16 June 2011

නැන්දා ගැන උපන් තරහින් ලියමි.

මට මේ කතාව ලියන්න හිතුනේ මෑතකදි සිදුවෙච්ච සිදුවීමක් මුල් කරගෙනයි. ඒ සිදුවීමේදි නැන්දා ක්‍රියා කරපු ආකාරය අම්මා කෙනෙක් විදිහට කොහෙත්ම අනුමත කරන්න නම් බෑ. මම මේ සිදුවීම බ්ලොග් ලිපියක ලියන්නේ ඒක ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා. වැඩි කතා ඕනැන්නේ නෑ. කෙලින්ම මාතෘකාවට එමු.

දැනට සති දෙක තුනකට උඩදි නැන්දගේ පොඩි දූ අසනීප උනා. ඒ නංගිට උන හැදුනා. ඒත් එක්කම බඩේ අමාරුවකුත් හැදිලා කෑම ටිකක්වත් කන්න බැරි තරමට ලෙඩ උනා.කන කෑම ටික උනත් වමනේ දානවා. ඒ නිසාම මේ උන හින්දා ඒ නගා ගේ ඇග ගොඩක්ම දුර්වල උනා. අපේ නැන්දා කළේ දවස් දෙකක් විතර ගෙදර තිබ්බ පැනඩෝල් පිරිටන් එහෙම දීලා තුන් වෙනි දවසේ පුද්ගලික ඩිස්පැන්සරියකින් බේත් අරන් දුන්නා.

බේත් ගන්න ගියාට පස්සේ ලේ පරික්ෂාවක් කරන්න ඕනේ කියලා ඒ දොස්තර තීරණය කළා. ඊට පස්සේ අපේ නැන්දා පුද්ගලික රසායනාගාරයකින් ලේ පරික්ශා කරවලා අදාල වාර්ථාව ඒ දොස්තරට දුන්නා. ලේ වල කිසිම වරදක් නෑ කියලා කිව්ව නිසා දොස්තර දුන්න බේත් ටික දිදී ගෙදර තියාගෙන හිටියා.

කොහොමහරි දවස් පහක් යද්දිත් උන අඩු නෑ. නංගි බලාගෙන ඉන්නද්දි කෙට්ටු වෙනවා.ඇඟේ තැනින් තැන ලපත් තිබුනා. මම නැන්දට කිවා දවස් තුනකට වඩා උන තියෙනවනම් ඉස්ප්‍රිතාලේ නවත්වන්න ඕනේ කියලා. එතකොට නැන්දා කිව්වේ "මෙහෙම බේත් කරනවා. තව දවස් දෙකකින් විතර අඩු වෙයි. අනික මේ දවස්වල රාගම ඉස්පිරිතාලේ ඇඳනුත් නෑ." කියලා. නැන්දා මෙහෙම කිව්වට මට හිතුනේ කඩේ වහලා දාන්න වෙන හින්දා තමයි මෙහෙම කිව්වේ කියලා. හයවෙනි දවස වෙද්දිත් අඩු නැති හන්දා ආයෙම පුද්ගලික තැනකින් ලේ පරික්ශා කෙරෙව්වා. ඒ දොස්තරම කිව්වේ ලේ වල කිසිම වරදක් නෑ කියලා.

මේ වෙද්දි ඒ දොස්තර ඉස්පිරිතාලේ එක්කන් යන්න කියලවත් කියලා නෑ. මමත් නැන්දට කියලා කියලා බැරිම තැන ගෙදර අයත් කිව්වා රාගම අරන් යන් කියලා. ඒත් නැන්දා කැමති උනේ නෑ. අන්තිමට ගෙදර කට්ටිය මේ ළමයව ඉස්පිරිතාලේ අරන් යන්න ලෑස්ති වෙද්දි තමයි නැන්දා උනත් කැමති උනේ. ගිය ගමන්ම ඉස්පිරිතාලේ නැවත්තුවා. දොස්තරවරු වටවෙලා පරික්ෂා කලාට පස්සේ ඩෙංගු උන කියලා අදුනගත්තා. ඒ වෙද්දි ඩෙංගු උන, රක්තපාත තත්ත්වයට හැරිලා තිබ්බේ.

