26 October 2010

කට හින්දා නැසුනු දස්කොන්

අද චුට්ටක් විතර වැඩ අඩු දවසක්. ඒ හින්දා අදත් බ්ලොග් එකක් දාන්න හිතුවා. මට ඉන්න ගමන් පොඩි කතාවක් මතක් උනා. ඒ නිසා ඒක බ්ලොග් එකේ දාන්න කියලා හිතුවා. මේ කතාව මට කියලා දුන්නේ අපේ ෆැකල්ටියේ ජූනියර් බැච් එකේ මල්ලි කෙනෙක්.

ඒ මල්ලි ආපුම දවස්වල අපේ බැච් එකේ කොල්ලෝ දස්කොන් කිය කිය විහිලු කර කර ඉන්නවා. ඕනම දේකට හොට දාන සිංහලයන්ගේ පුරුද්ද තියෙන හින්දා මමත් ඒ මල්ලි ලගට කිට්ටු කරලා '' ඇයි මල්ලි , මල්ලිට දස්කොන් කියන්නේ ?? '' කියලා ඇහුවා.


ඊට පස්සේ ඒ මල්ලි කියනවා. '' අයියා , මම ආපු දවස්වල අර දස්කොන් ගේ කතා කියන හින්දයි සමහර අයියලා මට දස්කොන් කියලා කියන්නේ. '' කියලා ඒ මල්ලි කිවුවා. දස්කොන් කියලා කිවුවට මට නම් ටිකක් විතර කොයිල් (coil) උනා. මොකද මං දස්කොන් ගැන මීට කලින් අහලම තිබ්බේ නැහැ නේ.

මං ආයෙත් මල්ලි ගෙන් ඇහුවා . '' මල්ලී දස්කොන් කවුද කියන්නේ ?? '' කියලා.

''ආහ්... අයියා දන්නෙ නැද්ද දස්කොන් කියන්නේ කවුද කියලා ??
'' ඒ මල්ලි එක පාරම අහපි. මට ටිකක් ලැජ්ජාවේ බෑ. මොනා කරන්නද අහපු මෝඩ කමට මමත් නෑ කියල කිවුවා.

ඊට පස්සේ ඒ මල්ලි කතාව පටන් ගත්තා. '' අයියා, දස්කොන් කියන්නේ ඉස්සර හිටපු රජ කෙනෙක් ගේ ඇමති කෙනෙක් නේ. ඒ ඇමතිට රජ බිසව එහෙමත් නැත්නම් පේරමිලා බිසවත් එක්ක අනියම් සම්බන්ධයක් තිබුනලු. ඒක රජ තුමාට අහුවෙන්නේ නැතිව බොහොම පරිස්සමට කරගෙන ගියාලු. දවසක් අර රජතුමා , තමන්ගේ බිසවට තියෙන ආදරේ පෙන්වන්න බිසවගේ පිලිරුවක් කිරි ගරුඩෙන් තැනෙව්ව ලු. මේ පිලිරුව නිරුවත් එකක් ලු. "

ඔන්න ඔයාල එහෙම කියන්න එපා මං අසභ්ය කතා කියනවා කියලා. මේක මේ සිරි ලක්දිව සිදුවෙච්ච ඇත්තම කතාවක්. ලංකාවේ මේ දෙවල් සිදුවෙන්න හොදයි නම් ඇයි අපට කියන්න හොද නැත්තේ ??? ඕන කෙහෙල් ඇවරියක් වෙන්න කියලා මං මේ කතාව කියනවා.

ඒ මල්ලි ආයෙත් කටහඩ අවදි කලා. '' ඉතින් මේ රජතුමා තමන්ගේ බිසවගේ පිලිරුව තනවලා ඒක බිසවට පෙන්වන්න කලින් තමන්ගේ හොදම විස්වාශවන්තම ඇමති වෙලා හිටපු දස්කොන් ට පෙන්නලා ඇහුවලු. දස්කොන් මේ පිලිමයේ මොකක් හරි අඩු පාඩුවක් තියෙනවද කියලා ???. දස්කොනුත් හොදටම බලලා. එක පාරම කියපි. රජතුමනි, බිසවගේ යටි බඩේ තියෙන උපන් ලපය මේ පිලිමයේ නැහැනේ කියලා. රජතුමා බැලුවලු මූ කොහොමද ඒක දන්නේ කියලා. රජතුමා හිතුවා මූ දෙවියත් එක්ක සම්බන්දයක් තියෙනවා කියලා. එහෙම හිතලා දස්කොන් ගේ හිස ගසා දැම්මලු. ''

'' ඔන්න ඕකයි අයියා දස්කොන් ගේ කතාව.දස්කොන් නැහුනේ කට හින්දා. '' කියලා ඒ මල්ලි කතාව නැවැත්තුවා. අපේ සමහරුන්ටත් තියෙන්නේ කට පරිස්සම් කරගෙන ඉන්න බැරි කමනේ.

ඊට පස්සේ ඒ මල්ලිට සමු දෙන ගමන් මං හොස්ටල් එකට ආවා.

8 comments:

  1. දස්කොන් පිළිමෙ අඹන තැනට ගියා. එතැන දි පිළිමය අඹන සිත්තරාගෙන් වෙච්ච් අඩුපාඩුවක් හැදුවා. යටි බඬේ නෙවෙයිකලව ප‍්‍රදේශයේ. නිර්මාණය අවසන් කිරීමෙන් පසු රජු මේ රහස් තැන ඇති උපන් ලපය නිවැරදි ව ඇන්දේ කොහොම ද කියන එක දැන ගත්තා. තමන්ගෙ විශ්වාස වන්ත මිත‍්‍රයා ගේ රහස් කල්කි‍්‍රයාව දැන හිස ගසා දැමූ අතර පසුව රජු එම සිරුර දැවෙන සොහොනටම පැන දිවි නසා ගත් බවත් කියැවෙනවා.

