මොකද එයාලගේ ගවේශකයන්ගේ සමාජයේ(Explorers’ Club) පටන් ගැන්ම සිද්ද උනේ මේ සිද්ධිය පදනම් කරගෙන ලු.

බලන්න කෙනෙකුට නරකක් වෙනකොට ඒ හැම එකෙන්ම මොකක් හරි හොදක් සිද්ධ වෙනවා. ලෝකය මහ පුදූමාකාර තැනක් නේ ????

මේ ගීතය ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ක්ලික් කරන්න.

2 comments:

  1. මදු....නීයම වඩක්..
    මට මතකයී සීරීපදෙයනකොට ඔය ගුවන් යානයෙ රොදයක් තීයෙනව.....මට හරීයටම තෑන මතකනෑ.....

    පොල් ගෙ තව සීන්දුවක් තීයෙනව..අනුරදපුරට වෑස්සක් ගන හොයල බලන්න.

    ReplyDelete
  2. @sudath : ඔව් ඔය ගුවන් යානයේ රෝදයක් තියෙනවා කියලා නම් මමත් අහලා තියෙනවා. ඔය ගුවන් අනතුර සිහි වෙන්න තමයි ඔය රෝදය ප්‍රදර්ශනය ට දාලා තියෙන්නේ කියලා තමයි මං අහලා තියෙන්නේ. තව ඔය වගේ සිංදු තුන හතරක් තියෙනවා. එව ගැනත් හොයලා බලන්නම්. '' අනුරාධපුර වැස්ස... " ගැන සිංදුව නම් මං අහලා නෑ . මං ඒකත් හොයලා බලන්නම් සහෝ.... ස්තුතියි අදහස් දැක්වීමට...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.