16 November 2010

රාම රාවණා කතාව ඇත්තක් ද ?? - 2වන කොටස


කලින් ලිපියක මං රාමා හා රාවණා කියලා දෙන්නෙක් හිටියද ? ඔවුන් අතර ද්වන්ධ සටනක් තිබුන ද? කියන කාරනා සම්බන්ධව කරුණු කිහිපයක් හුවා දැක්වුවා ඔබට මතක ඇති. රාම හා රාවන යන දෙදෙනා අපට හමු වන්නේ විජයාවතරණයටත් (විජය රජුගේ ලංකා ගමන ) එහා ගියපු ඉතිහාසයෙදියි. 

ඒ නිසාමයි මේ සිද්ධි කිසිවක් ලේඛන වල නැති වීමට හේතුව. නමුත් විජයාවතරණය කියන්නේ අපේ සිංහල ජාතියේ පටන් ගැන්ම කියලා පිළිගන්න කොහොමටත් අමාරුයි. මොකද විජය රජු ලංකාවට එනකොට කුවේණියක් විසින් කපු කටිමින් හිටියා කියලා ඉතිහාසයේ සදහන් වෙනවනේ. ඒ කියන්නේ ලංකාවේ ඒ වෙනකොටත් දියුණු තාක්ෂණයක් තිබුනයි කියන එකනේ. ඒ නිසා සිංහල අපි විජය කියන රජුගෙන් පැවත එන ජාතියක් නම් නෙවෙයි.


මා විසින් ලියන ලද " රාම රාවණා කතාව ඇත්තක්ද ??? " යන ලිපියට මුතු අක්කා විසින් පල කරන ලද කොමෙන්ට් එක බොහොම වටිනා කාරනා ඇති නිසා එය කොමෙන්ට් එකක් ලෙස තිබීම මා විසින් කරන අසාධාරණයක් වන නිසාත් " රාම රාවණා කතාව ඇත්තක්ද ??? -දෙවන කොටස " ලෙස පල කරන ලදී.

පහත සදහන් වන්නේ මුතු අක්කා විසින් පල කරන ලද ඉතිහාසයේ අප නුදුටු පැති කඩයි.

" මට මේ ගැන කියන්න තියෙන්නෙ මෙහෙමයි. රාමායණ කතාකරුවාගේ කතාන්දරය පොඩිකාලෙ ඉඳලා අපට රසකරලා පොවපු අපේ ඇත්තොන්ගෙම වැරදි නිසා අපි අදත් රාමායණ කතාව හුදෙක් කතාවක් හැටියට හෝ රාමායණ කතාන්දරයටම අනුවම හෝ සිදුවූවක් ලෙස අදහගෙන ඉන්නවා. නමුත් ඉතිහාසය පීර පීරා සොයාගන්නා සෙවුම් වලදී ඇත්ත කාරණා හෙමින් උඩට එන්න ගන්නවා. ඒ නිසාවෙන් අපට යම් අදහසක් දෙන්න පුළුවන් මේකෙ ඇත්ත කතාව මේ විදියටයි වෙලා ඇත්තෙ කියලා.

රාවණ රජතුමා, මන්දෝදරිය දරුවා ප්‍රසූත කරන්නට පළමුව ඉපදෙන හෝරාව ගණනය කළේ අනාවැකි බලන්නට. මොකද ඔහු ජෝතිෂ්‍යය පිළිබඳ හසල දැනුම් ඇත්තෙක් නිසා. ඒත් ගණනය කිරීම්වලට අනුව සුබ හෝරාව පන්නා දරුවා උපන්නොත් දරුවාගෙන් විශාල ව්‍යසනයක් සිදුවන බව ගණනයට හසුවෙලා. රාවණට මේකෙ බරපතල කම තේරුණු නිසාම, වෙනත් ප්‍රවීන ජෝතිෂඥයෙක් ගෙන්නවලත් බලවලා තියනවා. කොහොමින් හරි රාවණ රජුගේ පුත් මේඝනාදයන් අහසේ මේඝ නාදයද පරදවන තරමට හඬමින් මෙලොව එළිය දුටුවේ අසුබ හෝරාවට ඔන්න මෙන්න කියා තිබෙද්දී, සුබ හෝරාව තුළදී යි. ඒත් මන්දෝදරී නැවත ප්‍රසූතිවේදනාවෙන් ඇඹරෙමින් තවත් දරුවෙක් බිහිකරා. නමුත් සුබ හෝරාව පන්නා උපන් ඒ බිලිඳා මිය ගිහින් කියායි රජුටත් දේවියටත් දැනුම් දුන්නේ.