දොස්තරවරු කිව්වේ තව දවසක් පමා උනා නම් ජීවිතය ගැන අදහස අතෑරගන්න වෙනවා කියලා. එතකොට තමයි නැන්දගේ ඇස් ඇරුනේ. මනුස්සයෙක්ට යමක් පිලිගන්න මෙච්චර ලොකු දෙයක් වෙන්නම ඕනද ? අනික අම්මා කෙනෙක් උනාම තමන්ගේ ළමයා ගැන හොයන්නේ මෙහෙමද ? තමන්ගේ ළමයට මොනාහරි උනාම උපයපු දේවල් වලින් වැඩක් තියේ ද ? අපිට මෙහෙම හිතුනට ඇයි අපේ නැන්දට මෙහෙම හිතුනේ නැත්තේ කියන එක තාම මට ප්‍රශ්ණයක්.

දෙයියනේ කියලා ඒ නංගිට සුව උනා.ඊයේ නංගිව ගෙදර ගෙනල්ලා තියෙන්නේ. දැන් නම් නැන්දා කියන්නේ පොඩි ලෙඩක් තිබ්බත් ඉස්පිරිතාලේ අරන් යනවා කියලා. නමුත් කතාවට කියනවනේ ලංකාවේ මිනිස්සුන්ට ඕනම දෙයක් මතක තියෙන්නේ දවස් 14යි කියලා. ඒ නිසා අපට පස්සෙන් ඉදන් ආයෙම මොනාහරි උනාම මේ සිද්ධිය මතක් කරන්න වෙයිද මන්දා ......

-----------------------------------------------------
ප.ලි. - මේ දවස්වල ඩෙංගු උන පැතිරෙන හන්දා දවස් දෙකකට වඩා උන තියෙනවනම් ලගම තියෙන රෝහලකින් බෙහෙත් ගන්න. ඒත් එක්කම ගෙවත්ත පිරිසිදුව තියාගන්නත් අමතක කරන්න එපා.
මට්ටකුණ්ඩලි කතාවස්තුව කියවන්න මෙතන ක්ලික් කරන්න

ප.ප.ලි- අපේ මාමා යකා ය. ඕකා අපි කියන කිසිම දෙයක් කනකට ගන්නේ නැත. මාමා, නැන්දාට වඩා අන්තය. මේ හැමදේම නැන්දාට කිව්වේ ඒ නිසා ය. මේ සිද්ධිය වෙද්දි මාමා ත්‍රිකුණාමලේ ගොසින්ය....

37 comments:

  1. මටත් හිතා ගන්න බෑ..අම්මා කෙනෙක් තමන්ගේ දරුවා මේ තරම් අමාරු වෙනකන් ඉස්පිරිතාලේ ගෙනිච්චේ නැත්තේ මොකද කියලා.
    මොකද දැන් ඕනෑම කෙනෙක් පොඩි උනක් හැදුනත් බය වෙනවනේ..ඩෙංගු කියලා.
    කොහොම උනත් දැන් ඒ නංගට සනීපයි නේ. ඒකත් ලොකු දෙයක්.

    ReplyDelete
  2. machan uba nangiva gedara genath thiyaganin, paw bhn ohoma karanavadha.

    nirogi suva pathanava ubalata
    obata jaya
    mama kapenava.

    ReplyDelete
  3. එක එක අයගේ හිතන විදි වෙනස් කරන්න බෑ නේ බං.. නැන්දට ඕක තේරුම් ගියා නම් ඇති දැන්වත්..උඹට වෙලාව තිබ්බොත් මගේ බ්ලොග පැත්තේ ගිහින් බලහන් මේ වගේ කතාවක් ඇති.. හැබැයි වැරැද්ද ගෙදර අයගේ නෙවේ..

    මම ඒ කතාව ෆේස් බුකියට දැම්මම එක medical student කෙනෙක් මට බැන්නා "ඇයි බං ගෙදර මිනිස්සුන්ට බැරි නම් උඹට තිබ්බ නේ කෙල්ලව හොස්පිට්ල් ගෙනියන්න" කියලා .. මොනවා කියන්නද බං. ඒවා ප්‍රයොගිකද??

    මේ වෙලාවේ හරි නම් මමත් උඹට ඒකම කියන්න ඕන.. ඒත් මම දන්නවා එහෙම කරන්න අමාරුයි .. අම්මලා තාත්තලා ඉන්නකොට අපට එයාලගේ ළමයින්ගේ ප්‍රශ්න වලට අත දාන්න දෙන්නේ නෑ නේ???