    ප‍්‍රමිලා දේවිය ගයන ගීයක් තමයි- දස්කොන් සකි ස`ද ඉක්මන් ගමනින් නොඑනා ගමනකි යන්නේ- සක්මන් මලූවේ බැද`පෙම්

    ReplyDelete
  2. @hithuwakkaraya : මම නම් දස්කොන් ගැන අහලා නෑ සහෝදරයා. ඔය කතාව කිව්වේ මල්ලි කෙනෙක්. කොහොම නමුත් නිවැරදි කිරීම් වලට මගේ තුති !!!! ඔය සිද්ධිය උන රජතුමා මහනුවර යුගයේ හිටපු කෙනෙක් ලු නේද ???

    ReplyDelete
  3. @මධුරංග
    ඔව්. මේ රජතුමා මහනුවර යුගයේ සිටි කෙනෙක්. ඔහුගේ නම මා දන්නේ නැති වුනත් එක් කට කතාවක් (මෙයට කට කතාවක් යැයි කියන්නේ මෙම සිදුවීම මාගේ ගුරුවරියක් මාර්ගයෙන් දැනගත් නිසා) මෙහි සඳහන් කරන්න සිතුනා.

    ඔයා මහනුවර ජාතික කෞතුකාගාරයට ගිහිල්ලා ඇති කියලා මම හිතනවා. මාලිගාවේ එක නෙවෙයි. මාලිගාවට පිටිපස්සෙන් තියෙන එක ගැන මම කියන්නේ. මේ කෞතුකාගාර ගොඩනැගිල්ලට පිටුපසින් තියෙනවා තවත් එවැනි ගොඩනැගිලි කිහිපයක් (හැකියාවක් තිබුණොත් ගිහින් බලන්න. මට මේ කතාව කිවූ ගුරුවරිය වසර කිහිපයක් මේ ගොඩනැගිල්ලේ පදිංචි ව සිටියා. මමත් එහි ගොස් තිබෙනවා). මෙම ගොඩනැගිල්ල ඒ දවස් වල රාජකීය මුලුතැන්ගෙය බවයි මට අසන්නට ලැබුණේ. ඒ වගේම දස්කොන් ප්‍රමිලා ගේ රහස් හමුවන් සිදුවුණෙත් මේ අවට බවට මතයක් පවතිනවා. ඒ වගේම දස්කොන් ගේ ආත්මය තවමත් මේ ප්‍රදේශයේ සැරිසරන බව පැවසෙනවා. මෙය මම ඇසූ කතාවක් පමණයි. සත්‍ය අසත්‍ය බව ගැන වගකියන්න නම් බැහැ.

    ඒ වගේම දස්කොන් කියන්නේ සිංහල රජු යට‍තේ සේවය කළ පෘතුගීසි ජාතිකයෙකු බවත් ඔහුගේ නියම නම ගැස්කොන් බවත් මම කොහේ හරි කියවලා තිබුණා...

    ReplyDelete
  4. Full story here...
    http://www.silumina.lk/punkalasa/20110501/_art.asp?fn=ar11050110

    ReplyDelete
  5. ප්‍රමිලා බිසවගේ ප්‍රතිමාවක් නොවේ, ජනප්‍රවාදයේ හැටියට හදලා තියෙන්කේ. බිසවට ඇති වූ අසනීප තත්ත්වයක් සුව කරන්නට කළ යාගක් සඳහා ආතුරයාගේ ප්‍රතිරූපයක් හෙවත් බලියක් එම යාගය කළ ඇදුරා විසින් තැනුවාලු. එහි කලවයේ තමා දස්කොන් ඔය උපන් ලපය සලකුණු කළ බව කියන්නේ. හිතුවක්කාරයා කියා තිබෙන ආකාරයට තමා මමත් මේ ජනප්‍රවාදය අහලා තිබෙන්නේ. ඒ වගේම දස්කොන් කියන්නේ උඩරට ජීවත්වූ පෘතුගීසි ජාතිකයකුට දාව උපන් දරුවකු බවත්, ක‍තෝලිකයකු බවත් කියැවෙනවා. වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ට ඔහු වස දෙන්නට උත්සාහ කළ කතාවකුත් මම ළඟදී කියෙව්වා මතකයි.

    ReplyDelete
  6. ගැස්කන් කියන ප්රං ශ ජාතිකයෙක් ( අතරමංවෙලා ලංකාවට ආපු) අකාලයේ මැරුනට පස්සෙ එයාගෙ පුතා රාජසේවයට එක් වුනා කියලා මම අහල තියෙනව! ඒ නම සිංහලයට හැරුනේ දස්කොන් හැටියටයි කියල මම අහල තියෙනව !!!

    ReplyDelete
  7. ’රන්මාලය පැලඳගෙන හෙල සුවි පුල්ලා
    ඉන් ආලය වඩවයි සිත නුඹ පල්ලා
    පන්දාහකට ඉහළින් තිබුණත් එල්ලා
    රන් භාජනෙත් නොවිදි ද විදිනා ගුල්ලා'

    http://www.silumina.lk/punkalasa/20110501/_art.asp?fn=ar11050110

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.