අන්තිමේ රාවණ රජු සීතා රැගෙන ඇවිත් සිරකර ගත්තේ, රාවණගෙ අක්කා සුපුර්ණිකාට රාමගෙ මල්ලි ලක්ෂ්මණ කළ පිළිකුල් සහගත වද හිංසාව නිසා රාම ලක්ෂ්මණ දෙදෙන සුපුර්ණිකා ළඟට ගෙන්වා සමාව ගන්නට පුළුවන් ඉත්තෙක් ලෙසටයි. සීතා හිරකරගෙන ඉන්න කාලයේ රාවණා දැනගෙන තියනවා සීත කියන්නෙ තමන්ගෙ නිවුන් දරුවන්ගෙන් කෙනෙක් කියලා. අර මිය ගියායැයි කිව් බිලිඳා අසුබ හෝරාවෙන් උපන් බැවින් විපතක් සිදුවිය හැකියි සිතා කාටත් හොරා උපන්හැටිම මුහුදට පාකර දමලා.

කතාවෙ අන්තිමට සීතා රාමට තම පතිවත ඔප්පු කරන්නට ගින්නට පැන්න උනත් නොපිළිස්සුණේ, රාවණ රජුන් සීතාට උගැන්වූ ගිණි සිසිල නම් මායා ධර්මය නිසා කියලා සඳහන්. ඒත් රාමා, සීතා කළ ඒ ආශ්චර්යමත් ඒත්තු ගැන්වීමෙන් පසුව තම භාරයට ගත්තා උනත්, ඔහු කැමති වෙලා නෑ සීතා තව දුරටත් ඔහු ළඟ තියාගෙන ඇත්ත පිළිගන්න. ඒ නිසාම ඔහු ගැබ්බර සීතාව කැලේට නෙරපනවා. මෙතැනදි ඇයට වාල්මිකී මුණගැහිලා වාල්මිකීගෙ අසපුවේදී දරු දෙදෙනෙක් වදනවා. වාල්මිකී සීතගෙන් මේ කතාව අහලා ඔහු ලියනවා කතාවක්, තමන්ගෙ පාලකයන්ට ගැතිවෙලා. (තමා වරදස නොදිස්නේ - මරමා දොස්ම දිස්නේ) ඔන්න ඉතින් ඒ රාමායණය කතාවට අපිත් ගැතිවෙලා පොතේ තියන කතාවම රසකරමින් කියවමින් ඉන්නවා. ඒත් අපි හොයන්නෙ නෑ ඇත්ත මොකද්ද කියලා.

ඉන්දියන්කාරයෝ හැම දෙවි කෙනෙකුටම වගේ ඔළු දාස් ගණනක් දීල තියනව. ඒ වගේම රාවණටත් ඔළු දහයක් දීල තියනවා. ඒත් ඇත්තටම ඔය ඔළු දහයෙන් කියන්නෙ රාවණ රජු ප්‍රගුණ කළ දස්කම් දහය. 1.සිද්ධ 2.විද්‍යාධර 3.සංගීතඥ 4.චිත්‍රකලාවේදී 5.මන්ත්‍ර ශාස්ත්‍රඥ 6.වෛමානික 7.පෘථිවි ගර්භ 8.රාජ්‍ය ක්‍රම ශාස්ත්‍ර 9.ගෘහනිර්මාණ ශිල්පී 10. මන්ත්‍ර ශාත්‍රඥ

ඉතින් අන්තිමට අර අසුබ හෝරාවෙ උපන් දරුවා නිසා උනේ, වාල්මිකී කියන කතා කරුවාට හෙවත් රත්නකාරට එහෙමත් නැත්නම් හොර දෙටුවට අපේ හෙළද්වීපයේ නමටත් කැළලක් වෙන විදියෙ රසවත් කතාවක් ලියලා, අපේ ඉතා ශ්‍රේෂ්ඨ රජ උතුමෙක්ගෙ නමත් ඈඳා ගෙන ලොකු කැළලක් ඇති කරන්න පුළුවන් වීමයි.

