15 November 2010

වැස්ස !!! වැස්ස !!!

මේ දිනවල නොකඩවා වර්ෂාව ඇද හැලෙමින් පවතී. බස්නාහිර පලාතට වගේම දිවයිනේ සෙසු පලාත් වලටත් මේ වර්ෂාවෙන් බලපෑම් ඇති වෙලා තියෙනවා. වැස්ස ගැන මතක් උනාම තමයි මට මේ වචන දෙක මතක් උනේ. සාමාන්යෙන් අපි කතාවට කියනවනේ " නා කපනා වැස්සක් වැස්සා " , "මොර සූරන වැස්සක් වැස්සා කියලා" කියලා. සමහර විට අපේ සීයලා ආච්චිලා කියනවා ඇහිලත් ඇති.

ඇත්තට මොකද්ද මේ වචනවල තේරුම ????

මුලින්ම කියන්නම්කො නා කපනා වැස්ස කියන එකේ තේරුම. නා කියන්නෙ බොහෝම ශක්තිමත් ලී තියෙන ගස් විෂේශයක්. නා ගහේ ලී වලින් සාමාන්‍යයෙන් ගෙවල් වල පරාල වල එහෙම ගන්නෙ නෑ (පත්තිනි දේවියට සම්බන්ද හින්දා නා ගස් වල ලී ගන්නේ නෑ කියලා කතාවකුත් තියෙනවා. මන් හරියටම ඒකනම් දන්නේ නෑ.) . ඔය පූජනීය ස්ථානවල වහලවල් වලට එහෙම තමයි නා ගහේ ලී ගන්නේ. නා ගහේ ලී කපන්න ගොඩක්ම අමාරු හින්දා ලීය හොදට පොගවන්න ඕනා. නැතිනම් කපන්න අමාරුයි. නා ගස්වල ලීත් කපන්න පුලුවන් තරමට වහින වැස්ස හින්දා නා කපනා වැස්ස කියලා කියනවලු.

නා කපනා වැස්සට තව තේරුමක් තියෙනවා. නා කප + නා වැස්ස. ඔය බුදු දහමේ තියෙනවලු නේ. කල්ප විනාසේ ලන් උනාම දවස් හතක් එකදිගට වහින ලොකූ වැස්සක් එනවා කියලා. කප නස්නා වැස්ස යන තේරුම ඇතිව නා කපනා වැස්ස කියලත් කියනවා කියලා ජනප්‍රවාදයේ තියෙනවලුනේ.
හරි… දැන් බලමු මොර සූරන වැස්ස කියන වචනයේ තෙරුම. මොර කියන්නේ නටුව ගොඩක් ශක්තිමත් ගෙඩි විෂේශයක් . සාමාන්‍යයෙන් වැස්සක් වැස්සම ගස්වල මල් , ගෙඩි එහෙම ඉදිරිලා වැටෙනවා නේ. නමුත් මොර ගෙඩි එහෙම ඉදිරිලා වැටෙන්නේ නෑ. මොර වගේ නැට්ට හයිය ගෙඩිත් වටෙන වැස්ස යන අරුත දෙන මොර සූරන වැස්ස කියලා භාවිතයට ආවලු.

දැන් දන්නවනේ මොර සූරන වැස්ස කියන වචනයෙයි නා කපනා වැස්ස කියන එකෙයි තේරුම.

තව ඔය වගේ වැස්ස සම්බන්ධ වචන ගොඩක් තියෙනවා. මන්දාරම් වැස්ස , අනෝරා වැස්ස, අසනී වැස්ස ඔය වගේ ගොඩාක් ඒවා. අනෝරා වැස්ස කියන්නේ නම් නොකඩවා වහින වැස්සට කියලා දන්නවා. නමුත් ෂුවර් එකක් නෑ. දන්නා කෙනෙක් ඉන්නවනම් ඔය වචන වල තේරුම් ටික පහලින් කොමෙන්ට් එකක් විදිහට දාන්න.

සියලු දෙනාටම ජය වේවා !!!

12 comments:

  1. නියම කතා ටික අයියා. අසෙනි වැසි කියන්නේ මම දන්න විදිහට අකාලේ වහින් වැස්ස කියන එකට.............

