28 October 2010

උලපනේ මෝඩයාගේ පාලම ??

මන් විශ්ව විද්‍යාලේ ඉන්න දවස්වල ගියපු ගමනක් මේ බ්ලොග් සටහනේ දක්වන්න හිතුවා. මේ ගමන් නම් ගිහින් දැනට අවුරුදු දෙකක් විතර වෙනවා. සාමාන්යෙන් අපි විශ්ව විද්‍යාලේ ඉන්නකොට සෙනසුරාද ඉරිදා දවස් වල හොස්ටල් එකේ ඉන්නවට වඩා ඉන්නේ පිට තැන් වල. මොකද ඉතින් හැමදාමත් පාඩම් වැඩ කරන්නත් බැහැනේ. හිතටත් පොඩි විවේකයක් ඕනෙනේ.

ට්‍රිප් එකක් එහෙම ගිහින් ආවම මාර ෆ්‍රෙෂ් ගතියක් තියෙන්නේ. ආයෙත් හොදට වැඩ කරන්න පුලුවන් වෙනවා. එහෙම ගියපු චාරිකා සටහනක් තමයි ලියන්න කියලා හිතුවේ.

එදා අපි යන්න කියලා තීරනය කලේ කඩි ඇල්ල බලන්න. කඩි ඇල්ල ගැන මං වෙන බ්ලොග් එකක්දි කියන්නම්කෝ. මේ කියන්න යන්නේ අතරමගදි දැක්ක දෙයක් ගැන. ගම්පොල නාවලපිටිය පාරේ උලපනේ කියලා පොඩි ගමක් පහු වෙනවා. උලපනේ ටවුමෙන් ගලත , මාවෙල පාරේ යද්දි දකින්න හම්බවෙනවා අපූරූ පාලමක්.

මේ පාලමේ අපූරත්වය කියන්නේ සාමන්යෙන් පාලම්වල ආරුක්කුව තියෙන්නේ උඩ අතට නේ. නමුත් මේ පාලමේ තියෙන්නේ යටි අතට. ඒ නිසාමදෝ මන්දා සිංහලයන් අතරේ '' මෝඩයාගේ පාලම '' කියලා මේ පාලම ජනප්රිය වෙලා තියෙන්නේ.


මේ පාලම වැටිලා තියෙන්නේ මහවැලි ගඟ හරහායි. මේ පාලම තියෙන හරිය නම් දැන් කැලෑවෙන් වැහිලා. පාලම දැන් අබලන් තත්වයේ පවතින හන්දා පාවිච්චියට ගන්නෙ නෑ. ගම්පොල නුවරඑළි ප්‍රධාන පාරෙන් යද්දි නම් මේ පාලම පෙනෙන්නේ නෑ. නමුත් බදුල්ල දෙසට දුම්රියෙන් යන කෙනෙක්ට නම් මේ පාලම මවන්නේ අපූරූ සිත්තමක්.

ඉස්සර අපි මේ පාලම බලන්න ගියපු වෙලේ නම් පාලමේ ජායාරූප ගත්තා. නමුත් දැන් හොයා ගන්න නෑ. බොහොම අමාරුවෙන් අන්තර්ජාලය පීරලා එකෝම එක රූපයක් හොයා ගත්තා.

මේ ජායාරූපයේ ඉහලින්ම තියෙන්නේ රේල් පාර . පහලින් තියෙන්නේ අර මං කියපු මෝඩයාගේ පාලම.

ඔය මෝඩයාගේ පාලමට ටිකක් එහායින් තමයි ගලත,මාවෙල මහා මාර්ගය තියෙන්නේ. එතන මහවැලි ගඟ හරහා තියෙන පාලම අබලන් නිසා අලුත් පාලමක් හදනවා.ඒකත් ආරුක්කු පාලමක්. අපේ බැච් එකේ සිවිල් ඉන්ජිනේරු විද්‍යාව කරන කට්ටිය Field Visit එකක් ඔය පැත්තේ ගියානේ. එතකොට මන් ඔය මෝඩයාගෙ පාලමේ කතාව ඇහුවා. ඒ අය කිව්වේ ඔය ක්‍රමයට ආරුක්කු ගැහුවම බර දරන්න පුලුවන් කියලා එයාලගේ ආචාර්ය වරයෙක් කිවුවා කියලා.

7 comments:

  1. අපිට සමහර ඒවා බැලූබැල්මට මෝඩ වැඩ වගේ පෙනුනට... ඉතින් ඒ ඒ ඒවා ඒ ඒ කට්ටිය දකින හැටිනෙ.......

    ReplyDelete
  2. @හරී :
    ඒක හරි. දකින කෙනා අනුව හිතන දේ වෙනස් වෙනවා.

    ReplyDelete
  3. යාලුවා මම අහල තියෙන විදියට මේක වැරදීමක්.මේක හදපු සුද්ද වෙඩි තියාන මේ පාලමේ පහලට පැනල මැරිලා තියෙනවා.

    ReplyDelete
  4. ape paththe nam paalam wala bara wetenne polowata oya paalama thiyana paththe ahasatada ?

    ReplyDelete
  5. මේකේ පැහැදිලි රූපයක් නැද්ද ??

    ReplyDelete
  6. ව්‍යුහාත්මකව මේ පාලම නිවැරදියි. ඒත් අර කිව්වා වගේ ගමේ අය මේක සුද්දාට වැරදිලා හදපු එකක් කියලා හිතලා තියෙනවා.

    ReplyDelete
  7. ව්‍යුහාත්මකව මේ පාලම නිවැරදියි. ඒත් අර කිව්වා වගේ ගමේ අය මේක සුද්දාට වැරදිලා හදපු එකක් කියලා හිතලා තියෙනවා.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.