අපිත් ඉතින් මේ කතාවල ඇත්ත නැත්ත හොයන්නෙ නැතුව කතාවෙ රසයට අපේ ඉතිහාසයත් පාගගෙන කතාව අහගෙන ඉන්නවා. ඒත් ඇත්ත සොයන කොට ඇත්ත මතු වීම වළක්වන්න බෑ. මධුරංගගෙ මේ ලිපියේ සඳහන් ලෙසින්ම මේ පෙන්වා ඇති සාධක අතුරින්ම සැබෑවටම මේ කතාව ඇත්ත සිදුවීමක් කියා හිතන්න සාධක තියනවා. ඒත් අපි ඒ ඉතිහාසය පාගාගෙන විකාර දොඩවමින් සිටීම කොයිතරම් අවාසනාවක්ද?

ඇත්ත සොයන්න. එතකොට ඇත්ත දකින්න පුළුවන්. බුදුහාමුදුරුවොත් කියා තිබෙන්නෙ, තමාගේ ප්‍රත්‍යක්ෂයට හසුවූ පසුව විශ්වාස කරනවා මිසක්, ඇහින් නොදැක, කනින් නොඇස, කෙනෙක් කිව් පළියට විශ්වාසයට ගන්න එපා කියල නේ. ඉතින් මේ මම කිව්වටවත් " ආ ඇත්ත නේන්නං" කියා ඉන්නෙ නැතුව හොයන්න. හොයල අපි විසින්ම වලට ඇඳ දැමූ ඉතිහාසය අපි විසින්ම ගොඩ ගමු. "

21 comments:

  1. මහාභාරතය රාමායනය කියන්නේ ඉන්දියාවෙන් බුදුදහම අතුගාදැමීමට ඇටවූ බමුණු උගුලක්...ලංකාව(බෞද්ධයන්) ගැන ඉන්දියානුවන් තුල සැකයක්/වෛරයක් ඇතිකිරීමට මෙම මිත්‍යා කතා තුලින් ඒ මිත්‍යාදුෂ්ටික බමුණන්ට පුලුවන් වුනා.. කාලිංග මාඝ චෝල පාණ්ඩ්‍ය ආක්‍රමණ වගේම මෑතක බිහිවුන ප්‍රභාකරණ් වැනි මිනීමරුවන්ද, වයිකෝ නැදුමාරන් කරුණානිධි වැනි අන්තවාදී ඊලම්වාදීන්ටත් මූලධර්මීය පසුබිමක් හදලතියෙන්නේ මෙවැනි මිථ්යා කතා.. ශ්‍රී ලාංකියන් වශයෙන් මෙය සම්පූර්ණයෙන් හෙලාදැකිය යුතුයි.

    ReplyDelete
  2. http://www.facebook.com/topic.php?uid=132543113437600&topic=295#!/topic.php?uid=132543113437600&topic=298

    ReplyDelete
  3. @ඔස්කා : බොහොම ස්තුතියි සහෝදරයා අදහස් දැක්වීමට .....

