25 October 2010

ගණිත ගැටලුවක් !!!! - 3වන කොටස


"මචං තව ගැටලුවක් තියෙනවා. මං ඒකත් කියන්නද ? " මටත් දැන් ගැටලු දෙකක් අහලා පොඩි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මේකටවත් උත්තර දෙන්නම් කියලා '' එහෙනම් අහපන්කෝ . '' කියල කිවුවා. කලින් ගැටලු දෙකම සාර්ථක ලෙස අසාර්ථක උත්තර දුන්න නේ.

'' මචං මේකයි ගැටලුව. යටගිය දවස බරනැස් නුවර දැහැමින් සෙමින් කල් යැවූ රජෙක් වන. ..... "

" හෝව් ..... හෝව්.... කියන දෙයක් තේරෙන සිංහලෙන් කියපන්කෝ. " මම හරස් කැපුවා.




'' හරි එහෙනම් මං තේරෙන සිංහලෙන් කියන්නම් '' කියලා අපේ මිතුරා ආයෙත් කථාව පටන් ගත්තා.

" එහෙනම් මං කතාව පටන් ගන්නම්කෝ. මේකයි බං සිද්ධිය. එක රජතුමෙක් හිටියා. ඒ මනුස්සයා ලග අශ්ව ගාලක් තියෙනවා. ඒ අශ්ව ගාලේකනු අටක් තියෙනවා. ඒ හැම කනුවකම අශ්වයෝ හතර දෙනෙක් ගැට ගහලා ඉන්නවලු. ''

අශ්ව ගාලේ කනු තියෙන හැටි අපෙ මිතුරා වැලි පොලවේ මට ඇදලා පෙන්නුවා. ඔය රූපේ තියෙන්නේකනු තියෙන විදිහයි.

" රජතුමා හැමදාම අශ්වයෝ ඉන්න ගණන ගනන් කරනවලු. හැබැයි රජතුමා ගනන් කරන විදිහ ටිකක් වෙනස්ලු. රජතුමා අශ්ව ගාලේ එක පැත්තකට ඇවිල්ලා ඒ පැත්තේ අශ්වයෝ දෙලහක් ඉන්නවද කියලා බලනවලු. ඒ වගේ හතර පැත්තෙම ඇවිද ඇවිද අශ්වයෝ දොලහා ගානේ ඉන්නවද බලනවලු. හැබැයි මේ රජතුමාගේ රාජ්ජයේ බුද්ධිමත් හොරෙක් ඉන්නවලු. "

අශ්ව ගාලෙ පැති හතරක් තියෙනවනේ. එක කනුවක අශ්වයෝ හතරක් ඉන්නවනේ. කනු අටකුත් තියෙනවනෙ. එතකොට අශ්වයෝ තිස් දෙකක් එතකොට අශ්වයෝ තිස් දෙකක් (8x4) ඉන්නවනේ. රජතුමා එක පැත්තකට ඇවිත් දොලහක් ඉන්නවද කියලා ගනිනවා. තව පැත්තකට ඇවිත් දොලහක් ඉන්නවද කියලා ගනිනවා. ඔය වගේ හතර පැත්තම දොලහා ගනනේ ඉන්නවා නම් ඒ කියන්නේ අශ්වයෝ අඩුවක් නැතිව ඉන්නවා කියලයි රජතුමා ගනන් ගන්නේ.

'' අර බුද්ධිමත් හොරා වෙන අශ්ව ගාලකින් අශ්වයෝ හතරදෙනෙක් හොරකම් කරගෙන එනවලු. ඇවිත් අශ්වයෝ හංගන්න තැනක් හොයනකොට රජතුමාගේ අශ්ව ගාලේ හැංගුවොත් කවුරුත් රජතුමාව සැක කරන්නේ නැති නිසා අවුලක් වෙන්නේ නෑ කියලා මේ හොරාට හිතුනලු. එහෙම හිතපු හොරා මේ විදිහට රජතුමාගේ අශ්ව ගාලේ අර අශ්වයෝ හතර දෙනාව ගැට ගැහුවලු. දැන් අශ්ව ගාලේ අශ්වයෝ හතලිහක් ඉන්නවනේ. රජතුමා සුපුරුදු පරිදි අශ්වයෝ ගනන් කලා ලු. ඒත් රජතුමාට තේරුනේ නෑ ලු අශ්වයෝ වැඩියි කියලා. ''

ඔහොම කතාව අවසන් කරපු මගෙ මිතුරා මගෙන් ප්රශ්න දෙකක් ඇහුවා.