    ReplyDelete
  4. මමත් දන්න සමහරු ඉන්නව තමන්ගෙ අසනීප වලට ඔහේ ගොඩ වෙදකන් කර කර ඉන්නව, අද අඩුවෙය්, හෙට අඩුවෙය් කියල හිත හිත, ඒ වුනාට තමන්ගෙ දරුවෙකුට අසනීප වුනාම නං හුඟක් දෙමව්පියො ඔය විධියට පරක්කු වෙවී ඉන්නෙ නැහැ

    ReplyDelete
  5. මෙක අපිට හොද පාඩමක්... ලෙඩක් තිබුනම බෙහෙත් ගන්න ඔනේ

    ReplyDelete
  6. රිපෝට්වල කිසි දෙයක් තිබ්බේ නැත්තේ ඇයි? දෙපාරක් පරීක්ෂා කලා කිව්වා නේද?

    ReplyDelete
  7. අම්මා ක්ව්න්ව්ක් විදිහට නම් ඔයිට වැඩිය දරුවෝ ගැන හිතන්න ඕනේ

    ReplyDelete
  8. ඇති යාන්තං ඔයින් ගියා. මිනිස්සුන්ගෙ අවබෝධයේ තරම තමයි.

    ReplyDelete
  9. අම්මෙක්ද නැත්තම්...

    ReplyDelete
  10. ඕක තමා ගොඩක් වෙලාවට වෙන්නෙ.ගනන් නොගෙන ඉදල අන්තිම උනාම තමා තරු විසිවෙන්නෙ.මුල ඉදලම සැලකිලිමත් වුනානම් මේ මොනවත් නැනේ.අනික ගොඩක් අය "දොස්තරල වෙන්න යනව"නෙ,මොකක් හරි අසනීපයක් වුනාම බෙහෙත් ගන්න ගිහින්! කීවට ගනන් ගන්නෙ නැ.එයාල දොස්තරලට වඩා දන්නව වගේ ඉන්නෙ.හොදම දේ තමා රජයෙ ඉස්පිරිතාලෙකට යන එක, අමාරුයි කියල තේරෙනව නම්.කොච්චර ප්‍රයිවට් ගත්තත් අන්තිම උනාම යන්න වෙන්නෙ එතන්ටනේ.අපේ අප්පච්චි හර්ද රෝගියෙක්,වෙනම බෙහෙත් තුන්ඩු,දොස්තර නිර්දේශ ෆයිල් එකක දාගන හිටියා,ඉතින් අමාරු උනාම ඉක්මනින් ප්‍රථිකාර ගන්න ඒක ගොඩක් ලේසි වුනා.

    ඔයාගෙ නැන්ද ගැන මට පුදුමයි!ඔයිට වඩා සැලකිලිමත් වෙන්න එපැයි නේ.

    ReplyDelete
  11. කොහොමත් ඔහොම අතිපණ්ඩිත ගෑණු ඉන්නවා අයියා.ඒ වෙලාවට හොඳවයින් දෙකක් කතා කරලම ගියා නම් හරි.කොහොමහරි නංගිට සනීපයි නේ.....

    ReplyDelete
  12. මොනවා කරන්නද මචං සමහර අයගේ දැන උගත් කම් වෙනස් . ඔයාට කියන්න එපේ පැත්තේ ගෑනු කෙනෙක් හිටියා ළමයෙකුට මොකද්ද මන්දා ලෙඩක් හැදිලා ඒකට සාන්තිකර්ම කරමින් හිටියා ඒ ළමයට වැඩි වෙනකම්ම ..

    මම හිතනවා නැන්දගේ ඇස් දැන්වත් ඇරිලා ඇති කියලා

    ReplyDelete
  13. සමහරු බෙහෙත් අරගෙනත් ඒවා හරි වෙලාවට නොගන්න අය ඉන්නවා නේ.බෙහෙත් බීලා ටිකක් හොද උනාම හිතනවා දැන් හොදයි කියලා.ඒත් ආයෙත් ලෙඩේ පිට දාන්න ගත්තහම තමයි බරපතල කම තේරෙන්නේ?.