    ReplyDelete
  4. මේ රාම රාවණ කතාව ගැන නම් එතරම් විශ්වාසයක් මට නම් නැහැ. මහා සම්මත මනු නම් හෙළ රජුගෙන් පටන් ගෙන පැවත එන රජ පෙළ පතෙහි එක් පුරුකක් ලෙස රාවණයන් හඳුන්වා දිය හැකිය. කෙසේ වෙතත් ඒ හෙළ යටගියාව සිතා මතා මකා දමා ඇති බවක් පෙනෙන්නට තිබේ. එ ම නිසා ඒ යටගියාව නැවත මතුකර ගැනීම හෙළයන් වන අපට ඇති වගකීමකි.
    මේ බන්ධය ද බලන්න.
    http://sellipiya.blogspot.com/2009/11/blog-post.html

    ReplyDelete
  5. ඈ බොල.... එතකොට එච්චර නැකැත් සාස්තරේ දන්නා රාවනා දන්නෙ නෑ තමන්ගෙ ගෑනිට හම්බ වෙන්න ඉන්නෙ නිවුන්නු කියල...

    ReplyDelete
  6. @ Jeewan :
    මමත් ඔය රාවනා ගැන එච්චර දන්නෙ නම් නෑ. මමත් කරුනු හොයද්දි තමයි මට ඔය කොමෙන්ට් එක ලබුනේ. යටගියාව වලලන්න හදන එකට නම් මාත් එකගයි. මොකද ඔය කතාවෙන් කරන්නේ ලංකාවේ ඉතිහාසයට කැළලක් ඇති කරන එක නේ. ඒක වාල්මිකිගේ කූට උපක්‍රමයක් වෙන්න ඇති.

    @ ආතා :

    ඒක නම් මමත් දන්නේ නෑ. ඉතිහාසය හොයාගෙන යද්දි පොඩි පොඩි අඩුපාඩුත් වෙනවනේ. කොහොම උනත් මම ඒක හොයලා බලන්නම්.

    ReplyDelete
  7. " රාවණ රජුගේ පුත් මේඝනාදයන් " රාවණා රජුගේ පුතාගේ නම ඉන්ද්‍රජිත් කියලයි මම අහලා තියෙන්නේ.

    "රාවණගෙ අක්කා සුපුර්ණිකාට"
    ඒ වගේම සුපර්ණිකා කියනේ රාවණාගේ නැගණිය

    ReplyDelete
  8. @Hasitha :
    ගොඩක් වටින අදහස් ටිකක්. බොහොම ස්තුතියි මල්ලි අදහස් දක්වන්න පැමිනියාට. ඔය කියන තොරතුරු ටික නම් මම දන්නේ නෑ මල්ලි. මමත් ඒක ඉගෙන ගත්තේ ඔයාලගෙන්.

    ReplyDelete
  9. කලින් ලිපියේ link එක මුලින් දැම්ම නම් තමයි හොඳ..

    මම මේ ලඟදි පොතක් කියෙව්වා "ලංකා ඉතිහාසයේ හෙළ යුගය" කියලා.. ආචාර්ය සූරිය ගුණසේකර තමයි පොත ලියලා තියෙන්නේ හොයාගෙන කියවන්න (ISBN : 978-955-50272-0-5)

    ඒකෙ තියෙන විදියට නම් ඔය රාවණාටත් රාමටත් බල ලැබිලා තියෙන්නේ එදා තිබිච්ච තාක්ෂණයේ පිහිටෙන් තමයි. ඒ තරමට දියුණු තාක්ෂණයක් තිබිලා තියෙනවා..

    ඔලු දහයේ කතාව අර්ථ දක්වලා තියෙන්නේ රාවනගේ වාහනයේ තිබ්බ කණ්ණාඩි දහය කියලා. ඒ කණ්ණාඩි 10න්ම රාවනව පේන්නෙ ඔලු දහයක් තියෙනව වගේලු. එතකොට ඇත්ත ඔලුව මොකක්ද කියලා හොයාගන්න බෑලු..

    ReplyDelete
  10. අදහස් දැක්වීමට ගොඩක් ස්තුතියි අයියා. මමත් දන්නෙ නැති ගොඩක් දෙවල් මේ ලිපි දෙකෙන් හොයා ගත්තා.