(1) ඒ හොරා අශ්වයෝ ටික ගැට ගැහුවේ කොහොමද ???

(2) පහුවෙනිදා හොරා තමන් ගෙනාපු අශ්වයෝ හතර දෙනාව අර ගියාලු. ඊට පස්සේ හොරා අයෙත් රජ තුමාගේ අශ්ව ගාලට ඇවිත් මේකේ ඉන්න අශ්වයෝ වැඩියි කියලා. ඒකෙනුත් අශ්වයෝ හතරක් අරන් ඒකෙනුත් අශ්වයෝ හතරක් අරන් ගියාලු. දැන් රජතුමාගේ අශ්ව ගාලේ ඉන්නේ අශ්වයෝ යි . ඒත් රජතුමාට ඒ අඩුව පෙනුනේ නෑ ලු. කොහොමද හොරා ඒක කලේ ??

චුට්ටක් හිතුවොත් වැඩේ අමාරු නෑ . හිතලා බැරිම උනොත් පහල කොමෙන්ට් එක බලන්න. මේකෙත් කියන්න තියෙන්නේ එක පාර කොමෙන්ට් එක බලන්න එපා කියලයි.

5 comments:

  1. විසදුම - (1) මුලු හතරේ කනුවක අශ්වයෝ හතර දෙනෙක් බැගින් බැන්දලු. මැද කනුවක අශ්වයෝ තුන්දෙනා ගනනේ බැන්දලු. එතකොට එක පැත්තකින් බැලුවම පේන්නේ අශ්වයෝ දොලහා ගනනේ නේ.
    (6x4) + (3x4) ඔක්කෝමේ එකතුව තිස් හයක් එනව නේ.

    (2) අර විදිහට මුල්ලක කනුවක අශ්වයෝ පහ බැගින් ද මැද කනුවක අශ්වයෝ දෙන්න බැගින් ගැට ගැහුවලු. එතකොටත් එක පැත්තක දොලහා ගනනේ ඉන්නවනේ (5x4) + (2x4) ඔක්කෝම අශ්වයෝ ගන විසි අටක් එනව නේ.

    ReplyDelete
  2. (1) - වැරදියි. 4+4+3 = 11

    මුල්ලේ කණුවල 3 බැගින් සහ මැද කණුවක 6 බැගින් ලෙස නිවැරදි විය යුතුය.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. නිවැරදි කිරීමක් කරන්න ඕන. හොරකම් කරගෙන එන අශ්වයෝ 4 දෙනා ගටගහුවම සේරම අශ්වයෝ ගණන 40ක් නෙමෙයි. 36ක් ලෙස නිවැරදි විය යුතුයි.

    මලු හතරේ තිබෙන කණු හතරේ අශ්වයන් 3 දෙනා බැගින් ගැට ගසනවා. මැද කණුවක අශ්වයන් 6 දෙනා බැගින් ගැට ගසනවා. එතකොට මුළු අශ්වයන් ගණන 36යි. [ (3x 4)+(6x 4) ] නමුත් එක පැත්තක සිට බලන විට පෙනෙන්නේ අශ්වයන් 12ක් ගැට ගසා ඇති බවයි. (3+6+3)

    නැවත හොරකම් කරපු අශ්වයන් 4 දෙනා රැගෙන ගිය පසු කලින් සිටිය අශ්වයන් 32 පමණක් ඉතිරි වේ. එම අශ්වයන් 32 න් තවත් අශ්වයන් 4ක් වැඩි කියා රැගෙන ගිය පසු ඉතිරි වන අශ්වයන් ගණන 28කි. එම අශ්වයන් 28 දෙනා එක පැත්තකින් බලන විට 12 බැගින් දිස්වන සේ ගැට ගැසිය යුතුය. එය පහත පරිදි කල හැක.

    මලු හතරේ තිබෙන කණු හතරේ අශ්වයන් 5 දෙනා බැගින් ගැට ගසනවා. මැද කණුවක අශ්වයන් 2 දෙනා බැගින් ගැට ගසනවා. එතකොට මුළු අශ්වයන් ගණන 28යි. [ (5x 4)+(2x 4) ] නමුත් එක පැත්තක සිට බලන විට පෙනෙන්නේ අශ්වයන් 12ක් ගැට ගසා ඇති බවයි. (5+2+5)

    කොහොමද හොරාගේ මොලේ ??

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.