    (මට මේ කතාව කියෙව්වාහම ජාතක කතාවක් මතක් උනා.අර සි‍ටුතුමෙක් හිටියේ තමන්ගේ ලමයා ලෙඩ උනාම බෙහෙත් අරන් නොදීපු.)නැන්දා ගැන නම් මට තරහ නෙමෙයි දුකයි.ඔය වගේ දෙමව්පියන්ට දරුවන් ලොකු උනාම සලකයිද ?

    ප.ලි-ඩෙන්ගු හැදෙන්න කලින් අපිට ඒක වලක්වගන්න පුලුවන් නම් ඒක තමයි වැදගත්.preventing is better than cure කියලත් කියනව නේ. :)

    ReplyDelete
  14. අපොයි .... ඔයින් ගියා ඇති. ජීවිතේට මොනවා හරි උනා නම් නැන්දට මුළු ජීවිත කාලෙම විඳවන්න තමයි වෙන්නේ. අනේ මන්දා... අම්ම කෙනෙක් වුනාම තමන්ගේ ලමයව ඔහොම නොසලකා හරින එක නම් අන්තිම නරකයි....

    ReplyDelete
  15. මචන් ඔය නොසැලකිල්ල නෙවෙයි. අපේ ලංකාවෙ අයට ගොඩාක් අත්දැකීම් තිබ්බට අසනීප ගැන මහා ලොකු අත්දැකීම් නෑ. මූලික හේතුව විදිහටම මම දකින්නේ ඒක. උබේ අදහසත් වැරදි නෑ මචං.

    ReplyDelete
  16. @- නිල් අහස - :
    ඒක තමයි අයියේ. අපි අච්චර කියලත් කනකට ගත්තේ නෑනේ.

    @මලියා :
    ඒක නම් ඇත්ත තමා.

    ReplyDelete
  17. @රවින් :
    එහෙම කොහොමද කාවවත් බලෙන් ඉපිරිතාලේ අරන් යන්නේ. අන්තිමේදි ඒකේ දොසත් අපටමයි.

    @Observer :
    මේකත් එහෙම ගොඩ වෙදකම් කරලා අජීර්ණ වෙච්චි එකක් තමා.

    ReplyDelete
  18. @සූර සරදියල් :
    ඒක හරි මල්ලි. ඒත් බෙහෙත් ගන්නත් ඕනී ඉපිරිතාලෙකින් වගේ එහෙකින්.

    @Tharaka Weerasekara :
    ඔව් දෙපාරම ටෙස්ට් කලේ ප්‍රයිවට් ඩිස්පැන්සරි එහෙකින්. ඒත් වැඩක් උනේ නෑ. ලේ වල අවුලක් නෑම කියලා තමයි කිව්වේ.

    ReplyDelete
  19. @බීටා :
    ඒක හරි මල්ලි. උබලා අපිට තේරෙන දේ ඒ ගෑනිට තේරුනේ නෑනේ.

    @නවම් :
    ඒක හරි නවම් අයියේ.

    ReplyDelete
  20. @චතූ :
    අනේ මන්දා. අපිටත් හිතා ගන්න බෑ.

    @නදී :
    ඔව් අක්කා. අපේ නැන්දගේ පුරුද්දක් තමා ගෙදර බේත් තියාගෙන ඉදලා ඒවා ලෙඩක් හැදුනම දෙන එක. එහෙම බලාගෙන යනකොට දොස්තරලා ඕනැන්නේ නෑනේ.

    ReplyDelete
  21. @මකුළුවා..... :
    අපොයි ඔව් මල්ලි. ඒ අතින් අපේ නැන්දා අති පණ්ඩිතයි.

    @හිස් අහස :
    ඔව් මල්ලි අපිත් හිතන් ඉන්නවා නැන්දා දැන්වත් තේරුම් අරන් ඇති කියලා.

    ReplyDelete
  22. @පාල :
    ඔව් ඔව් මටත් මතක් උනා මල්ලි කියන ජාතක කතාවම. ඒක තමා මට්ටකුණ්ඩලි කියලා කියන්නේ.

    @StArry aNgeL :
    ඒක ඇත්ත ඒන්ජල්. කොහොමහරි ළමයගේ තිබ්බ වාසනාවට ඒ ළමයා බේරුනා.