    ReplyDelete
  11. මම මේ කතා හොයා ගත්තෙ ඉතිහාස පොත් වලින් සහ ඉතිහාස කතිකාවත් වලින්. අඩුපාඩු පෙනෙන්නෙ තර්ක කරන තරමට. ඒ නිසා හොඳ තර්ක ගේන තරමට ඒ අඩුපාඩු ගැන හොයන්න පෙළඹෙන්නෙ නිරායාසයෙන්. මේ ලියූ ඉදිරිපත් කිරීමත් ඉස් මුදුනින් පිළිගන්නෙ නැතුව හොයල බලන්න ඇත්ත නැත්ත මොනවද කියලා.. ගොඩක් වෙලාවට ඇත්ත වසන් වෙලා. එහෙම දෙයක් නෑ කියන තරමටම. දැන් තියන ඉතිහාස මූලාශ්‍රත් විකෘති කරල තියන කාලෙක ඇත්තම ඉතිහාසෙ හොයන එක කළු නික හොයනවටත් වඩා අමාරු වැඩක්. :)

    රාවණගෙ පුතාට මේඝනාද කියනව වගේම ඉන්ද්‍රජිත් කියලත් කියනවා. මේඝනාද කියල කියන්නෙ මේ කිව් හැටියට ඔහු උපන්වෙලාවෙ පරිසරයේ මේඝනාදයත් පරදවන තරමට කෑමොර දීගෙන උපන් නිසාලු. ඉන්ද්‍රජිත් කියල කියන්නෙ රාවණ පුත් මේඝනාද විසින් රාමාගේ "ඉන්ද්‍ර" කියන බලවත් රණකාමී සෙනෙවියා පරාජය කර ජය ගත් නිසා. ඉන්ද්‍ර + අජිත් = ඉන්ද්‍රජිත්.. ඉන්ද්‍රයා ජයගත්.

    සුපුර්ණිකා රාවණගෙ නංගි කියල තමයි බොහෝ තැන්වල සඳහන් වෙලා තියෙන්නෙ. ඒත් මේ කතාව ගත් පොතේ සුපුර්ණිකා රාවණගෙ අක්ක කියලයි තිබුණේ. අපි එහෙනම් දැනට ගමු සහෝදරිය කියලා. :) තව තවත් ඇත්ත නැත්ත අපි හොයල බලමු.

    ReplyDelete
  12. @මුතූ :
    අදහස් දැක්වීමට ගොඩක් ස්තුතියි අක්කා. කිව්වත් වගේ මං මේ ලිපි දෙකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

    ReplyDelete
  13. මං රාවණා ගැන ලංකාවෙ මිනිස්සු අතර තියෙන එක අදහසක් කියන්නම්. රාවණා මැරුණට පස්සෙ එයාගෙ body එක තැන්පත් කලේ යහන්ගල. ඒක එයාගේ මිනිස්සු එකතු වෙලා හොරෙන් එතනින් අරගෙන ගියා. එහෙම ගෙනිහින් මහකුඩුහුගල කියන කන්දෙ ගුහාවක හැංගුවලු. ඒ වලපනේ කදු පන්‍තියෙ තියන කන්දක්ලු. ඒ කදු අතර මහා උමං ජාලයක් තියනව කියල කියනව. මිනිස්සු විශ්වාස කරනව රාවණාට කවද හරි නැවත පණ දෙන්න පුළුවන් කියල.
    මේ ලිව්වෙ මං එහෙන් මෙහෙන් ‍මේ කතාව ගැන ආසාවට කියවල ඉගෙන ගත්තු දෙයක්. මොකද මේ මාතෘකාව මේ දවස්වල මං ගොඩක් ආසාවෙන් හොයන දෙයක් නිසා. මේ ලිපියෙන් මාත් නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්ත. ගොඩක් ස්තූතියි

    ReplyDelete
  14. @nirangi :
    අදහස් දැක්වීමට ගොඩක් ස්තුතියි. මේ ලිපියෙන් මොනවාහරි දෙයක් ගත්තා නම් ඒක මට ලොකු සතුටක් !!!

    ReplyDelete
  15. මාර ලිපියක් සහ මාර කොමෙන්ට් ටිකක්... ඉතිහස පොතක් කියෙව්වා වගේ... මාර දේවල් ටිකක් දැනගත්තේ....