    ReplyDelete
    Replies
    1. නෑ නෑ... ඒක අකල් වැස්ස... අකලට ආ වැහි කෝඩෙට මොටද තෙමෙන්නේ... කියලා වික්ටර් අයියා වැස්සෙන් බේරෙන්න කඩිමුඩියේ ගෙදර දුවන ගෑනු ළමයෙකුට කියන්නේ.

      Delete
    2. අසෙනි වැස්ස කියලා කියන්නේ විදුලි අකුණු ගසමින් වහින වැස්ස ට

      Delete
  2. @Hasitha :බොහොම ස්තුතියි සහෝදරයා අදහස් දැක්වීමට. ඉතුරු වචන වලත් තේරුම් දන්නවා නම් කොමෙන්ට් කරන්න.

    ReplyDelete
  3. මාත් කියෙව්වා....

    ReplyDelete
  4. @amali : තැන්කු තැන්කු....

    ReplyDelete
  5. මම හොය හොයා හිටපු දෙයක් මේ.මට ඕනේ අනෝරා වැස්ස කියන එක.ඒත් ඒක නෑනේ.. මං හිතුවේ හයියෙන් වහින එකට අනෝරා වැස්ස කියන්නේ කියලා ස්තූතියි

    ReplyDelete
    Replies
    1. අතොරක් නැතිව වහින වැස්ස කියන තේරුමෙන් තමයි අනෝරා වැස්ස කියලා හඳුන්වා දී තිබෙන්නේ.

      Delete
  6. http://www.silumina.lk/2018/11/24/%E0%B6%B4%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B6%BD%E0%B7%83/%E0%B7%80%E0%B7%90%E0%B7%84%E0%B7%92-%E0%B7%80%E0%B6%BB%E0%B7%94%C2%AD%E0%B7%83%E0%B7%8F%E0%B7%80

    ReplyDelete
  7. ස්තූතියි . වටිනා තොරුතුරු ටිකක්

    ReplyDelete
  8. සිහින් වැහි බිඳු සහිත වැස්ස, හිරිපොද වැස්ස.
    හිරිකඩ ගහනවා ඔය රෙදි ටික ගෙට ගනිං කියලා අපේ ආච්චි අම්මා කියනවා මං අහගෙන.
    හිමිදිරි උදෑසන... ඉතා සිහින් වතුර බිංදු වැටෙනවා ඔබ දැක ඇති. ඒ වැස්ස පිණි වැස්ස.
    සමහර ප්‍රභූ පන්තියේ කෙනෙක් සම්ප්‍රාප්ත වන විට හෝ එවන් කෙනෙක් අභාවයට පත් වුනාම මල් වැහි වැටෙන බව අපේ වැඩිහිටියෝ කියනවා.
    නියං කාලවලදී වැටෙන්නේ අකල් වැස්ස. ඒක ටිකක් කක්කල් කැස්ස වගේ කියලා මට හිතුනා.
    මෝසම් කාලයේ පළමුව වැටෙන්නේ අක් වැස්ස.
    එක දිගට දවස් ගාණක් තිස්සේ වැටෙන්නේ තුන්දා වැස්ස. ඒ වගේම තමයි හද්දා වැස්ස. හද්දා වැස්ස කියන්නේ හත් දවසක් කියන එක. සමහර විට අපි කියනවා හද්දා පිටිසර කියලා. හද්දා එක්ක කියවෙන තවත් වචනයක් තියෙනවා හද්දා කළුවර... මේ දවස්වල විදුලි බලය විසන්ධි කරන නිසා හද්දා කළුවර ගැන ඔයා හොඳටම දන්නවා ඇති.
    පොසොන් කාලෙට දුවන වැහි දැක ගන්න පුළුවන්. පුංචි පුංචි වැහි වලට මිණි මිණි පොද වැස්ස කියලා කියනවා. එහෙම කියන කොට මට මතක් වුනේ එඩ්වඩ් ජයකොඩි මහතා ගායනා කරන මිණි මිණි පොද වැටේවි මල් මිණි දැදිරි වේවි... කියන ලස්සන ගීතය.

    ReplyDelete
  9. ගොඩක් ස්තූතී... එක පාට්ටම මේ නා කපන, මොර සූරන වැසි දෙකේ තේරුම මොකද්ද කියල දැගන්න හිතුවෙ.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.