    ReplyDelete
  23. අනේ අප්පේ....මකුළු පැංචිගෙ අම්මනං මදුරුවො කාලා ඇගේ පලු දැම්මත් දොස්තර ගාවට ඇදගෙන යනවා..ඒ නං ඉතිං මකුළු බිත්තරෙන් එළියට ආපු දවස් වල ඉදං පටන්ගත්තු පරිස්සම තමයි..

    හැම දෙමාපියෙක්ම මේ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ...දරුවෙක්ගෙ ජීවිතේ වුණත් නැති වෙන්න පුලුවන්නෙ...

    ReplyDelete
  24. මධුරංග අයියලා නොහිටින්න අද නැන්දට කල දේවල් ගැන මීට වඩා දුක්වෙන්න වෙනවා.. ඩෙංගු ගැන හැමෝම දැනුවත් කරද්දි ඇයි මේවගේ වැඩ කරන්නේ කියන එකයි ප්‍රශ්ණේ..

    ReplyDelete
  25. මේ පොඩි ප්‍රශ්ණයක් තියෙනවා අහන්න.
    නැන්ද කිව්වෙ,වෙන්න ඉන්න නැන්දද?

    ReplyDelete
  26. yako thamange lamayata wada watina deyak thiyenawada???kelinma kiyanne umbalage nanadata pissu..

    ReplyDelete
  27. @Gayan Rupasinghe :
    නෑ සිංහයෝ මෙතන නොදැනුවත්කමට වඩා තියෙන්නේ වෙන කෙනෙක් කියපු දෙයක් පිලිගැනීමට තියෙන අකමත්ත.

    @මකුළු පැංචි :
    ඔන්න නියම අම්මලා. ඔහොම තමයි තමන්ගේ දරුවන්ව පරිස්සම් කරගන්න ඕනේ. මමත් ඔය කතාව කියවලා තියෙනවා.

    ReplyDelete
  28. @Dinesh :
    ඒහ හරි මෙයින් බේරුනා ඇති.නැත්නම් වෙන්න ගිය දේ උනා නම් මෙලහකට....

    අපෝ මොකටද ඔය හරියනම්.

    @සීතල අයියා :
    වෙන්න ඉන්න නැන්දා කෙනෙක් නැති වෙන හැඩයි මට. වෙන්න මාමා කෙනෙක් විතරක් නම් ඉන්න හැඩයි.

    @දිලීප :
    පිස්සු නේන්නම්. අපි කොච්චරවත් කිව්වද බේත් ගන්න යන් කියලා. කොයි...ඇහැව්වා යෑ.

    ReplyDelete
  29. කියන්න වදන් නැහැ, මම වගේ හිටියනං නැන්දා අහගන්නවා මගෙන් හොඳට ........

    ReplyDelete
  30. @පන්සල් හංදිය :
    මේන් අයියා නමත් වෙනස් කොරලා. නියමයි නියමයි.
    අයියා කියපු කතාව ඇත්ත අයියේ.බනින්න තමයි තිබ්බේ.

    ReplyDelete
  31. ආ ඒකත් එහෙමෙයි? හොදා හොදා..

    ReplyDelete
  32. @සීතල අයියා :
    අම්මා නැති වෙලා. ඒ බලපු කෙනාගේ. පව්

    ReplyDelete
  33. දෙයියනේ මෙහෙමත් අම්මලා...දැනුවත් අය ඉඳපු නිසා ඔයින් ගියා

    ReplyDelete
  34. ඒ කෙල්ලගේ පුංචි හරි වාසනාවක් තිබිල තියෙනව.වතුර එකතු වෙච්ච බෙලෙක් එහෙම තියෙනම් එකතු කරල තියන්න මල්ලි මම ඒ පැත්තෙ එන්නම්.

    ReplyDelete
  35. දරුවො ගැන දෙමවුපියො මීට වඩා හිතන්න ඕන.

    ReplyDelete
  36. මේ දුව මේ ඔයා කියන නැන්දගෙමද කියලා ප්‍රශ්නාර්තයකුත් මට එනවා මොකද මම දන්න විදියට අම්මලා ඔහොම නෑ

    ReplyDelete
  37. මේ නම් අම්මෙක් වෙන්න බෑ අනිවා හිතක් පපුවක් නැති පුස් මස් ගොඩක් විතරයි චික්.. අම්මා කියන නමටත් ලැජ්ජයි....

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.