    මම අහන්නෙ ; මායා ධර්ම ප්‍රගුන කරල හිටපු, රාවණ රජ්ජුරුවන්ව ඇත්තටම මරනයට පත්කරන්න පුලුවන් වෙන්ඩ ඇද්ද?....

    අනික රාවණ රජ්ජුරුවන්ගෙ body එක හැංගුවනම්, අර වටිනා කියන පුශ්පකයත් කොහෙ හරි නිදන් කරන්න ඇති නේද?

    ReplyDelete
  16. සනා : රාවණා රජතුමාගේ දඬු මොණරය බලංගොඩ ප‍්රදේශයේ තියෙන බොල්තුඹේ සමන් දේවාලයේ තැන්පත් කරලා තියෙනවා කියලා තමා ඒ ප‍්රදේශයේ ජනප්‍රවාදවල කියන්නේ.

    ඒක කාටවත් නොපෙන්වන එකක් බවත් එය බැලීමට ඉංග්‍රීසී ඒජන්තවරයෙක් බලන්න් ගිහින් දවස් 7 ක් එකදිගට වැස්සා කියලා තමා කියන්නේ.....

    http://eatuwawa.blogspot.com/2010/10/blog-post_22.html

    ReplyDelete
  17. Hasitha : බොහොම ස්තූතියි..
    මටනම් හිතෙන විදියට, ඔය රාවනාගෙ දඩු මොනරයේ තාක්ෂණය ගැන හොයල බලන්න ඕනේ... නැත්තම් අපරාදේ...

    ReplyDelete
  18. මම අහම්බෙන් මෙම බ්ලොගයට පැමිණුනේ රාවණා රජු ගැන සොයත්දී. එතැනදී තවත් තැනන දැක්කා රාවණා රජුගේ ශරීරය පිළිබඳව කතාවක්. ඒකේ විස්තර මෙසේයි.

    අප රටේ විසූ රාවණ රජතුමා, රාම - රාවණ යුද්ධයෙන් මිය ගිය බව "රාමායනය" පැවසුවත්, රාමගේ හී පහරින් සිහි මුසපත් වූ රාවණා රජුගේ දේහය නුවර එළිය දිස්ත්‍රික්කයේ "මහ කුඩුගල" කදු මුදුනේ සුරක්ෂිතව තැන්පත් කර ඇත.එම සිරුර ගoගා නම් ගගේ දිය බිදකින් යම් දිනෙක තෙමෙන අතර ඊට පසු රාවණා රජුට නැවත සිහිය එන බවත්,සිහි ලැබූ රාවණා භාවනා කිරීමට හිමාල වනයේ "මහා දඹගස් අරණ"ට යන බවත් ඉපැරණි පුස්කොළ ග්‍රන්ථයක දැක්වේ.



    දැනට සියවස් පහකට පෙර ලියා ඇති මෙම පුස්කොළ සටහන ඊට පෙර ලියා තිබුණ රන් පත් ඉරුවලින් උපුටා ගත් බැව් එම පුස්කොළ සටහනේ සදහන් කර ඇත.



    රාවණා රජුගේ රාජකීය රන් මිරිවැඩිසගල නුවර එළියේ හක්ගල කදු බැවුමේ පතොක් උයන මැද ඉතා ගෞරවනීය ලෙස තැන්පත් කර ඇති බවත්,එය නයි පෙණ හතකින් ආරක්ෂිත ලෙස තැන්පත් කළේ විභීෂන රජු විසින් බවත් එහි සදහන් වේ.රාවණා දේහය සොයා ගැනීමට ප්‍රථම රන් මිරිවැඩිසගල සොයා ගත යුතු අතර,මෙම රන් මිරිවැඩිසගල අවුරුදු 95ක මහල්ලෙක් විසින් සිය හිස මුදුනත තබා ගෙන ශ්‍රී දේහය අසල තැබිය යුතුබවත් එම පත් ඉරුවල ඇත.



    "නග්ගල" තිබෙන මෙම රන් මිරිවැඩිසගල නිධානය ලබා ගැනීමට කිසිදු බලි බිලි පිදීමක් අවශ්‍ය නැති බවත්,එයට සහභාගි වන තැනැත්තා මස් මාන්ශ අනුභව නොකරන ,අවුරුදු 50ක් ඉක්මවූ පුද්ගලයෙක් විය යුතු බව සදහන් වේ.



    මේ සියල්ලටම පෙර ලග්ගල කදු මුදුනේ තුන් මන් හන්දියේ ගල් කුලක සගවා ඇති "පසින්ගල් මාණික්‍යය" ගත යුතු ය.ඒ රාවණ ආකර්ශ මන්ත්‍රයෙන් 1108 වරක් ජප කර සුවද දුම් අල්ලා,රතු මල් දමක් එම ගිරි කුළ අසල තබා පූජා කිරීමෙනි.එවිට ශෙලමය මන්ජුසාවක් විවෘත වේ.අනතුරුව රක්ත වර්ණ පට පිළියෙන් දෑස් වසා එම ගෝලාකාර පසින්ගල් මැණික අතට ගෙන මල් යහනාවක් මත තබා නැවත රාවණ ආකර්ශන මන්ත්‍රය ජප කළ යුතුයි.මෙම කටයුතු වලට බිලී පූජා සපුරා තහනම් ය.



    මෙම ක්‍රියාවන් කිසිම නිධන් හොරෙකුට කළ නොහැක. ඒ අටසිල් සමාදන් වූ පිරිමි පුද්ගලයන් 108 දෙනෙක් සුදු මල් වට්ටි එක බැගින් ගෙන "කරණීය මෙත්ත සූත්‍රය" කියමින් ලග්ගල කදු තරනය කළ යුතු නිසා ය.එය සදහාද පිටත් විය යුත්තේ ඇසළ පසළොස්වක දිනකදී ය.



    රාවණා රජුගේ රන්,රිදී,මුතු,මැණික් සතර මහා නිධානයද රාවණ ගල (වත්මන් රාගලා කන්දේ සෙල් මන්ජුසාවක තැන්පත් කර ඇත.එම නිධානයේ වස්තුව පුද්ගලයෙකුගේ පර්භෝජනයට පත් නොකළ යුතු බවත්,එම වස්තුව රෝහණ ප්‍රදේශයේ , සබරගමුවේ සහ මධ්යම කදුකරයේ සන්වර්ධනයට යෙදිය යුතු බවත් පැවසේ.මෙම පුස්කොළ පොතේ සදහන් බොහෝ කරුණු මිනිසෙකුට කළ නොහැක් නමුත්, මෙම කරුණු වල සත්‍යක් ඇත.



    නමුත් මෙම කරුණු යම් දවසක සිදු වන බව "සිද්ධ රාජ" පත් ඉරුවල ඇත.වසර දහස් ගණනකට පෙර යුද්ධයෙන් රාවණා මිය ගියේ නැත.විෂ හී සැරයෙන් සිහි මුර්ජා වූවා පමණි.රාවණා රජු කිසි දිනෙක මිය නොවන බවත්,මහා බ්‍රහ්මයාගෙන් වරලත් එකම මනුෂ්‍යා බවත්,ඔහු දේවත්වයට සමීප වූවෙක් බවත් අප අමතක නොකළ යුතුය.රාවණා නැවත පණ ලබන්නේ මහා බඹුගේ ආශිර්වාදයෙනි. එමෙන්ම " රාවණා පුස්කොළ පොතේ" ඇත්තේද මෙම කරුණුම වේ.

    උපුටා ගැනීම https://www.facebook.com/notes/maha-ravana/the-tomb-of-ravana/168737153179793 - සහන් සුදීප

    ReplyDelete
  19. ඔව්.මේක තමයි ඇත්තම කතාව. රාවණ ගේ දුව තමා සීතා.ස්තූතයි ඇත්තටම හරි දේ දානවට

    ReplyDelete
  20. Kohomada me kathawa hoyagaththe

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.